Powered By Blogger

Sunday, September 12, 2021

අතිගරැ ජනාධිපතිතුමන් වෙත, එන්.ඒ.එල්.එස්.නිශ්ශංක- ලේකම් කාර්යාලය,කොළඹ. - 133,කුඹල්ඔළුව,වේයප්ගොඩ. - ි 2021.09.10 අසරනව සිටින මාහට ජීවනාධාරයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටීමයි. අතිගරැ උතුමාණෙනි, ඉහත ලිපිනයෙහි පදිංචිව සිටින මා වයස 74 වියේ පසුවන දුබලවු ගතක් සේම විවිධවු රෝගාබාධයන් සහිතව, කිසිවෙකුගේ උපකාරයක් නොලබන අසරනයෙක් වෙමි.වයස් ගතවීමත් අබලදුබල තත්වයත් නිසා මට කුළීවැඩක්වත් කරගත නොහැකිව අනාථව පසුවෙමි.එසේම මාසතු දේපලක්ද නැත.ඇත්තේ චිත්ත ධෛර්්‍යය පමනකි.එසේම වසංගත සහනය ලෙස ලබාදුන් 5000 සහ 2000 මට ලබා නොදුන්නේ ඇයිද යන්න පරීක්ෂා කරබලන මෙන්ද ඉල්ලමි. එදාවේල ගතකර ගන්නටවත් ක්‍රමයක් මටනැත.හාල්ටික තුනපහ සීනි තේකොල නැතිව පීඩා විඳින දින ගනන් අපමනය.මම පදිංචිව සිටින්නේ නිවසක නොව නිවසට යාබදව තැනු කාමරයකය.උයාපිහා ගන්නේද මමමය.මේ සියල්ලම සත්‍යද යන්න පරීක්ෂා කරන විට පමනක් නොව අවට අයගෙන්ද දැනගත හැකිය.මේ තත්වයෙන් මා පීඩා විඳින්නේ වසර ගණනාවක සිටය. මගේ නම මෙහි ගෙවල ගෟහමුලිකයට ඇතුලත් කලද එය සත්‍යයක් නොවේ.එහි අයිතිය දරැවන්ටය.මම එහි සාමාජිකයෙකු නොවෙමි. නිවසට සම්බන්ධ නොවු කාමරයක මා ජීවත්වන බවත්, වෙනම ගෟහමුලිකයක් ලබාදෙන මෙන් මා ලිඛිතවම වසර කිහිපයක්ම ග්‍රාමනිළධාරිතුමියට දැන්වුවද තවමත් එය වෙනස්ව නැත. එසේම තවමත් මට වෙනම ගෟහමුලිකයක් ලැබී නැත. මා දරැවන්ගෙන් වෙන්ව හුදකලාව ජීවත් වන්නට තීරනය කලේ ඔවුනගේ දිවියට නිදහස දීමට මෙන්ම ඇතිවු අර්බුද සිත්තැවුල් වෙනස්කම් අවබෝධවු බැවිනි.තාත්තලා මව්වරැන් මෙන් දරැවනට ආසන්න නොවන්නේ හේතු සහිතවය.එය පොදුය. වසංගතය නිසා මා තවත් අසරනවිය. දරැවන් පමනක් නොව හිතවතුනද ඈත්වීම එයට හේතුවයි.මම කිසියම් මුදලක් උපයා ගන්නට ගමෙන් පිටවුවද යන නිසා දරැවන්ද ඔවුනගේ නිවෙස් වලට එනවාට කැමති නැත. ඒ රෝග තත්වය අප ගමද පැතිරැන බැවිනි. ඉන් සිදුවුයේ උපකාරයක් ලබන්නට මගක් නැතිවීමය.කෑම ටිකක් ඉල්ලා ගන්න නම් පුලන්නෙකු ලෙස වැට අද්දරට වී බලා සිටිය යුතුය.එය නලහැකි නොවේ. මම විවාහකයෙක්මි .දරැවන්ද සිටිති ඔවුන් සියල්ලන්ම විවාහකවුවන් සේම දරැවන් සිටින අයද වෙති.කොරෝනා වසංගතය ඇතිවු පසු මා තවත් අසරනවුයේ මමකුළිවැඩක් කරන්නට වෙනත් ගම්වලට යන නිසා දරැවන්ද බියපත්ව ඔවුනගේ නිවෙස් වලට එනවාටද අකමැතිවු බැවිනි. මෙයින් මට කෑම ටිකක්වත් ලබන මගද අවසන්විය.කෙසේ වුවත් මා දරැවන් ගෙන් යැපෙන්නට උත්සාහ දරන්නෙකුද නොවෙමි.