Powered By Blogger

Thursday, March 25, 2021

 

 

අතිගරැ ජනාධිපතිතුමානෙනි.

වියපත් දීමනාව  චන්ද ගුණ්ඩුවක් කරන්නෙපා !!!

70 වියැති අසරන වියපත් අයට 2000 කජීවනාධාරයක් ලබාදුන්නේ එදා ජනපතිව සිටි අද වත්මන් අග්‍රාමාත්‍යවරයාමය.එහෙත් අද එම දීමනාව එය ලබන්නට සුදුස්සන්ට ලබාදීමක් හෝ එය ගැන කතාකිරීමක් හෝ වත්මන් ජනපතිතුමන් සහ අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ මෙන්ම විපක්ෂයේ උතුමන්ලාද  කතා නොකරයි. එසේම වර්තමානයේ පවතින වසංගත තත්වය නිසා රටේ පොදු ආර්ථික තත්වය පිරිහීමද ජනතා සහන ලබාදීමේ කාර්යයට බාධාවක් බව අපද පිලිගනිමු.නමුත් වියපත් බවත් ශාරීරික දුබලතාවයන් නිසාත් දුදරැවනට මාපියනගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට ඇති නොහැකියාවත් මත මෙම අසරන මහල්ලන් අද පත්ව ඇත්තේ ආහාරටික බෙහෙත්ටිකවත් ලබා ගන්නට නොහැකිව බවද අමතක නොකල යුතුය.එසේම ජනපතිවරයාටත් තුනෙන් දෙකක බලයක් ලබාදෙමින් රජයක් පිහිටුවන්නටත් මෙම අසරනයන් මෙන්ම ඔවුනගේ සමීපතමයන්ද කටයුතු කලේ එතුමන්ලාවත් පසුගිය රජය නිකමටවත් දෙඇස හැර නොබැලු වියපතුනගේ දුක නිමා කරතියි යන අපේක්ෂාවෙනි.එහෙත් ඒ ජනතා විශ්වාශය එතුමන්ලා බිඳදමා ඇත.

පසුගිය රජයේ සිටි අද විපක්ෂයේ අසුන්ගෙන සිටින ඔබතුමන්ලාද  2015 දී එවකට හිටපු ජනපතිවරයා ලබාදුන් වියපත් දීමනාව සුදුස්සන්ට ලබාදීමට පියවර නොගත්තේ එයින් අසරන මහල්ලන්ට සෙතක් වීම වලකන්නටද නැතහෙත් එය අන් පක්ෂයක දිමනාවක් නිසා තමන්ට අත්වන ප්‍රතිලාභයක් නැතැයි තීරනය කල නිසාද යන්න දන්නේ ඔබතුමන්ලාම පමනකි.එහෙත් පසුගිය රජය මන්ත්‍රීදීමනාව වැඩිකර ගන්නට සේම වසර හතරහමාරෙන් මන්ත්‍රිලාට හිමිවන පැන්ෂොන් එක රැක ගන්නටත් කටයුතු කල බව සියළුම ජනතාව හොින්ම දනිති.එම දීමනාව හා සමුර්ද්ධිය වලකාලුවද වෙනත් කාර්යයන්ට කෝටිලණනක් වැය කල බවද අපට මතකය.මහජාතියේ චන්දය විශ්වාශ නොකල බැවින් සුළුජාතින් දිනා ගන්නටද සමහරැන් පෙරමුන ගත්බවද එමගින් රටේ ඒකීයභාවයට හාාසිද්විය හැකි බවද ඔබතුමන්ලාට නොවැටහුනද සාමාන්‍ය ජනතාවට එය මැනව්න් වැටහුනු කරැනක් විය.එහෙත් කෙසේ හෝ බලය ලබන චේතනාව බලවත්වුවිට රටජාතිය පමනක් නොව තමන්ම වුවද පාවා දෙන්නන් සිටිබව ඉතිහාසයේ පවා ලියවී ඇති බැවින් නුගත්යයි කියන වැසියන්වුවද ඔවුන්ව විශ්වාශ නොකරති.

2015 දී එම රජයේ සිටි සමහරැන් තම බලය සදාතනික යැයි අනිධවු විශ්වාශයෙන් කලකීදෑ මෙන්ම පසුගිය රජයේ ක්‍රියා කලාපයද ජනතාව අනුමත නොකලහ.යහපාලන රජය වසර ගණනක් දුගීකම නැති කකරන්නට වෙන් කලද දුගීබව නැතිවුයේ මන්ත්‍රීඋත්තමයන්ලාගේ පමනකි.එසේම  යහපාළන සමයේ සිදුවු අක්‍රමිතා සහ දුෂනයන් දැන් හෙලිවෙමින් පවතී.එහෙයින් විපක්ෂයේ වාඩිවුවද අසරන ජනතාව පෙලන අසරන  බවත් මහල්ලන් පෙලන දුක්ඛිත බවත් දුරලන්නට වත්මන් රජයට උපකාරී වන්නත් එයට රජයට බල කරන්නත් කටයුතු කරන්නැයි අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.රටවැසියනගේ දුප්පත්කම දුගීබව නැතිකරන්නට මහාලොකු විජ්ජා පෙන්වන්නවත් නුතන උගතුන් වියතුන්ගේ වියත් යෝජනා අහන්නවත් අවශ්‍ය නැත.එය ඉතාමත් සුළු ක්‍රමවේදයන් මගින් සාර්ථකව කලහැකි බව අප පෙන්වා දෙමු.

