Powered By Blogger

Sunday, January 31, 2021

ජනපතිතුමනි,අගමැතිතුමනි,විපක්ෂනායකතුමනි,ඇමතිමැති සියළුම උතුමනි උතුමියනි. කුසගින්නත් දුබලබවත් අසරනබවත් දැනෙන වියපත් ජනතාවට පිහිට වුව මැනවි.

අපේ රටයයි අපි කියන තම්බපන්නි දුපත නොහෝත් ශ්‍රීලංකාව ලෝකයේ ඇති සියළුම සම්පත්තීන් පිරි අපුරැ රටකි.මහා සංඝරත්නය කැටුව  උසාවි යමින් සත්‍යග්‍රහ වලින රකින ප්‍රජාතන්තුවාදයද එකකොටසකට පමනක් හිමි වන අපුරැ සමානත්වයෙන් පිරි සමාජවාදයදහිතුපැතු සම්පත් දෙන කල්පවෟක්ෂය බඳුවු  පාර්ලිමේන්තුවද  එසේම තම දිවියත් භාර්යාවගේ දිවියත් මරණය දක්වාම සුරකින සියළු  සම්පත් සහිත රජ මාලිගාවක සේවයට සමානවු  රාජ්‍ය සේවයද 1947 සිට වරින්වර මුවාත් කරමින් ජනතාව ගොනාට අන්දවමින් චනද පොරොන්දු සහ චින්තන නම්වු තනකොළ මිටියක්ද මහළු වියේදීඅසරන කර අපාය පෙන්වන නීතිද ඇති රටකි.

රටේ පාර්ලිමේන්තුවට  පත්වනවාය කියන්නේ පින් නොකර භාවනා නොකර දිව්‍යලෝකයට පනපිටින්යාමක් වැනි නිසා චීවරධාරියෝද කප්රැකේ පල සුව ලබන්නට යන්නට පොරකන රටකි.ස්ගමනට හිනිමගක්ද වෙයි.ඒ සෝවාන්වීම ‍සකෟර්දාගාමිවීම වැනි ප්‍රාදේශිය සභාව පළාත් සභාව හරහා කප්රැකට යාහැකිය.නැත්නම් ජනතාව ගොනාට අන්දවන ජාතාක කැක්කුමකින් රවටා එකවරමද එහ=යට යා හැකිය.පින් කුසල් ඕනෑම නැත. එපමනක්ම නොවේ අසුදහසක්වු ජනතාවගේ ආරක්ෂයන් ගෙන් හතලිස් දහසක්ම ප්‍රභුආරක්ෂකයන් බවට පත්ව ඇතැයි යන්නද ජනතාව හොඳින්ම දනී.මේවාට වැයවන කෝටි ගණනින් බිඳක් අසරන සරනටත් සාමාන්‍ය ජනතාවට ආදායම් මාර්ග ඇතිකර ගන්නටත් වෙන්කිරීම පුන්‍යක්‍රියාවකි.දුප්පතුකම දිළිඳුබව දුරලන්නට ශක්‍රයාටවත් බැරිය.කලයුත්ත කුමක්දැයි ගොඩයන් වන අපට ක්‍රමවේද සහිතවම ඉදිරිපත් කල හැකිය.

බලව් නෙත්හැර -මේ අපාදුක විඳින හැටි මහළුව දනා..-පිනෙන් බලවත් අනේ උතුමනි-කාට කියමුද ඔබටම  විනා !!

ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තුව නම්වු කප්රැකේ සෙවන ලබන සියළුම මන්ත්‍රිඋත්තමයන්ලාගේ සහ උතුමියන්ගේ සිතෙහි චන්දය දුන් සැමට කළගුන සැලකීම සඳහා කාරැණික අවධානය පිනිසයි.

වියපත් දීමනාව (2000) නිසි මගකට යොමු කරන්නට මාපිය දුදරැ රක්ෂාවරණ අරමුදලක් පිහිටවමු. හැම ජනතා සහනයක්ම සේම රටේ ආර්ථිකය නංවන පිලිවෙතද ජාතික ආර්ථිකය නංවාලීමේ පුර්ණ බලැති කොමිසමක් යටතට පත් කරමු.හැම පවුලක්ම ආදායම් ලබන්නන් බවට පත්කරන මේ අපුරැ ක්‍රමවේදය අප ඉදිරිපත් කරන්නෙමු.ස්වයං ජීවන මාර්ගයෙන් ස්වයංපෝෂණය ලබන ඉන්දියන් සයුරේ මුතුඇටය යලි බබලවන්න.!!!

ආණ්ඩුවේ සිටියද විපක්ෂයේ සිට්යද කප්රැකක් වැනි සියළුම සම්පත් ලැබෙන පාර්ලිමේන්තුවට ඔබතුමන්ලා පත්කලේ ජනතාවය.සමහරවිට ඔබතුමන්ලාගෙන් සතයතවත් වචනයකින්වත් උපකාරයක් නොලද සාමාන්‍ය ජනතාව ද සිය චන්දය ඔබතුමන්ලාට ලබාදී ඇත.එයට ඇක්වියහැකි හොඳම කලගුන සැලකීම වනුයේ ජනතාවට සහන ලබාදීමට පාළකයන් පෙළඹවීමයි.පාළන ආණ්ඩුව ඉදිරිපත් කරන හැම දෙයටම විරැද්ධ වනවා වෙනුවට රටට අවශ්‍යම ජනතාවට අවශ්‍යතම යම්වු කාර්්‍යයක් ඉටු කරන්නට සහය ලබාදිය යුතුය.අපි විපක්ෂයේ ඉන්නේ ආණ්ඩුවට පන්දම් අල්ලන්න නොවේයයි සිතීම වෙනුවට යහපත් දෙයට එකගව අයහපත් දෙයට විරැද්ධව ආණ්ඩුව අයාලේ යාම නැවතිය යුතුය.හැම ජනවාර්ගියෙකුටම සමානත්වය වදනට රැවටෙන්න එපා.

විපක්ෂය දුර්වල යයි සමහර වියතුන් කියනු අසන්නට ලැබේ.එයද මෝඩම කතාවකි.විපක්ෂය වනුයේ පාළනයට අවශ්‍ය සාමාජිකයන් නැතිනිසාය.ජනතා අවශ්‍යතා වලදී පෙරමුන ගෙන ජනතාවට සිය ජීවන යුද්ධය නිමා කරන්නටත් දරැවනට සිය දිවිය සාර්ථක කර ගන්නටත් එසේම රටේ ඒකීයභාවය සුරකින මගකට යාමත් ආණ්ඩුවට වඩා ජනතාවගේ ප්‍රසාදය දිනාගැනීමට හැකි එකම මගද වෙයි.

අපේ රටේ තිබු සාමාන්‍ය පිලිවෙත වුයේ වරෙක එජාපයද යලි ශ්‍රිලනිපයද වරින්වර පාලකයන් වීමද යලි විපක්ෂය වීමද යන ක්‍රමයයි.එහෙත් බලයටම නැවුන සිත් ඇති නායකයන් වීමද අනෙකෙකුට ඉහලට යන්නට ඉඩ නොදීමද බලය ලත්විට බලයදුන් ජනතාවගේ අවශ්‍යතා නොතකා හැරීමද යන හේතුන් මතද පෞද්ගලිකවු මතවාදයන් බැහැර නොකිරීමද යන කරැනු මතද සමහර නායකයන් හට අළුත් පක්ෂයන් මගින් පෙරමුන ගන්නට සිදුවීමෙන් අද ජය නොලදුවද විවිධවු පක්ෂයන් රැසක් බිහිව තිබේ.