එය ඔවුනට හිරිහැරයක් බව මට වැටහුන වාර අපමනය. කෙසේ වෙතත් මගේ දරැවන් දන්නේද මාතුපාදං ගාථාව පමනකැයි මම තේරැම්ගතිමි. අවාසනාවකට පිතුපාදං ගාථාව දන්නා අය සමාජයේ නැතැයි කීමට තරමටම සමාජය වෙනස්ව ඇති බැවින් මගේ දරැවනට දොස් පවරන්නටද මම අකමැත්තෙමි.කොපමන පීඩා වින්දත් එය සමාජීය පිලිවෙත නිසාම සිදුවන බව සිතමි.අතීතයේ මෙන් නොව වර්තමානයේ පවතින සමාජක්‍රමය නිසා වියපත්වු විට අසරන වන්නේම තාත්තලා මය. වසංගත සහනයක් ලෙස ලබාදුන් 5000 දීමනාවවත් 2000 දීමනාවවත් මට නොලැබිනි.වියපත් බවත් අසරන බවත් මගේ සැබෑ තත්වයත් ග්‍රාම නිළධාරි හා ප්‍රා.ලේකම් කාර්යාලයට දැන් වුවද තවමත් සහනයක් අත්වනැත. එයට හේතුව වුයේද කුමක්ද යන්න මම නොදනිමි. අද අසරනව වියපත්ව අනාථව සිටියද මම සමාජයට විශාල සෙතක් ඉටුකලෙමි. විවිධ අධ්‍යාපනික පොත්ද,පොදු විෂයන්ට ආදාලවද පොත් ලියුවෙමි.ගමේ පොදුවැඩද මුලිකත්වය ගෙන කලෙමි.රැකියාවල නිරතව සිටින කාළය පුරාම මම නිදහස් සේවක සංගමයේ ලේකම්වරයා වසර ලණනාවක් අඛණ්ඩව කටයුතු කලෙමි. රැකියා විරහිතවු කාළයේ පෙදරේරැ,වඩු, ජලනල හා විදුලි කාර්මිකයෙකු ලෙසද රැකියාවල නිරත වුයෙමි.එසේම අදද මම ගම්වල ජනතාවගේ ඉල්ලීම්,අඩුපාඩු,යෝජනා චෝදනාද වගකිව යුත්තන්ට ඉදිරිපත් කරන්නෙමි.බොහෝ ගම්මානවල මගේ මිතුරන් සිටින නිසාත් ඔවුනගේ ප්‍රශ්න පාළකයන්ට ඉදිරිපත් කිරීම අදද කරන්නෙමි.එය ඇරඹුනේ හාල්පොළු මිරිස් පොළු වලින් ජනතා පීඩාවිඳි කාලයේ සිටමය. 2000 හේ වියපත් දමනා ලබාදීමට එවකවු ජනපතිතුමන්ට යෝජනා ඉදිරිපත් කලේද කලේද මමමය. එහෙත් වයස 74 ක්ව තිබුනද එම සහනයවත් මට තවමත් ලැබී නැත.කිසියම්වු ජීවනාධාරයක් ලබාදෙන මෙන් මා ඉල්ලා සිටින්නේ ආහාර ටික ලබාගන්නට මගක් නැතිකම නිසාමය.මටද ඒසහනය ලැබෙන්නේ නම් තවත් බොහෝ දෙය කල හැකිය. ජනපතිතුමන්ගේද රජයේද ජයග්‍රහනයට පාදකවු ජනතාකැමැත්ත ඇති කරන්නට මා මෙන්ම මිතුරන්ද කටයුතු කලේ සියුම්වු ලෙස ජනතාව අතර එයට හේතුන් සමාජ ගත කරමිනි.සාමාන්‍ය ජනතාව අපේක්ෂකයන්ගේ කතා අසන්නේ වත් පත්‍රිකා,චින්තන,ප්‍රකාශ කියවන්නේවත් නැත.ඔවුනගේ සහය ලබන්නට හැකිමග අප දත් බැවින් මෙම ජය ලබාදිය යත්තේ ඇයිද යන්න අප ජනතාවගේ සිත්තුලට ඇතුල් කලේ සියුම්වු උපාය මාර්ගයක් මගිනි. එනිසා මෙම විශිෂ්ඨ ජය අත්වු බවද සඳහන් කරනු කැමැත්තෙමි. ජනමාධ්‍ය,රැස්වීම්,පත්‍රිකා හෝ නාමපුවරැ දෑවැන්ත ක්‍රියා කාරකම් හදිසි සහන වලින් ජනතාව තමන්ට ආසන්න කරගත නොහැකි බව දේශපාලකයනට නොවැටහීම කණගාටුවකි. එහෙත් සාමාන්‍ය ජනතාව ඇසුරැ කරන අප ඔවුනගේ අදහස් මැනවින් දනිමු.