Powered By Blogger

Sunday, December 31, 2017


ඉස්සරහ වහගත්තට පස්ස එලියෙ නං ඒකෙ පලක් නෑනේ මොකද පස්සෙ සයිස් එක බලපුවම ඔක්කොම කියතෑකිනේ


දැන් අපේ රටේ දුප්පත්තු-දුගිකම නෑ

  වත්මන් ජනාධිපතිවරයා 2017 දුගීකම අවශන් කරන වසර ලෙස නම්කල බව ඔබට මතක නැත්නම් පුස්තකාලයකට ගොස් පරන පත්තර තොගයම පෙරලා බලන්න.  ජන2017 ඉවරයි ! එහි උදාන-ග්‍රාමශක්තී-ගැන ලියවුන ඒවාත් කියවන්න.මේවා ප්‍රකාශ කල අය මහළු වන තුරැම බලයට පත්කලේ ඔබම නම් කම්පාවන්න එපා. සතුටුවන්න.ඒ ඔබම දුන් චන්දය එලොවටද මෙලොවටද කරගත් මහා පුන්‍ය කර්මයක් වන්නේ. අද ශ්‍රී ලංකාවේ දිළින්දන් බේතකටවත් සොයා ගන් නට නොමැති බැවිනි....
හාල්පොත පෙන්නා දුගියන්-සාමාන්‍ය ජනතාව රැවැටු දේශපාලකයන් ඉන්පසු ජනසවිය-සමුර්ද්ධිය-පෙරලා ගෙන ජනඋදානයට ගියේ පක්ෂ භේදය නොතකා අසරන අපට පිහිට වෙතැයි අපේක්ෂා කල අසරන සාමාන්‍ය ජනතාව මුලා කරමින් ඔවුනගේ චන්දය බොරැවෙන් මුලාකර ලබාගනිමින් බව අප අළුතෙන් සිහිපත් කලයුතු නැත.
කොහම වෙතත් යුද්ධය අවශන් කලපසු එය කලහැටි ඉගෙන ගන්නට සමහර රටවල් උනන්දු වුවා සේම දිළිදුකම නැතිකල හැටි ඉගෙන ගන්නට අනෙක් රටවල අයටද අද අපේ ආණ්ඩුවේ ඇත්තන් හමුවන්නට කලවෙලාව පැමින තිබේ.ගුරැමුෂ්ටිය තියා නොගෙනම සියල්ලම අනෙක් රටවලට කියා දෙන්නට වත්මන් පාළකයන් මැලි නොවන නිසා ඒ ගැන අහ ගන්නට ඒ රට රාජ්‍යවල අයටද අතින් වියදම් කරගෙන හෝ වත්මන් පාළකයන් ගෙන්වා ගන්නැයි අප මෙයින් ආරාධනය කරන්නෙමු.
කොහමද  මේ විශ්වකර්ම වැඩේ කලේ  ?
ඉස්සර වෙලා කලේ නැතිබැරි මැතිඇමතිවරැ ඇත්තන් කරන එකය
ඉතිහාසය භුගෝලය වගෙම රට රාජ්‍යවල ගොස් සැප විදින හැටි කියාදීමය
මහපොළව නොපාගා ගෙදරට යන්නට කොන්ක්‍රීට් දමා දීමය
රෑට බල්ලන්වත් නොයන ගොඩේ පාරවලට ලයිට් දැමීමය
වැඩි ආදායම් එන වරාය තෙල්ටැංකි බද්දට දැමීමය
අනවශ්‍ය ගමන් යාම වලක්වන්නට බස්ගාස්තු ඉහල යැවීමය
ලෙඩ හදාගන්න එක වලක්වන්නට බෙහෙත් මිල නැංවීමය
ඩෙංගු-වකුගඩු වලට අපුරැ ප්‍රතිකර්ම යෙදීමය
තියන එකාට සුරැස් ගාල යන්න අධිවේග හැදීමය
රටටම පේන්න ගම්ශක්ති ජනඋදාන ඇරඹීමය
තෙල වැඩිවන පොළයත් බඩ මහත් වෙන හාළුත් ඉහල යැවීමය
ගෙවල හදනවාට වැලි-බඩු-කුලිය ඉහලටම යැවීමය
දුප්පතෙකු සිදුවන අසාධාරන දුක්ගැනවිලි ජනපති අගමැති ඇමති කාර්යාල වලට යැව්වාම නියෝග දෙනවා වෙනුවට ලියුම් තෝරා හරවා යවන තැපල් නොවන තැපල් කාර්යාල බවට එම කාර්යාල පත්කිරිමය
29/12/2017 මේ පුවත බලන්න රටක් දියුනු වනවා කියන්නේ පඩිය වැඩි කිරිම පාරවල් වැඩි කිරිම තට්ටු මාලිගා තැනිම නොවුනද මුනත් තහඩුව දාලා බෝඩ් ගහලා අපේ වැඩ මෙන්න කියන  උන්නැහැලාට චන්දෙ දිපු අපේ ඔළුවෙ ඇත්තේ මැටිදැයි හිතා බලන්නට කාළය එළඹ තිබේ.

ඉහත කරැනු ගැන විස්තර පහත දක්වන්නේ 2018 පෙබරවාරි චන්දයටවත් ඔළුගෙඩිය හරියට පාවිච්චි කරන්න මතක් කරන්නම ඕනෑ නිසාය.....වෙනසක් පතපු අපිවගෙ මෝඩයන්ට ආයිත් ඇත්ත තේරැම් ගන්නටය. ඒකත් කියවලාම බලන්නකෝ   ???