එහෙත් අවාසනාවකට මෙම  කවර පක්ෂ නායකයන් වුවද ජනතාවගේ අවශ්‍යතා නිවැරිදිව හඳුනා ගෙන නැත.අපේ රටතුල වෙසෙන ජනතාව රජවරැනගේ පාලනය යටතේ පටන්ම 2021 දක්වාම සිය ජීවන මාර්ගයන් අවශ්‍යතාවයන් වටහා ගත් පාළනරජයක් ලබන්නට වාසනාවක්ද ලබානැත.පත්වන හැම පක්ෂයක්ම නායෙතුම කරන්නේ සිය නාමය සදාතනික කර ගන්නටත් බලය සදාටම පවත්වා ගෙන යන්නටත් වෙර දැරීමය.අද පාර්ලිමේන්තුවේ සිටින කවර හෝ අයෙකු මේ රටේ මිනිසුන් කුසගින්න නිවා ගන්නට දරන වෑයමත් එයට කරන කැපවීමත් වටහා ගෙනනැත.

දොස්තරලා නීතිඥයෝ ඩිප්ලෝමාකාරයෝ විදෙස් අධ්‍යාපනය ලැබුවෝ නළුවෝ ක්‍රිකට් කාරයෝ අසරන ජනතාව විවිධාකාරවු ප්‍රකාශයන් හා ජනප්‍රියතාවයන් මගින් රවටා ගෙන බලය ලබති.ඒකවුරැන් හෝ ඈතපිටිසර වෙසෙන ජනතාව ගේ දුක දනීද?නගරයේ වෙසෙන මිනිසුන් මුදලක් උපයා ගන්නට දරන වෑයම දනීද?අව්වට වැස්සට හසුවෙමින් පැල් රකිමින් දිවිමග ජය ගන්නට දරන වෑයම දනීද ?අඩුම තරමින් රටේ ජනගහනය ඉතිහාසය ගැන දනීද? නැත.

එදා බලය ලද්දේ වලව්කාරයෝය.අද ජය ලබන්නේ කටපාඩම්කර විභාග ජය ගත්තෝය.නැතහොත් රටට යමක් කල නායකයෙකුගේ මුනත්තහඩුව පෙන්වාලීමෙනි.එහෙත් වත්මන් ජනතාව ඉදිරි මැතිවරන වලදී මුනත්තහඩුවට චන්දය නොදෙනු ඇත.උගත්බව හා වියත්බවද අතහරිනු ඇත.ඉදිරි මැතිවරනයේ සිටම අළුත් පක්ෂ න්‍යාය බැහැර ලනුඇත.අපේ රටට අවශ්‍යම වනුයේ ජනතාවගේ පීඩාවන් වටහාගත් සෟජු පිලිවෙතක් ඇති සාමාන්‍ය දිවියක් ගෙවන කම්කරැවන් ගොවියන් ගේ නායකත්වය බව දැන් ජනතාව තීන්දුකර හමාරය.සත්‍ය වශයෙන්ම ඉදිරි මැතිවරනයද එය සාධක සහිතවම ශප්පු කරනු ඇත.

ජනතාවට මතක හිටින කාර්්‍යයන්කල නායකයන් ලෙස ජනතා මතකයේ අදත් රැඳන අතීත නායකයන් වනුයේ බස හා ආගම රජබසහා ආගම කල අගමැති  බණ්ඩාරණායක මැතිතුමා සහ අසරන ජනතාවට සිය දිවිය සාර්ථක කරගන්නට ජනසවිය ප්‍රදාණය කල ජනපති ප්‍රේමදාස මැතිතුමන් පමනකි. මෑතකාලයේ එම ගෞරවය හිමිව ඇත්තේ ත්‍රසතවාදය දුරළු හා වියපත් දීමනාව මගින් කඳුලක්වු අසරන මහළු දිවියට සෙතක් කල ජනපති මහින්ද මැතිතුමන් පමනකි.අප මේවා සටහන් කරන්නේ පාර්ලිමේන්තු කප්රැකේ සෙවන ලබන උගත්වියත් මන්ත්‍රිතුමන්ලා ජීවිතයේ කවරදාකවත් පය නොගැසු නගරබද ගම්බද හා දමිළ,මුස්ලිම් ගම්වල ගෙවල වෙසෙන ජනතාවද දක්වන අදහස් අනුවය.එසේම ක්‍රමවේද යෝජනා සහිතවය.

එසේම ලොව කවර රටක වුවද එහිමුල් පදංචිකරැවෝ එම රටෙහි අයිතිකරැවන් වෙයි.අන් සියල්ලෝම විදෙස්වලින් විත් පදංචිය ලබා සිය පරපුර වර්ධනය කරගත්තන් වෙති.එහෙත් ලොව කවර රටක වුවද සාමාන්‍ය ජනතාව අතර ගැටුම් ඇතිනොවේ.එහෙත් එම ගැටුම් ඇති කරවන්නේ නැතහොත් ජනවාර්ගිකතාවය මතුකරමින් කටයුතු කරන්නේ බලය හා පාළනය සියතට ගන්නට උත්සාහ දරන බලලෝභින් පමනකි.එනමුත් ඉන් පීඩා විඳින්නේද සාමාන්‍ය ජනතාව පමනකි.

අද බලයට පත්ව සිටින සමහරැන් ගමට රටට සේවයක් කල අයම නොවේ.සමහරැන් පරපුර නිසාද සමහරැන් ජනප්‍රිය නායක මුනත් තහඩුව නිසාද ජනතා කැමැත්ත ලද්දන් වෙති.අපේ රට නංවන්නට ජනතා පීඩාවන් දුරලන්නට පාර්ලිමේන්තුවට යායුත්තේ කම්කරැවන් ගොවියන් වැනි දිවියේ දුක හඳුනන එහෙත් දුරදර්ශී ඥාණයකින් යුත අය පමනකි.ගෙදර වියදම වත් නොදන්නා අයට රටක පාලනය භාරදීම අවසන් විය යුතුව ඇත.කවරදාවත් උදැල්ලක් නොඅල්ලන අය හැම අඟලකම වගා කරපල්ලායි  කීම අපට කල අපහාසයක්ම නොවේද ?

ජනතාව මන්ත්‍රින් පත්කලේ කප්රැකේ එල්ලී සම්පත් විඳවමින් අවසන ජනතා බදුමුදලින් විශ්‍රාමයකුත් ලබාගෙන මෙරටහැරදමා විදෙස් රටවල පදිංචිව සැප විඳින්නට නම් නොවේ. එසේම ඇලවල් වසමින් කුඹුරැ ගොඩකරමින් නිවාස පාරවල් තනන්නටද නොවේ.අධිවේගෙන් පියාඹන පොසතුන් බිහිකරන්නටද නොවේ.වැඩිවන ජනගහනය අනුව ආහාර නිවාස අධ්‍යාපනය වැනි මුලික අවශ්‍යතා ඉටුකර ගන්නට මාර්ගයන් සලසා ගැනීමටමය.එහෙත් මෙම පාළකයන් දීපු දෙයද නැතිකරන අධර්මිෂ්ථයන් වීම ජනතාව කල පාපයක ප්‍රතිපලයක් නොවේද ?

විපක්ෂයට වුවද ආණ්ඩුවට වුවද සිය නාමය ජනතා මතකයේ සදාකාලිකව රඳවන්නට සේම ජනතා ගෞරවය ලද ශ්‍රේෂ්ථයන් වන්නට කලහැකි බොහෝදේ ඇත.ඒවා වටහා ගන්නට නම් පළමුව කල යුත්තේ තමන්ට පරචිත්ත ඥාණය හා දිව්‍යඥාණය නොමැති බව තේරැම් ගැනීමය. දෙවන පියවර විය යුත්තේ පුද්ගලිකවු පුද්ගල වාසි  නොතකන උපදේශක මණ්ඩල තමන් නියෝජනය කරන ආසනය තුල පත්කර ගැනීමය.මසකට වරක්වත් ඒ සියල්ලන් සමග සාකච්චා කර කලයුතුදෑ ඉටුකර දීමය.ඒවා පොදු හා පුද්ගල විය හැකිය.පක්ෂයේ අය වදනද ඉවත්කල යුතුය.එසේම තමන් අමතන්නට හා යෝජනා ඉදිරිපත් කරන්නට විශ්වාශනීයවු අයෙකු යටතේ දුරකතන,  ඊමේල් හා පැක්ස් යන්ත්‍ර අංකයන් ජනතාවට ලබාදිය යුතුය.තම ආසනය තුල සිදුවන සියළුම කාර්යයන් ගැනත් ඒවා ඉටුකරන අය ගැනත් සොයාබලා වැරදි වැලැක්විය යුතුය.අද මෙම මන්ත්‍රී උත්තමයන් අඩුම වශයෙන් අල්ලපු ගෙදර ඉන්නේ කව්ද කියාවත් දන්නේ නැති බව නම් ජනතාව දනී.