අගමැතිවරයා සහ ආණ්ඩුව නිහඩ වුයේ කුමන හේතුවකටද ? අප සඳහන් කල හේතුරැසින් රජයේ පැත්තෙන්එක් හේතුවක් වනුයේ ත්‍රස්තවාදයතදුරැකර වියපත් දිමනාවක් ලබාදෙමින් තමන් කල සේවය නොතකා හරිමින් අන් අයෙකු  බලයට පත්කීරීම ගැන එදා එතුමන් තුල ඇතිවු හැීම් නිසා වන්නටද ඉඩ තිබේ තිස් වසරක් පුරා කිසිදු නායකයෙකුට නොතිබු චිත්ත ධෛර්්‍යය හා අධිස්ථාන ශක්තිය ක්‍රයාවෙන්ම ඔප්පු කරමින් එවන් කැපවීමක් කර තිබියදීද එතුමන් වෙනුවට වෙනත් අයෙකු බලයට පත් කිරීමෙන් එතුමන්ට දැඩි පීඩාවක් අත් වන්නට ඇත.නමුත් සිදුවුයේ එතුමන් පරාජයට පත්කිරීමක් නොව ජනතාවගේ සිතට කාවැදුනු සමහරක් සිදුවීම්  ජනතා සිත් වෙනසකට පත්කරවන්නට හේතුවු නිසාය. එසේම  ආණ්ඩුවේ ඇත්තන් නිහඩව ඇත්තේ ඒ සියල්ලන්ම ජනතාව ඉදිරියට ආවේ ජනතාවගේ ගෞරවයට ප්‍රාත්‍රවු අගමැතිවරයාගේ  සහ මහජාතියේ කැමැත්තෙන් දිනු ජනපතිවරයාගේ මුහුනු සිය ප්‍රචාරක දැන්වීම් වලට අලවා එමගින් ජනතා චන්දය ලබාගත් බැවිනි

ජනතාව 2015 දී පාලනය වෙනස් කලේ කුමක් නිසාද ? අනෙක් හේතුව වශයෙන් අප දකිනුයේ එතුමන් ආරම්භකල වරාය සහ ගුවන් තොටුපලට කෝටි ගණනක් වියදම් කලද ඒවා ආදායම් නොලබන මුදල් නාස්තියක් බවට හා අධිවේගය ගැන ජනතාව තුල අපුසාදයක් පවතින සේ ඇති කල මතයයි. එයට සමගාමීව එදා බලයේ සිටි අය තමන්ගේ බලය සදාකාලිකයයි අන්ධවු විශ්වාශයෙන් කලකීදෑද නිසා ජනතාව තුල ඔවුන් කෙරේ ඇතිවු අප්‍රසාදයයි. එසේම කවරවු හේතුවක් මත වුවද දෙවරකට වඩා එකම පක්ෂයක් හෝ නායකයෙකු මෙරටෙහි බලයට පත් කිරීමක් සිදුව නැති කමයි.අතීතයේ මෙන්ම වරතමානයේද කොතරම් යහපත් දේ කලද එම නායකයන් ජනතාව වෙනස් කරන්නේ එතුමන්ලා වටේ සිටින සමහරැන්ගේ ක්‍රියාකලාපය ජනතාව අනුමත නොකරන බැවිනි.බලයෙන් මත්ව කරනදේ මෙන්ම කියන දේද සංවර මෙන්ම අනනුට අපහාස නොවන අයුරින් සිදුවන්නේ නම් ජනතාව කිසිදිනක එම නායකයන් ප්‍රතික්ෂේප නොකරනු ඇත.කිරිමුට්ටියට ගොම නොදමන තමන් පිම්බෙන්න‍ට වෙර නොදරන හිතවතුන් ලංකර ගැනීම පාළකයන්ට නිරන්තරවම ජය ලබාදෙනු ඇත. එසේම ජනතාවට සිය අදහස්  සෟජුවම තමන්හට දන්වන්නට අවස්ථාව ලබාදීමද ජනතාවට   හිතැති  පාළනයක් ඇති කරන්නට සේම සදාතාලිකව ජනතාව සිහිපත් කරන නායකයන් බවට පත්වීමටද හේතුවෙයි.. අද ජනතාව එවන පිපියකට පැක්ස් හෝ ඊමේල් ලිපියකට කිසිදු පිලිතුරක් නොලැබෙන බව ජනපති අගමැති හෝ ඇමත්වරයෙකුවත් දන්නවාද යන්නද අප අසනු කැමැත්තෙමු