Wednesday, December 13, 2017

Read this letter and tell me how i am do ? that is our sri lanka government is help to poor man for his owner Jobs ? are you like to it and are you help to them ?


Sunday, September 17, 2017

මැය කියන දෙයට සවන් දෙන්න-විවාහ දෙකක් කරගත් සැමියා නිසා ැදවැනි විවාහයේ දරැවන්ට පියාගේ ධනය අහිමිද? ආණ්ඩුවේ ඇත්තනි මෙය ඔබගේ අවධානයටයි(වෙනස් විය යුතු නීති 55 ) අපරට යන මග වෙනස් කරන්න ජනපතිතුමනි අගමැතිතුමනි !

කියවන්න-බලන්න අහන්න වීඩියෝවෙන්-


ගරැ ආරක්ෂක ලේකම්තුමා සහ සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙතටයි                                        ආරක්ෂක අමාත්‍යංශය- කොළඹ
ගරැ ආරක්ෂක ලේකම්තුමනි
ඔබතුමන් වෙත සි.ආ.අ.ජනරාල්තුමන් විසින් යොමු කරන ලද  සිඅදෙ/05/08/01/08/2017(40)-2017.08.24 ලිපියේ පිටපතක් මාවෙතද එවා ඇත.එහි m.m.d චිත්‍රාකාන්ති සහ o.w.s. මල්තාන්ති වන මමද කැවා පරීක්ෂනයක් පැවැත්වු  බව සත්ත්‍යයකි. මා පුකාශ කලේ එම පරීක්ෂනයේදී මාවෙත සාධාරනවු සහනයක් නොලැබුන බවද මගේ අදහස් ප්‍රකාශ කරන්නට හා ඉල්ලීම් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා නොදුන් බව හා ඒ අනුව මට සාධාරනවු සහනයක් අත්නොවු බවය.පහත කරැනු දක්වමි.  
(1)    එම පරීක්ෂනය පැවැත්වුයේ පිරිස්පාලන අධ්‍යක්ෂක තුමන් විසින් 26.07.2017 වන දින වන අතර එතුමාගේ පරීක්ෂනයේදීවත් මා ඉදිරිපත් කල ලිපි ලේඛන පරීක්ෂා කලේවත් ඒවා ගැන අවධානය යොමු කලේවත් නැත.
(2)    වයස 6ක්වු  දරැවන් ගේ ජාතක පියා වන්නේ මියගිය සැමියාය.මව කවුරැන් වුවද පියෙකුගේ දරැවන්ට එම පියා සතු සියල්ල බෙදී යායුතුය.පිතෟ හිමිකම  මත ඒවායේ නිතියානුකුල හිමිකම දරැවාට හිමිබැවින් සහනයක් හිමි විය යුතුය.
(3)   ගැහැනු දරැවන් විවාහ වනතුරැම ජීවත්වන්නේ දෙමාපියන් ගෙනි. ඒ නිසා දරැවන් ගේ නඩත්තුවට මුදලක් ලබාදීමට කටයුතු කල යුත්තේ ආයතනයයි.එය එම මුල් බිරියට වටහා දි සහනයක් ලබාදිමට කටයුතු කලේ නැත.
(4)   සම්පුර්න විශාම වැටුපද ලක්ෂ ගනනක වන්දියද ඇයට ලබාදුන් විට  කුඩා දරැවන් නඩත්තු කරමින් මම ජිවත් වන්නේ කෙසේදැයි සොයා බලා එයට සුදුසු ක්‍රමයක් සැලසීමට කටයුතු කිරිම අියතනයේ වගකීමක් නොවන්නේද ?
(5)   එසේම සැමියා සතු සියල්ල ඇයට හිමිනම් සැමියා ලංකා බැංකුවෙන් ලබාගත් ලක්ෂ 05ක ණයමුදල ගෙවන්නට උපදෙස් නොදෙන්නේ ඇයි? වසර 11ක් ඔහු වෙනුවෙන් කිසිවකි නොකර නඩත්තු ගත්තා  සේම ඔහු නිසා ලබන වැටුපෙන් මගේ දරැවන් නඩත්තු කරන්නට මුදලක් ලබාදීමට ඇයට උපදෙස් නොදීම සාධාරනයක් ඉටු කිරිමක් වන්නේද?  සියල්ල අනිකෙකුට ලබාදී මට ණයත් දරැවන් නඩත්තුවත් කරන්නට ඉඩහැරීම සාධාරනයක්ද?
(6)   චිත්‍රාකාන්ති මෙහි පදිංචි කාරියක් නොවේ.ඇය ඉදිරිපත් කල සහතික ඒ අනුව සත්‍යදැයි සොයා බැළුවේද නැත.සැමියා ඇගේ ගම පදිංචි කරැවෙකැයි ඔප්පු කිරීමටද ඇයට සාක්ෂි නැත.ග්‍රාම සහතිකය හා සමාදාන සහතිකයද අසත්‍යම වේ
(7)   චිත්‍රාකාන්තිට මාසිකව නබත්තු ලෙස රැ 5000 ක් ගෙවා ඇති අතර අත්තනගල්ල මල්වත්ත උසාවියේ දික්කසාද නඩුවක් පවරා තිබු අතර එම ලියවිලිද පරීක්ෂා කලේ නැත.
(8)   ජානක නැමැත්තා මට කල තර්ජනයද; මා ඉදිරිපත් කල කරැනු විභාග කොට නොබැලීම මගින් සාධාරනවු තීන්දුවක් ගත් බවට කරන පුකාශය නිවැරිදිද  යන්න  යලිත් සිතා බලනු මැනවි.
(9)   එම දරැවන්  සැමියාගේම දරැවන්දැයි පරීක්ෂෘ කිරීම මගින් සත්‍යය හෙලිවනු ඇත එසේම සැමියාගේ සහතික කල හිමිකම් පැවරැම් ලේඛන බල රහිතදැයි ‍ පරීක්ෂා කරන ලෙසද ඉල්ලමි.
(10)                       338 ගල්ගමුව ග්‍රාම නිලධාරි ගෙන්වා එම සහතික සහතික කලේ කෙසේදැයි පරීක්ෂා කරන මෙන්ද ඉල්ලමි.එසේම මා ඉදිරිපත් කල කරැනුවල සත්‍යතාවය පරීක්ෂා කර බැලීමට නැවත නියෝගයක් කරනු මෙන්ද ඉල්ලා සිටින්නෙමි
(11)                       අැය ඉදිරිපත් කල සහතික අසත්‍ය බවටද: දික්කසාද  නඩුවක් හා නඩත්තු මුදල්  බාගත් බවටද:විවාහ දිවියක් ගත නොකල බවටද:දරැවන් ගේ පිතෟත්වය ගැනද මම ඉදිරිපත් කල කරැනු අධිකරනය මගින් නිරාකරනය කර නොගෙන චිත්‍රාකාන්ති නැමැත්තියට සියල්ලම ලබාදීම අසාධාරනවු අයුතු සහගතවු තීරනයක් බව මම ප්‍රකාශ කරමි.භාර්යාවන් දෙදෙනෙකු හිමිකම් ඉල්ලු විට හා  විරැද්ධව කරැනු දැක්වු විට එහි තීරනය අධිකරනය මගින් ලබා නොගැනීමද අසාධාරනයකි.සුදුසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරිමට ඔබතුමා පියවර ගනිතැයි මම විශ්වාශ කරමි
කෙසේ වුවද මට දැන් දරැවන්ට මවකගේ මෙන්ම පියෙකුගේ යුතුකම්ද ඉටු කරන්නට සිදුව ඇති බැවින් හා දරැවන් නඩත්තු කිරිමටද මාර්ගයක් නොමැති බැවින් සහනයක් ලෙස සිවිලි ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සුදුසු රැකියාවක්  ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් එයද සහනයකි. ඒසහා  මම අයදුම්පතක්ද  මේ සමග ඉදිරිපත් කරමි

