Powered By Blogger

Monday, May 17, 2021

අතිගරැ ජනාධිපතිතුමන් වෙතට,

ගරැ පෞද්ගලික ලේකම්තුමන් මගින්,

වර්තමාන වසංගත නීතිය නිසා ජනතාව පත්ව ඇති පීඩාව සම්බන්ධවයියි

අතිගරැ උතුමාණෙනි,       වසංගත තත්වය පැතිරීම වැලැක්වීමට ඔබතුමන් ගෙන ඇති ක්‍රියා මාර්ගය ජනතාව අනුමත කලද ඉන් දිගින් දිගටම ක්‍රියාත්මක වන පාළන නීතිය මත සිදුව ඇති අපහසුකම්ද දුරලීම ගැන ඔබතුමන්ගේ අවධානය යොමුවිය යුතුබවට ඔවුන් ප්‍රකාශ කරති. මෙම තත්වය ගැන මම ඔබතුමන්ගේ අවධානයට මෙම ලිපිය ඉදිරිපත් කරන්නට විශේෂීවු හේතු කිහිපයක් ඇත. එනම්  අපරට සමහර මාධ්‍යයන් හා රෑපවාහිනී නාලිකා සිය නාලිකාවන් හා මාධ්‍යයන්ට සාමාන්‍ය ජනතාව ලංකරගනු පිනිස යොමුව ඇති පිළිවෙත මගින් සිදුවන්නේ පාළක පක්ෂය කෙරෙහි ජනතාව තුල අප්‍රසාදයක් ඇති කිරීමය.

මාධ්‍යය කුමක් වුවද ඉන් සිදුවිය යුත්තේ ජනතාවගේ පීඩාවන් හා අපහසුකම් වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කිරීම වුවද  එය තමන් කැපී පෙනෙන්ට හා රජයේ පාළන දුර්වලතාවයන් ඉස්මතු කිරීම සහ පුද්ගලයන් අප්‍රසාදයට පත් කිරිම නොවේ.එනමුත් එම පිළිවෙතින් බැහැරව සෟජුවම පාළන නීතිය නිසා  ජනතාව පීඩාවට පත්වන බව පෙන්වාදීමට දිරි දරති.

මෙම නාලිකා මෙන්ම අන් මාධ්‍යයන්ද වසංගතයෙන් මිදෙන්නට ජනතාව අනුගමනය කලයුතු පිළිවෙත් හා චාරිත්‍රයන් ගැන ජනතාව දැනුවත් නොකරති.එවන් උපදේශයක් ජනතාව වෙත දැන්වීම මගින් නිරතුරැවම වැසියන් පමනක් නොව ගෙදර සිටින කුඩා දරැවන් පවා ඒ ගැන දැනුමක් සහ වැටහීමක්ද ප්‍රායොගිකව කටයුතු කිරීමටද පෙළඹෙති.එමනිසා මෙම යුතුකමද ඉටුකරන්නට නියෝග පැනවීම අත්‍යාවශය වෙයි.

මාධ්‍යයන් ගේ වසංගත ප්‍රචාරයන් තුල වැඩියෙන්ම ඇත්තේ ජනතාව බියගැන්වීමට ආදාල පුවත් ඉදිරිපත් කිරීමය.ඉන් ජනතාව මුදවා ගන්නට පාළකයන් දරන ප්‍රයන්තය හා උපකාරයන් ගැන ඔවුනගේ පුවත් විකාශයන් තුල ඇත්තේ සුළු ඉඩකි.එසේම රෝගයෙන් වැළකීමේ වැදගත්කම හා ඉන් සමාජය හා වැසියන්ද පත්වන පීඩාදායක තත්වය ගැනද ජනතාව දැනුවත් කරන වැඩ සටහන් නැති තරම්ය.ඇතත් ඒවා ප්‍රචාරය කරන්නේ මිනිසුන් නින්දට ගිය පසුය.එනම් රාත්‍රි 10න් පසුය.එමනිසා  නීති පැනවීමට සමගාමීව සියළු මාධ්‍යයන් මුවවැස්ම පැළඳීමේ අවශ්‍යතාවය ගැන නිරතුරැ ජනතාව දැනුවත් කිරීමට හා රජය මගින් වසංගතය මැඩලීමට ගෙනඇති පියවර ගැනද එම උපදෙස් පිළිපැදීම මගින් තමන්ට හා පවුලේ අයට ලැබෙන රැකවරණය ගැනද සවස්වරැවේ සිය විකාශයන් අතරතුර ප්‍රචාරය කරන මෙන්ද නියෝග කිරිම අත්‍යාවශ්‍ය  බව අප සිතමු.  

එසේම සජීවීවිකාශයන්ට එක්වන සියළුම මුව වැස්ම පැළඳිය යුතුබවටද, රසාස්වාදය හා රඟදැක්වීමේ සජීවී වැඩ සටහන් වසංගතය පැතිරීමේ අවදානම දුරැවනතුරැ අත්හිටවිය යුතු බවද අප අදහසයි.ඒ මේවාට එක්වන්නන්ද රෝග ව්‍යාප්තියේ සාමාජිකයන් බවට පත්විය හැකි බැවිනි.