ආණ්ඩු පිළිවෙතේ සහ ඉදිරිපත් කරන  ක්‍රමවේදයන් වෙනස් කරන ප්‍රතිපත්තිය -අනෙක් සුවිශේෂී හේතුව වනුයේ හැම රජයක්ම ඉදිරිපත් කරන සියළුම ජනතාසහන චන්දගුණ්ඩු පමනක්ම වීමයි.හාල්පොතේ සිට චන්දය ගන්නට ජනතාව ගොනාට ඇන්දවු චන්ද පොරොන්දු සමගම ක්‍රියාත්මකවු ජනසවිය සමුර්ද්ධිය ගොවිහමුදාව ගොවිවිශ්‍රාමය ආර්ථිකනිළධාරික්‍රමය  ආදී කිසිවකට පාදකවු ආර්ථික රටාවක් මුල්‍යමය සම්පත් ඇතිකරන මගක්  එම නිළධාරීන්ට පුහුනුවක් ප්‍රගතිය සමාලොචන ක්‍රියාදාමයක් නිතිමය ආවරණයක් හා සෟජු පාලන සංචිතයක් ඇතිකර තිබුනේද නැත. මේනිසා ඒවා මුල්‍යමය ප්‍රතිපාදන අහිමි ක්‍රමවත් බවින් තොර ජනතා රැවටිල්ලක්ම පමනක්ම විය. හැම ව්‍යාප්තියකටම හැම රජයක්ම දේශීය හා විදේශීය ණය ලබාගත්තද ජනතා සහන සලසන්නට ජනතා දිළිුකම අසරනබව දුරලන්නට තබා නියයකදී ඉඩෝරයකදී ගංවතුරකදී විපතට පත්වුවන් නගාසිටුවන්නට ණයක් ගත්බවක් අද දක්වාම දේශපාළන ඉතිහාසයේ  ලියවී නැත

එක විෂයයක් උගතුන්ට රටක් නංවාලිය හැකිද ? එහෙත් හැම රටවැසියෙකුම සේම ඉපදෙන්නට සිටින දරැවනුත් කොටි ගණනක ණයකරැවන් බවට පත් කරන්නට අපේරටේ සිටින උගත් වියත් විශෙශඥ මන්ත්‍රිඋතුමන්ලා කටයුතු කරඇත.මේ උගත් සර්ලා වෙනුවට අපේරටේ සිටින බුද්ධිමත් දුරදිග සිතන රටේ සම්පත් හා ජනතා ශ්‍රමය අගය කරන ගොවියන් කම්කරැවන් පාලනයට එක්කර ගතහොත් රජදවස මෙන් සශ්‍රීක රටක් බිහිවනු ඇත.අද සිටින උගතුන් දන්නේ උගත් දෙය පමනි.එය අවබෝධයෙන් තොර කටපාඩම් කල එකම දෙයක් පමනි.එහෙත් ඒ උගත් දෙයින්වත් අළුත් යමක් කල උගත් වියත් මන්ත්‍රිතුමෙකු ගැන අසන්නටවත් තිබේද ?අඩුම ගණනේ ගෙදර අයවැය හදා ගන්නවත් අල්ලපු ගෙදර ඉනනේ කවුද කියාවත් දන්නවාද?

ඒ කෙසේ වෙතත් වත්මන් අග්‍රාමාත්‍යතුමන් ගැන ජනතාව තුල ඇත්තේ ගෞරවනීයවු සුහද හැුමකි.නගරයේ පමනක් නොව ඈත ගම්මාන වලද ජනතාව අතරට යන අප නිබවම එය වටහා ගත්තෙමු.එහෙයින් රට පාළනය සේම පක්ෂයේ අය පාළනයද නව රජයට දීර්ගායුෂ ලබා ගන්නට හේතුවක් වනු ඇතැයි අප විශ්වාශ කරමු.එසේම ආණ්ඩුවද විපක්ෂයද ජනතාවට ලබාදෙන්නට  වෑයම් කල යුත්තේ ජනතාවට අවශ්‍ය දෙයමිස තමන්ට අවශ්‍ය දෙය නොවනබවද වටහාගතයුතුය.

අපේ රටේ පාළකයන් කරන්නේ රට හදන එකය.රට දියුනු කරන්නට හදන එකය.එය කවරදාකවත් කල නොහැකිය.රටක් හදන්නේත් නැති කරන්නේත් ස්වභාවධර්මයේ ක්‍රියාවලිය මතය.වෙළක් නොහොත් කුඹුරක් ගොඩකර බත නැතිකරමින් මාලිගා හැදුවාට අළුත් රටක් හදන්නට මිනිසාට නොහැකිය.ඒනිසා තිබෙන රටේ පාළකයන් කලයුත්තේතේ එහිවු මිනිසුන් ජීවත් කරන්නට මාර්ග හදන එක පමනකි.එයවත් උගත්වියත් පාළකඋතුමන් වටහා ගනිත්වා !