                                                                                                            ස්තුතියි--මෙයට-අසරනවු
මල්කාන්ති    O.W.S

77.ගල්ගමුව.කුඹල්ඔළුව.වේයන්ගොඩ  / 08’09.2017

අපි රටටත් රජයටත් ලෙන්ගතුයි-වේලන්කා නිව්ස්-අපට පෙනෙන ඇත්ත අපි කියමු-





Thursday, August 31, 2017



චන්දෙ ඉස්සරහදි නොතිය බෑමනෙ-තුන් වේලම කන උනිගෙ චන්දෙ ගන්නත් එපායැ.මදුරැවො බෝ කරන පුරන් කුඹුරැ අස්සද්න්න වෙලට පලයල්ලා කියල තරහ කරගෙන චන්දෙ කඩා ගන්නත් බෑනේ..අනේ ඇත්තට හාල් රට පටෝපු ලංකාව අද රටින් හාල් ගෙන්නන ඉල්ලන් කන රටක් කරලා.ඕව කරන්න පස්සෙ බැරියැ.නේද? තව අළුතෙන් ව්‍යවස්ටා හදහද රටින්ම ගෙනල්ල කමු ආයිබෝන්
 හරි ෂෝක් බද්දෙන් ගැලවෙන්න කියාපු මග අනික බදු මොටද තව විකුනන්න කොච්චර දේවල් තියනවද? මලා අපි යකඩෙ රත් කලාට තලන්න දන්නෑනෙ. උන්ට නොදිත් බෑ මුන්ට නොදිත් බෑ හැබැයි රත් කරපු යකඩෙ චන්දෙදි අපට ලං කරන්ඩ එපා.රස්සාවකට ස්වයං රැකියා ණය ආධාර  ගන්න අයගෙනුත් ආදායම් සහතිකේට බර ගානක් කපල තියෙන සමුර්දියත් කපල නෙ අපි ඔයාලට උදව් කරන්නෙ...නේ   ද....
ඕව විකුනල හරි අයවැය හදාගන්න එපයැ. නේද ? තමුසෙල කියයි කරන අපිනෙ දන්නෙ අමාරැව- වං ගෙඩි බද්දෙන්ම පටන් ගත්තොත්-අයවැය කජ්ජක්ද? අනෙක රටේ තියන හැමදේම විකුනලා රට යමු කමු බොමු- ෂුවර් එකට චන්දෙ පරදිනවමනෙත ඉතින් ඉන්න ටිකේ ජොලියෙ ඉම්මු නේද? බන කියනවද ඕයි ඕව බේරෙන කොට අපි වලදාපු තැනුත් නෑනෙ. අනික ඔව විදවන්නෙ තාම ඉපදිලත් නැති උන් නොවැ නේද? අපි ව්‍යවස්තාව හදහද එලෝනකං රජසැප විදිමු      චා   න්  !