වර්තමාණයේ සියළුම අමාත්‍යංශ හා කාර්යාලවල සිටින උපදේශකයනට හා ලේකම්වරැනට ජනතාව එවන යෝජනා අදහස් සිය ඇමතිවරැනට අගමැති හා ජනපති වරැනට එම ලිපි මගින්ම ඉදිරිපත් කර එතුමන්ලාගේ අවධානයට යොමු කරන්නට බලතල නැත.පිලිතුරක් එවන්නටද අවසර  නැත.ඒනිසා ජනතා අදහස් යෝජනා එතුමන්ලා නොදන්නා අතර ඉන් නිතරම ජනතා අප්‍රසාදයට පත්වෙති.එයට පිළයමක් ලෙස සියළුම තල්කමවරැන් හා උපදේශකයන් හට ඔවුනට ලැබෙන යෝජනා අදහස් දැනගැනීමට මගක් ලෙස සියල්ලන්ම එකම රැස්වීමකට කැඳවා තොරතුරැ විමසන්නට සතියකට එකදිනක වරැවක්වත් වෙන්කරගත යුතුය.

1947  සිට 2021  දක්වා නාමිකව තිබු ප්‍රජාතන්ත්‍රවාදය ,සමාජවාදය සත්‍යග්‍රහ කරමින් සුරැකීම හා අළුත් පක්ෂ පිහිටුවීම වෙනුවට තමන් පත්වු ආසනයට හා ගමට සේවයක් කර ජනතා බදුමුදලින් ගෙවන විශ්‍රාමය ලබා ගැනීම කලහොත් ජනතාවට ණයක් නැතිව මතු යහපත් ආත්මභාවයක් ලැබිය හැකිය.එවිට ජනතා සහන කපාදමමින් මන්ත්‍රිදීමනාවන් වැඩිකරගත් පාපයද අවසන් වනු ඇත.එසේම ඊලඟ චන්දයේදී මුනත් තහඩු අලවන්නේ නැතිවම ජය ලබාගත හැකිය.

වර්තමානයේ ජනතාව දිනා ගන්නට හා එළඹෙන චන්දය දිනන්නට ලහිලහියේ පාරවල් හදති.රැස්වීම් පවත්වති.ගම්වල විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරති. එහෙත් දුන් සහනයන්ද අද අක්‍රිය කර හමාරය.චන්ද ගුණ්ඩු න්‍යාය වෙනුවට පැහැදිලිවු ක්‍රමවේදයන් සහිතවු ජනතා දිවිය පීඩාවකින් තොරව නැංවිය හැකි ක්‍රමවේදයන් මෙන්ම සාර්ථකවු ජනතා සහන ලබාදෙන මාර්ගයන්ද ජනතාව සමගම වෙසෙන අප පාළකයන්ට පමනක් නොව විපක්ෂයටද ඉදිරිපත් කරමු.ජනතාව රවටමින් බලය ලබන්නට වෙහෙසෙනු වෙනුවට ජනතා අවශ්‍යතාවයන් හඳුනා ගනිමින් ජනතාවට ණය නැති ජයක් ලබන්නට එමගින අවස්ථාව ලැබෙනු ඇත.කෙසේ වෙතත් ලබන මැතිවරණය ලබාදුන් ජයෙන් ජනතාවට සෙතක් නොවු බවට ජනතාව පෙන්වන ප්‍රතිපලයක්ම වනු ඇත.

රටේ ආර්ථිකය නංවාලීමද ජනතාව ආදායම් ලබන්නන් බවට පත්කල හැකි ක්‍රම‍වේදයන්ද සහිතව අප යලිදු සංදේශයක් ඔබතුමන්ලා වෙත ඉදිරිපත් කරමු.සාමාන්‍ය ජනතාව රිදවන වේදනාවට පිලියම් අප ඔවුනතරින්ම සොයා ගොනු කළෙමු.

වියපත් දීමනාව ලබාදෙන ක්‍රමවේදය අප විසින් ඔබතුමන්ලාගේ ප්‍රසිද්ධ ඊමේල් අංකයන්ට යොමු කලෙමු.එය ගැන ඔබතුමන්ලාගේ ඊමේල් පනිවුඩ පෙට්ටිය හැර බලනු මැනවි.ස්තුතියි

-2021.01.07   -මා නාල්ස් නිශ්ශංක-0755229367

nissankanals@gmail.com /nalsn@ yahoo.com-waylanka.blogspot.com (news)

හිටපු නි.සේ.සං.ලේකම්=නිදහස් මාධ්‍යවේදී-

 

Monday, January 11, 2021

ගරැඅග්‍රාමාත්‍යතුමා ලේකම් කාර්යාලය - කොළඹ

ගරැ සභාපතිතුමා -පළාත් සභාව ,ගරැ සභාපතිතුමා, ප්‍රාදේශීය සභාව-මිරීගම

කුඩා හවුල් ඉඩම් අයිතිකරැවෙකු තැනු මාර්ගය අවසන් කිරීමට බාධාකිරීම

කුඹල්ඔළුව හළලිය ගම්මානයේ සිට පහළ ගල්ගමුව හරහා ගල්ගමුව- පල්ලේවෙල මාර්ගයට සහ කීනවල දුම්රිය ස්ථානයට ඇතුළු ගම් රැසකට යාහැකිකෙටිම මාර්ගයේ මීටර් 30කට අඩුවු   ප්‍රමානයක් තුල ඉදිනොකල මාර්ග කොටස සකස් කරදෙන මෙන් මෙයින් පහත අත්සන් කරන ගමවාසීන් වන අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

විවිධවු රැකියාවන්ට දුම්රියෙන් යන කුඹල්ඔළුව හා අවට ගම්වල මගියනට ඉතාමත් කෙටිදුරකින් කීනවල දුම්රිය ස්ථානයට යාමට ඇති එකම මාර්ගයද මෙය වෙයි.පරම්පරා ගණනාවක්ම මෙම මාර්ගයෙන් යන ගමනට බාධා කරමින් නීතියානුකූල නොවු ලෙස හවුල් ඉඩමක් මැදින් සැකසී තිබු මාර්ග කොටසක් වසා දමා අවහිර කල එම ලලිත් නම්වු තැනැත්තාට විරැද්ධව මින් පෙර ප්‍රාදේශිය සභාවට හා පළාත් සභාවට පැමිනිලි කලද ඒගැන විසඳුමක් ලබාදීමට එම ආයතන අසමත් විය.

පාර වසාදැමුන මෙම කොටස හවුල් ඉඩමක් වන අතර එහි අන් අයිතිකරැවන් ඉඩම  මැදින්වු මාර්ගය තැනීමට සහය ලබාදී ඇත.මෙම ඉඩමේ වර්තමානයේ නිවාස දෙකක් ඇති අතර එම නිවාස දෙකට මැදින් වැටුන මාර්ගයෙන් ඔවුනට කිසිදු පීඩාවක් හෝ නිවාස වලට බාධාවක් හෝ ඇති නොවේ.එම නිවාස වලට පැමිනෙන මාර්ගයද මෙයම වෙයි.

