Powered By Blogger

Thursday, March 25, 2021

 

ප්‍රාදේශිය-පළාත් සභා වලට අප යැවිය යුත්තේ කවුරැන්ද ? පන්දම් අල්ලනවාද ? සුදුස්සන් යවනවාද ?

පක්ෂය අළුත් වුවද් පරන වුවත්- පක්ෂග්‍රාහී නොවී උගත්වුවත් නුගත්වුවත් ගමට රටට සෙතක් කලහැකි සෟජු ගතිඇති යමක් කරන්නට වෙරදරන බුද්ධිමත්අය තොරාගත යුත්තේ ගමත් රටත් රැක ගන්නත්අනාගතය ජය ගන්නත් පාළනයේ වෙනසක් අත්‍යාවශ්‍ය  වන නිසි.

අද සමහර නායකයන් සියල්ලම දන්නා පරචිත්තඥාණය හා දිව්‍යඥාණය ඇත්තන් බව පෙන්වති.ඒ අයට තමන්ගේ පෙර ආත්මයද මතකය.ජනතාව රවටන චන්දගුණ්ඩු අටවා කෙසේ හෝ බලය ලබන්නට වෙර දරන්නෝ වෙති.ඔවුනගෙන් මෙරට දුක් විඳින ගොවි කම්තරැ ජනතාවට කවදාකවත් සහනයක් අත්නොවේ.යම් දිනයක් කම්කරැවෙකු පාළකයාවී කම්කරැ ආණ්ඩුවක් පිහිටවු  දිනයක දහදිය හෙලන ජනතාවට සෙතක් අත්වනු ඇත. ජනතා අදහස් පිලිගන්නා පාළකයන් පත්කිරීමේ ඇරඹුම මෙම චන්දයෙන්ම ඇරඹිම සමානවු අයිතීන් ලැබීමට හේතුවනු ඇත.එයට ජාතිය ආගම භාෂාව වැදගත් නොවේ.

 නුදුරැ චන්දයෙන් ජය ලබාදිය යුත්තේ කාටද යන්න හිතන්න පෙර මෙතෙක් අපට ලැබී ඇති යහපත කුමක්දැයි සිතිය යුතුමය.මන්ද රටේ යහපතට අළුත් මගකට යාහැක්කන් මිස බලය ලබන්නට වෙර දරන්නන් ගෙන් අපට සිදුවන්නේ අයහපතක් පමනක් වන නිසයි.

රටේ ජනතාව ගේ දිවිය නගා සිටුවන්නටත් එක කොටසකට සීමාවු පහසුකම් අයිතීන් වරප්‍රසාද සැමටම ලබාදිය හැකි පිළිවෙතක් වත්මන් කිසිදු නායෙකයෙකු හෝ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කරනැත.සැමටම ජීවන මාර්ගයක් ඇති කරන මාර්ගයක් ඇතිකල හැකි බව දනිතත් එය නොකරන්නේ අසරනයන් පීඩිතයන් නැතිවීම චන්ද ගුණ්ඩු හැදීමට බාධාවක් වන බැවිනි.මන්ත්‍රී දිමනාව ලක්ෂයක් කරන මොහතේ එයට විරැද්ධවුයේ කවුරැද ?

පාස්කු ප්‍රහාරයේ වත්මන් තත්වය- මෙය විපක්ෂයෙන් විවෙිචනය වන අයුර අපට සිහි ගන්වන්නේ බළලුන් ලවා කොස්ඇට බෑවීමක් ලෙසයි.මන්ද තම පාළන සමයේ සිදුවු සිද්ධියට මුල්මවු කරැන වන්නේ රටේ හා මහජන ආරක්ෂාව ගැන පසුගිය රජය දක්වා ඇති නොසැලකිල්ලයි. බලය පවත්වා ගෙන යන්නට වැදගත්ම අමාත්‍යංශ තමන් යටතට පත්කර ගත්තද ඒවායේ ක්‍රියාකාරිත්වය සොයා බලන්නට නිසි පරිදි මෙහයවන්නට කාළයක් ලැබෙන්නේ නැත.ඒ අයට එකක්වත් හරියට කරන්නට ශක්තියක්ද නැත.එය පාස්කු ප්‍රහාරය සනාථ කර ඇත.

එසේම එහි වරදකරැවන්ට දඩුවම් ලබාදෙන්නට එම රජය උ්සාහ නොකලේ ඉන් තමන්ට සුළු ජාතින්ගේ සහය නොලැබෙන්නට එය හේතුවන නිසායයි ඔවුනගේ වත්මන් ප්‍රකාශයන් තහවුරැ කරන බැවිනුයි.එහි එක් ප්‍රයන්තයක් නම් කතෝලික ජනතාව රවටන ප්‍රකාශයි.අපේ බිරින්දෑවරැන් නෑදෑයන් කළුකොඩි උද්ගෝෂණයට එක්වුවා.ඒ එකකි මෙය ගැන හරියට පරීක්ෂන කරලා නැහැ වරද කරැවන් බේරන්න හදනවා එය තවකෙකි.කළුකොඩි සටනට අතහිත දුන් අය අරන්තලාවේ හාමුදුරැවරැ ඝාතනය කල අවධියේ කීවේ මොනවාද ? අමුඅමුවේ මිනිසුන් මරන ත්‍රස්තක්‍රියා මර්දනයට දිවි පරදුවට තැබු විරැවනට කල අපහාස කොතෙක්ද ? වසංගත පීඩාවෙන් ජනදිවිය අසරන වනවිට එයට පිලියම් පෙන්වා දීම වෙනුවට ආර්ථිකය කඩාවැටීම ගැන දෙඩුවේ කව්ද ?