වෙනීස් කලයුතු නීතී 55 කියවන්න-maylanka-මම ජනපති වුනොත් ලිපිය පලන්න

Monday, August 28, 2017

බලන්න-කියවන්න-අහන්න-මේකද ශ්‍රී ලංකා නීතිය?බලය රකින නීති නොවෙයි-රට රකින-සදාචාරය රකින-සාරධර්ම රකින-නීති හදන්න-මෙන්න උපදේශකයන්ටත් නොතේරෙන අයුක්ති සහගත නීති 55 න්  එකක් 1

ශ්‍රී  ලංකාව මහජන චන්දයෙන් මහජනතාවගේ කැමැත්ත පරිදි පාළකයන් පත් කරන ක්‍රමවේදය ඇරඹුවේ රජදවස පටන් බවත් එය චන්දයට පරිවර්තනය වුයේ 1948 සිට බවත් අප අසා ඇත්තෙමු.එපා එකා එලවන්නට එදාත් ජනතාව සටන් කලහ අදත් එය එසේමය.අප්පුවා රජවීම  එදා මෙන් අදත් වලංගු කියමනකි.අද ඕනැම අප්පුවෙකුට රජකම ගන්නට බැරි උනත් සාමාන්‍ය ජනතාව රවටන දක්ෂතාවය ඇති කාට වුවද රජකම මහලොකු කජ්ජක් නොවේ.දුගීබව සාගින්න අසරන බව හා රැවටිල්ල යන සියළු කරැනු වලට  නොලැබෙන දිය නොහැකි දේ දෙනබව කියා බලයට පත්වන සියල්ලන් ඉන්පසු තලන්නේද අරඅසරන සාමාන්‍ය ජනතාවමය. චන්දය ආසන්නයට එනවිට දහසක් පොරොන්දු දෙන මාජන නියෝජිතයන් නම්වු බැටළුහම පොරවා ගත් නරියන් බලය ලදපසු චන්දය දීපුඑකා පමනක් නොව ජනතාවම අමතක කරන බව 1948 සිට අද දක්වාවු චන්ද ඉතිහාසය මැනවින් පෙන්නුම් කරයි..ඔය කියන මාජන නියෝජිතයන් චන්දය අස්සේ දුන් තහඩු ටික පිංපඩිය සමුර්ධිය දිවිනැගුම ජනසවිය ඉන්පසු නොදෙන්නට කබනටි තීරන ගන්නේ අයවැය ඉහල පහල යන නිසා නොව රට සවාරි යන්නට සැපවාහන ගෙන්වන්නට මහජනතාව ගෙවන බද්ද ප්‍රමානවත් නොවන නිසා බව පත්තර ඇතුළු සියළු මාධ්‍ය අතෝරක් නැතිව පෙන්වා දුන්නද ඒ උතුමන්ලා ඒවා ගනන් ගන්නේද නැත.ඒ විතරක්ම නොවේ ඉන්පසු බලයේ ඉන්නට ජනතා අයිතීන්ද යට  ගහන බවත් බලය තහවුරැ කර ගන්නට නීතිරීති වෙනස් කරගන්නා බවත් අද ජනතාව තේරැම් ගෙන හමාර බවද මාජන නියෝජිතයන් දන්නේම නැත.
බලය වෙනස් කරන නිති හදන්නේ බලය රැක ගන්නට විනා ජනතාව දුගී බවින් මුදවා පින් රැස් කරගෙන දෙව්ලොව යන්නට නොවේ.පන්සල් පල්ලි කෝවිල් යන්නේ වදින්නේ ඒ ඒ ආගමික ජනතාව මුලා කරන්නට මිස පාපයට බිය නිසා නොවන බව කිය යුතු නැත. සුද්දන් ලන්දේසින් ප්‍රතිගිසින් පාලනය කරන විට තම පාලනයට සහය වන්නන්ට විශේෂ ප්‍රතිලාභ අත්වන ලෙස නිති සැකසුවේ පාලන හෙන්චයියලා තමන් වෙත රවා ගන්නටය. සාමාන්‍ය ජනතාවට හෙන ගැහුවත් තමන් සැප ලබන නිසාත් නාකි වුනාම නාකි මහළු දිමනාවක් ලබන නිසාත් ඔවුන් කවරදාවත් දුගියන් අසරනයන් ගැන කතා කරන්නේද නැත.එපමනක්ම නොවේ උපදේශක නම්වු තවත් ඇබිත්තයන් කොටසක්ද පත් කරගෙන මහජන මුදල කා දමන බවද  කිව යුත්තේ ඔවුන් රටතොට ඇවිද කල නොකල යුතුදැ සොයා නොබලා අනුන් ගේ අදහස් මං කොල්ල කා තමන් වැජඹෙන බව පෙනෙන නිසාමය. කවුරැන් හෝ උපදේශකයෙකු කවුරැ හරි මැති ඇමති කෙනෙකුට තමන් හොයාගත් පිලියමක් පෙන්වා දුන් බවක් ඉතිහාසයේ කොතනක හෝ ලියවි නැත.
ශ්‍රී ලංකාවේ වෙනස් කලයුතු නිති 55 ක් ඇති බව අප පෙන්වා දුන්නේ අද ඊයේ නොවේ.සාමාන්‍ය ජනතාව පෙලන පීඩාවට ලත් කරන මේ නිති මොනවාදැයි අදවනතරැ බලයට ආ පාළකයන් සොයා බැළුවේ නැත.හැමදාටම එකම නිතිය සාධාරන වන්නේද නැත. එයද කාලයට දේශයට අනුව වෙනස් කල යුතුමය.යම් රටක ක්‍රියා කාරිත්වයට බාධා පමුනුවන සාමාන්‍ය ජනතාවට පීඩාවක් වන නීති සමුදාය යලි සැකසිය යුතුමය.එය ජන ජිවිතය යහපත් කිරීමට වැරදි මගින් ජනතාව ඉවත් කරවීමට හා යහපත් චාරිත්ත්‍රානුකුල දිවියක් ගෙවීමට මාර්ගය සැලසීමක්ද වනු ඇත.ජනදිවිය නිවැරිදි මගකට යොමු කරන නිති සමුදාය කාලානුරැපව වෙනස් නොකලහොත් රටේ සදාචාරය පිරිහී රටම පිරිහෙන බව අප  මෙයින් පෙන්වා දෙමු.
නිතිපොත තුල ඇති මෙම තිතියද සදාචාරය වනසන පවුල් අවුල් කරන එක නිතියකි.නිති 55 න් එකක්වන මෙම නිතිය නිසාවෙන් අනාත වන අසරන වන අම්මාවරැන් මේ ලක්බිම කොතරම්දැයි සොයා බලන්නට ජනපතිඅගමැතිඇමතිමැති උපදේශකයන්ට පුළුවන.රටේ තිතිය අනුව නොව වාර්ගික හෝ ආගමික නිතිය අනුව සමහරැනට විවාහ ැදකක් කර ගන්නට පුළුවන.ඉන් බිහිවන දරැවන් සුරක්ෂිත කරවිමට එම ආගමිකයන් නිති සකසා ඇත.එසේම බහු විවාහය වරදැකැයි අපරට නිතිය දක්වා ඇත.එහෙත් දඩුවම ලිහිල්ය.දරැවන් අනාය.අම්මාවරැන් ගේ දිනය-පුසුතනිවාඩු-අනාත දරැවන් සහාවු නිවාස ඇති රටක මෙවන් ප්‍රශ්න සහාද පිලියම් සකසා තිබිය යුතුමය.වරද නිති පොතේ නොව නිති හදන අය අතමය.