දැනට එම නිවාස වලට එන මාර්ගයම එම නිවාස අතරින් මීටර 30 කට අඩු ප්‍රමානයකින් සහිත දුරකින් වු කොන්ක්‍රීට් අතුරා නිමව ඇති පහල මාර්ගයට සම්බන්ධ කිරීමෙන් මෙම මාර්ගයේ වැඩ අවසන් වෙයි.එයට බාධා කරන ලලිත් නැමැත්තා එසේ මාර්ගය තැනීමට අවහිර හා බාධා කරන්නේ හේතු විරහිතව බවද පෙන්වා දෙමු.සමහරවිට ඔහු ඊර්ෂියා සහගතවු වෛරීසහගත මානසික තත්වයකින් පෙලෙන අයෙකු වන්නටද පුළුවන.ඔහු වගාකරන කුඹුරට යන්නටද මෙම මාර්ගයම යොදාගත යුතුය.

මෙම මාර්ගය නිසා මහවෙල නම්වු කුඹුරැයාය ඇතුළු අක්කර 40කට පමන ආසන්න කුඹුරැ යායක කටයුතු වලට වාහන ගෙනයාමටද ප්‍රවාහනයටද අත්වනුයේ විශාල උපකාරයකි.එසේම මෙම මාර්ගය ඔස්සේ වාහන ගමනයට පහසුකම් ලැබීම මත බොරැග්ගමුව,බෝගහවත්ත මුද්දරගම,පල්ලෙවෙල, ආදී ගම් සමුහයකටද ප්‍රවාහනයට ඉඩ සැලසේ.එසේම වේයන්ගොඩ,පල්වෛල,මීහිරිගම ,ගම්පහ ආදි පාසැල් යන සිසුදරැදැරියනට හා වෟත්තිකයනට අත්වන ගමන් පහසුව අප්‍රමාන්විතවු පින්කමෙක්ද වෙයි.

මේනිසා හේතු රහිතව වෛරී ක්‍රෝධ සිතකින් තමනට හා අනනුට අයිති ඉඩමේ මැදින් තිබු මාර්ගය වසා දමමින් එය අවහිර කරන්නට අගල් කපමින් වලවල් කපම්න් සිය පහත්වු මානසික තත්වය ගමටම පෙන්වන මෙම පුද්ගලයා ගේ බලපෑම නවතා පොදු කාර්යයන් සඳහා ඉඩම්  පවරා ගැනීමේ ආඥා පනතට අනුව මෙම බිම් කොටස රජයට පවරා ගෙන මාර්ගය නිසි පරිදි සකසා දෙන මෙන් අප ඉතාමත් ගෞරවයෙන් ඔබතුමන්ලාගෙන් අයැද සිටිමු.මාර්ග විස්තරය හා ජායාරෑපද මෙයට යාකර ඇත්තෙමු. ස්තුතියි.

මෙම මාරගයේ එම මීටර් 30 ක පමනවු ඉඩම් කොටස හැර දෙපසින්ම පුළුල් මාර්ගයක් ලෙස ඉදිකර කොන්ක්‍රීට් අතුරා අවසන්ව තිබේ.එනමුත් එම සුළු කොටසේ දෙපස වු නිවාස දෙකින් එක් නිවාසයක වෙසෙන ලලිත් නැමැත්තා එම කොටස තුල මාර්ගය ඉදි කිරිමට විරැද්ධ විම නිසා එයට බාධාවක් මතුව ඇත.නොබෙදු එම ඉඩමේ ‍නිවාස දෙකක් ඉදිකර ඇති අතර මාර්ගය සම්බන්ධ වන්නේ එම නිවාස දෙක අතරවු විශාල බිම් ප්‍රමානය හරහා වෙයි.මෙම මාර්ග කොටස ඉදිකිරීම මත එම නිවාස දෙකට කිසිදු අලාභයක් සිදු නොවන අතර සිදුවන එකම දෙය මාර්ගය නිසා ඉඩම දෙකට බෙදීම පමනකි.

මෙම ඉඩමේ අන් අයිති කරැවන් මාර්ගය ඉදිකිරීමට විරැද්ධව නැත.එසේම මෙම මාර්ගය අතීතයේ සිටම කීනවල හා පල්ලේවෙල යන්නන් ප්‍රයෝජනයට ගත් අතර එකලද මාර්ගය සකසා තිබුයේ මෙම ඉඩම මැදිනි.

මැතකදී එම මාර්ගය තුල අගලක් කපා වතුර වලක්ද කපා මාර්ගය වසාදැමුයේ එම ඉඩමේ කෙලවරක පදිංචිව සිටින ලලිත් නැමැත්තාය.ඔහු පාර වැසු පසු වැට අයින දිගේ අඩිපාරක්න් මගීහු අදද ගමන් කරති.මෙහි එම ජායාරෑපද දක්වා ඇත්තෙමු.

තිබු සහ ගමන්කල මාර්ගය වසාදැමීම ගැන ගම්වැසියන් විසින් කිහිප වතාවක්ම ප්‍රාදේශීය හා පළාත් සහාවට දැන්වු අතර මේ දක්වාම එයට පියවරක් නොගත්තේ එවුන් අමනාප කරගෙන චන්ද අඩුකර ගැන්මට නොහැකි බැවින් යයි එම ආයතන නියෝජිතයන් ප්‍රකාශ කල බවක්ද දැන ගැනීමට ඇත.සත්‍යවශයෙන් එම නිවයින් ල‍ැබෙන්නේ චන්ද තුනකි.

එම ලලිත් නම්වු පුද්ගලයා සහ ඔහුගේ මවද බිරිඳද හැර මෙම ඉඩමේ පදිංචි හා අයිතිය ඇති අන්අය කිසිවෙකු මෙම මාර්ගයේ ඉතිරි මෙම කොටසින් මාර්ගය තනනවාට විරැද්ධ  නැත.එසේ තිබියදීද මාර්ගයට ඉඩම පවරා ගෙන එහි මාර්ගය ඉදිකරන්නට පළාත් හා ප්‍රාදේශීය සභාවන් කටයුතු නොකිරීම සියළුම ගම්වාසීන් ගේ අපුසාදයට ලක්වු කරැනක්ව ඇත.

එහෙයින් මෙම ඉඩම මැදින්වු මීටර් 30කටත් අඩු බිම් ප්‍රමානය පොදු මාර්ගයක් සැකසීම සඳහාවු රාජ්‍ය නීති බලතල අනුව පවරා ගෙන මාර්ගය තනා දෙන්නැයි අප ඔබතුමන්ලා ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

දෙපසින්ම කොන්ක්‍රිට් අතුරා සකස්කල මාර්ගයට සම්බන්ධ වන්නට බාධාවක්ව ඇත්තේ මෙම ලලිත් නම්වු අය බාධා කරන හවුල් ඉඩමයි.ඔහු හැරඅන් අයිති කරැවන් ගෙන් ිනොවැටහෙයි.ඉඩමේ අන් අයිතිකරැවන් මාර්ගය තනනවාට විරැද්ධ නොවන බවට සහතික කල ලිපිද ඇත.

වත්ත මැදින්වු මෙම මාර්ගය වසා දමන්නට හෝ මාර්ගය ඉදිකරන්නට බාධා කරන්නට මෙම පුද්ගලයාට හේතුවක් නැත්තේ එමගින් ඔහුට සිදුවන අලාභයක් නැති බැවිනි.අනිත් කරැන මෙය හවුල් ඉඩමක් වන අතර අන් සියල්ලන් පාර තනනවාට විරැද්ධ නැත.ඒනිසා පොදු කාර්යයන් සඳහා ඉඩම් පවරා ගැනීමේ නීතිය මත මෙම මීටර් 30 කට අඩු කොටස රජයට බවරා ගෙන මෙම අතීතයේ සිටම ගම්මුන් කීනවලට ගිය පාර එලෙසින්ම  සකසන්නැයි අප ඉල්ලමු.ස්තුතියි.

