Powered By Blogger

Sunday, September 12, 2021

අතිගරැ ජනාධිපතිතුමන් වෙත, එන්.ඒ.එල්.එස්.නිශ්ශංක- ලේකම් කාර්යාලය,කොළඹ. - 133,කුඹල්ඔළුව,වේයප්ගොඩ. - ි 2021.09.10 අසරනව සිටින මාහට ජීවනාධාරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටීමයි. අතිගරැ උතුමාණෙනි, ඉහත ලිපිනයෙහි පදිංචිව සිටින මා වයස 74 වියේ පසුවන දුබලවු ගතක් සේම විවිධවු රෝගාබාධයන් සහිතව, කිසිවෙකුගේ උපකාරයක් නොලබන අසරනයෙක් වෙමි.වයස් ගතවීමත් අබලදුබල තත්වයත් නිසා මට කුළීවැඩක්වත් කරගත නොහැකිව අනාථව පසුවෙමි.එසේම මාසතු දේපලක්ද නැත.ඇත්තේ චිත්ත ධෛර්්‍යය පමනකි.එසේම වසංගත සහනය ලෙස ලබාදුන් 5000 සහ 2000 මට ලබා නොදුන්නේ ඇයිද යන්න පරීක්ෂා කරබලන මෙන්ද ඉල්ලමි. එදාවේල ගතකර ගන්නටවත් ක්‍රමයක් මටනැත.හාල්ටික තුනපහ සීනි තේකොල නැතිව පීඩා විඳින දින ගනන් අපමනය.මම පදිංචිව සිටින්නේ නිවසක නොව නිවසට යාබදව තැනු කාමරයකය.උයාපිහා ගන්නේද මමමය.මේ සියල්ලම සත්‍යද යන්න පරීක්ෂා කරන විට පමනක් නොව අවට අයගෙන්ද දැනගත හැකිය.මේ තත්වයෙන් මා පීඩා විඳින්නේ වසර ගණනාවක සිටය. මගේ නම මෙහි ගෙවල ගෟහමුලිකයට ඇතුලත් කලද එය සත්‍යයක් නොවේ.එහි අයිතිය දරැවන්ටය.මම එහි සාමාජිකයෙකු නොවෙමි. නිවසට සම්බන්ධ නොවු කාමරයක මා ජීවත්වන බවත්, වෙනම ගෟහමුලිකයක් ලබාදෙන මෙන් මා ලිඛිතවම වසර කිහිපයක්ම ග්‍රාමනිළධාරිතුමියට දැන්වුවද තවමත් එය වෙනස්ව නැත. එසේම තවමත් මට වෙනම ගෟහමුලිකයක් ලැබී නැත. මා දරැවන්ගෙන් වෙන්ව හුදකලාව ජීවත් වන්නට තීරනය කලේ ඔවුනගේ දිවියට නිදහස දීමට මෙන්ම ඇතිවු අර්බුද සිත්තැවුල් වෙනස්කම් අවබෝධවු බැවිනි.තාත්තලා මව්වරැන් මෙන් දරැවනට ආසන්න නොවන්නේ හේතු සහිතවය.එය පොදුය. වසංගතය නිසා මා තවත් අසරනවිය. දරැවන් පමනක් නොව හිතවතුනද ඈත්වීම එයට හේතුවයි.මම කිසියම් මුදලක් උපයා ගන්නට ගමෙන් පිටවුවද යන නිසා දරැවන්ද ඔවුනගේ නිවෙස් වලට එනවාට කැමති නැත. ඒ රෝග තත්වය අප ගමද පැතිරැන බැවිනි. ඉන් සිදුවුයේ උපකාරයක් ලබන්නට මගක් නැතිවීමය.කෑම ටිකක් ඉල්ලා ගන්න නම් පුලන්නෙකු ලෙස වැට අද්දරට වී බලා සිටිය යුතුය.එය නලහැකි නොවේ. මම විවාහකයෙක්මි .දරැවන්ද සිටිති ඔවුන් සියල්ලන්ම විවාහකවුවන් සේම දරැවන් සිටින අයද වෙති.කොරෝනා වසංගතය ඇතිවු පසු මා තවත් අසරනවුයේ මමකුළිවැඩක් කරන්නට වෙනත් ගම්වලට යන නිසා දරැවන්ද බියපත්ව ඔවුනගේ නිවෙස් වලට එනවාටද අකමැතිවු බැවිනි. මෙයින් මට කෑම ටිකක්වත් ලබන මගද අවසන්විය.කෙසේ වුවත් මා දරැවන් ගෙන් යැපෙන්නට උත්සාහ දරන්නෙකුද නොවෙමි.එය ඔවුනට හිරිහැරයක් බව මට වැටහුන වාර අපමනය. කෙසේ වෙතත් මගේ දරැවන් දන්නේද මාතුපාදං ගාථාව පමනකැයි මම තේරැම්ගතිමි. අවාසනාවකට පිතුපාදං ගාථාව දන්නා අය සමාජයේ නැතැයි කීමට තරමටම සමාජය වෙනස්ව ඇති බැවින් මගේ දරැවනට දොස් පවරන්නටද මම අකමැත්තෙමි.කොපමන පීඩා වින්දත් එය සමාජීය පිලිවෙත නිසාම සිදුවන බව සිතමි.අතීතයේ මෙන් නොව වර්තමානයේ පවතින සමාජක්‍රමය නිසා වියපත්වු විට අසරන වන්නේම තාත්තලා මය. වසංගත සහනයක් ලෙස ලබාදුන් 5000 දීමනාවවත් 2000 දීමනාවවත් මට නොලැබිනි.වියපත් බවත් අසරන බවත් මගේ සැබෑ තත්වයත් ග්‍රාම නිළධාරි හා ප්‍රා.ලේකම් කාර්යාලයට දැන් වුවද තවමත් සහනයක් අත්වනැත. එයට හේතුව වුයේද කුමක්ද යන්න මම නොදනිමි. අද අසරනව වියපත්ව අනාථව සිටියද මම සමාජයට විශාල සෙතක් ඉටුකලෙමි. විවිධ අධ්‍යාපනික පොත්ද,පොදු විෂයන්ට ආදාලවද පොත් ලියුවෙමි.ගමේ පොදුවැඩද මුලිකත්වය ගෙන කලෙමි.රැකියාවල නිරතව සිටින කාළය පුරාම මම නිදහස් සේවක සංගමයේ ලේකම්වරයා වසර ලණනාවක් අඛණ්ඩව කටයුතු කලෙමි. රැකියා විරහිතවු කාළයේ පෙදරේරැ,වඩු, ජලනල හා විදුලි කාර්මිකයෙකු ලෙසද රැකියාවල නිරත වුයෙමි.එසේම අදද මම ගම්වල ජනතාවගේ ඉල්ලීම්,අඩුපාඩු,යෝජනා චෝදනාද වගකිව යුත්තන්ට ඉදිරිපත් කරන්නෙමි.බොහෝ ගම්මානවල මගේ මිතුරන් සිටින නිසාත් ඔවුනගේ ප්‍රශ්න පාළකයන්ට ඉදිරිපත් කිරීම අදද කරන්නෙමි.එය ඇරඹුනේ හාල්පොළු මිරිස් පොළු වලින් ජනතා පීඩාවිඳි කාලයේ සිටමය. 2000 හේ වියපත් දමනා ලබාදීමට එවකවු ජනපතිතුමන්ට යෝජනා ඉදිරිපත් කලේද කලේද මමමය. එහෙත් වයස 74 ක්ව තිබුනද එම සහනයවත් මට තවමත් ලැබී නැත.කිසියම්වු ජීවනාධාරයක් ලබාදෙන මෙන් මා ඉල්ලා සිටින්නේ ආහාර ටික ලබාගන්නට මගක් නැතිකම නිසාමය.මටද ඒසහනය ලැබෙන්නේ නම් තවත් බොහෝ දෙය කල හැකිය. ජනපතිතුමන්ගේද රජයේද ජයග්‍රහනයට පාදකවු ජනතාකැමැත්ත ඇති කරන්නට මා මෙන්ම මිතුරන්ද කටයුතු කලේ සියුම්වු ලෙස ජනතාව අතර එයට හේතුන් සමාජ ගත කරමිනි.සාමාන්‍ය ජනතාව අපේක්ෂකයන්ගේ කතා අසන්නේ වත් පත්‍රිකා,චින්තන,ප්‍රකාශ කියවන්නේවත් නැත.ඔවුනගේ සහය ලබන්නට හැකිමග අප දත් බැවින් මෙම ජය ලබාදිය යත්තේ ඇයිද යන්න අප ජනතාවගේ සිත්තුලට ඇතුල් කලේ සියුම්වු උපාය මාර්ගයක් මගිනි. එනිසා මෙම විශිෂ්ඨ ජය අත්වු බවද සඳහන් කරනු කැමැත්තෙමි. ජනමාධ්‍ය,රැස්වීම්,පත්‍රිකා හෝ නාමපුවරැ දෑවැන්ත ක්‍රියා කාරකම් හදිසි සහන වලින් ජනතාව තමන්ට ආසන්න කරගත නොහැකි බව දේශපාලකයනට නොවැටහීම කණගාටුවකි. එහෙත් සාමාන්‍ය ජනතාව ඇසුරැ කරන අප ඔවුනගේ අදහස් මැනවින් දනිමු.යමක් කලත් පරදින්නේ එනිසාමය.මේවා මා සමාජගත කර ඇත. වසංගතය හා වසංගත නීති සංචරන සීමා,අධ්‍යාපනය,සෞඛ්‍ය පිලිවෙත්,ජනතාව මුහුන දුන් ප්‍රශ්න ආදී සියල්ලම ගැන මම ජනපතිතුමන් ,අගමැතිතුමන්,සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු රජයේ අමාත්‍යවරැන්ද දැනුවත් කලෙමි.එයට හේතුව වුයේ ජනතාවට පීඩා අත්වීම මගින් පාළකයන්ට අත්වන අප්‍රසාදය වැලැක්වීමය.ඒලිපි මගේ ඊමේල් ගොනුවේ මෙන්ම වෙබ්පිටුවේද අදත් සටහන්ව ඇත. රටේ ආර්ථිකය නංවන්නට රටෙහි ජනතාව පොළඹවන අයුරැද,සැමට දිවිමගක් හා වියට විශ්‍රාමයක් ලබාදෙන අයුරැද පාළකයනට පෙන්වා දෙන්නට මම ගම්නගර ජනතාව ඇසුරෙන් සකස් කල යෝජනා වලියක්ද ඉදිරිපත් කරන්නට මට තවම අවස්ථාවක් උදා නොවීය.එයට අවස්ථාවක් නොලැබීම කනගාටුවකි.එම පිලිවෙතට අනුකූලවු ආණ්ඩුවක් පිහිටවන්නට ජනතා සිත්තුලට එම අදහස් ඇතුල් වනු ඇත. ලො හැම රටකම දේශීය ආදායම් මාර්ග සුළු ආර්ථිකයක් නොවේ.එය එමරට බලවත් හෝ දබල කරන එකම මගයි.පිටතින්- අනනුගෙන් ලබම්න් පෝසත් වන්නට දිරිදරන පිලිවෙතක් අපරට ජනතාව පිලිනොගනී.හැම රටක්ම විදෙස් විනිමය උපයන්නේ සිය රටේ ජනතාව නිසි මගකට යොමු කිරීමෙනි.උදාහරනයක් ලෙස කිරිපිටි, සහල්,තාක්ෂණික හා විද්‍යුත් උපකරන නිෂ්පාදනය පෙන්වා දිය හැකිය.අවශ්‍ය වනුයේ එයට ක්‍රමවත්ව හා නිසි මගකින් ජනතාව පෙළඹවීමය.එසේම එයට ලොව වෙළඳපලක් නිර්මානය කර ගැනීමය.එය මා එම යොජනාවලියෙන් ඉදිරිපත් කර ඇත.පෙරදිග ධාන්‍යාගාරය ලෙස නම්දැරෑ අපේ පුංචි රට ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු කරවන්නට එම තොරතුරැ පුමානවත්ය.එසේම අපරටතුලවු එහෙත් අප අතහැර දමා ඇති විනිමය උල්පත් කොපමනද? ඒවා හඳුනා ගන්නට අපේ විද්වතුනට විදු දැනුමක් නැතිද ? එහෙත් කබලෙන් ලිපට වැටෙන තරමට අසරනවු මට අද හාල්ටික ගන්නටවත් වත්කමෙක් නැත.එනිසා කුමන හෝ ජීවනාධාරයක් මාහට ලබාදෙන්නේ නම් මට රට වෙනුවෙන් යමක් කල හැකිය.මට ඒ උපකාරය ලබාදෙන්නැයි මෙයින් යටහත්ව ඉල්ලා සිටින්නෙමි.ස්තුතියි. මෙයට- යටහත්වු අසරන මාධ්‍ය ලේඛකහා හිටපු නි.සේ.ලේකම්- නිශ්ශංක. නම- එන්.ඒ.එල්.එස්.නිශ්ශංක, පදිංචි ගම - අංක 340,කුඹල්ඔළුව - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-මීරිගම, ගම්පහ දිස්ත්‍රිකකය. ජාතික හැඳුනුම්පත් අංකය- 480763750 වී, උපන්දිනය- 1948.03.16 බලාපොරොත්තුව -ජීවත්වන්නට ජීවනාධාරයක් ලබාගැනීම E-mail –nissankanals@gmail.com /waylanka@gmail.com. Phone-0755229367

