Powered By Blogger

Thursday, June 10, 2021

 

පාස්කුප්‍රහාරය ගැන වර්තමානයේ පවතිනුයේ නිහඩතාවයකි.එයට ආදාලවු සියල්ලන්ම පමනක් නොව එදාසිටි පාළකයන්ද දඩුවම් ලබනහැටි දකින්නට සමහරැන් උත්සාහ කළහ.නමුත් දැන් සියල්ලම සන්සුන්ව ඇත.පාස්කුව සමග වනවිනාශයක්ද වසංගත පිඩාවද ගංවතුරද කරලියෙන් ඉවත්වී ඇත.දැන් අළුත් ශබ්දයක් මතුවුයේ සිංගප්පුරැ නැවේ පරිසර විනාශයයි.එයද බලරහිතවු සෙයක් දක්නට ලැබේ. කෙසේ වෙතත් මේ හැම දෙයකින්ම පීඩාවට පත්වුයේ අපේ රටේ අසරන ජනතාවයි.වසංගත නීතියෙන් කන්නට හොයා ගන්න තුට්ටු දෙකද අහිමිවු අපි තවමත් යැපෙන මගක් නැතිව තැවෙමු.සල්ලිකාරයන්ගේ ගෙදරක වැඩක් කරදී මුදලක් ගත් අපට එයද අහිමිව ඇත. ඒ සමගම දෙන 5000 ටද ආණඩුව පොල්ල දමා අපව අතරමන් කර ඇත. 2030 දී මතුවන සුන්දර ලෝකයට වඩා අපට මේ කාලයේ බඩගින්දර නිා ගන්න මගක් හදනවා නම් යහපත්ය. මේ ඒ අතීත මතකයයි.

කෙසේ වුවුද මහජාතිය ගැන හා මහජාතියේ සහය හා චන්දය ගැනද සමහර පක්ෂ හා එහි නායකයන්ද විශ්වාශය තැබීමක් නැත.එයට හේතුව වනුයේ රටේ පොදු ප්‍රශ්ණ වලදී සාමාන්‍ය ජනතාවට සමීපවීමට ඔවුන් අසමත් වීමයි.වරප්‍රසාද හා සමාන අයීතීන් ලබා ගැනීමට මෙන්ම තමන්ගේ පාළනයක්  ඇතිකර ගැන්මට අතීතයේ සිටම වෙර දරග සමහර ජනවාර්ගියකයන් එයට උපකාර ලබා ගැන්මට මහජාතියේ බලලෝභීන්ගේ සහය ලබා ගනී.

පාස්කු ප්‍රහාරයේ සත්‍යම තත්වය වනුයේ කුමක්ද යන්න සාමාන්‍ය වැසියන් වන අපට නම් තේරැම් යනුයේ කරැනු දෙකක් මුල්වය. ඉ් පළමුවැන්න වනුයේ සිය බලවේගයන්හි ශක්තිය හා එයට එරටින් දැක්වෙන ප්‍රතිචාරය හඳුනා ගැනීමට විදෙස් ත්‍රස්තයන් දරන උත්සාහයයි.දෙවඅන්න නම් එවන් ප්‍රහායක් එල්ල කිරීමෙන් එම ආගමට තමන් දක්වන විරෝධය පෙන්වීමයි.සුළු කොටසක් පමනක් වන එම ආගමිකයන් එක්වන ස්ථාන ඇත්තේ සුළු ප්‍රමානයක් බැවින් එම ආගමිකයන් විනාශ ගරන්නට හා බිය ගන්වන්නටද එම ස්ථාන වලදී හැකියාව ලැබීමයි

පාස්කු ප්‍රහාරයේ සිද්ධීන් හා එයට සම්බන්ධ වුවන් ගැන අද විපක්ෂය කියන කතා වලින් මැනවින් තේරැම් ගත හැක්කේ ඔවුනට එය ගැන මනා අවබෝධයක් තිබු බවයි.එලෙසම එදා එයට විරැදුව යම්වු ක්‍රියා මාර්ගයක් නොගන්නට හේතු තිබු බවයි.

ජනපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව එදා පාලනය කලේ දෙබිඩි පිළිවෙතක යමිනි. ඔවුන් අතර එකමුතු හා එකම ස්ථාවරයක් නොවීය.ජනපතිට සහය දුන්නේ තමන්ගේ අපේක්ෂකයෙකුට මෙරට මහජනතාව කවරදාකවත් බලය නොදෙන බවට ඇති හේතු දැනසිටි බැවිනි.