යමක් කලත් පරදින්නේ එනිසාමය.මේවා මා සමාජගත කර ඇත. වසංගතය හා වසංගත නීති සංචරන සීමා,අධ්‍යාපනය,සෞඛ්‍ය පිලිවෙත්,ජනතාව මුහුන දුන් ප්‍රශ්න ආදී සියල්ලම ගැන මම ජනපතිතුමන් ,අගමැතිතුමන්,සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු රජයේ අමාත්‍යවරැන්ද දැනුවත් කලෙමි.එයට හේතුව වුයේ ජනතාවට පීඩා අත්වීම මගින් පාළකයන්ට අත්වන අප්‍රසාදය වැලැක්වීමය.ඒලිපි මගේ ඊමේල් ගොනුවේ මෙන්ම වෙබ්පිටුවේද අදත් සටහන්ව ඇත. රටේ ආර්ථිකය නංවන්නට රටෙහි ජනතාව පොළඹවන අයුරැද,සැමට දිවිමගක් හා වියට විශ්‍රාමයක් ලබාදෙන අයුරැද පාළකයනට පෙන්වා දෙන්නට මම ගම්නගර ජනතාව ඇසුරෙන් සකස් කල යෝජනා වලියක්ද ඉදිරිපත් කරන්නට මට තවම අවස්ථාවක් උදා නොවීය.එයට අවස්ථාවක් නොලැබීම කනගාටුවකි.එම පිලිවෙතට අනුකූලවු ආණ්ඩුවක් පිහිටවන්නට ජනතා සිත්තුලට එම අදහස් ඇතුල් වනු ඇත. ලො හැම රටකම දේශීය ආදායම් මාර්ග සුළු ආර්ථිකයක් නොවේ.එය එමරට බලවත් හෝ දබල කරන එකම මගයි.පිටතින්- අනනුගෙන් ලබම්න් පෝසත් වන්නට දිරිදරන පිලිවෙතක් අපරට ජනතාව පිලිනොගනී.හැම රටක්ම විදෙස් විනිමය උපයන්නේ සිය රටේ ජනතාව නිසි මගකට යොමු කිරීමෙනි.උදාහරනයක් ලෙස කිරිපිටි, සහල්,තාක්ෂණික හා විද්‍යුත් උපකරන නිෂ්පාදනය පෙන්වා දිය හැකිය.අවශ්‍ය වනුයේ එයට ක්‍රමවත්ව හා නිසි මගකින් ජනතාව පෙළඹවීමය.එසේම එයට ලොව වෙළඳපලක් නිර්මානය කර ගැනීමය.එය මා එම යොජනාවලියෙන් ඉදිරිපත් කර ඇත.පෙරදිග ධාන්‍යාගාරය ලෙස නම්දැරෑ අපේ පුංචි රට ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයෙකු කරවන්නට එම තොරතුරැ පුමානවත්ය.එසේම අපරටතුලවු එහෙත් අප අතහැර දමා ඇති විනිමය උල්පත් කොපමනද? ඒවා හඳුනා ගන්නට අපේ විද්වතුනට විදු දැනුමක් නැතිද ? එහෙත් කබලෙන් ලිපට වැටෙන තරමට අසරනවු මට අද හාල්ටික ගන්නටවත් වත්කමෙක් නැත.එනිසා කුමන හෝ ජීවනාධාරයක් මාහට ලබාදෙන්නේ නම් මට රට වෙනුවෙන් යමක් කල හැකිය.මට ඒ උපකාරය ලබාදෙන්නැයි මෙයින් යටහත්ව ඉල්ලා සිටින්නෙමි.ස්තුතියි. මෙයට- යටහත්වු අසරන මාධ්‍ය ලේඛකහා හිටපු නි.සේ.ලේකම්- නිශ්ශංක. නම- එන්.ඒ.එල්.එස්.නිශ්ශංක, පදිංචි ගම - අංක 340,කුඹල්ඔළුව - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-මීරිගම, ගම්පහ දිස්ත්‍රිකකය. ජාතික හැඳුනුම්පත් අංකය- 480763750 වී, උපන්දිනය- 1948.03.16 බලාපොරොත්තුව -ජීවත්වන්නට ජීවනාධාරයක් ලබාගැනීම E-mail –nissankanals@gmail.com /waylanka@gmail.com. Phone-0755229367

No comments:

Post a Comment

thanks you.get to us your ideas.