Friday, August 6, 2021

 

අතිගරැ ජනාධිපතිතුමන් වෙත වෙත,

කිසියම්වු ජීවනාධාරයක් ලබාදෙන මෙන් ඉල්ලාසිටිමින් ඉදිරිපත් කරන ආයාචනයයි

අතිගරැ  උතුමාණෙනි. ,

පහත සඳහන් කලාවු ලිපිනයෙහි පදංචිකරවෙකු වනමම වයස 74වන වියෙහි සිටින මහළු අයෙක්මි.ජීවත්වන්නට කිසියම්වු ජීවන මාර්ගයක් අහිමිවීම නිසා මා අද පත්ව සිටින්නේ අප්‍රමානව්‍ර ගැටළු සමුහයකටය.මෙම ජීවත්වන මාර්ගයක් අහිමිවීම නිසා මාධ්‍ය ලේඛකයෙකු ලෙස සමාජයට කරන සේවය ඉටුකිරීමද රටේ අනාගත පරපුර වෙන්වෙන් මා නිපදවන්නට අදහස් කරන අධ්‍යාපන උපකරන මෙන්ම ගෟහස්ථ උපකරන රාශියක්ද නිපදවා ඉදිරිපත් කිරීමේ උත්සායයද අඩාලව ඇත.