අද අපේ රටේ ගොන් කරත්ත රස්සාවට ඉඩ නැත.පොල්ලෙළිමෝල් නැත.හාගන්නට හරකෙකු හදන්නට මගක් නැත.ගෙවත්තේ නියරේ එළවළුවක් හිටවා ගන්නට පොහර දෙන්නේ නැත.වී බෙරයක් හාන්නට කුළිය 8000කි.ඇළවල් වසා පාරවල් හදාඇත.උගත්වියත් අයට විශ්‍රාම ගියත් රස්සාවල් ලැබේ.කම්කරැවන්ට මහපාරය.ඒත් හිඟාකෑම තහනම්ය.කන්න ටික හොයා ගන්න මහළු අය කලයුත්තේ කුමක්දැයි සිතූපැතූ සම්පත් දෙන කප්රක වැනි පාර්ලිමේන්තුවේ සිටින පින්කාර මහළු උතුමන්ලාවත් පහදා දෙත්වා!

සැමටම වියපත් වනවිට ජීවත් වන්නට ජීවනාධාරයක් ලබාදිය නොහැකිද ? මෙන්න විසඳුම-

 එය පහසුවෙන් කළ හැකිය. පළමුවෙන් මාපිය දුදරැ රක්ෂාවරණය නමින් පොදු අරමුදලක් පිහිටුවන්න. එය ජනතාවගේ ද ව්‍යාපාර හිමියන් ගෙන්ද සමිති සමාගම් කොන්ත්‍රාත් කරැවන් විදෙස් ආයෝජකයන් ආනයන අපනයන කරැවන් ආහාර නොවන ද්‍රව්‍ය නිෂ්පාදකයන් දෙස් විදෙස් බංකු ආදී සියල්ලන් ගෙන්ම පරිත්‍යාගයෙන් නිශ්චිතවු අරමුදලක් පිහිටුවන්න.එයට රාජ්‍ය සමාගම් ව්‍යාපාර හා විශ්‍රාම වැටුප් ලබන සියල්ලන් ගෙන්ම මාසිකව රැපියල් 50 ක පමනවු අනිවාර්්‍ය මුදලක් ලබා ගන්න.එසේම විශ්‍රාමය  අහිමි සේවකයන් ගෙන් එයට වයස 70 දී ලබාදෙන ජීවනාධාරයට දායක කර ගනිමින් ගෙවන ජීවනාධාරයට අනුකූලවන පරිදි වඅටුපෙන් මුදල් අයනර ගන්න. මෙය ජීවනාධාර අරමුදලක් වන බැවින් විශ්‍රාම වැටුප් නීතියට අයත් නොවේ.(විස්තර පසුව)

මන්ත්‍රිලාට වසර හතරහමාරෙන්ද රාජ්‍යසේවකයනට එසර දහයෙන්ද විශ්‍රාමවැටුපක් ලබාදෙන අයුරින්ම රැකියා ඇතිනැති වයස 30 ඉක්මවු සැවොම -මාපිය දුදරැ රක්ෂාවරණය නම්වු සමාජමය අරමුදලට දායක වියයුතුය. ඒ සියල්ලන්ම වසර දහයක්  මාසිකව යම්වු නිශ්චිතවු මුදලක් තැන්පත් කර විශ්‍රාමවැටුපක් ලබාගන්නට කටයුතු කළ යුතුය. එයට දායක නොවන කිසිවෙකුට කිසිදු හේතුවක් මත වියපත් දිවියේදී ජීවනාධාරයක් අත් නොවන බවට නීති පැනවිය යුතුය. අර්ථසාධක අරමුදලට දායක වුවන්ටද එයට දායක වන්නට ඉඩ සැලසිය යුතුය.

එවිට 1947 සිටම 2020 වනතුරැ පාලනයට එක්වු කාටත් අමතක වු වියපත් අසරනයන්ට ජීවනාධාර ලබාදීමේ උතුම් කාර්යය සාර්ථකව ක්‍රියාත්මක කරවිය හැකිය. අසරනයන් නැති වුවහොත් කව්රැ  රවටමින් බලය ගන්නදැයි සිතමින් රටේ ජනතාව රැවටු  දේශපාළකයන්ටද බලය ලබන්නට අළුත් මාර්ගයන් සොයන්නට සිදුවනු ඇත. වියපත්  දීමනාවක් ලබාදෙන්නට ක්‍රමවත්වු හරවත්වු හා නීතිමය පාළනයක් සහිතවු මාර්ගයක් තිබිය යුතුය.එය මාපිය දුදරැ රක්ෂාවරනය නම්වු අරමුදලින් ඉටුවනු ඇත.එය  පිහිටුවා විශ්‍රාමිකයන් ගෙන් හා රැකියා ඇතිනැති කවුරැත් හවුල් කරගෙන සිදුකරන අයුරැ අප මෙම ලිපියෙන් ආණ්ඩුවටත් විපක්ෂයටත් ජනතාවටත් පෙන්වා දෙන්නෙමු.