පාර හදාදෙන්නැයි ඉල්ලන ගම්වැසියනගේ අත්සන් ලේඛණයද යාකර ඇත.

මෙයට ගම්වාසීන් වෙනුවෙන්

නාල්ස් නිශ්ශංක,133 කුඹල්ඔළුව,වේයන්ගොඩ.(0783913621/0755229367     ----------Email – nissankanals @ gmail.com /nalsn @ yahoo.com

(නිදහස් සේවක සංගම් හිටපු ලේකම්/නිදහස් මාධ්‍යවේදී )

අත්සන් ලේඛණය

   නම                                     අත්සන                   දුරකතන

අතිගරැ ජනාධිපතිතුමාණෙනි.

වියපත් දීමනාව  චන්ද ගුණ්ඩුවක් කරන්නෙපා !!!

වියපත් දීමනාව නොහොත් 2000 ජීවනාධාරය මාපිය දුදරැ රක්ෂාවරණය නම්වු සමාජමය අසරන දමනාවක් බවට වෙනස් කරමින් සැමටම වියපත් ජීවනාධාරයක් ලබාදෙන මගකට පත්කරමු

70 වියැති අසරන වියපත් අයට 2000 කජීවනාධාරයක් ලබාදුන්නේ එදා ජනපතිව සිටි අද වත්මන් අග්‍රාමාත්‍යවරයාමය.එහෙත් අද එම දීමනාව එය ලබන්නට සුදුස්සන්ට ලබාදීමක් හෝ එය ගැන කතාකිරීමක් හෝ වත්මන් ජනපතිතුමන් සහ අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ මෙන්ම විපක්ෂයේ උතුමන්ලාද  කතා නොකරයි. එසේම වර්තමානයේ පවතින වසංගත තත්වය නිසා රටේ පොදු ආර්ථික තත්වය පිරිහීමද ජනතා සහන ලබාදීමේ කාර්යයට බාධාවක් බව අපද පිලිගනිමු.නමුත් වියපත් බවත් ශාරීරික දුබලතාවයන් නිසාත් දුදරැවනට මාපියනගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට ඇති නොහැකියාවත් මත මෙම අසරන මහල්ලන් අද පත්ව ඇත්තේ ආහාරටික බෙහෙත්ටිකවත් ලබා ගන්නට නොහැකිව බවද අමතක නොකල යුතුය.එසේම ජනපතිවරයාටත් තුනෙන් දෙකක බලයක් ලබාදෙමින් රජයක් පිහිටුවන්නටත් මෙම අසරනයන් මෙන්ම ඔවුනගේ සමීපතමයන්ද කටයුතු කලේ එතුමන්ලාවත් පසුගිය රජය නිකමටවත් දෙඇස හැර නොබැලු වියපතුනගේ දුක නිමා කරතියි යන අපේක්ෂාවෙනි.එහෙත් ඒ ජනතා විශ්වාශය එතුමන්ලා බිඳදමා ඇත.

වියපතුන් කියන්නේ මහළුවියේ සිටින්නන්ට වුවද ඒ සියල්ලන්ම අසරනයන් නොවේ.රාජ්‍යසේවය නම්වු මාලිගාවේ ලැගුම් ලබන්නන්ට හැර දහදිය පෙරාගෙන අව්ව වැස්ස නොතකම්න් දරැපවුල් නඩත්තු කරමින් දිවිමග ගෙවන්නන්ට නාකිවුවිට කන්න ටික ලබන්නත් මගක් නැත.ඈත පිටිසර ගෙවල පියවරැන්ට දරැවන් හතඅටක් සිටියද ඔවුනුත් දිවි ගෙවන්නේ අසීරැවෙනි.එහෙත් සල්ලිකාර නම්බුකාර උගතුන් වියතුන් සේ ඔවුන් තම පියවරැ මව්වරැ මහළු මඩමට දක්කන්නේද නැත.එහෙත් තම දරැවන්ට වේල දෙන්න බැරි  ඔවුනට දෙමාපියනට සලකන්නටද මගක් නැත.

අපේ රටේ පැන්ෂොන් මහත්තුරැ පනනල රැක ගන්නට පැන්ෂොන් පඩියෙන් හතරෙන් තුනක්ම වැය කරන්නේ බේතට හා විටමින් ගිලින්නටය.කැත්තේ උදැල්ලේ වැඩ නොකලද ව්‍යායාම කට්ටලයෙන් දාඩිය හලති.අපේ අසරන නාකින් බැරිබැරිගාතේ වුවද කුඹුරැ හේන් ගොව්තැන් කරති කුලීවැඩ කරති.ඒ ව්‍යායාමයට නොව බඩගින්න නිවා ගන්නටය.ඔවුනට බැංකු ගිණුම්,යානවාහන ව්‍යාපාර ඉඩකඩම් නැත.උගතුන් වියතුන් ඔවුන් හඳුන්වන්නේ ගොඩයින් ලෙස වුවත් චන්දයේදි නම් දෙවිවරැන්ට වඳිනවා සේම වඳිති පුදති.

පසුගිය රජයේ සිටි අද විපක්ෂයේ අසුන්ගෙන සිටින ඔබතුමන්ලාද  2015 දී එවකට හිටපු ජනපතිතුමන් ලබාදුන් වියපත් දීමනාව සුදුස්සන්ට ලබාදීමට පියවර නොගත්තේ එයින් අසරන මහල්ලන්ට සෙතක් වීම වලකන්නටද නැතහෙත් එය අන් පක්ෂයක දිමනාවක් නිසා තමන්ට අත්වන ප්‍රතිලාභයක් නැතැයි තීරනය කල නිසාද යන්න දන්නේ ඔබතුමන්ලාම පමනකි.එහෙත් පසුගිය රජය මන්ත්‍රීදීමනාව වැඩිකර ගන්නට සේම වසර හතරහමාරෙන් මන්ත්‍රිලාට හිමිවන පැන්ෂොන් එක රැක ගන්නටත් කටයුතු කල බව සියළුම ජනතාව හොින්ම දනිති.එම දීමනාව හා සමුර්ද්ධිය වලකාලුවද වෙනත් කාර්යයන්ට කෝටිලණනක් වැය කල බවද අපට මතකය.මහජාතියේ චන්දය විශ්වාශ නොකල බැවින් සුළුජාතින් දිනා ගන්නටද සමහරැන් පෙරමුන ගත්බවද එමගින් රටේ ඒකීයභාවයට හාාසිද්විය හැකි බවද ඔබතුමන්ලාට නොවැටහුනද සාමාන්‍ය ජනතාවට එය මැනව්න් වැටහුනු කරැනක් විය.එහෙත් කෙසේ හෝ බලය ලබන චේතනාව බලවත්වුවිට රටජාතිය පමනක් නොව තමන්ම වුවද පාවා දෙන්නන් සිටිබව ඉතිහාසයේ පවා ලියවී ඇති බැවින් නුගත්යයි කියන වැසියන්වුවද ඔවුන්ව විශ්වාශ නොකරති.

2015 දී එම රජයේ සිටි සමහරැන් තම බලය සදාතනික යැයි අනිධවු විශ්වාශයෙන් කලකීදෑ මෙන්ම පසුගිය රජයේ ක්‍රියා කලාපයද ජනතාව අනුමත නොකලහ.යහපාලන රජය වසර ගණනක් දුගීකම නැති කකරන්නට වෙන් කලද දුගීබව නැතිවුයේ මන්ත්‍රීඋත්තමයන්ලාගේ පමනකි.එසේම  යහපාළන සමයේ සිදුවු අක්‍රමිතා සහ දුෂනයන් දැන් හෙලිවෙමින් පවතී.එහෙයින් විපක්ෂයේ වාඩිවුවද අසරන ජනතාව පෙලන අසරන  බවත් මහල්ලන් පෙලන දුක්ඛිත බවත් දුරලන්නට වත්මන් රජයට උපකාරී වන්නත් එයට රජයට බල කරන්නත් කටයුතු කරන්නැයි අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.රටවැසියනගේ දුප්පත්කම දුගීබව නැතිකරන්නට මහාලොකු විජ්ජා පෙන්වන්නවත් නුතන උගතුන් වියතුන්ගේ වියත් යෝජනා අහන්නවත් අවශ්‍ය නැත.එය ඉතාමත් සුළු ක්‍රමවේදයන් මගින් සාර්ථකව කලහැකි බව අප පෙන්වා දෙමු.