මම නුතන තාක්ෂනය,පරිගනක හා ඉලෙක්ට්‍රෝණික උපකරන ආශ්‍රිතව දරැවන් උදෙසා සකස්කල අධ්‍යාපණික උපකරනයන් රැසකි.වසංගත තත්වය තුල පමනක් නොව ඉදිරි අනාගතයේද දරැවනට අධ්‍යාපකය සම්බන්ධව උපකාරීවන මෙම උපකරන අනාගතයේදීද බෙඓවින් උපකාරී වන්‍රඇත.

එසේම ගෟහකටයුතු සඳහා උපකාරීවන යන්ත්‍ර රැසක්ද මම කල සැලසුම් අතරවෙයි.එමගින් කාළය ඉතිරවීම ධනය ඉතිරය.හා  සම්පත් වලින උපරිම පලය ලබාගැනිමටද හේතුවෙයි.මේවාට වැයවන මුදල් උපයා ගත්තේ කුළිවැඩවල යෙදීමෙන් වුවද අද එයටද ශාරීරිකව බාධාවන් පවතී.

මම වෟත්තීමය වශයෙන්ද විවිධවු රැකියාවන් කළෙමි.ගොවිතැනද කම්කරැ වෟත්තියද මෙන්ම කම්කරැ ගබඩා පාළකයෙකු ලෙසද නිදහස් සේවක සංගමයේ ලේකම්වරයෙකු ලෙසද සේවක යහපත සැලසුවෙකුද වෙමි.

එපමනක්ම නොවේ.භාෂාවන් කිහිපයක් උගත්මා මාධ්‍ය ලේඛකයෙකු ලෙසද දිවයිනේ විවිධවු පළාත්හි ජනතාවගේ අවශ්‍යතා පෙන්වා දෙමින් සිහළ,දමිළ හා මුස්ලිම් ජන කොටස්වලද යහපතට පාළකයන් දැනුවත් කල අයෙකුද වෙමි.

මම ජනතා දුකද ප්‍රශ්නද පාළකයන් වෙත යොමු කිරීම මෙන්ම විවිධවු පක්ෂයන්හි ජයග්‍රහනය උදෙසා ජනතාවදැනුවත් කරමින් එම පාළකයන් ජයග්‍රනයට පත් කිරීමද කලේ ළමාවියේ සිටමය.එයට උපකාරී වුයේ විදුහල්පතිවරයෙකුවු මගේ පියාගේ උපදෙස්ය.

මෙහිදී මා සඳහන් කරන වැදගත්ම කරැන වන්නේ පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ ජයග්‍රහනයට හේතුකාරක වන්නේ ඔවුන් විසින් ඉදිරිපත් කරන ලිඛිත ප්‍රකාශයන් සහිතවු පත්‍රිකා හෝ වාචිකව කරන ප්‍රකාශයන් නොව අපවිසින් සාමාන්‍ය ජනතාව දැනුවත් කරන උපක්‍රමශිලීවු ක්‍රම වේදයයි.එය කුමක්ද යන්න හෙලිනොකලද දිවයිනේ වෙසෙන සියළුම ජනකොටස්හි  අපගේ සැබෑ මිතුරන් සිටින බැවින් එය පහසුවෙන්ම අප ඉටු කලෙමු.එහෙත් කවරදාකවත් අසරන ජනතාව නොරැවටුවෙමු.

වත්මන් ජනපතිතුමන්ගේ ජයග්‍රහනයට රටේ මහජාතිය එක්වුයේද අපවිසින් එම ජනතාව පොදු  අවශ්‍යතා පෙන්වා දෙමින් නිහඩව කල දැනුවත්  කිරීම මතය.එක උදාහනයක් පෙන්වා දෙන්නේ නම් ජනතාව අපට කියුවේ චන්දය දුන්නත් එය මන්ත්‍රිවරැන්හෝ නායකයන් පිලිනොගන්නා බවය.අප එයටද පිලිතුරැ ලබාදුන්නෙමු.එනම් ඔබ චන්දය දුන්නේ කාටද යන්න ඔප්පු කරන්නට චන්ද පත්‍රිකා අංකය මතක කබාගෙන අවශ්‍යතාවයකදී අපට ලබාදෙන ලෙසය.එයද එම ජයග්‍රහනයට හේතුවක් විය.

‍මා කිසිදු පක්ෂයක සාමාජිකයෙකු නොවෙමි.සේවක සංගම් කාර්යයන්හිදී වුවද පක්ෂග්‍රාහී නොවු බැවින් මා වයස්ගතව සේවයෙන් ඉවත්වන තුරාම එම තනතුර දැරැවෙමි.

මා එම කරැනු සඳහන් කලේ මා කල යහපත පෙන්වා දීමටය. තවත් කරැනක් කිව හැකිය. 2015 දී එවක ජනපතිතුමන්ට වියපත් ජනතාව වියපත් වනතුරැම කිසියම්වු සේවයක් ඉටුකරන අය බැවින් මෙන්ම ඔවුනට වියපත් දිවියේ ඇතිවන පීඩාවන් වලක්වන්නට වියපත් දීමනාවක් ලබාදෙන්නට පියවර ගන්නැයි වියපත්දීමනාව යෝජනා කලේද මා විසිනි.එසේම එවකවු දුර්වලතාවයන්ද පෙන්වා දුන්නෙමි.එනමුත් වයස 74ක්වු මටද එය තවම අහිමිය.

එහෙත් ඒගැන මා පෙරදීද විස්තර සඳහන් කරඇති බැවින් ඒවා අනවශ්‍ය බව සිතමි.එහෙත්  අනාගතයේදී අපට ජනතාව වෙනුවෙන් කැපවන නායකයන්ට රටේ පාළනය ලබාදෙන්නට සියුම්වු අයුරින් ජනතාව දැනුවත්  කල හැකිය.ඒ මටද ජීවන මාර්ගගයක් ඇත්නම් පමනකි.

ජනපතිතුමනි, මා මුලින් සඳහන් කල අයුරින් නව නිපැයුම් බිහිකරන්නටද දරැවන් අධ්‍යාපන්කව නගාසිටුවන්නටද කටයුතු කරන්නට හැකිවන්නේ ආහාරටික ලබාගන්නට මගක් ඇත්නම් පමනකි.

එමනිසා මටද මාධ්‍ය ලේඛක දිමනාවක් හො 2000 හේ වියපත් දීමනාවත් ලබාදෙන්නට පිහිටවන මෙන් මෙයින් අයදිමි.ස්තුතියි

මෙයට -යටහත්වු මා

එන්.ඒ.එල්.එස්.නිශ්ශංක -- 480763750 වී

133.කුඹල්ඔළුව,වේයන්ගොඩ. 05-08-2021

ගම්පහ දිස්ත්‍රික්කය,මීරිගම ප්‍රාදේශිය ලෙකම්කාරයාලය.