වියපතුනට හා අසරන වන දුදරැවනටද ජීවනාධාරයක් ලබාදෙන මග කුමක්ද ?

අප ඉදිරිපත් කල මාපිය-දුදරැ රක්ෂාවරණය නම්වු ක්‍රමවේදය එයට වර්තමානයේ ඇති ‍සුදුසුම පිලිවෙතයි.එයද සාමාන්‍ය විශ්‍රාම වැටුප මෙන්ම තමන් විසින්ම මුදලක් තැන්පත් කරමින් තම වියපත් දිවිය දුදරැවනට සමාජයට හා රජයට බරක් නොවී යහපත් දිවියක් ගෙවන්නට ඇති උචිතම ක්‍රියාමාර්ගයද වෙයි.එසේම එයට වයස 70 වනතුරම වුවද ගෙවමින් තමන් ලබන ජීවනාධාරය වැඩිකර ගන්නටද අවස්ථාව ඇති ක්‍රියාමාර්ගයද වෙයි.වයස 30න් අරඹන මෙම සාමාජිකත්වය වසර දහයෙන් අවසන් නොකර වයස 70 වනතුරැම පවත්වා ගෙන යන අයෙකුට වසර 40ක කාළයක  අඛණ්ඩ සාමාජිකත්වය මත ලබාගත හැකි ජීවනාධාරයද වැඩිවෙයි.එයට සමගාමීව නිවාසණය,රැකියා ණය ආදිය ලබා ගන්නටද අවස්ථාව ලබාදිය හැකිය.

එනමුදු වයස 70 සම්පුර්ණවු හෝ කාළය කෙටිවු අය පිළිබඳව ගැටළුවක් මතු වෙයි.වර්තමාන තත්වය මත එයටද  පිලියම් යෙදිය හැකිය.එනම් පළමුවැන්න නම් මාපියදුදරැ රක්ෂාවරණය නම්වු සමාජමය අරමුදලට දිවයිනේ ඇති සියළුම ආයතන වෙළඳසැල් සමාගම් ගාමනට් ආදියෙන් එම අරමුදල පිහිටුවන්නට අවශ්‍ය මුදල් පරිත්‍යාගයන් ලබා ගැනීමයි.එසේම මෙය සමාජයේ වෙසෙන මාපියන් අහිමිවු දුදරැවනට හා අසරනව මහවවියේ පසුවන්නන්ට ජීවනාධාර ලබාදෙන පුන්‍ය කටයුත්තක් ඉටුකරන අරමුදලක් බැවින්ද තමපියා මව වැනි වුවන්ට පිහිටවන්නක් බැවින්ද එයට දායකත්වය රාජ්‍ය මණ්ඩල සංස්ථා වතු ගාමන්ට් හා පුදගලික ආයතන සේවකයන් ගෙන්ද විශාමවැටුපක් ලබන්නන්ගෙන්ද මාසිකව රැපියල් 50 වැටුපෙන් අඩුකර මෙම අරමුදල ශක්තිමත්ව පවත්වා ගෙන යා හැකිය.මාපියන් නැතිව ඔපපාතිකව මිනිසුන් බිහිනොවන බැවින්  හැමටම  මෙයට දායකත්වය හා ආධාර ලබාදීමට විරැද්ධ විය නොහැකිය.

නීතිමය තත්වය - ඉතාමත්ම වැදගත්වු නීතිමය තත්වයක් තුල මනාලෙස පාළනය  වන රටාවක් සහිතව මෙය ක්‍රියාත්මක විය යුතුය.මෙම මාපිය දුදරැ රක්ෂාවරණයට දායක නොවන කිසිවෙකුට වෙනත් කුමණ හෝ ජීවනාධාරයක් ලබාගැන්මට අවස්ථාවද අහිමි කල යුතුය.

වත්මන් වියපතුනට ජීවනාධාරය ලබාදිය යුත්තේ කෙසේද ? ඔවුනගෙන් කුමන හෝ සේවයක් රටට ලබාගත නොහැකිද ?  වර්තමානයේ 70 පිරි වියපතුනටද එම අරමුදලේ තත්වය මත හා එයට මුදල් පරිත්‍යාග කරන්නන්ගේ සහය මත ජීවනාධාර මුදලක් තීරනය කල හැකිය.එසේම ආධාර මුදලක් වෙනුවට මාසිකව ආහාර මල්ලක් ( සහල් සීනිතේකුඩු-තුනපහපරිප්පු කඩල වැනි මස්මාළු කරවල වලින් තොරවු ) ලබාදීමද විශේෂිතවු වෛද්‍ය ප්‍රතිකාර කාර්ඩ්පතක් මගින් ඕනෑම පුද්ගලික හෝ රාජ්‍ය ආයතනයකින් ගෙවීමකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදිය හැකිය.(එලෙස ක්‍රියාත්මක වනවිට වර්තමානයේ ගෙවන 2000 දීමනාව වහාම අත්හිටුවා ඒ සුදුසු අයටද ආහාර මල්ල ලබාදීමට පියවර ගත යුතුය.එසේම ස්වයං රැකියාවක යෙදෙන්නට කැමැත්තවුන් හට දීමනාව ,ආහාරමල්ල වෙනුවට එයට අවශ්‍ය උපකරන ආධාර ලබාදිය හැකිය

වත්මන් වියපතුනගේ අයදුම් පත්‍රය මෙලෙස සැකසුවොත්  ?