අනෙක් කරැන වන්නේ පැවරිමය.කිසියම් අයෙක් විශේෂයෙන් රාජ්‍ය සේවකයන් සේවයට බැ‍ෙන විට පැවරිමේ පත්‍රකාවක් ආයතනයට ඉදිරිපත් කරයි එය ඔහුගෙන් පසු හිමිකම පැවරිමක් සහාවු නිතිමය  බලපත්‍රයකි.එය වෙනස් කරන්නට ඉවත් කරන්නට හෝ අක්‍රය කරන්නට ආයතනයකට බලයක් නැත. එසේම පැවරැම් ලේඛන වෙනස් කරන්නට ඉවත් කරන්නට හැකි නම් සේවකයා ගෙන් එවන් සහතික කල ප්‍රකාශ ලබා ගැනීම විහිළුවක් නොවේද?එසේනම් මේ සිදුවීමට හේතුව කුමක්දැයි සොයා බලන්නට ඔබට අයිතියක් තිබේ.පලමුව කතාව කියවන්න.ඇගේ කටහඩින්ම කල කතාව අසන්න-වීඩියෝව බලන්න.
පිලියම-හැමටම සාධාරනයක් වන පිලියම අප පෙන්වා දෙමු.කවුරැන් හෝ බහු විවාහ කර ගන්නට හේතුපාදක වන කරැනු තිබේ.භාර්යාවගේ ගතිගුන නොමනා හැසිරීම.රෝගාබාධ.නොසලකා හැරීම වැනි කරැනු රැසක් හේතු විය හැකිය.අනෙක පිරිමියෙකු හෝ ගැහැනියක වෙනත් සම්බන්ධතාවයක පැටළුන විට ගහබැන ගෙන මරා ගන්නවාට වඩා සාමයෙන් ඉවත් වීම වරදක්ද නොවේ.එටහත් ඔවුන් දෙවන බිරියට තමන් විවාහ වු අයෙකැයි පවසන්නේද නැත.එය හෙලිවන විට දරැවන්ද බිහිවී හමාරය.ඒනිසා මේ තත්වය වලකාලමින් කාටත් සාධාරනවු  ක්‍රම වේදයක් නීතිගත කල යුතුය.

1)රාජ්‍ය සංස්ා මණ්ඩල සමාගම් වැනි හැම ආයතනයකම සේවකයන් ගෙන් අර්සාධකය-විශ්‍රාමය ඔහුගෙන් පසු පවරන පැවරීම් ලේඛනයට විවාහ ගනන-මුල් විවාහ තොරතුරැ-වෙන්වුයේ නම් එයට හේතු-නඩත්තු ගෙවන නොගෙවන බව-දරැවන් සංඛයාව හා නම්ගම් විස්තරද-දෙවන විවාහයේ එම සියළු විස්තරද ඇතුලත් කර- තම හිමිකම පවරන අයට  එසේ වැවරීමට හේතුවු කරැනුද ප්‍රකාශ කර සහතික කරවා ගත යුතුය.

2)  එවන් පැවරීමක් ලද අයට එම දීමනා වැටුප් ලබාදීමේදී අනෙකුත් විවාහයන් නිසා ලද දරැවන් ඇත්නම් හා සයස 18 ට අඩුනම් ඔවුනටද නඩත්තුව සහා සාධාරනවු මුදලක් එම වැටුපෙන් අඩුකර ලබා දීමට පියවර ගත යුතුය.පවරන ලද අයට විශ්‍රාමය හිමි වන්නේ සේවකයාගේ මරනයෙන් පසු බැවින් අන් දරැවන්හා බිරියනට තමඅයිතිය ඉල්ලීමට අවස්ාව හා කාලයක්ද ලබාදිය යුතුය.