0755229367  - nissankanals@gmail.com

Monday, August 2, 2021

 What we are doing now ? Our hope is broking

අතිගරැ ජනාධිපතිතුමන්  වෙත විවෟත ලිපියක්

අතිගරැ උතුමාණෙනි,

මෙම ලිපිය  අපේරටේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරැ ජනාධිපතිතුමන් වෙතට ලංකාදීප පුවත්පත හරහා ඉදිරිපත් කරන්නට මම උත්සාහ කරන්නේ එකී උතුමානන් වෙතට සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද එතුමාගේ හා වත්මන් ආණ්ඩුවේ ජයග්‍රනය උදෙසා  හැම පළාතකම වු හිතවතුන් මාර්ගයෙන් එතුමන්ලාගේ ජයග්‍රහනයට උපකාරීවු ගැමියෙකු ලෙසය.

නුගතුන්,ගොඩයින්,ගමරාළලා වශයෙන්ද රටෙහි දුගීතම ජනකොටස ලෙසද හඳුන්වන සාමාන්‍ය වැසියන් වන අප පාළකයන් හා නායකයන් තොරන්නේ උගත්කම ,ධනවත්කම,හෝ මුනත්තහඩුව දෙස බලා නොව ඔවුනගේ ක්‍රියාකාරකම් හා චරිතයන්ද විමසීමෙනි.එසේම එතුමන්ලා චන්දය ගන්නට අපව රවටන  ලෙස කරන ප්‍රකාශයන් අසමින් රැවටී හෝ රටපුරා හෙංචයියලා ගේ මාර්ගයෙන් ගෙයක් ගානේ බෙදන කල කෙරැවාවත් කරන කෙරැවාවත් ලියාපු තඩදාසි කියවා හෝ නොවන බව කිව යුතුය.ඒවා කියවන්නට අසන්නට අපට වැදගත්කමක් නොදැනෙන්නේ  1947 සිටම ලද දැනුමෙන් අවබෝධ කරගත් බොරැව ගැනවු  අවබෝධයක් ඇති බැවිනි.

බලය ලබනතුරැ ජනතාවට ආසන්නව සිටින පාළකයන් බලය ලදපසු සියල්ල දන්නාවුන් බවට පත්ව ජනතා අදහස් ඉවත දමති. එහෙත් බලය ලබන්නට පෙරවු මනුස්සකම බලය ලදපසු අමතක කර පනවන නීතියෙන් අසාධාරනයෙන් පීඩා විින්නේද සාමාන්‍ය ජනතාවමය. එනිසා පළමුව ජනතාව පැතු සහනයන් ලබාදෙමින් ජනතාවට ලෙන්ගතුව ඉදිරියට යාම අප අගය කරමු.

එහෙත් අපට කණගාටුවෙන් කියන්නට සිදුව ඇති එක කරැනක් නම් මෙම වත්මන් රජය හා ජනපතිතුමන් බලයට පත්වන තුරැම පෙරවු හැම පාළකයෙකුම ජනතාව ඉදිරිපත් කරන හැම ලිපියකටම කෙබුවු හෝ පිලිකුරක් එවන්නට එම පාළකයන් කටයුතු කලද වත්මන කවර මාර්ගයකින් හෝ ඉදිරිපත් කරන ලිපියකට පිලිතුරැ එවීමක් නැත.

එයට හේතුව රටේ මහජාතිය එකාවන්ව ජනපතිතුමන් පත්කිරීම හා එතුමාගේ සහයට තුනෙන් දෙකක් බලයක් සහිතව රජයක් පිහිටුවන්නට ලබාදුන් ජනවරම මෝඩ නුගතුන්ගේ මෝඩ ක්‍රියාවක් ලෙස සිතන නිසා විය හැකිය

සත්තකින්ම එය සත්‍යයකි.ව්‍යවස්ථා සංශෝධන නිසා රටේ ඒකීයභාවය විනාශ වේය යන බියත් ජනතාසහන කප්පාදු කරමින් සමුර්ද්ධි වියපත් දීමනා වලකමින් මන්ත්‍රිලාට ලක්ෂයක දීමනා ලබාගැන්මත් මන්ත්‍රිවිශ්‍රාමය රැකගැනීමට පමනක් කටයුතු කිරිමට විරැද්ධත්වය පෙන්වීමටත් ජනතාව ඒතීරනය ගත්හ.

එදා ජනපති හා ආණ්ඩුව මතයන් දෙකක සිට්මෙන් ජනතාව අතරමන් විය.අද ආණ්ඩුව ජනපතිව පාලනය කරන බව මිළකමිටුව ජනතාවට කියාදුන්නේය.මිළකමිටුවේ කෙරැවාව ගැන ජනතාවට කියාදීමෙන් එම ඇමතිතුමන් කලේ වීර ක්‍රියාවකි.

සත්‍යය සඟවමින් වගකිව යුතුතන් ගැලවෙන්නට දිරි දරන්නේ තවෙකෙකු පාවා දෙමිනි.එහෙත් එය ජනතාව කවරදාකවත් පිලිනොගනී.ඇමතිවරැන්ට කැමති දෙයක් කරන්නට ආණ්ඩුවක් නිෂේධබලයක් ලබාදී නැතිබව නොදන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නා අය පමනක් විය හැකිය.ඒ සියල්ල දන්නාඅය බවට පත්වනවිට තමන් කව්දයන්නත් අමතක වනබැවිනි.

තමන් කල වරදක් අනුන්පිට පටවා ගැලවෙන්නට දිරිදැරීම පාළන කේෂත්‍රයේ නිරතුරැවම දක්නට ලැබෙන්නකි.නම්බුව රැකගන්නට තම හිතවතුන් පවා පාවා දෙන්නට මොවුන් පසුබට නොවේ.ආරක්ෂක අංශයන් තමභාරයට ගත් නායකයන්ද එහි කටයුතු  සොයා නොබැලීම මතසිදුවු පාස්කු ප්‍රහාරයේදීද,බැංකු සිද්ධීන් වලදීද  මෙය ජනතාවට හෙලිවිය.නීතියෙන් තමන් නිවැරිදි බව ලදුවද හෟදසාක්ෂියෙන් ඉන් ගැලවිය නොහැකිය.

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දුන්නේ ඥාතිහිතවතුන් සංග්‍රහයට නොව පාලන දුර්වලතාවයන් හා නීති වෙනසකටය.වෙනස්වියයුතු නීති අපමනය.ඒවා දන්නේ ජනතාවය.ජනතාව පෙලන සමහර නීති රටේද දරැවනගේද අනාගතයද විනාශ කරයි.

විවාහ දෙකතුනක් කරගන්නා සමහරැන් නිසා ජීවත්වන මතක් රහිතව අසරන වන් දරැවන් කොපමනද ? එහෙත් පියවරැනගේ දේපල,වැන්දඹු දීමනා ඒ සියල්ලන්ටම හිමිනොවේ.ඉන් අත්වන ප්‍රතිපලයන් කණගාටු දායකය.

ළමා අපචාර,දුෂනය ගැන නිරතුරැව අසන්නට ලැබේ.මෑතක වු සිදුවීමේදී ඒවා කලේ සමාජයේ උගතුන් වියතුන් වැනි ප්‍රමුඛයන්ය.මේවාට මරණිය දඩුවම ලබාදීම හා ඔවුන් කවුරැන්ද යන්න ලොවටම දැන ගන්නට ඉඩසැලසීමට නීතිය වෙනස් විය යුතුය.