රටේ ආරක්ෂාව ගැන නිසි අයුරින් සොයා නොබැලීම ගැනත්එම පරීක්ෂන කල නිළධාරින් ගේ අකාර්යක්ෂමව කටයුතු කල බවත් අනෙක්  චෝදනා වෙයි.දඩුවම් කරන්නට නීති ප්‍රමානවත් නැත්නම් නව නීති පාර්ලිමේන්තුව හරහා අනුමත කර හෝ දඩුවම් දිය යුතුයි කීමෙන් අදහස් කරන්නේ හිටපු නායකයන්ට හා පරීක්ෂක නිළධාරීන්ට මෙම රජය මගින් දඩුවම් ලබාදී  තමන් ගැලවීමත් කතොලික ප්‍රජාවගේ ආදරය ලබාගන්නට උත්සාහ දැරීමත් නොවේද ?

එසේම ත්‍රස්තවාදයට හා අන්තවාදයට එරෙහිව කුමන හෝ ප්‍රකාශයක් කර තිබේද ?කතෝලික ප්‍රජාව තුල සිටින්නේද මේරටේ මහ ජාතියම නොවේද ? අපේ රටේ මහ ජාතිය අතීතයේ සිටම සුළු ජාතියයයි ගැටුම් ඇති නොකලහ.ඒ හැම කොටසක්ම මහජාතිය සමග එක්ව සමගියෙන් කටයුතු කලහ.එම සුහදතාවය විනාශ කලේ බලලෝභීන් මිස රටේ මහජාතිය නොවේ.වත්මනද එම සුහදතාවය වර්ධනය වෙමින් පවතින මොහතක ආගමික ගැටළු ඉස්මතුකරන්නට වෙර දරන අයට බලය ලබාදීම රට යලිත් විනාශ කරන්නට උපකාර කිරීමක් නොවන්නේද ?

යහපාලන එජාප රජය වසර ගණනාවක්ම දුගීබව දුරැකල බැවින් මෙම රජයට දුගියන් පිලිබඳවු ගැටළුවක්ද නැත.රටපුරාම නිවාස-ගම්මාන ඉදිකර ‍දුන් බැවින් මෙම රජයට ඒ ගැටළුවද නැත.එසේම  ජනතා සහන නවතා මන්ත්‍රිදීමනාවන් උපරිමයට වැඩි කල නිසා එයද ප්‍රශ්ණයක් නොවේ.ජනතා සහනයන් හා වියපත් 2000 පමනක් නොව අසරන දීමනාවද කප්පාදු කල බැවින් මෙම රජයට ඒ ගැටළුවද නැත.ජනතාවට හෙන ගැහුවත් මන්ත්‍රිලාගේ පැන්ෂොන් එක රැක දීම හා සත්‍යග්‍රහ කරන්නට චීවරධාරින්ද හවුල් කරගත් බැවින් මේ ආණ්ඩුවට ඒ පාප කර්මය කරන්නට වන්නේද නැත.

ඇත්තටම බරපතලමප්‍රශ්ණ ටිකට විසඳුම් ලබාදී ඇති නිසා මේ ආණ්ඩුවට අළුත් මගක යාහැකිය.එහෙත් මේ ආණ්ඩුවත් ඒ ජනතා සහනත් වියපත් දීමනාවත් චන්ද ගුණ්ඩුවක් කර හමාරය.එදා කන්තොරැවක පියන්ටත් උසස්වීම් ලැබුනේ උපාධියක් තිබු නිසා නොවේ.පුහුනුව හා දැනුමක් අවබෝධයෙන්ම ලබාගත් බැවිනි.මේ ආණ්ඩුව අද රස්සාවත් දෙන්නේ උගතුන්ටය.විශේශඥයන් හටය.අවුරැදු ගණන් එකම වෟත්තියේ යෙදී දැනුමක් පුහුනුවක් ලැබු අයට ඉහල තනතුරැ අහිමිය.ඒ ප්‍රශ්න පත්තරයකට උත්තර ලියා ලබාගන්නා පදක්කම නැතිනිසාය.

අදත් පවතින පැරණි මහල් ගොඩනැගිලි තැනුවේ ප්‍රශ්ණපත්තර ඉංජිනේරැ උපදෙස් මත නොවේ.රටින් ගෙනා වාහන එංජිම ගලවා අළුත්වැඩියා කලේ ප්‍රශ්ණ පත්තර උපාධි කාරයන් නොවේ.ඉඩෝරයට වගා කරන්නට වැව් හැදුවේත් ශ්‍රීපාදස්ථානයට පාර හැදුවේත් ප්‍රශ්නපත්‍ර උපාධිදාරීන් නොවේ.එහෙත් අද කන්තෝරැවක ලිපිකරැවෙකුට ලේකම් තනතුරක් හිමි නොවේ.ඒ මේ ආණ්ඩුව ප්‍රශ්නපත්‍ර උපාධිකාරයන් හැර අන් අයට ඒවා කල නොහැකි යයි සිතන බැවිනි.එහෙත් ලොව ප්‍රමුඛ ජනපතිවරයෙකු අකුරැ උගත්තේ පත්තර කෑලි වලින් බවනම් අසන්නටලැබේ.උගත්කම උඩට ගෙන දක්ෂකම යට ගහන ආණ්ඩුවක් අසරන ජනතාවට නැගී සිටින්නට අවස්ථාක් ඇති කරතෙයි විශ්වාශ කල හැකිද ?

 මේ ආණ්ඩුව රැකියා ලබාදීමේදී


 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.