Powered By Blogger

Monday, January 11, 2021

ගරැඅග්‍රාමාත්‍යතුමා ලේකම් කාර්යාලය - කොළඹ

ගරැ සභාපතිතුමා -පළාත් සභාව ,ගරැ සභාපතිතුමා, ප්‍රාදේශීය සභාව-මිරීගම

කුඩා හවුල් ඉඩම් අයිතිකරැවෙකු තැනු මාර්ගය අවසන් කිරීමට බාධාකිරීම

කුඹල්ඔළුව හළලිය ගම්මානයේ සිට පහළ ගල්ගමුව හරහා ගල්ගමුව- පල්ලේවෙල මාර්ගයට සහ කීනවල දුම්රිය ස්ථානයට ඇතුළු ගම් රැසකට යාහැකිකෙටිම මාර්ගයේ මීටර් 30කට අඩුවු   ප්‍රමානයක් තුල ඉදිනොකල මාර්ග කොටස සකස් කරදෙන මෙන් මෙයින් පහත අත්සන් කරන ගමවාසීන් වන අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

විවිධවු රැකියාවන්ට දුම්රියෙන් යන කුඹල්ඔළුව හා අවට ගම්වල මගියනට ඉතාමත් කෙටිදුරකින් කීනවල දුම්රිය ස්ථානයට යාමට ඇති එකම මාර්ගයද මෙය වෙයි.පරම්පරා ගණනාවක්ම මෙම මාර්ගයෙන් යන ගමනට බාධා කරමින් නීතියානුකූල නොවු ලෙස හවුල් ඉඩමක් මැදින් සැකසී තිබු මාර්ග කොටසක් වසා දමා අවහිර කල එම ලලිත් නම්වු තැනැත්තාට විරැද්ධව මින් පෙර ප්‍රාදේශිය සභාවට හා පළාත් සභාවට පැමිනිලි කලද ඒගැන විසඳුමක් ලබාදීමට එම ආයතන අසමත් විය.

පාර වසාදැමුන මෙම කොටස හවුල් ඉඩමක් වන අතර එහි අන් අයිතිකරැවන් ඉඩම  මැදින්වු මාර්ගය තැනීමට සහය ලබාදී ඇත.මෙම ඉඩමේ වර්තමානයේ නිවාස දෙකක් ඇති අතර එම නිවාස දෙකට මැදින් වැටුන මාර්ගයෙන් ඔවුනට කිසිදු පීඩාවක් හෝ නිවාස වලට බාධාවක් හෝ ඇති නොවේ.එම නිවාස වලට පැමිනෙන මාර්ගයද මෙයම වෙයි.

දැනට එම නිවාස වලට එන මාර්ගයම එම නිවාස අතරින් මීටර 30 කට අඩු ප්‍රමානයකින් සහිත දුරකින් වු කොන්ක්‍රීට් අතුරා නිමව ඇති පහල මාර්ගයට සම්බන්ධ කිරීමෙන් මෙම මාර්ගයේ වැඩ අවසන් වෙයි.එයට බාධා කරන ලලිත් නැමැත්තා එසේ මාර්ගය තැනීමට අවහිර හා බාධා කරන්නේ හේතු විරහිතව බවද පෙන්වා දෙමු.සමහරවිට ඔහු ඊර්ෂියා සහගතවු වෛරීසහගත මානසික තත්වයකින් පෙලෙන අයෙකු වන්නටද පුළුවන.ඔහු වගාකරන කුඹුරට යන්නටද මෙම මාර්ගයම යොදාගත යුතුය.

මෙම මාර්ගය නිසා මහවෙල නම්වු කුඹුරැයාය ඇතුළු අක්කර 40කට පමන ආසන්න කුඹුරැ යායක කටයුතු වලට වාහන ගෙනයාමටද ප්‍රවාහනයටද අත්වනුයේ විශාල උපකාරයකි.එසේම මෙම මාර්ගය ඔස්සේ වාහන ගමනයට පහසුකම් ලැබීම මත බොරැග්ගමුව,බෝගහවත්ත මුද්දරගම,පල්ලෙවෙල, ආදී ගම් සමුහයකටද ප්‍රවාහනයට ඉඩ සැලසේ.එසේම වේයන්ගොඩ,පල්වෛල,මීහිරිගම ,ගම්පහ ආදි පාසැල් යන සිසුදරැදැරියනට හා වෟත්තිකයනට අත්වන ගමන් පහසුව අප්‍රමාන්විතවු පින්කමෙක්ද වෙයි.

මේනිසා හේතු රහිතව වෛරී ක්‍රෝධ සිතකින් තමනට හා අනනුට අයිති ඉඩමේ මැදින් තිබු මාර්ගය වසා දමමින් එය අවහිර කරන්නට අගල් කපමින් වලවල් කපම්න් සිය පහත්වු මානසික තත්වය ගමටම පෙන්වන මෙම පුද්ගලයා ගේ බලපෑම නවතා පොදු කාර්යයන් සඳහා ඉඩම්  පවරා ගැනීමේ ආඥා පනතට අනුව මෙම බිම් කොටස රජයට පවරා ගෙන මාර්ගය නිසි පරිදි සකසා දෙන මෙන් අප ඉතාමත් ගෞරවයෙන් ඔබතුමන්ලාගෙන් අයැද සිටිමු.මාර්ග විස්තරය හා ජායාරෑපද මෙයට යාකර ඇත්තෙමු. ස්තුතියි.