ජීවිතය පුරාම රජයේ නොවන රැකියාකරන අයට ලැබෙන පහසුකම් කිසිවක් නැත.වැස්ස අව්ව රැය දවාල නොතකමින් ඔවනද කරන්නේ සමාජයට යහපතකි.එහෙත් මහළුවියේදී ඔවුනට ලැබෙන පහසුකමක් නැත.දරැවන්ට සමාජයට  බරක්නොවී ජීවත්වන්නට සුදුසඅයට වියපත් ජීවනාධාරය ලබානොදෙන්නේ 2015 ලද පරාදය නිසාද යන්න ජනතාවට තවමත් ප්‍රස්නයකි.

 

එහෙත් ලද බලයෙන් වෙනස් කරගත්තේ කවර නීතිද යන්න ජනතාවට රහසක් නොවේ.එහෙත් දිවිය පුරාම දහදිය හෙලන විවිධවු කාර්යයන් මගින් සමාජයට යහපතක් කරන සත්‍යවශයෙන්ම අසරනවුවනට වියපත් දීමනාවක් ලබා දෙන්නට වත් පියවර ගත්තේද ?ලබාදුන් සහනයන්ට බාධා කලේ ඉන්ධන මිළකමිටු සාමාජිකයන් බවද ජනතාව දනී.

අපේ රටට අවශය බණ්ඩාරනායක,ප්‍රේමදාස වැනි ජනතාවට රටට ලැදි නායකයන්ගේ පිළිවෙතට සමානවු බුද්ධිමත් නායකයන් පමනක් බව ජනතාව අවබෝධ කරගෙන ඇත.එවන් ක්‍රියාකාරී ගොවියන් කමකරැවන් වුවද සමාජයට යහපතක් කරනු ඇත.

සාමාන්‍ය ජනතාව වන අපට මාධ්‍ය රැස්වීම් පවත්වන්නට හෝ පෙළපාලි ,උද්ඝෝෂන කරන්නටද අවශ්‍යතාවයක් නැත.අප කරන්නේ එපාඑකා චන්දයේදී පරදවන එක පමනකි.එහෙත් ඒවනවිට පාළකයන්ගේ නායකයන්ගේ නාමය ප්‍රචලිත කිරීමේ හා ජනතා සහන කප්පාදුවේ ඔල්මාද ක්‍රියාවලින් අන්තයටම පීඩාවි අවශානය.

පෙර රජයද මෙම රජයද ලත් බලයෙන් කරන්නේ ජනතාවට සෙත සැලසීම නොව තමන්ගේ මල්ල පුරවා ගැනීමය. ජනතාව මිළමුදල් නැතිව දරැවන් ගේ කුසගින්න නිවන්නට ගෙදර බඩුටිකත් රන් අබරන ටිකත් විකුනුවේ වසංගතය දුරලන්නට නිහඩවු සහයක් පල කරමිනි. එහෙත් පාළකයන් කලේ 5000 ජීවනාධාරයද දෛණික ආදායම් ලබන හා වියපතුනටද එය අහිමි කිරීමය.

ඒ වෙනුවට වසංගතය මැද්දේ අධිවේගයත් නාමපුවරැ එල්ලීමත් කලහ.එහෙත් ඉන් සිදුවුයේ ත්‍රස්තවාදී යුද්ධය නිමා කරමින් ජනතාව තුල රැඳවු ගෞරවනීය මතකයට බාධා කිරීමකි.2015 දීද ඇතිවුයේ එවන් තත්වයකි.ඒ ආදායම් නොලබන වරායකට හා ගුවන්තොටුපලකට කෝටි ගණනකධනය වැයකිරීම ගැන ඇතිවු ජනතා අප්‍රසාදයයි.

එසේම පීඩාවන් මැද වසංගතයේදී යහපත්වු නිහඩ සේවයක් කල සෞඛ්‍ය සේවකයන් ගෙන් කොටසකට පමනක් සලකන්නට ගොස් එම සේවකයන්ද වර්ජනයකට ඇද දැමීම සහ  රාජ්‍යසේවය යනු වෟත්තීමය වශයෙන් විවිධ වුවද සමානවු අයිතීන් ලබන එකම කොටසක් බව අමතක කර අන් සියළුම අංශවලටද වර්ජනයකට යොමුවන්නට මග සැලසීමද වත්මන් පාළකයන් ගෙන් සිදුවු වරදකැයි ජනතාව පෙන්වා දෙයි.

මින් පැහැදිලි වන්නේ පාළකයන් විසින් සිය දුරදක්නා නුවන හා බුද්ධිමත්භාවයත් නිසි අයුරින් භාවිතා නොකල බවයි.එසේම නිසි උපදේශයන් නොලැබීම හෝ ඒවා පිලිනොපැද හිතුවක්කාර ගමනක්  යන්නට වෙර දරන බව නොවේද ?

අතීතයේ නාමපුවරැ මගින් සිය නාමය ප්‍රචලිත කිරීමක් නැතිවම මෙරට ජනතාවට ලබාදුන් වරප්‍රසාද කොපමනද ?ඒ අතරින් භාෂාව හා ආගම රටේ රාජ්‍ය භාෂාව හා ආගම කල ගරැ බණ්ඩාරනායක මැතිඳුන්ද අසරන ජනතාවට සිය ජීවන තත්වය සකස් කරගන්නට රැපියල් 25000ක් ලබාදුන් ගරැ ප්‍රේමදාස මැතිඳුන්ද ගල්ඔය ව්‍යාපාරය ඇරඹු ගරැ සේනානායක මැතිඳුන්ද අදත් ජනතාව ගෞරවයෙන් සිහිපත් කරති.

තමන්වටේ සිටින හෙංචයියලා ‍මවාපාන අතිසුන්දර ලෝකයෙන් ඉවත්ව සත්‍යයට මුහුන දෙනවිට සියල්ල අවබෝධ වනු ඇත.එවිට රටේ ජනතාව පතන්නේ කුමක්ද ලබන්නේ කුමක්ද යන්නද වැටහෙනු ඇත.මාධ්‍යයන් තුලින් සමහරැන් සිය අදහස්  කියන්නේ වෛරයකට නොව දරාගත නොහැකි ජීවන ප්‍රශ්න වලට පාළකයන් විසුම් නොදෙන බැවිනි.එසේම පාළකයන්ගේ සමහර ප්‍රකාශ වලින් තහවුරැ වන්නේ එතුමන්ලා වටකරගෙන සිටින තමන්ගේ ලාභය පමනක් පතන  හෙංචයියලා පාළකයන්ව අන්තයටම මුලාකර ඇති බවයි.

අපරට ඇමතිකම හිමිකරගත් ඇමතිවරැන් සිය අමාත්‍යංශයේ පාලනය තමන්ට අවශ්‍ය පරිදි පාළනයට ලේකම්වරයෙකු ලෙස රාජ්‍ය සේවක පරිපාළන නිළධාරියෙකු නොවන සිය ඥාතියෙකු  හෝ හිතවතෙකු පත්කර ගනිති.මෙවන් අය කටයුතු කරන්නේ තමන් පත්කල ඇමැතිවරයා රැකගැනීම සිය වගකීම ලෙස සලකමිනි.එහෙයින් එවන් ලේකම්වරයෙකුට ඇමතිවරයාගේ නියෝග පිළිපැදීම මිස සිය කැමැත්තට යමක් කලහැකි නිෂේධබලයක් ඇත්තෙකු බවට පත්නොවන බවද මොන්ටිසෝරි යන දරැවන්ද දනිති.එදත්අදත්මතුත් එය එලෙසමය.