1)    නම -                                             2) උපන්දිනය                                    3) ග්‍රාමසේවා වසම ---ඔබ විවාහකද              දරැවන් සංඛ්‍යාව                      ඔබ යෙදුන රැකියාවන්               ඔබසතු ගොඩ ඉඩම් හා මඩ ඉඩම් පුමාණය         ඔබසතු වාහන           ඔබසතු ව්‍යාපාර           ඔබසතු බැංකු වත්කම්         වර්තමානයේ ඔබ ජීවත්වන ආකාරය        ෂබ ජීවනාධාරයක් ඉල්ලන්නට හේතුව

ඔබ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්ද   ඔබට කිසියම්වු ස්වයං රකියාවක යෙදෙන්නට පහසුකම්  අවශ්‍ය වේද.  එය කුමක්ද     අවශ්‍ය ආධාර මොනවාද

මා සතුව රැපියල් 5000 කට වඩාවු පුදල් තැන්පතුවක් නොමැති බවද මම මත් ද්‍රව්‍ය භාවිතා නොකරන බවද යම්වු කරැනක් අසත්‍ය බවට හෙලිවුවහොත් මට නීතියෙන් දඩුවම් ලබෙන බවද මම හොඳින් තේරැම් ගත්බවද මෙයින් සහතික කරමි.

 

ජනපතිඋතුමානෙනි,අගමැතිතුොනෙනි,රජයේ මැතිඇමතිතමානෙනි විපක්ෂයේ උතුමනි, නිවන් මග අතහැර දේශපාලනයට එක්වු උතුමනි,අප කිසිවෙකුත් විදෙස් රටවල රටවැසි භාවය ලබා රටින් පිටව යන්නන් නොවන බැවින් ජීවිතයම දුකක් නැතිව අනනුට අතනොපා ජීවත් විය යුතුය.අපගේ මහළුවිය දරැවනට සමාජයට හෝ රටටද බරක් නොවිය යුතුය.එහෙයින් අවසන් කාළය නොහොත් මහළුවිය සිත සැනසීමෙන් දහමට අනුකූලව ගෙවන්නට මග හදාගත යුතුය.ඒනිසා මහින්ද මහත්තයා ලබාදුන් 2000 හේ දීමනාව වියපත් සියල්ලන් සනසන මාපිය දුදරැ රක්ෂාවරනයේ සෙවනට පත්කරන්නට ඔබසැම සහය වෙත්වායි අප ප්‍රාර්ථනය කරන්නෙමු.ස්තුතියි

ගරැ ලේකම්තුමනි. මාමෙය අපරට පාළක උතුමන්ලා වෙත ඉදිරිපත් කරනුයේ ජනතාව දක්වන අදහස් හා ඔවුනගේ දුක්බර දිවියට සහනයක් ලබා දෙන්නට අප උතුමන් දැනුවත් කරන්නටය.එසේම මම ලිපිය විවෟත එකකි.එය අන්තර්ජාලය හා දෙස්විදෙස් පුවත්පත් වලටද යොමු කරන බැවින් රහස් ලිපියක්ද නොවේ.ඔබතුමන් මෙය එතුමන් වෙත ඉදිරපත් කර එතුමන්ගේ අවධානයට යොමු කරන්නේ නම් ඉමහත් පිනක් අත්වනු ඇත.මෙය ලදබව මාවෙත දන්වන් මෙන්ද මම ඉල්ලමි.ස්තුතියි.

 

 

 

 

 

ප්‍රාදේශිය-පළාත් සභා වලට අප යැවිය යුත්තේ කවුරැන්ද ? පන්දම් අල්ලනවාද ? සුදුස්සන් යවනවාද ?

පක්ෂය අළුත් වුවද් පරන වුවත්- පක්ෂග්‍රාහී නොවී උගත්වුවත් නුගත්වුවත් ගමට රටට සෙතක් කලහැකි සෟජු ගතිඇති යමක් කරන්නට වෙරදරන බුද්ධිමත්අය තොරාගත යුත්තේ ගමත් රටත් රැක ගන්නත්අනාගතය ජය ගන්නත් පාළනයේ වෙනසක් අත්‍යාවශ්‍ය  වන නිසි.