සමහර නායකයන් ප්‍රසිද්ධියේ කියුවේ තම බිරිඳන් හා නෑයන් කළු කොඩි විරෝධයට  එක්වු බවයි.පාස්කු ප්‍රහාරය වනවිට ඔවුන් පාළනයේ ක්‍රියාකාරීන් වුබව අමතකව ජනතාව රවටන්නට හා අවස්ථාවෙන් පල ලබන්නට කියන දෙය මහජාතිය අමතක නොකරන බවවත් ඔවුනට වැටහීමක් නැත.

 

 

ඇමතිතුමාගේ අඩුබල සිගරැට්ටුව හා ජනතා තීන්දුව

රටේ වගේම ජනතාවගේත් ආර්ථිකය පිරිහිලා තියෙන මේ දවස්වල දුම්වැටියක් ගන්නත් පාන්ගෙඩියක මුදල වැය කරන්න වෙලා තියන හින්ද ගමේම ඉබේම වැවෙන කුරැඳුගහෙන් දුම්වැටියක් හදාගන්න පුළුවන් බව පෙන්නල දීමනම් හොඳයි තමයි.මොකද ආඩතෝඩ නැත්නම් පාවට්ටා කොළ වලිනුත් දත්කැක්කුමට වගෙ සමහර ලෙඩ වලට දුම්වැටි හදන් බිව්ව කාලයක් අපේ ගම්වල තිබුනානේ.හැබැයි ඒක ප්‍රචලිත වුනේ නැත්තෙ සිගරැට්ටුව වගෙ පවර්පුල් වුනේ නැති හින්ද වෙන්නැති.

ඒ කොහම වුනත් මේකාලෙ රටේනීතියක් තියනව නේද ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම දඩුවම් ලැබිය හැකි වරදක්ය කියලා.ඒනිතිය අමුඅමුවෙම උල්ලංගනය කරපු එක විතරක්ම නොවෙයි. අපේ කොල්ලන්ට ඔය සුරැට්ටුව ප්‍රසිද්ධයෙම බීල පෙන්නපු හින්ද උනුත් අර නීතිය කඩ කරන්න පෙළෙඹෙන්න බැරිනෑ නේද ඇමතිතුමෝ.

අනික් අතට හැම දේකටම උසාවි යන විපක්ෂෙ අයට මේකට උසාවි යන්න අමතක වෙන එකකුත් නෑ නේද .රටේ නීතිය ප්‍රසිද්ධියෙම කඩකරපු ඇමතිතුමාලා හින්දා රටේ අනික් අයත් ඔය සුරැට්ටුවක් ප්‍රසිද්ධියෙ බොනකොට නීතිය රකින අය ඇහුවොත් කියාවි එහෙනං අර ඇමතිතුමාත් දෙනෝදාහක් ඉස්සරහ සුරැට්ටු උරන කොට ඇල්ලුවෙ නැත්තෙ ඇයි කියලා...

සුරැට්ටු සමාගම් වලට රිදවන්න නං තිවුනෙ සුරැට්ටු උරල නිතිය කඩන එක නෙවෙයි. කුරැඳු සමාගමක් පිහිටුවල අඩුබල සිගරැට්ටුවක් වෙළඳපලට එවන එක නේද.ඒකට ඉතින් වෙදමහත්තුරැ දොස්තර මහත්තුරැ විරැද්ධ වුනාට ප්‍රශ්නයකුත් නෑනේ ආන්ඩුව තමන්ලගෙම හින්ද සෞඛ්‍ය සම්පන්න සිගරැට්ටුවකට නීතිහදා ගන්න පුළුවන් හින්දා නේද ?

ඒ එක්කම අඩුබල කසිප්පු හදන්නත් නීතියක් හදා ගන්න පුළුවන් වෙනවානේ.ඔය අහකයන පළතුරැ ජාති වලිනුත් එතකොට වැඩක් ගන්න වගෙම හුඟදෙනෙකුට රස්සාවළුත් ලැබෙනවා නේද ඇමතිතුමෝ ? (අඩුබල සුරැට්ටු උරල පපුවෙ අමාරැයි අඩුබල කසිප්පු බීල අක්මාව වකුගඩු නරක් වුනාම ජනගහනයත් අඩු වෙනවානේ නේද ? )

-23.3.2021

No comments:

Post a Comment

thanks you.get to us your ideas.