3) ඉදිරිපත් කරන ලියකියවිලි  වල සත්‍යතාවය ඒවා නිකුත් කල නිලධාරීන් ගෙන් වෙනම පුකාශ ලබාගත යුතුය.එසේම විවාහ වී වෙන්ව ජීවත්වන අයටද නඩත්තු අය කරගනු ලබන අයටද විශ්‍රාම වැටුප හා දීමනා හිමි නොවන ලෙස නීති සැසිය යුතුය.මුල් විවාහයට පමනක් හිමිවන සේ දැනට ඇති නීතියද අහෝසි කල යුතුය.මෙමගින් සදාචාරාත්මක වු විවාහ දිවියක් ගෙවන්නට මෙන්ම අනාවු බිරියනි දරැවන් ඇතිවී අපරාධකරැවන් බිහිවීමට ඇති ඉඩකඩද වැලකී යනු ඇත.සමාජය යහපත් කරන්නට නම් කාලානුරෑපව හා සමාජය අනුව නීතිද වෙනස් විය යුතු බවට මෙය හොම සාක්ෂියක් නොවන් නේද?දුගීබව අසරන බව ඇතිවන හේතු වලකා නොදමන තුරැ ලංකාව පමනක් නොව ලෝකයෙන්ම දිලිුබව  තුරන් කල නොහැකි බව  අප අපගේ වෙනස් කල යුතු නීති 55 මගින් දිගටම පෙන්වා දෙන් නෙමු.දිලිු බව තුරන් කරන්නට වෙර දරන ලක් රජයේ පාළකයන්ට අපගේ උත්සාහය වැටහේවා
මල්කාන්ති ආරක්ෂක අමාත්‍යංශයට ඉදිරිපත් කල ආයචනය කියවා බලන්න.

ගරැ ආරක්ෂක අමාත්‍යතුමා වෙත.                                                                                                                                                                                                                                                                                                                                                                                      ආරක්ෂක ලේකම්තුමා මගින් .                                                                                                                                                                                                                                                                                                                                  ආරක්ෂක අමාත්‍යංශය -කොළඹ   .                                                                                                                                                                                                                                           
සැමියා සහතික කර ඉදිරිපත් කල ප්‍රකාශය අනුව මා වෙත පැවරෑ වැන්දඹු විශ්‍රාම වැටුප හා දීමනා ලබා ගැනීම හා එය වෙනත් කතකට ලබාදීමෙන් සිදුවු අසාධාරනයට සාධාරනයක් ලබා ගැනීම සඳහා පරීක්ෂනයක් පවත්වා මට පිහිට වන මෙන් ඉල්ලා සිටිමයි
ගරැ ආරක්ෂක ලේකම්තුමානෙනි.                         
  
මා විසින් මියගිය සැමියා වෙනුවෙන් ගෙවනු ලබන වැන්දඹු විශ්‍රාම වැටුප හා දීමනා ලබා ගැනීම සඳහා බම්බලපිටිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කල අතර 5 වතාවක් එහි ගොස් කරැනු දක්වා සහනයක් ඉල්ලා සිටියෙමි. අවශානයේ පිරිස් පාලන අධ්‍යක්ෂක තුමන් සීආදෙ/05/08/01/08(34)   ලිපිය මගින් මා කැඳවා 26.07.2017 කළ පරීක්ෂණය මා වෙහෙසට හා පීඩාවට මෙන්ම සමච්චලයට පත්කරවීමක් පමනක් වුවක් බවත් මා ඉදිරිපත් කල කරැනු සම්බන්ධව ‍විමසා බැලීමක් නොවු බවත් කණගාටුවෙන් සඳහන් කරමි.එම පරීක්ෂනය හොරාගෙ අම්මා ගෙන් පේන ඇසීමක් බවත් මම වටහා ගතිමි. එසේම සැමියා විසින් සහතික කර භාරදී ඇති අන්තිම කැමැත්ත සඳහන් ප්‍රකාශයක් වෙනස් කිරීමට ඉවත් කිරීමට නොහැකි බව නීතිඥමහතුන් පෙන්වා දී ඇති බැවින් අධිකරනයට ඉදිරිපත් නොකර සාධාරනයක් ලබා ගැනීම සඳහා මම මෙම අභියාචනය ගෞරවයෙන් ඔබතුමන් වෙතඉදිරිපත් කර සහනයක් පතන්නෙමි.එසේම මෙය බම්බලපිටිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරිම මගින් සහනයක් නොලැබෙන නිසා වෙනත් සුදුසු ආයතනයකට යොමුකර විභාග කිරිමට කටයුතු කරදෙන මෙන්ද ඉල්ලා සිටිමි.

මෙම පරීක්ෂණයේදී පහත හේතුන් දැනට ගෙන ඇති තීරන වෙනස් නොකිරීමට හා සහනයක් ලබා නොදීමට හේතුකාරකව ඇති බවද මම වටහා ගතිමි         (A) මගේ සැමියා වන N.P.J.P.කුමාර ඔහු සේවය කල අත්තනගල්ල අනු කලාප කාර්යාලයට භාරදුන් ඔහුගෙන් පසු වැන්දඹු දිමනා හා විශ්‍රාමවැටුපේ නීතියානුකුල හිමිකරැ ලෙස නම්කල පැවරීමේ ලිපිය ඉවත්කර වෙනත් පැවරීමක් ඇතුල් කර ඇතිබව මම දැන ගතිමි.එහි යොදා ඇති අත්සන හොර අත්සනක් වන්නේ සැමියා මියගොස් ඇති බැවිනි.ඔහුගේ පුද්ගලික ලිපිගොනුව සම්පුර්නයෙන් වෙනස් කර ඇතැයි මම සැක කරමි

