Powered By Blogger

Sunday, December 31, 2017


ඉස්සරහ වහගත්තට පස්ස එලියෙ නං ඒකෙ පලක් නෑනේ මොකද පස්සෙ සයිස් එක බලපුවම ඔක්කොම කියතෑකිනේ


දැන් අපේ රටේ දුප්පත්තු-දුගිකම නෑ

  වත්මන් ජනාධිපතිවරයා 2017 දුගීකම අවශන් කරන වසර ලෙස නම්කල බව ඔබට මතක නැත්නම් පුස්තකාලයකට ගොස් පරන පත්තර තොගයම පෙරලා බලන්න.  ජන2017 ඉවරයි ! එහි උදාන-ග්‍රාමශක්තී-ගැන ලියවුන ඒවාත් කියවන්න.මේවා ප්‍රකාශ කල අය මහළු වන තුරැම බලයට පත්කලේ ඔබම නම් කම්පාවන්න එපා. සතුටුවන්න.ඒ ඔබම දුන් චන්දය එලොවටද මෙලොවටද කරගත් මහා පුන්‍ය කර්මයක් වන්නේ. අද ශ්‍රී ලංකාවේ දිළින්දන් බේතකටවත් සොයා ගන් නට නොමැති බැවිනි....
හාල්පොත පෙන්නා දුගියන්-සාමාන්‍ය ජනතාව රැවැටු දේශපාලකයන් ඉන්පසු ජනසවිය-සමුර්ද්ධිය-පෙරලා ගෙන ජනඋදානයට ගියේ පක්ෂ භේදය නොතකා අසරන අපට පිහිට වෙතැයි අපේක්ෂා කල අසරන සාමාන්‍ය ජනතාව මුලා කරමින් ඔවුනගේ චන්දය බොරැවෙන් මුලාකර ලබාගනිමින් බව අප අළුතෙන් සිහිපත් කලයුතු නැත.
කොහම වෙතත් යුද්ධය අවශන් කලපසු එය කලහැටි ඉගෙන ගන්නට සමහර රටවල් උනන්දු වුවා සේම දිළිදුකම නැතිකල හැටි ඉගෙන ගන්නට අනෙක් රටවල අයටද අද අපේ ආණ්ඩුවේ ඇත්තන් හමුවන්නට කලවෙලාව පැමින තිබේ.ගුරැමුෂ්ටිය තියා නොගෙනම සියල්ලම අනෙක් රටවලට කියා දෙන්නට වත්මන් පාළකයන් මැලි නොවන නිසා ඒ ගැන අහ ගන්නට ඒ රට රාජ්‍යවල අයටද අතින් වියදම් කරගෙන හෝ වත්මන් පාළකයන් ගෙන්වා ගන්නැයි අප මෙයින් ආරාධනය කරන්නෙමු.
කොහමද  මේ විශ්වකර්ම වැඩේ කලේ  ?
ඉස්සර වෙලා කලේ නැතිබැරි මැතිඇමතිවරැ ඇත්තන් කරන එකය
ඉතිහාසය භුගෝලය වගෙම රට රාජ්‍යවල ගොස් සැප විදින හැටි කියාදීමය
මහපොළව නොපාගා ගෙදරට යන්නට කොන්ක්‍රීට් දමා දීමය
රෑට බල්ලන්වත් නොයන ගොඩේ පාරවලට ලයිට් දැමීමය
වැඩි ආදායම් එන වරාය තෙල්ටැංකි බද්දට දැමීමය
අනවශ්‍ය ගමන් යාම වලක්වන්නට බස්ගාස්තු ඉහල යැවීමය
ලෙඩ හදාගන්න එක වලක්වන්නට බෙහෙත් මිල නැංවීමය
ඩෙංගු-වකුගඩු වලට අපුරැ ප්‍රතිකර්ම යෙදීමය
තියන එකාට සුරැස් ගාල යන්න අධිවේග හැදීමය
රටටම පේන්න ගම්ශක්ති ජනඋදාන ඇරඹීමය
තෙල වැඩිවන පොළයත් බඩ මහත් වෙන හාළුත් ඉහල යැවීමය
ගෙවල හදනවාට වැලි-බඩු-කුලිය ඉහලටම යැවීමය
දුප්පතෙකු සිදුවන අසාධාරන දුක්ගැනවිලි ජනපති අගමැති ඇමති කාර්යාල වලට යැව්වාම නියෝග දෙනවා වෙනුවට ලියුම් තෝරා හරවා යවන තැපල් නොවන තැපල් කාර්යාල බවට එම කාර්යාල පත්කිරිමය
29/12/2017 මේ පුවත බලන්න රටක් දියුනු වනවා කියන්නේ පඩිය වැඩි කිරිම පාරවල් වැඩි කිරිම තට්ටු මාලිගා තැනිම නොවුනද මුනත් තහඩුව දාලා බෝඩ් ගහලා අපේ වැඩ මෙන්න කියන  උන්නැහැලාට චන්දෙ දිපු අපේ ඔළුවෙ ඇත්තේ මැටිදැයි හිතා බලන්නට කාළය එළඹ තිබේ.

ඉහත කරැනු ගැන විස්තර පහත දක්වන්නේ 2018 පෙබරවාරි චන්දයටවත් ඔළුගෙඩිය හරියට පාවිච්චි කරන්න මතක් කරන්නම ඕනෑ නිසාය.....වෙනසක් පතපු අපිවගෙ මෝඩයන්ට ආයිත් ඇත්ත තේරැම් ගන්නටය. ඒකත් කියවලාම බලන්නකෝ   ???




Wednesday, December 13, 2017

Read this letter and tell me how i am do ? that is our sri lanka government is help to poor man for his owner Jobs ? are you like to it and are you help to them ?