අද සමහර නායකයන් සියල්ලම දන්නා පරචිත්තඥාණය හා දිව්‍යඥාණය ඇත්තන් බව පෙන්වති.ඒ අයට තමන්ගේ පෙර ආත්මයද මතකය.ජනතාව රවටන චන්දගුණ්ඩු අටවා කෙසේ හෝ බලය ලබන්නට වෙර දරන්නෝ වෙති.ඔවුනගෙන් මෙරට දුක් විඳින ගොවි කම්තරැ ජනතාවට කවදාකවත් සහනයක් අත්නොවේ.යම් දිනයක් කම්කරැවෙකු පාළකයාවී කම්කරැ ආණ්ඩුවක් පිහිටවු  දිනයක දහදිය හෙලන ජනතාවට සෙතක් අත්වනු ඇත. ජනතා අදහස් පිලිගන්නා පාළකයන් පත්කිරීමේ ඇරඹුම මෙම චන්දයෙන්ම ඇරඹිම සමානවු අයිතීන් ලැබීමට හේතුවනු ඇත.එයට ජාතිය ආගම භාෂාව වැදගත් නොවේ.

 නුදුරැ චන්දයෙන් ජය ලබාදිය යුත්තේ කාටද යන්න හිතන්න පෙර මෙතෙක් අපට ලැබී ඇති යහපත කුමක්දැයි සිතිය යුතුමය.මන්ද රටේ යහපතට අළුත් මගකට යාහැක්කන් මිස බලය ලබන්නට වෙර දරන්නන් ගෙන් අපට සිදුවන්නේ අයහපතක් පමනක් වන නිසයි.

රටේ ජනතාව ගේ දිවිය නගා සිටුවන්නටත් එක කොටසකට සීමාවු පහසුකම් අයිතීන් වරප්‍රසාද සැමටම ලබාදිය හැකි පිළිවෙතක් වත්මන් කිසිදු නායෙකයෙකු හෝ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කරනැත.සැමටම ජීවන මාර්ගයක් ඇති කරන මාර්ගයක් ඇතිකල හැකි බව දනිතත් එය නොකරන්නේ අසරනයන් පීඩිතයන් නැතිවීම චන්ද ගුණ්ඩු හැදීමට බාධාවක් වන බැවිනි.මන්ත්‍රී දිමනාව ලක්ෂයක් කරන මොහතේ එයට විරැද්ධවුයේ කවුරැද ?

පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්වය- මෙය විපක්ෂයෙන් විවෙිචනය වන අයුර අපට සිහි ගන්වන්නේ බළලුන් ලවා කොස්ඇට බෑවීමක් ලෙසයි.මන්ද තම පාළන සමයේ සිදුවු සිද්ධියට මුල්මවු කරැන වන්නේ රටේ හා මහජන ආරක්ෂාව ගැන පසුගිය රජය දක්වා ඇති නොසැලකිල්ලයි. බලය පවත්වා ගෙන යන්නට වැදගත්ම අමාත්‍යංශ තමන් යටතට පත්කර ගත්තද ඒවායේ ක්‍රියාකාරිත්වය සොයා බලන්නට නිසි පරිදි මෙහයවන්නට කාළයක් ලැබෙන්නේ නැත.ඒ අයට එකක්වත් හරියට කරන්නට ශක්තියක්ද නැත.එය පාස්කු ප්‍රහාරය සනාථ කර ඇත.

එසේම එහි වරදකරැවන්ට දඩුවම් ලබාදෙන්නට එම රජය උ්සාහ නොකලේ ඉන් තමන්ට සුළු ජාතින්ගේ සහය නොලැබෙන්නට එය හේතුවන නිසායයි ඔවුනගේ වත්මන් ප්‍රකාශයන් තහවුරැ කරන බැවිනුයි.එහි එක් ප්‍රයන්තයක් නම් කතෝලික ජනතාව රවටන ප්‍රකාශයි.අපේ බිරින්දෑවරැන් නෑදෑයන් කළුකොඩි උද්ගෝෂණයට එක්වුවා.ඒ එකකි මෙය ගැන හරියට පරීක්ෂන කරලා නැහැ වරද කරැවන් බේරන්න හදනවා එය තවකෙකි.කළුකොඩි සටනට අතහිත දුන් අය අරන්තලාවේ හාමුදුරැවරැ ඝාතනය කල අවධියේ කීවේ මොනවාද ? අමුඅමුවේ මිනිසුන් මරන ත්‍රස්තක්‍රියා මර්දනයට දිවි පරදුවට තැබු විරැවනට කල අපහාස කොතෙක්ද ? වසංගත පීඩාවෙන් ජනදිවිය අසරන වනවිට එයට පිලියම් පෙන්වා දීම වෙනුවට ආර්ථිකය කඩාවැටීම ගැන දෙඩුවේ කව්ද ?

රටේ ආරක්ෂාව ගැන නිසි අයුරින් සොයා නොබැලීම ගැනත්එම පරීක්ෂන කල නිළධාරින් ගේ අකාර්යක්ෂමව කටයුතු කල බවත් අනෙක්  චෝදනා වෙයි.දඩුවම් කරන්නට නීති ප්‍රමානවත් නැත්නම් නව නීති පාර්ලිමේන්තුව හරහා අනුමත කර හෝ දඩුවම් දිය යුතුයි කීමෙන් අදහස් කරන්නේ හිටපු නායකයන්ට හා පරීක්ෂක නිළධාරීන්ට මෙම රජය මගින් දඩුවම් ලබාදී  තමන් ගැලවීමත් කතොලික ප්‍රජාවගේ ආදරය ලබාගන්නට උත්සාහ දැරීමත් නොවේද ?