(B) ම්බලපිටිය සිවිල් ආරක්ෂක කාර්යාලයේදී එහි සිටි මේජර් වජිර නැමැත්තා එහි නිලධාරීමහතුන් වෙත මට කිසිදු ප්‍රකාශයක් කරන්නට හෝ අදහස් දක්වන්නට අවස්ටාව හා අවසරය ලබා නොදී .සේරම දෙනනෙ චිත්‍රාරංජනිට වචනයක්වත් කතා කරන්න එපා යයි පවසා ය කතා නොකරන ලෙසට තර්ජනකල බවද දන්වා සිටිමි-එදින චිත්‍රාරංජනී නොහොත් චිත්‍රාකාන්තිද පැමින සිටි බවද සදහන් කරමි

(C)සැමියාගේ මරණය වෙනුවෙන්  රැ20000/-ක්මටද ආයතනය ගෙවන ලක්ෂ දහතුනහමාරෙන් 
මග්‍රේ බැංකු ගිණුමට ලක්ෂ එකහමාරක්ද දුවගේ නමට ලක්ෂ දෙකක්ද ලබාදී ඉතිරිය. චිත්‍රාරංජනී හෝ චත්‍රාකාන්ති නැමැත්තියට සැමියාගේ අවසන් කැමැත්තට විරැද්ධව එය නොතකා හැර හෝ වෙනස්කර ලක්ෂ10ක දීමනාවක් ලබාදී තිබිම හා  ආදාල ගෙවීමට පෙර මගේ විරැද්ධතාවය නොතකා පරීක්ෂනයක් නොපවත්වා හා ඇය ඉදිරිපත් කල ලියකියවිලි වල සත්‍යතාවය පරීක්ෂා නොකර එම ගෙවීම් සහතික කර තිබීම පිළිබඳවද පරීක්ෂා කරන මෙන් ඉල්ලමි.

(D) සැමියාගේ බිරිඳකැයි කියා සිටින ලක්ෂ10ක දීමනාවක් ලබාගත් ත්‍රිකුනාමලයේ කට්ටකුලම .ගෝවරන්කුලම පදිංචි බව කියන m.m.d.චිත්රාරංජනී හෝචිත්‍රාකාන්ති නැමැත්තිය ඔහුගේ විශ්රාම වැටුප ලබා ගැනීමට කටමුතු කර ඇත.මෙම කාන්තාව කිසිදු දිනක 338 ගල්ගමුව ගම පදිංචිව නොසිටි අතර මගේ සැමියාද එම ත්‍රිකුනාමලයේ කට්ටකුලම කාන්තාවගේ නිවසෙහි කිසි දිනක පදිංචිව සිට නැත එය ගෟහමුලික ලැයිස්තු සනාථ කරයි. සැමියාගේ රැකියාව හෝ එහි විස්තර ඇය නොදන්නා අතර එම විස්තර ඇයට ලබාදී ඇත්තේ ආයතනය මගින් බව ඇය සඳහන් කර ඇත.

1)   එම කාන්තාව සැමියා ගෙන් මාසිකව රැපියල් 5000 බැගින් ලබාගෙන ඇති අතර එය ගෙවා ඇත්තේ අංක21820019004845 දරන මහජන බැංකු ගිනුම මගින් බවද ආදාල රිසිට්පත් මගින් මම සහතිකවම සනාථ කරමි. මේ අනුව විවාහවුවා නම් එය නාම මාත්‍රික විවාහයක් වන බවද. ඔවුන් අතර විවාහ දිවියක් ගත කිරිමක් සිදුව නැති බවද මම විශ්වාශ කරමි මෙම මුදල් මාසිකව  ගෙවිමට සිදුවිම නිසා ඇයට එරෙහිව අත්තනගල්ල උසාවියේ නඩුවක් පවරා තිබු අතර එහිදි ඇය ඔහු මරන බවටද තර්ජනය කර තිබේ එසේම ඇය එදා සිට අද දක්වාම වසර 20ක පමන කාලයක් වෙනත් පුරැෂයෙකු සමග ජීවත් වන බවටද තොරතුරැ හෙලිව ඇත. මේ අනුව ඇගේ දරැවා මගේ සැමියා ගේ ජාතක දරැවෙකු ‍නොවිය හැකිය. 

2)    අංක338 ගල්ගමුව වැඩ බලන ග්‍රාම සේවක විසින් 11වසරක් සැමියා සමග එම ග්‍රාම සේවක වසමෙ අංක 77/1 ගෟහයේ විවාහක දිවියක් ගතකල මම ඉදිරිපත් කල ජාතික රක්ෂණභාර අරමුදල ඉල්ලුමිපත සහතික කිරිම ප්‍රතික්ෂේප කිරිමද මෙම වංචාවට සමිබන්ධ බැවින් පරීක්ෂනයක් ඉල්ලමි
මෙම සහතික කිරිම ප්‍රතික්ෂේප කර ඇත්තේ අංක338ඒ කැන්දලන්ද පල්ලෙවෙල(ප්‍රා ලේ කාර්යාලය-මීරිගම) ග්‍රාමසේවක වු එන් පි ධම්මප්‍රියන්ත නම්ී වු අයමය    