ලේකම්වරයෙකු කල සේවයකට උපහාර දැක්වීමක් ප්‍රසාද දීමනාවක් ලබාදීමක් හෝ අගැයීමක් සිදුවු බවක් දේශපාලන ඉතිහාසයේ නම් ලියවී නැත.ජනතාව ලේකම්වරැන් කවුරැන්ද යන්නවත් දන්නේ නැත.අඩුම තරමින් එම ආයතනවල සේවකයන්වත් ලේකම්වරැ කවුරැන්ද යන්න දන්නේද නැත.මෙවන් මවා පෙන්වීම් මගින් පාළකයන් මුළාකරන හෙංචයියලා පතන්නේ තම ලාභය පමනකි.වත්මන සමහර සිදුවීම්ද එවන් උපදෙස්මත සිදුවන ක්‍රියාවන් විය හැකිය.

ජනතාව දේහපාළකයෙකු නොවු වත්මන් ජනපතිවරයා තොරා ගත්තේ  විෂ්ශිතවු කරැනු රැසක් මුල්වය. ජනපති අපේක්ෂක ලැයිස්තුවේ සිටි වියපත්වු හා දැහැමි දිවියක් ගතකරන අයෙකු වීමද ත්‍රස්තවාදය වැලකු නායකයාගේ ඥාතියෙකු වීමද එයට මුල්විය.එසේම එතුමා තෝරා ගැනීම එම නායකයාට කරන කෟතගුන සැලකීමක් ලෙසද සාමාන්‍ය ජනතාව විශ්වාශ කලහ.

එසේම පාස්කු ප්‍රහාරය නිසා ඇතිවු එවක පාළකයන්ගේ පාලන දුර්වලතාවයද සමහරැන් සුළු ජාතීන් ගේ සහය ලබන කාර්යයන්ට යොමුවීමද  අන් හේතුන්වු බව ජනතාව සඳහන් කරති .එහෙත් රටේ නායකයා ලෙස එතුමන් තෝරා ගැනීමට හේතුව  පෙර සේවයකට උපහාර දැක්වීමට  හෝ   ඉදිරිපත්කල චන්ද පොරොන්දු  කියවා පැහැදී නොවන බවත් එසේම ඥාති,හිතවත්,පාක්ෂික සංග්‍රහයන් කරන්නට නම් නොවන බවත් එතුමා බලයට පත්කල සාමාන්‍ය ජනතාව පැහැදිලිවම කියා සිටී.

ජනපතිතුමන් ආණ්ඩුවේ කෙනෙකු නොව මහජනතාව විසින් රටත් ජනතාවත් ආරක්ෂා කරන්නට පත්කල අයෙකු පමනි.එතුමා පත්කරන්නේද වෙනස් කරන්නේද මහජනතාව මිස ආණ්ඩුවේ ඇත්තන් නොවේ.

එසේම  ජනපතිවරයා පත්කරන්නේද සාමාන්‍ය මහ   ජනතාවයි.එනිසා සාමාන්‍ය ජනතාව රැක ගැනීම ජනපතිගේ වගකීමයි.ජනපති කලයුත්තේ ජනතාව කියන දෙයයි.ආණ්ඩුව කලයුත්තේ ජනපති කියන දෙයයි.එය ජනතා මතයයි.

වර්තමාන ආණ්ඩුවේ ඉදිරි ගමනට ඇති බාධාවන් අපමනය.එසේම පවත්නා දුර්වලකම්ද වැඩිය. එය අපරට සාමාන්‍ය ජනතාව හොින් දන්නා කරැනකි.එසේම එතුමන් වෙත මෙම කාර්්‍යභාරය පිරිනැවුනේද  විශේෂිතවු කරැනු රැසක් පදනම්ව බවද ජනතාව කියාසිටී.එසේම ජනතාවට අවශ්‍යම වනුයේ ජනතා අදහස්මත ක්‍රියාත්මක වන්නාවු රජයක් හා ස්ථිරශීලිවු හා ක්‍රමවත්වු ක්‍රියාදාමයන් සතු පුද්ගලයන් බවද ජනතාව කියන කරැනකි.

එසේම බිවැටී ඇති ආර්ථිකය වේගවත්ව නංවා ලීමට සහ විදෙස්විනිමය නංවාලීමට උපයේගීවන ක්‍රමවේදයන් මෙන්ම අපරට තුලදීම ඒසදහා ගතහැකි මාර්ග රැසක්ද  පවතී.එසේම සැමට විශ්‍රාමයක් ලබාදෙන නවතම මාර්ගයන් සේම හැම අයෙකුම ආදායම් මාර්ගයන් ඇතත්තන් බවට පත්කරවන යෝජනාවන්ද ජනතාවගෙන් ලබාගත හැකිය. සැමට දිවිමගක්-වියට විශ්‍රාමයක් යන්න ජනතාව තමන්වෙත ලංකරගතහැකි ක්‍රියාවලියකි.

2015 දී එවක සිටි නායකයන්ට  අතිසුන්දරවු ලෝකයක් මවා පෙන්වමින් හා එම නායකයන් සදාකාලිකව පාළකයන් වනබවට පෙන්වමින් කපටි හෙංචයියලා  පාළකයන් මුළාවට පත්කල අයුරින්ම 2021 දීද වත්මන් පාළකයන් රවටන බව සිදුවන සිදුවීම් වලින් පැහැදිලිව තේරැම් ගතහැකිවු කරැනකි.ඒ අනුව පාළකයන් සාර්ථකව නොමග යවමින් ජනතාවගේ අප්‍රසාදයට පත්කරවන බව වටහා ගැන්ම ඉතා යහපත්ය.

2015 හේ ජනපතිවරනයේදී ජනතාව සිය පාළකයන් වෙනස්කලේ සදාකාලිකවු බලයක් පෙර රජදරැවරැනට පවා නොතිබු බව සිහිපත් කරවමිනි. වරාය හා ගුවන්තොටුපල ආදායම් රහිතවු ධනනාස්තියක් බවද ජනතාව එදා පිලිගත්හ.එසේම සාමාන්‍ය ජනතාවට අවශ්‍යවනුයේ ජීවන මාර්ගයන් හා මිනිසුනට අවශ්‍යමවු අන් සම්පත් මිස වෙනත් රටවල කෙරෙන මනස්ගාත වලින් රටපුරවනු දකින්නටද නොවේ.එසේම ඒවා කරන්නේද ජනතා බදුමුදලින් මිස තම පුද්ගලික මුදලින්ද නොවන බව ජනතාව හොින් තේරැම ගත් කරැනකි.එහෙත් මේවා පාළකයන්ට නොතේරීම අභාග්‍යයකි.

2019 ජනපතිවරනයේදී ශ්‍රී ලාංකික මහජාතියේ මහජනතාවු අපසැම නොදන්නා අය දැනුවත් කරමින් නොදෙන්නාවු අය දෙන්නට පොළඹවමින් පක්ෂ පාටට වහල්වුඅය ඉන් මුදවමින් දිවයිනේ හැම පළාතකම වෙසෙන කවදාවත් පාළකයෙකු නොගිය පළාත්වල ජනතාවද දැනුවත් කරමින් එතුමන් රටේ ජනපතිතනතුරට පත්කරන්නට ගත් වෑයම සාර්ථකවුයේ 69 ලක්ෂයක්වු ජනතාව එයට එක්වු බැවිනි. එහෙත් අද ඒ ජයග්‍රහනයට වදනිකින් හෝ සහයවු සැවොමද පත්ව ඇත්තේ පීඩාවකටය.වේදනාවකටය.