ඊළඟට පැවසිය යුතු කරැන වන්නේ හැඳුනුම්පත නීතිය නිසා  ගමින් බැහැරව කුළියක් කරන්නට යන කම්කකරැවන්, පෙදරේරැ ඩු,විදුලි ආදී වෟත්තිකයනට සිදුවන පීඩාවයි.සිය දරැපවුල් රැක ගන්නට ඔවුනට ඇති එකම ජීවන මගද එයයි.ඔවුන් නෙිවසින් පිටවන්නේ ලෙඩ හදාගෙන මැරෙන්නට නොව ගෙදර සිටියොත් බඩගින්නේ මැරෙන්නට සිදුවන නිසා බව මා සමග දුරකතනයෙන් සම්බන්ධවු පිට පළාත්වල වැසියන් පැවසුහ.අපිට මේවා කියන්න මගක් නැහැ ඔයාවත් ජනපතිතුමන්ට ලියන්න යයි එවුන් කීහ. එමනිසා අවහිරතාවයන් රහිතව වසංගත නිති අනුගමනය කරමින් තුට්ටුවක් හොයා ගන්නට කුළියකට යන්නට ඔවුනටද අවසර ලබාදෙන්නැයි මම ආයාචනා කරමි.

දින තුනක් ගෙදර සිටියද සිය ගෙවත්තවත් පිරිසිදුව තබන්නට මෙවර සියල්ලන්ටම අතකව ඇත.ගෙවතුවගාව කෙසේ වෙතත් ගෙවතු පිරිසිදු කිරීම හා මදුරැවන් බෝවීම වළක්වන්නට ජනතාවට නැවත බලකල යුතු තිබේ.එසේම ගෙවතු පරීක්ෂාවට සහ ගෙවතු වගා කිරීමට පෙළඹවීම සඳහා විශේෂ කාර්්‍යබළකායක් යෙදවීමට කටයුතු කිරීමද අවශය වෙයි.සාමාන්‍ය පරීක්සෘවකට වඩා ඉන් ජනතාවගේ ආර්ථික තත්වය දියුනුවට මෙන්ම ඩෙංගු වැනු විපත් ඇති නොවීමටද එම ක්‍රමය වැදගත් බව මම යෝජනා කරමි.

අසාදිතයනට 5000 වෙනුවට බඩුමළ්ලක් දීමද එම අයගේ අදහස් අනුව ප්‍රතිපලදායක නැත.බොහෝ අය අනිවාර්යෙන්ම මිළයට ගනු ලබන්නේ සහළ්,තුනපහ,සසීනි තේකුඩු වැනි ද්‍රව්‍ය පමනකි.අනෙක් ඒවා එතරම්ම අවශ්‍ය නැත.මසකට ඒක පුද්ගල වියදම රැපියල් 4500 ක්පමන වන බවට සමීක්ෂන වාර්තා පසුගියදා හෙළිදරව් කර ඇත.එවන් තත්වයක සිටින වැසියන්ට සිය මුළික අවශ්‍යතා පමනක්වත් ලබාගන්නට මුදල් පරිත්‍යාග කිරීම වඩාත්ම සුදුසු පියවර බව ඔවුන් කියති.සතොසට ආදායම් ලබාදීමට වඩා අසරනයන්ට සිය අවශ්‍යතා ඉටු කර ගන්නට උපකාර කිරීම ජනතා ප්‍රසාදයට හේතු වනු ඇත.

එසේම සාමාන්‍ය ජනතා පැතුම වු 2000 ආධාරය අහිමිවුවන්ට ලබාදීමටද තවමත් පියවර නොගැනීම සාමාන්‍ය ජනතාවට පැනයක්ව පවතිනවා මෙන්ම එම වියපතුන්ද ඒ ගැන කතාකරන්නේ දොම්නසිනි.සමහරැ කියන්නේ ආණ්ඩුව බොරැ කියන බවත් තමන් රැවටු බවත්ය.එසේම  සමහර එම අධාරය ලබන්නන් ආදායම් හා ජීවන මාර්ගයන් ඇත්තන් බවය.සමහරැනට බැංකුවල මුදල්ද කුඹුරැ හා ඉඩකඩම් හිමියන් බවටද ඔවුන් චෝදනා කරති. කෙසේ වෙතත් ඔවුනටද කඩිනම් සහනයක් ලබාදීමට කටයුතු කරන මෙන්ද ඉල්ලමි

මෙම තත්වය ගැන මා මෙයට පෙරද ලිපි ඉදිරිපත් කළෙමි.එහෙත් එයට සුදුසු පිළිවෙතක් හෝ ක්‍රියා මාර්ගයක් තවමත් රජය ගෙන නැත.එය ජනතාවගේ බලාපොරොත්තු බිඳීමක් බව පෙන්වා දෙන්නෙමි.ඒපිළිබඳවු සවිස්තරාත්මක ලිපියක් මම නැවත ඉදිරිපත් කරමි.

රටේ ආර්ථිකය නැංවීමද, ජනතාවට ආදායම් මාර්ග ඇති කිරීමද,අවශ්‍යතා මත පදනම්වු වගාවන් හා ආහාර වගාවද එසේම සියළුම වියපතුනට විශ්‍රාමයක් ලබාදීමට මාර්ගයන්ද සහිකවු යෝජනාවන් මම වහාම ඉදිරිපත් කරමි.

මෙම ලිපිය ජනපතිතුමන් ප්‍රමුඛ රජයේ ඉදිරි ගමනට මෙන්ම වැසියන් ගේ ගෞරවය දිනා ගැන්මට මගක් වේවායි මම පතමි ස්තුතියි.

මම - නාල්ස් නිශ්ශංක