අගමැතිවරයා සහ ආණ්ඩුව නිහඩ වුයේ කුමන හේතුවකටද ? අප සඳහන් කල හේතුරැසින් රජයේ පැත්තෙන්එක් හේතුවක් වනුයේ ත්‍රස්තවාදයතදුරැකර වියපත් දිමනාවක් ලබාදෙමින් තමන් කල සේවය නොතකා හරිමින් අන් අයෙකු  බලයට පත්කීරීම ගැන එදා එතුමන් තුල ඇතිවු හැීම් නිසා වන්නටද ඉඩ තිබේ තිස් වසරක් පුරා කිසිදු නායකයෙකුට නොතිබු චිත්ත ධෛර්්‍යය හා අධිස්ථාන ශක්තිය ක්‍රයාවෙන්ම ඔප්පු කරමින් එවන් කැපවීමක් කර තිබියදීද එතුමන් වෙනුවට වෙනත් අයෙකු බලයට පත් කිරීමෙන් එතුමන්ට දැඩි පීඩාවක් අත් වන්නට ඇත.නමුත් සිදුවුයේ එතුමන් පරාජයට පත්කිරීමක් නොව ජනතාවගේ සිතට කාවැදුනු සමහරක් සිදුවීම්  ජනතා සිත් වෙනසකට පත්කරවන්නට හේතුවු නිසාය. එසේම  ආණ්ඩුවේ ඇත්තන් නිහඩව ඇත්තේ ඒ සියල්ලන්ම ජනතාව ඉදිරියට ආවේ ජනතාවගේ ගෞරවයට ප්‍රාත්‍රවු අගමැතිවරයාගේ  සහ මහජාතියේ කැමැත්තෙන් දිනු ජනපතිවරයාගේ මුහුනු සිය ප්‍රචාරක දැන්වීම් වලට අලවා එමගින් ජනතා චන්දය ලබාගත් බැවිනි

ජනතාව 2015 දී පාලනය වෙනස් කලේ කුමක් නිසාද ? අනෙක් හේතුව වශයෙන් අප දකිනුයේ එතුමන් ආරම්භකල වරාය සහ ගුවන් තොටුපලට කෝටි ගණනක් වියදම් කලද ඒවා ආදායම් නොලබන මුදල් නාස්තියක් බවට හා අධිවේගය ගැන ජනතාව තුල අපුසාදයක් පවතින සේ ඇති කල මතයයි. එයට සමගාමීව එදා බලයේ සිටි අය තමන්ගේ බලය සදාකාලිකයයි අන්ධවු විශ්වාශයෙන් කලකීදෑද නිසා ජනතාව තුල ඔවුන් කෙරේ ඇතිවු අප්‍රසාදයයි. එසේම කවරවු හේතුවක් මත වුවද දෙවරකට වඩා එකම පක්ෂයක් හෝ නායකයෙකු මෙරටෙහි බලයට පත් කිරීමක් සිදුව නැති කමයි.අතීතයේ මෙන්ම වරතමානයේද කොතරම් යහපත් දේ කලද එම නායකයන් ජනතාව වෙනස් කරන්නේ එතුමන්ලා වටේ සිටින සමහරැන්ගේ ක්‍රියාකලාපය ජනතාව අනුමත නොකරන බැවිනි.බලයෙන් මත්ව කරනදේ මෙන්ම කියන දේද සංවර මෙන්ම අනනුට අපහාස නොවන අයුරින් සිදුවන්නේ නම් ජනතාව කිසිදිනක එම නායකයන් ප්‍රතික්ෂේප නොකරනු ඇත.කිරිමුට්ටියට ගොම නොදමන තමන් පිම්බෙන්න‍ට වෙර නොදරන හිතවතුන් ලංකර ගැනීම පාළකයන්ට නිරන්තරවම ජය ලබාදෙනු ඇත. එසේම ජනතාවට සිය අදහස්  සෟජුවම තමන්හට දන්වන්නට අවස්ථාව ලබාදීමද ජනතාවට   හිතැති  පාළනයක් ඇති කරන්නට සේම සදාතාලිකව ජනතාව සිහිපත් කරන නායකයන් බවට පත්වීමටද හේතුවෙයි.. අද ජනතාව එවන පිපියකට පැක්ස් හෝ ඊමේල් ලිපියකට කිසිදු පිලිතුරක් නොලැබෙන බව ජනපති අගමැති හෝ ඇමත්වරයෙකුවත් දන්නවාද යන්නද අප අසනු කැමැත්තෙමු

ආණ්ඩු පිළිවෙතේ සහ ඉදිරිපත් කරන  ක්‍රමවේදයන් වෙනස් කරන ප්‍රතිපත්තිය -අනෙක් සුවිශේෂී හේතුව වනුයේ හැම රජයක්ම ඉදිරිපත් කරන සියළුම ජනතාසහන චන්දගුණ්ඩු පමනක්ම වීමයි.හාල්පොතේ සිට චන්දය ගන්නට ජනතාව ගොනාට ඇන්දවු චන්ද පොරොන්දු සමගම ක්‍රියාත්මකවු ජනසවිය සමුර්ද්ධිය ගොවිහමුදාව ගොවිවිශ්‍රාමය ආර්ථිකනිළධාරික්‍රමය  ආදී කිසිවකට පාදකවු ආර්ථික රටාවක් මුල්‍යමය සම්පත් ඇතිකරන මගක්  එම නිළධාරීන්ට පුහුනුවක් ප්‍රගතිය සමාලොචන ක්‍රියාදාමයක් නිතිමය ආවරණයක් හා සෟජු පාලන සංචිතයක් ඇතිකර තිබුනේද නැත. මේනිසා ඒවා මුල්‍යමය ප්‍රතිපාදන අහිමි ක්‍රමවත් බවින් තොර ජනතා රැවටිල්ලක්ම පමනක්ම විය. හැම ව්‍යාප්තියකටම හැම රජයක්ම දේශීය හා විදේශීය ණය ලබාගත්තද ජනතා සහන සලසන්නට ජනතා දිළිුකම අසරනබව දුරලන්නට තබා නියයකදී ඉඩෝරයකදී ගංවතුරකදී විපතට පත්වුවන් නගාසිටුවන්නට ණයක් ගත්බවක් අද දක්වාම දේශපාළන ඉතිහාසයේ  ලියවී නැත

එක විෂයයක් උගතුන්ට රටක් නංවාලිය හැකිද ? එහෙත් හැම රටවැසියෙකුම සේම ඉපදෙන්නට සිටින දරැවනුත් කොටි ගණනක ණයකරැවන් බවට පත් කරන්නට අපේරටේ සිටින උගත් වියත් විශෙශඥ මන්ත්‍රිඋතුමන්ලා කටයුතු කරඇත.මේ උගත් සර්ලා වෙනුවට අපේරටේ සිටින බුද්ධිමත් දුරදිග සිතන රටේ සම්පත් හා ජනතා ශ්‍රමය අගය කරන ගොවියන් කම්කරැවන් පාලනයට එක්කර ගතහොත් රජදවස මෙන් සශ්‍රීක රටක් බිහිවනු ඇත.අද සිටින උගතුන් දන්නේ උගත් දෙය පමනි.එය අවබෝධයෙන් තොර කටපාඩම් කල එකම දෙයක් පමනි.එහෙත් ඒ උගත් දෙයින්වත් අළුත් යමක් කල උගත් වියත් මන්ත්‍රිතුමෙකු ගැන අසන්නටවත් තිබේද ?අඩුම ගණනේ ගෙදර අයවැය හදා ගන්නවත් අල්ලපු ගෙදර ඉනනේ කවුද කියාවත් දන්නවාද?