චන්දයකදී තෝරාගත යුත්තේ කවුරැන්ද යන්න ජනතාව වෙත වටහාදීම ඉතා සියුම්වු අවංකවු ක්‍රමවේදයකි.චන්ද පත්‍රිකා චන්ද කතා නොපිලිගන්නා ජනතාවට කරැනු වටහාදීමද සියුම්වු ක්‍රියාවලියකි. මෙවර ජයග්‍රනය තහවුරැවුයේ එමගින් බව දන්නේ ටිකදෙනෙකි.

එහෙත් අප ජනතාව එසේ වත්මන් ජනපතිතුමන්ගේ ජයග්‍රහනයට උපකාරී වුයේ රටෙහි ප්‍රධානතමවු ප්‍රශ්න හතරකට එතුමන් සෟජුව පිළියම් ලබාදෙනු ඇතැයිවු බලාපොරොත්තුවෙනි.එනම්

1-       ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම මගින් රටෙහි ඒකීයභාවයත් පාලන ක්‍රමවේදයනුත් වෙනස්වීම වැලකීම සහ එම සංශෝධන අක්‍රිය කිරිම.

2-       ජනතාවගේ ආර්ථික හා සමාජමය දිවියේ ප්‍රගතියට හා සාධාරනවු සහනයන් ලබාගැන්මට බෘධාවක්ව ඇති අතීත නීතිරීති වර්තමාන සමාජීය අවශ්‍යතා හඳුනාගෙන  ඒ අනුව සංශෝධනය කිරීම.එහෙත් ඒ නීති මොනවාද යන්න පෙන්වා දෙන්නට ජනතාවට අවශ්‍ය පහසුකමද හිමිවුයේ නැත.

3-    සමුර්ද්ධියවැනිජනතාසහනයන්සුදුසුකම්ලත්පවුල්වලටපමනක්නිසිඅරමුනක්හාස්ථිරවු ආදායම් සහිතවුවන් බවට පත්නරවන ප්‍රතිපලයන් සහිත ක්‍රියාදාමයන් බවට පත්කරවීමත් නුසුදුසු වංචනිකව ලබන අය ඉවත් කිරීමත්

4-    2015 දී එවකවු  රජය ලබාදුන් 2000 ජීවනාධාර වියපත් දීමනාව දිවිමඟ අහිමි සුදුසුකම් සපුරාලන වත්කම්හා ආදායම් රහිතවු සියළුම මහල්ලන්ට ලබා‍දීමට කටයුතු කරනු ලබනු ඇතැයි යන විශ්වාශයත් මතය.

එහෙත්ඒ සියළුම බලාපොරොත්තු ඉටුකරන්නට වත්මන් පාළකයන් කටයුතු නොකිරීම රටේ සාමාන්‍ය ජනතාව තැබු විශ්වාශය පළුදුවීමකි.එම සහනයන් නිවැරිද්ව සුදුසුම අයට ලබාදීමට හැකිමාර්ගයන් මෙන්ම සැමට ස්ථිරවු ජීවනමාර්ග ලබාදිය හැකි මාර්ගයන් පෙන්වා දීමටත් එමගින්  රටේ ආර්ථිකය ‍නැංවීමට දායකත්වයද ලබාගත හැකිබව ජනතා අදහස් හා යෝජනා ආශ්‍රිතව හැකියාව පවතී..එහෙත් අද ජනතාවට සිය අදහස් පාළකයනට  ඉදිරිපත් කරන්නට කිසිදු මගක් නැත.

මේ හේතුව නිසා අද ජනතාවට සිදුව ඇත්තේ ජනතා අදහස්මත ක්‍රියාත්මක වන උගතෙකුවියතෙකු නොවන එහෙත් බුද්ධිමත් දුරදක්නා නුවනැති ගොවිකම්කරැ නායකයෙකුව පත්කර ගන්නට සුදානම් වන්නටය. එයට මග සකසා ගන්නටය.පාළකයන් පාළනය වෙනස්කිරීම හා ඒගැන ජනතාව දැනුවත් කිරීම ජනතාව අතරින්ම සිදුවන කාර්යයකි. වත්මන් පාලන තත්වයද එයට සාධකයක් වනුඇත.

ඉන්ධන මිළකමිටු කතාවෙන් හෙලිවුයේ  මෙම ජනතාසහන වලකාලන්නේ රජයේ බලවතුන් බවය.දැන් ජනතාවට ප්‍රශ්නයක්ව ඇත්තේ රට පාළනය කරන්නේ ජනතාව පත්කල ජනපතිතුමන්ද නැතිනම් ආණ්ඩුවද යන්නයි.

ජනපතිතුමන්ට  පක්ෂපාතී ආණ්ඩුවක් පිහිටුවන්නට සේම එයට තුනෙන් දෙකක බලයක්ද ලබාදුන්නේ යහපාලනයේදී සිදුවු  තත්වයන් වලකාලීමට හා රටට අහිතකර ව්‍යවස්ථාවන් ඉවත්කරන්නට මෙන්ම ජනතාව අපහසුවට පත්කරන නීති සංශෝධනයකට පමනි. නමුත් ඒ බලයෙන් සිදුව ඇත්තේ කුමක්ද?

වර්තමාන පාළනකාලය තුල රට ඉදිරියේ ඇත්තේ වසංගත අභියෝගය පමනක්ම නොවේ.සීනි,පොල්තෙල්,සහල් හා ඉන්ධන මිළ, පරිසර විනාශය,පාස්කුප්‍රහාරය,මහබැංකු වංචාව,රාජ්‍ය ආදායම  හා විදෙස්විනිමය දුර්වල වීම,රටවැසියනගේ ආදායම්මාර්ග වැසීයාම වැනි ප්‍රශ්නයන්ට අමතරව පොහර ප්‍රශ්නයද ඇතිවිය.

එහෙත් රටේ ආර්ථිකය නංවාලීමට මෙන්ම විදෙස් විනිමය එක්කිරීමටද අපට අපේ  රටට විකල්ප මාර්ග තිබේ.ලෝකයේ බොහෝ රටවල් අප්‍රසිද්ධියේ සිය ආදායම් වර්ධනය කරගැන්මට භාවිතා කරන උපායමාර්ගයන් ගැන අපේ විශේශඥයන්ට උපදේශකයන්ට පමනක් නොව තමන් සියල්ල දන්නා බව පෙන්වන  දේශපාළකයන්ටද වැටහෙන්නේම නැත.

සිය රට නගා සිටුවන්නට අපරාධ නොවන කලයුතු හැමදෙයම  සදාචාරාත්මකවු පිලිවෙතක යමින් කළයුතු තත්වයකට හරවන්නට පාළකයන් දක්ෂ වේනම් ආර්ථිකව සමාජමයව හා නීතිමයව ලොවම් පරදවම්න් නැගී සිටින්නට අපේ රටට අපේ ජනතාවට ඇත්තේ පුර්නවු ශක්තියක් හා අදිෂඨානයක් බව පාළකයන්ද වටහා ගතයුතුය. අපේ රටේ මිනිසුන්ට හැමදෙයම වටහාගැනීමේ හා කිරීමේ අපුර්ව ශක්තියක් ඇතිබව ඉතිහාසයෙන් පෙන්වා දී ඇත. අවශ්‍ය වන්නේ බලලෝභීබව ඉවතලා මිනිස්කම්න් යුතුව ජනතා අදහස් යෝජනා වලට සවන්දී ඒවාට පහසුකම් ලබාදීමයි.