මෙම මාරගයේ එම මීටර් 30 ක පමනවු ඉඩම් කොටස හැර දෙපසින්ම පුළුල් මාර්ගයක් ලෙස ඉදිකර කොන්ක්‍රීට් අතුරා අවසන්ව තිබේ.එනමුත් එම සුළු කොටසේ දෙපස වු නිවාස දෙකින් එක් නිවාසයක වෙසෙන ලලිත් නැමැත්තා එම කොටස තුල මාර්ගය ඉදි කිරිමට විරැද්ධ විම නිසා එයට බාධාවක් මතුව ඇත.නොබෙදු එම ඉඩමේ ‍නිවාස දෙකක් ඉදිකර ඇති අතර මාර්ගය සම්බන්ධ වන්නේ එම නිවාස දෙක අතරවු විශාල බිම් ප්‍රමානය හරහා වෙයි.මෙම මාර්ග කොටස ඉදිකිරීම මත එම නිවාස දෙකට කිසිදු අලාභයක් සිදු නොවන අතර සිදුවන එකම දෙය මාර්ගය නිසා ඉඩම දෙකට බෙදීම පමනකි.

මෙම ඉඩමේ අන් අයිති කරැවන් මාර්ගය ඉදිකිරීමට විරැද්ධව නැත.එසේම මෙම මාර්ගය අතීතයේ සිටම කීනවල හා පල්ලේවෙල යන්නන් ප්‍රයෝජනයට ගත් අතර එකලද මාර්ගය සකසා තිබුයේ මෙම ඉඩම මැදිනි.

මැතකදී එම මාර්ගය තුල අගලක් කපා වතුර වලක්ද කපා මාර්ගය වසාදැමුයේ එම ඉඩමේ කෙලවරක පදිංචිව සිටින ලලිත් නැමැත්තාය.ඔහු පාර වැසු පසු වැට අයින දිගේ අඩිපාරක්න් මගීහු අදද ගමන් කරති.මෙහි එම ජායාරෑපද දක්වා ඇත්තෙමු.

තිබු සහ ගමන්කල මාර්ගය වසාදැමීම ගැන ගම්වැසියන් විසින් කිහිප වතාවක්ම ප්‍රාදේශීය හා පළාත් සහාවට දැන්වු අතර මේ දක්වාම එයට පියවරක් නොගත්තේ එවුන් අමනාප කරගෙන චන්ද අඩුකර ගැන්මට නොහැකි බැවින් යයි එම ආයතන නියෝජිතයන් ප්‍රකාශ කල බවක්ද දැන ගැනීමට ඇත.සත්‍යවශයෙන් එම නිවයින් ල‍ැබෙන්නේ චන්ද තුනකි.

එම ලලිත් නම්වු පුද්ගලයා සහ ඔහුගේ මවද බිරිඳද හැර මෙම ඉඩමේ පදිංචි හා අයිතිය ඇති අන්අය කිසිවෙකු මෙම මාර්ගයේ ඉතිරි මෙම කොටසින් මාර්ගය තනනවාට විරැද්ධ  නැත.එසේ තිබියදීද මාර්ගයට ඉඩම පවරා ගෙන එහි මාර්ගය ඉදිකරන්නට පළාත් හා ප්‍රාදේශීය සභාවන් කටයුතු නොකිරීම සියළුම ගම්වාසීන් ගේ අපුසාදයට ලක්වු කරැනක්ව ඇත.

එහෙයින් මෙම ඉඩම මැදින්වු මීටර් 30කටත් අඩු බිම් ප්‍රමානය පොදු මාර්ගයක් සැකසීම සඳහාවු රාජ්‍ය නීති බලතල අනුව පවරා ගෙන මාර්ගය තනා දෙන්නැයි අප ඔබතුමන්ලා ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

දෙපසින්ම කොන්ක්‍රිට් අතුරා සකස්කල මාර්ගයට සම්බන්ධ වන්නට බාධාවක්ව ඇත්තේ මෙම ලලිත් නම්වු අය බාධා කරන හවුල් ඉඩමයි.ඔහු හැරඅන් අයිති කරැවන් ගෙන් ිනොවැටහෙයි.ඉඩමේ අන් අයිතිකරැවන් මාර්ගය තනනවාට විරැද්ධ නොවන බවට සහතික කල ලිපිද ඇත.

වත්ත මැදින්වු මෙම මාර්ගය වසා දමන්නට හෝ මාර්ගය ඉදිකරන්නට බාධා කරන්නට මෙම පුද්ගලයාට හේතුවක් නැත්තේ එමගින් ඔහුට සිදුවන අලාභයක් නැති බැවිනි.අනිත් කරැන මෙය හවුල් ඉඩමක් වන අතර අන් සියල්ලන් පාර තනනවාට විරැද්ධ නැත.ඒනිසා පොදු කාර්යයන් සඳහා ඉඩම් පවරා ගැනීමේ නීතිය මත මෙම මීටර් 30 කට අඩු කොටස රජයට බවරා ගෙන මෙම අතීතයේ සිටම ගම්මුන් කීනවලට ගිය පාර එලෙසින්ම  සකසන්නැයි අප ඉල්ලමු.ස්තුතියි.

පාර හදාදෙන්නැයි ඉල්ලන ගම්වැසියනගේ අත්සන් ලේඛණයද යාකර ඇත.

මෙයට ගම්වාසීන් වෙනුවෙන්

නාල්ස් නිශ්ශංක,133 කුඹල්ඔළුව,වේයන්ගොඩ.(0783913621/0755229367     ----------Email – nissankanals @ gmail.com /nalsn @ yahoo.com

(නිදහස් සේවක සංගම් හිටපු ලේකම්/නිදහස් මාධ්‍යවේදී )

අත්සන් ලේඛණය

   නම                                     අත්සන                   දුරකතන

No comments:

Post a Comment

thanks you.get to us your ideas.