එසේම ත්‍රස්තවාදයට හා අන්තවාදයට එරෙහිව කුමන හෝ ප්‍රකාශයක් කර තිබේද ?කතෝලික ප්‍රජාව තුල සිටින්නේද මේරටේ මහ ජාතියම නොවේද ? අපේ රටේ මහ ජාතිය අතීතයේ සිටම සුළු ජාතියයයි ගැටුම් ඇති නොකලහ.ඒ හැම කොටසක්ම මහජාතිය සමග එක්ව සමගියෙන් කටයුතු කලහ.එම සුහදතාවය විනාශ කලේ බලලෝභීන් මිස රටේ මහජාතිය නොවේ.වත්මනද එම සුහදතාවය වර්ධනය වෙමින් පවතින මොහතක ආගමික ගැටළු ඉස්මතුකරන්නට වෙර දරන අයට බලය ලබාදීම රට යලිත් විනාශ කරන්නට උපකාර කිරීමක් නොවන්නේද ?

යහපාලන එජාප රජය වසර ගණනාවක්ම දුගීබව දුරැකල බැවින් මෙම රජයට දුගියන් පිලිබඳවු ගැටළුවක්ද නැත.රටපුරාම නිවාස-ගම්මාන ඉදිකර ‍දුන් බැවින් මෙම රජයට ඒ ගැටළුවද නැත.එසේම  ජනතා සහන නවතා මන්ත්‍රිදීමනාවන් උපරිමයට වැඩි කල නිසා එයද ප්‍රශ්ණයක් නොවේ.ජනතා සහනයන් හා වියපත් 2000 පමනක් නොව අසරන දීමනාවද කප්පාදු කල බැවින් මෙම රජයට ඒ ගැටළුවද නැත.ජනතාවට හෙන ගැහුවත් මන්ත්‍රිලාගේ පැන්ෂොන් එක රැක දීම හා සත්‍යග්‍රහ කරන්නට චීවරධාරින්ද හවුල් කරගත් බැවින් මේ ආණ්ඩුවට ඒ පාප කර්මය කරන්නට වන්නේද නැත.

ඇත්තටම බරපතලමප්‍රශ්ණ ටිකට විසඳුම් ලබාදී ඇති නිසා මේ ආණ්ඩුවට අළුත් මගක යාහැකිය.එහෙත් මේ ආණ්ඩුවත් ඒ ජනතා සහනත් වියපත් දීමනාවත් චන්ද ගුණ්ඩුවක් කර හමාරය.එදා කන්තොරැවක පියන්ටත් උසස්වීම් ලැබුනේ උපාධියක් තිබු නිසා නොවේ.පුහුනුව හා දැනුමක් අවබෝධයෙන්ම ලබාගත් බැවිනි.මේ ආණ්ඩුව අද රස්සාවත් දෙන්නේ උගතුන්ටය.විශේශඥයන් හටය.අවුරැදු ගණන් එකම වෟත්තියේ යෙදී දැනුමක් පුහුනුවක් ලැබු අයට ඉහල තනතුරැ අහිමිය.ඒ ප්‍රශ්න පත්තරයකට උත්තර ලියා ලබාගන්නා පදක්කම නැතිනිසාය.

අදත් පවතින පැරණි මහල් ගොඩනැගිලි තැනුවේ ප්‍රශ්ණපත්තර ඉංජිනේරැ උපදෙස් මත නොවේ.රටින් ගෙනා වාහන එංජිම ගලවා අළුත්වැඩියා කලේ ප්‍රශ්ණ පත්තර උපාධි කාරයන් නොවේ.ඉඩෝරයට වගා කරන්නට වැව් හැදුවේත් ශ්‍රීපාදස්ථානයට පාර හැදුවේත් ප්‍රශ්නපත්‍ර උපාධිදාරීන් නොවේ.එහෙත් අද කන්තෝරැවක ලිපිකරැවෙකුට ලේකම් තනතුරක් හිමි නොවේ.ඒ මේ ආණ්ඩුව ප්‍රශ්නපත්‍ර උපාධිකාරයන් හැර අන් අයට ඒවා කල නොහැකි යයි සිතන බැවිනි.එහෙත් ලොව ප්‍රමුඛ ජනපතිවරයෙකු අකුරැ උගත්තේ පත්තර කෑලි වලින් බවනම් අසන්නටලැබේ.උගත්කම උඩට ගෙන දක්ෂකම යට ගහන ආණ්ඩුවක් අසරන ජනතාවට නැගී සිටින්නට අවස්ථාක් ඇති කරතෙයි විශ්වාශ කල හැකිද ?

 මේ ආණ්ඩුව රැකියා ලබාදීමේදී