තමන්වටේ සිටින හෙංචයියලා ‍මවාපාන අතිසුන්දර ලෝකයෙන් ඉවත්ව සත්‍යයට මුහුන දෙනවිට සියල්ල අවබෝධ වනු ඇත.එවිට රටේ ජනතාව පතන්නේ කුමක්ද ලබන්නේ කුමක්ද යන්නද වැටහෙනු ඇත.මාධ්‍යයන් තුලින් සමහරැන් සිය අදහස්  කියන්නේ වෛරයකට නොව දරාගත නොහැකි ජීවන ප්‍රශ්න වලට පාළකයන් විසුම් නොදෙන බැවිනි.කලයුත්තේ එවන් අදහස් මාධ්‍යයන්ට ඉදිරිපත්කරන අයගේ සහයද ලබාගැනීමය.

වර්ජන,ඵෙළපාලි,උද්ඝෝෂන ඇතිවන්නටද යහපත්වු හේතු තිබේ.ඒ ආණඩුව බාල සහ බාග වැඩකීරීමයි.සෞඛ්‍ය වර්ජනයට හේතුව බාගෙට සැළකීමයි.ජනතා සහන ලබානොදීම සහ උද්ඝෝෂකයන්ට පීඩාකිරීම බාල වැඩයි.වසංගත නීතිය නොව ඇිරි නීතිය පැනවුවද ජනතාවට පීඩා සිදුවන්නේ නම් ඉදිරියට එන්නට අපේ මහජාතිය කෙදිනකවත් පසුබට නොවේ.

වත්මන් ජනපතිතුමන් ඉදිරියේ ඇති ප්‍රශ්න සමුහයට හේතුව නිසි පිලිවෙතක් සෟජු ක්‍රියාමාර්ගයක් හා නිසිඋපදේශ නැතිකමේ දුර්වලතාවයයි.උගතුන් වියතුන්,විශේශඥයන් පසුපස යමින් පොතේ හැටියට රටේ ආර්ථිකය නංවන්නට වෑයම් නොකර ඒඒ වෟත්තීන්හි යෙදෙන පුහුනුව හා දැනුම ඇත්තන්ගේ උපදෙස් ලබාගැනීම සියළුම ප්‍රශ්නයනට විසඳුම් දෙනු ඇත.

කාබණික පොහර ක්‍රමයට ජනතාව එකඟය.එහෙත් එහිදී සැලකියයුතු කරැනු රැසක්ද තිබේ. රසායණික පොහර යෙදු පොළව නිස්සාරය.වවන භෝගයන් කෙට්කාලීන අස්වනු නෙලන ඒවාමය.එනිසා ඒවා වර්ධනය කර අස්වැන්න නෙලීම මසට කුකුලන් ඇති කරන ක්‍රමයට සම්පුර්නයෙන්ම සමානය.බලෙන්කවා බලෙන් නෙලීමකි. පළමුව කලයුත්තේ රසායණික පොහර අනවශ්‍යම වු අපේ බිමටම සුදුසු මාවී වැනි වී වර්ග හා අවශයම වු එළවළු වර්ග සිමා සහිතව වගා කරන්නට උපකාර ලබාදීමය.එමගින් රසායණිකයෙන් විනාශවු සොබාදහම් ක්‍රියාවලිය නැවත ජීවය ලබනු ඇත.එසේම දෛණික අදායම් ලබන්නන් හා මාස ගණනකට වරක් ආදායම් ලබන ගොවියන් සුරක්ෂිත කරන ක්‍රමවේදයන් ගැන ජනතාවගෙන් උපදෙස් ලබාගැනීමය. පොත ඇල්ලුවාට උදැල්ල අල්ලන්නේ නැති අයගේ උපදෙස් ඉවතලෑමය.

දැන් පවතින්නේ වත්මන් ජනපතිතුමාගේ රාජ්‍ය පාළනය මිස හිටපු ජනපතිලාගේ අගමැතිගේ හෝ ඇමතිලා ගේ පාළන කාළයක් නොවේ. රටේ ජනතාවට සහන දෙන්නට කමිටු නිර්දේශ අවශ්‍යම නැත.ආණ්ඩුව පත්කරන්නේ ජනපතිවරයායයි.ආණ්ඩුව පාළනය වන්නේද ජනපතිවරයා ගේ කැමැත්ත අනුවයි.අගමැති සහ ඇමතිවරැ ප්‍රමුඛ රජය පත්කරන්නේ ජනපතිට පාළනයට සහය වන්නට මිස අණ දෙන්නට හෝ බලකරන්නට නොවේ.ජනපතිට බලකරන්නට ආණ්ඩුවට හැකියාවක් නැත.කල හැක්කේ යලිත් ජනතාව ඉදිරියට යාහැකි උපදෙස් දීම පමනකි.

මාධ්‍යයන් මගින් අදහස් දැක්වීම අද කූඩුවේ ලගින්නට සිදුවන තරමටම වරදක් ලෙස දැක්වුනද අප පත්කරගත් අපේ නායකයන්ට අපේ තත්වයත් ඒවාට පිලියමුත් පෙන්වා දීම අපේ යුතුකමකැයි අප සිතමු.එනිසා මෙම ලිපිය ඉතාම ගෞරවයෙන් ජනපතිතුමන් ප්‍රමුඛ රජය වෙත ඉදිරිපත් කරන අතරම එයට යහපත්වු ප්‍රතිචාරයන් දක්වනු ඇතැයිද විශ්වාශ කරමු. ස්තුතියි.

මා   හළලියේ  නාල්ස් නිශ්ශංක   (හිටපු නි.සේ.සංගම් ලේකම්-මාධ්‍ය ලේඛක.)  - nissankanals@gmail.com

 

 

        මා

 

ගරැ  ලංකාදීප පුවත්පතෙහි කතුතුමන් වෙත.

ගරැ කතුතුමනි

, මා මෙම ලිපිය ඔබතුමන් වෙත් ඉදිරිපත් කරන්නේ මෙම ලිපිය ලංකාදීප පුවත්පතෙහි පලකිරීමටය.රටේ වත්මන් තත්වයත් වත්මන් පාළකයන් පත්කිරීම මගින් ජනතාව පැතූ සහනයන් ඉටු නොවන බැවින් ඒවා ගැන එතුමන්ලාගේ අවධානය යොමු කරවීමටය. මෙහි සඳහන්වු යම් කරැනක් ඉවත් කරන්නට අවශ්‍ය වන්නේ නම් එයට මගේ විරැද්ධත්වයක් නැත.ස්තුතියි

මෙයට - විශ්වාශීවු

මා- නාල්ස් නිශ්ශංක    -07.07.2021

133,කුඹල්ඔළුව,වේයන්ගොඩ. -0755229367

හිටපු නිදහස් සේවක සංගම් ලේකම් හා මාධ්‍ය ලේඛක

E-mail –nissankanals@gmail.com