ඒ කෙසේ වෙතත් වත්මන් අග්‍රාමාත්‍යතුමන් ගැන ජනතාව තුල ඇත්තේ ගෞරවනීයවු සුහද හැුමකි.නගරයේ පමනක් නොව ඈත ගම්මාන වලද ජනතාව අතරට යන අප නිබවම එය වටහා ගත්තෙමු.එහෙයින් රට පාළනය සේම පක්ෂයේ අය පාළනයද නව රජයට දීර්ගායුෂ ලබා ගන්නට හේතුවක් වනු ඇතැයි අප විශ්වාශ කරමු.එසේම ආණ්ඩුවද විපක්ෂයද ජනතාවට ලබාදෙන්නට  වෑයම් කල යුත්තේ ජනතාවට අවශ්‍ය දෙයමිස තමන්ට අවශ්‍ය දෙය නොවනබවද වටහාගතයුතුය.

අපේ රටේ පාළකයන් කරන්නේ රට හදන එකය.රට දියුනු කරන්නට හදන එකය.එය කවරදාකවත් කල නොහැකිය.රටක් හදන්නේත් නැති කරන්නේත් ස්වභාවධර්මයේ ක්‍රියාවලිය මතය.වෙළක් නොහොත් කුඹුරක් ගොඩකර බත නැතිකරමින් මාලිගා හැදුවාට අළුත් රටක් හදන්නට මිනිසාට නොහැකිය.ඒනිසා තිබෙන රටේ පාළකයන් කලයුත්තේතේ එහිවු මිනිසුන් ජීවත් කරන්නට මාර්ග හදන එක පමනකි.එයවත් උගත්වියත් පාළකඋතුමන් වටහා ගනිත්වා !

අද අපේ රටේ ගොන් කරත්ත රස්සාවට ඉඩ නැත.පොල්ලෙළිමෝල් නැත.හාගන්නට හරකෙකු හදන්නට මගක් නැත.ගෙවත්තේ නියරේ එළවළුවක් හිටවා ගන්නට පොහර දෙන්නේ නැත.වී බෙරයක් හාන්නට කුළිය 8000කි.ඇළවල් වසා පාරවල් හදාඇත.උගත්වියත් අයට විශ්‍රාම ගියත් රස්සාවල් ලැබේ.කම්කරැවන්ට මහපාරය.ඒත් හිඟාකෑම තහනම්ය.කන්න ටික හොයා ගන්න මහළු අය කලයුත්තේ කුමක්දැයි සිතූපැතූ සම්පත් දෙන කප්රක වැනි පාර්ලිමේන්තුවේ සිටින පින්කාර මහළු උතුමන්ලාවත් පහදා දෙත්වා!

සැමටම වියපත් වනවිට ජීවත් වන්නට ජීවනාධාරයක් ලබාදිය නොහැකිද ? මෙන්න විසඳුම-

 එය පහසුවෙන් කළ හැකිය. පළමුවෙන් මාපිය දුදරැ රක්ෂාවරණය නමින් පොදු අරමුදලක් පිහිටුවන්න. එය ජනතාවගේ ද ව්‍යාපාර හිමියන් ගෙන්ද සමිති සමාගම් කොන්ත්‍රාත් කරැවන් විදෙස් ආයෝජකයන් ආනයන අපනයන කරැවන් ආහාර නොවන ද්‍රව්‍ය නිෂ්පාදකයන් දෙස් විදෙස් බංකු ආදී සියල්ලන් ගෙන්ම පරිත්‍යාගයෙන් නිශ්චිතවු අරමුදලක් පිහිටුවන්න.එයට රාජ්‍ය සමාගම් ව්‍යාපාර හා විශ්‍රාම වැටුප් ලබන සියල්ලන් ගෙන්ම මාසිකව රැපියල් 50 ක පමනවු අනිවාර්්‍ය මුදලක් ලබා ගන්න.එසේම විශ්‍රාමය  අහිමි සේවකයන් ගෙන් එයට වයස 70 දී ලබාදෙන ජීවනාධාරයට දායක කර ගනිමින් ගෙවන ජීවනාධාරයට අනුකූලවන පරිදි වඅටුපෙන් මුදල් අයනර ගන්න. මෙය ජීවනාධාර අරමුදලක් වන බැවින් විශ්‍රාම වැටුප් නීතියට අයත් නොවේ.(විස්තර පසුව)

මන්ත්‍රිලාට වසර හතරහමාරෙන්ද රාජ්‍යසේවකයනට එසර දහයෙන්ද විශ්‍රාමවැටුපක් ලබාදෙන අයුරින්ම රැකියා ඇතිනැති වයස 30 ඉක්මවු සැවොම -මාපිය දුදරැ රක්ෂාවරණය නම්වු සමාජමය අරමුදලට දායක වියයුතුය. ඒ සියල්ලන්ම වසර දහයක්  මාසිකව යම්වු නිශ්චිතවු මුදලක් තැන්පත් කර විශ්‍රාමවැටුපක් ලබාගන්නට කටයුතු කළ යුතුය. එයට දායක නොවන කිසිවෙකුට කිසිදු හේතුවක් මත වියපත් දිවියේදී ජීවනාධාරයක් අත් නොවන බවට නීති පැනවිය යුතුය. අර්ථසාධක අරමුදලට දායක වුවන්ටද එයට දායක වන්නට ඉඩ සැලසිය යුතුය.

එවිට 1947 සිටම 2020 වනතුරැ පාලනයට එක්වු කාටත් අමතක වු වියපත් අසරනයන්ට ජීවනාධාර ලබාදීමේ උතුම් කාර්යය සාර්ථකව ක්‍රියාත්මක කරවිය හැකිය. අසරනයන් නැති වුවහොත් කව්රැ  රවටමින් බලය ගන්නදැයි සිතමින් රටේ ජනතාව රැවටු  දේශපාළකයන්ටද බලය ලබන්නට අළුත් මාර්ගයන් සොයන්නට සිදුවනු ඇත. වියපත්  දීමනාවක් ලබාදෙන්නට ක්‍රමවත්වු හරවත්වු හා නීතිමය පාළනයක් සහිතවු මාර්ගයක් තිබිය යුතුය.එය මාපිය දුදරැ රක්ෂාවරනය නම්වු අරමුදලින් ඉටුවනු ඇත.එය  පිහිටුවා විශ්‍රාමිකයන් ගෙන් හා රැකියා ඇතිනැති කවුරැත් හවුල් කරගෙන සිදුකරන අයුරැ අප මෙම ලිපියෙන් ආණ්ඩුවටත් විපක්ෂයටත් ජනතාවටත් පෙන්වා දෙන්නෙමු.

වියපතුනට හා අසරන වන දුදරැවනටද ජීවනාධාරයක් ලබාදෙන මග කුමක්ද ?

අප ඉදිරිපත් කල මාපිය-දුදරැ රක්ෂාවරණය නම්වු ක්‍රමවේදය එයට වර්තමානයේ ඇති ‍සුදුසුම පිලිවෙතයි.එයද සාමාන්‍ය විශ්‍රාම වැටුප මෙන්ම තමන් විසින්ම මුදලක් තැන්පත් කරමින් තම වියපත් දිවිය දුදරැවනට සමාජයට හා රජයට බරක් නොවී යහපත් දිවියක් ගෙවන්නට ඇති උචිතම ක්‍රියාමාර්ගයද වෙයි.එසේම එයට වයස 70 වනතුරම වුවද ගෙවමින් තමන් ලබන ජීවනාධාරය වැඩිකර ගන්නටද අවස්ථාව ඇති ක්‍රියාමාර්ගයද වෙයි.වයස 30න් අරඹන මෙම සාමාජිකත්වය වසර දහයෙන් අවසන් නොකර වයස 70 වනතුරැම පවත්වා ගෙන යන අයෙකුට වසර 40ක කාළයක  අඛණ්ඩ සාමාජිකත්වය මත ලබාගත හැකි ජීවනාධාරයද වැඩිවෙයි.එයට සමගාමීව නිවාසණය,රැකියා ණය ආදිය ලබා ගන්නටද අවස්ථාව ලබාදිය හැකිය.