3)   අප ගමවන ගල්ගමුව වැඩ බලන ග්‍රාමසේවක නිළධාරි ලවා විශ්‍රාම වැටුප ලබා ගැනිම සදහා එම අයදුමි පත සහතික කරවා ගෙන ඇත.ගල්ගමුව ග්‍රාමසේවක වසමේ කිසි දිනක පදිංචි නොවු චිත්‍රාරංජනිට එම ලියවිලි සහතික කිරීම හා ඇයව කිසි දිනක දැක නැති ඔහු ඇය විවාහක බිරිද ලෙස සහතික කිරිම(338 ගල්ගමුව පදිංචියක් නැති හා  වෙනත් ගමක පදිංචි අයෙකු ගේ ලියවිලි සහතික කිරිමට නිතිමය බලයක් නැති) වැඩබලන ග්‍රාම සේවක ලෙස එන් පි ධමිම ප්‍රියන්ත නැමැත්තා කලේ කෙසේද යන්න ගැනද ‍පරික්ෂා කරන මෙන්ද ඉල්ලා සිටිමි.එසේම සමාදාන විනසුරැ ලවා සහතික කරවා ගත් ලියවිලිද සමිපුර්න අසත්‍ය ප්‍රකාශ බවද මගේ විශ්වාශයයි.මෙම කරැනු අනුව චිත්‍රාරංජනි නම්වු ඇය වැන්දඹු දීමනා හා විශ්‍රාම වැටුප ලබා ගැනීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති සියලු තොරතුරැ හා සහතික අසත්‍ය බවද මම විශ්වාශ කරමි

4)   එම කාන්තාවට සැමියාගේ පත්වමෟ ලිපි හා විස්තර මගෙන් ලබාගන්නා ලෙස උපදෙස් දී ඇත්තේද එම නිලධාරීන්ම විසිනි.                                          

(E) 26.07.2017 පරීක්ෂනය පැවැත්වු පිරිස් පාලන අධ්‍යක්ෂකතුමා එතුමා හොඳින් නීතිය දන්නා නිසා නඩු(අධිකරනයට) නොයන ලෙස තදින් අවවාද කර බහු විවාහයක් වුයේයැයි සැමියාට නඩු පැවරිය හැකි බවද පැවසීය.මෙය මගේ එකම විවාහයයි. මෙම කරැනු මත සනාථ වන්නේ වංචනික හා අසාධාරන ක්‍රියාවන් රැසක් සිදුව ඇති බවයි.ඉහත ලිපිනයෙහි පදිංචිව සිටි මගේ ස්වාමි පුරැෂයා වන නුගවෙලපතිරන්නැහැලාගේ ජානක ප්‍රියන්ත කුමාර යනඅය (හැ:අංක 693030790V-) හා සේවක අංක ටී 75905 යටතේ කටුනායක සිවිල් ආරක්ෂක බලකාය යටතේ අත්තනගල්ල අනු කලාප කාර්යාලය යටතේ ආරක්ෂක භටයෙකු ලෙස සේවය කරන අතරතුර රෝගීව 2017 ජනවාරි 23 දින මියගිය අතර අවසන් කටයුතු සදහා ආයතන සහයද ලැබිනි. 

A)ස්වාමිපුරැෂයා රැකියාව ලැබුයේ අප විවාහයෙන් පසුව වනඅතර ඔහු ගෙන් පසු ලැබෙන සියලුම දීමනා වල හිමිකරැ ලෙස මා නම්කර සහතික කලප්‍රකාශයක් ආයතනයට භාරදි ඇත.ඒඅනුව වැන්දඹු දිමනා හා විශ්‍රාමවැටුපේ නීතියානුකුල හිමිකරැ වන්නේද මා පමනකි.එහි ජායා පිටපත් මාසතුය.                  2)විවාහයෙන් පසු මියයනතුරැම අප එකමගෟහයක විවා දිවිය ගතකල අතර ඔහුගේ සියලු ලියකියවිලිද මා සතුය.

5)   එම විවාහය නිසා අපට වයස 6ක්වු 2010.10.01 උපත ලදඑන්.පී.රශ්මිචමිල්ශා දෙව්මිනි නම්වු දියනියකද සිටී   
එසේම සැමියා විසින් ලංකා බැංකුවෙන් ලබාගත් රැ: ලක්ෂ 5ක ණයමුදලද ආපසු ගෙවන්නට මට සිදුවීමද දරාගත නොහැකි පීඩාවකි
                
   වසර 11 ක් නීත්‍යානුකූලවු විවාහයක් ගෙවු මට  සැමියා සහතික කර ආයතනයට ඉදිරිපත් කල පැවරීමේ ලිඛිත ප්‍රකාශ වලට අනුව එම හිමිකම් මවෙත ලබා ගැනීම සදහා පිහිට වන මෙන් ඉල්ලා සිටින අතරම මේ පිලිබඳව පුර්න පරීක්ෂන විභාගයක් පවත්වන මෙන් ඔබතුමන් ගෙන් ඉල්ලා සිටිමි.                    
                                                                                            ස්තුතියි- මෙයට අසරන වැන්දඹුව වන
   ඕ.ඩබ්ලිව්.එස්.මල්කාන්ති                                                                                                                                                                      - 77 ගල්ගමුව.කුඹල්ඔලුව.වේයන්ගොඩ  28.07.2017                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  දැන් ඇගේ ප්‍රකාශය වීඩියෝවෙන් නරඹන්න-ඕඩියෝවෙන් අහන්න- තවත් සාක්ෂි අවශ්‍ය නම්-waylanka@gmail.com/helpuncle@gmail.com  දන්වන්න.වෙනස් කලයුතු නීති 55 ගැන කියවන්න- waylanka  /  maylanka    
අපි රටටත්- රජයටත් අත්වැලක්                                         



පියාගේ උරැමය දරැවනට නැති එකම රට මේකද?නඩත්තු ලබන ගැහැනියකට සැමියාගේ විශ්‍රාමය උරැමද? විවාහ දෙකක දරැවන්ට පියාගේ උරැමය අහිමිද?