එනමුදු වයස 70 සම්පුර්ණවු හෝ කාළය කෙටිවු අය පිළිබඳව ගැටළුවක් මතු වෙයි.වර්තමාන තත්වය මත එයටද  පිලියම් යෙදිය හැකිය.එනම් පළමුවැන්න නම් මාපියදුදරැ රක්ෂාවරණය නම්වු සමාජමය අරමුදලට දිවයිනේ ඇති සියළුම ආයතන වෙළඳසැල් සමාගම් ගාමනට් ආදියෙන් එම අරමුදල පිහිටුවන්නට අවශ්‍ය මුදල් පරිත්‍යාගයන් ලබා ගැනීමයි.එසේම මෙය සමාජයේ වෙසෙන මාපියන් අහිමිවු දුදරැවනට හා අසරනව මහවවියේ පසුවන්නන්ට ජීවනාධාර ලබාදෙන පුන්‍ය කටයුත්තක් ඉටුකරන අරමුදලක් බැවින්ද තමපියා මව වැනි වුවන්ට පිහිටවන්නක් බැවින්ද එයට දායකත්වය රාජ්‍ය මණ්ඩල සංස්ථා වතු ගාමන්ට් හා පුදගලික ආයතන සේවකයන් ගෙන්ද විශාමවැටුපක් ලබන්නන්ගෙන්ද මාසිකව රැපියල් 50 වැටුපෙන් අඩුකර මෙම අරමුදල ශක්තිමත්ව පවත්වා ගෙන යා හැකිය.මාපියන් නැතිව ඔපපාතිකව මිනිසුන් බිහිනොවන බැවින්  හැමටම  මෙයට දායකත්වය හා ආධාර ලබාදීමට විරැද්ධ විය නොහැකිය.

නීතිමය තත්වය - ඉතාමත්ම වැදගත්වු නීතිමය තත්වයක් තුල මනාලෙස පාළනය  වන රටාවක් සහිතව මෙය ක්‍රියාත්මක විය යුතුය.මෙම මාපිය දුදරැ රක්ෂාවරණයට දායක නොවන කිසිවෙකුට වෙනත් කුමණ හෝ ජීවනාධාරයක් ලබාගැන්මට අවස්ථාවද අහිමි කල යුතුය.

වත්මන් වියපතුනට ජීවනාධාරය ලබාදිය යුත්තේ කෙසේද ? ඔවුනගෙන් කුමන හෝ සේවයක් රටට ලබාගත නොහැකිද ?  වර්තමානයේ 70 පිරි වියපතුනටද එම අරමුදලේ තත්වය මත හා එයට මුදල් පරිත්‍යාග කරන්නන්ගේ සහය මත ජීවනාධාර මුදලක් තීරනය කල හැකිය.එසේම ආධාර මුදලක් වෙනුවට මාසිකව ආහාර මල්ලක් ( සහල් සීනිතේකුඩු-තුනපහපරිප්පු කඩල වැනි මස්මාළු කරවල වලින් තොරවු ) ලබාදීමද විශේෂිතවු වෛද්‍ය ප්‍රතිකාර කාර්ඩ්පතක් මගින් ඕනෑම පුද්ගලික හෝ රාජ්‍ය ආයතනයකින් ගෙවීමකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදිය හැකිය.(එලෙස ක්‍රියාත්මක වනවිට වර්තමානයේ ගෙවන 2000 දීමනාව වහාම අත්හිටුවා ඒ සුදුසු අයටද ආහාර මල්ල ලබාදීමට පියවර ගත යුතුය.එසේම ස්වයං රැකියාවක යෙදෙන්නට කැමැත්තවුන් හට දීමනාව ,ආහාරමල්ල වෙනුවට එයට අවශ්‍ය උපකරන ආධාර ලබාදිය හැකිය

වත්මන් වියපතුනගේ අයදුම් පත්‍රය මෙලෙස සැකසුවොත්  ?

1)      නම -                                             2) උපන්දිනය                                    3) ග්‍රාමසේවා වසම ---ඔබ විවාහකද              දරැවන් සංඛ්‍යාව                      ඔබ යෙදුන රැකියාවන්               ඔබසතු ගොඩ ඉඩම් හා මඩ ඉඩම් පුමාණය         ඔබසතු වාහන           ඔබසතු ව්‍යාපාර           ඔබසතු බැංකු වත්කම්         වර්තමානයේ ඔබ ජීවත්වන ආකාරය        ෂබ ජීවනාධාරයක් ඉල්ලන්නට හේතුව

ඔබ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්ද   ඔබට කිසියම්වු ස්වයං රකියාවක යෙදෙන්නට පහසුකම්  අවශ්‍ය වේද.  එය කුමක්ද     අවශ්‍ය ආධාර මොනවාද

මා සතුව රැපියල් 5000 කට වඩාවු පුදල් තැන්පතුවක් නොමැති බවද මම මත් ද්‍රව්‍ය භාවිතා නොකරන බවද යම්වු කරැනක් අසත්‍ය බවට හෙලිවුවහොත් මට නීතියෙන් දඩුවම් ලබෙන බවද මම හොඳින් තේරැම් ගත්බවද මෙයින් සහතික කරමි.

 

ජනපතිඋතුමානෙනි,අගමැතිතුොනෙනි,රජයේ මැතිඇමතිතමානෙනි විපක්ෂයේ උතුමනි, නිවන් මග අතහැර දේශපාලනයට එක්වු උතුමනි,අප කිසිවෙකුත් විදෙස් රටවල රටවැසි භාවය ලබා රටින් පිටව යන්නන් නොවන බැවින් ජීවිතයම දුකක් නැතිව අනනුට අතනොපා ජීවත් විය යුතුය.අපගේ මහළුවිය දරැවනට සමාජයට හෝ රටටද බරක් නොවිය යුතුය.එහෙයින් අවසන් කාළය නොහොත් මහළුවිය සිත සැනසීමෙන් දහමට අනුකූලව ගෙවන්නට මග හදාගත යුතුය.ඒනිසා මහින්ද මහත්තයා ලබාදුන් 2000 හේ දීමනාව වියපත් සියල්ලන් සනසන මාපිය දුදරැ රක්ෂාවරනයේ සෙවනට පත්කරන්නට ඔබසැම සහය වෙත්වායි අප ප්‍රාර්ථනය කරන්නෙමු.ස්තුතියි

ගරැ ලේකම්තුමනි. මාමෙය අපරට පාළක උතුමන්ලා වෙත ඉදිරිපත් කරනුයේ ජනතාව දක්වන අදහස් හා ඔවුනගේ දුක්බර දිවියට සහනයක් ලබා දෙන්නට අප උතුමන් දැනුවත් කරන්නටය.එසේම මම ලිපිය විවෟත එකකි.එය අන්තර්ජාලය හා දෙස්විදෙස් පුවත්පත් වලටද යොමු කරන බැවින් රහස් ලිපියක්ද නොවේ.ඔබතුමන් මෙය එතුමන් වෙත ඉදිරපත් කර එතුමන්ගේ අවධානයට යොමු කරන්නේ නම් ඉමහත් පිනක් අත්වනු ඇත.මෙය ලදබව මාවෙත දන්වන් මෙන්ද මම ඉල්ලමි.ස්තුතියි.