Powered By Blogger

Friday, June 11, 2021

 

අතිගරැ ජනාධිපතිතුමන්  වෙත

වසංගත තත්ව පාලනය පිළිබව ජනතාව දරන අදහස් පිළිබ  අවධානය පිනිසයි

අතිගරැ උතුමාණෙනි,

ඔබතුමන් ඇතුළු රජයේ ඇමතිතුමන්ලාද කරන ප්‍රකාශයන් මාධ්‍යයන් මගින් ජකතාව වෙත ගෙනයන බැවින් ඒවා ගැන ජනතාවද  දක්වන්නේ විශාල ප්‍රතිචාරයකි.බොහෝවිට ඉන් ජනතාවද කලකිරෙන තත්වයක් ඇතිවන බවද  රාජ්‍ය පාක්ෂිකයෙකු ලෙස මා සටහන් කරන්නේ විවේචනයකට නොව සැබෑ තත්වය පෙන්වා දීමටය. නමුත් අප දන්වන සිල්ල ඔබතුමන්හට ඉදිරිපත් වන්නේද යන්නද අප නොදනිමු.

ඔබතුමන්ලා රටේ පාළකයන් ලෙස ගනුලබන තීරන හා ක්‍රියාදාමයන් සමතුලිත නොවේ.එය සනාථ කරන්නට මෙම කරැනු ප්‍රමානවත් වනු ඇත.

1)      5000 හේ  දෛණික ආදායම් ලබන්නන් වෙත ලබාදීම්දී අදනතුරැම නොලද අසරනයන් කොතෙක්ද? 2වෙනිදා ඇරඹු එම  ගෙවීම සමුර්ද්ධිලාභීනට පමනක් සීමාවී ඇත. අන් දෛණික වෟත්තීන්හි යෙදෙන අයට එය ලබාදී නැත. එයද කොටසකට පමනක්  ලබාදීම සාධාරනවුවක් නොවේ.

2)      වියපත් 70 පසුකල මහල්ලන් ලෙන් කොටසකට පමනක් ගෙවීම කළත් අන් වියපතුනට 2000 හේ ආධාරයත් 5000 හේ ආධාරයත් යන දෙකම ලබාදී නැත. එයද සාධාරනවුවක් නොවේ.

3)      එන්නත් ලබාදීමේදී අසාදිතයන් වැඩි ප්‍රදේශයන්හි වියපතුනට මුලිකව ලබාදීමටද කටයුතු කරනැත. එන්නත නොලද අයට  ලබාදීමේදී සිදුවිය යුත්තේ අවදානම් පෙදෙස් අවදානම්න් ගලවා ගැනීමට ප්‍රම්‍රඛසථානය ලබාදීම  සුදුසුම පිලිවෙතයි.

4)      එන්නත් ලබාදීමේදී සියළුම සෞඛ්‍ය සේවකයනටද ලබාදීම වෙනුවට කොටසකට පමනක් ලබාදීමද  විරෝධාතවයකට මුලිකවු කරැනක් වෙයි.

5)      වෛද්‍යවරැන් පමනක් නොව සියළුම සෞඛ්‍යසේවකයන්ටද දීමනා ලබාදීම  නිවැරිදි පිලිවෙත වුවද එයද කොටසකට පමනක් ලබාදීමද නිවැරිදි පිලවෙත නොවේ

6)      වසංගත නීතිය හා සංචරන නීතියද  අරමුනක් සහිත ක්‍රියාවකි.ඉන් අදහස් කරන්නේ පළතකින් පළාතකට රෝගය සංක්‍රමනයවීම වැලැක්වීමයි.අත්‍යාවශ්‍යවු කාර්යයන්ට පමනක් වුවද පළාතක්න් පළාතකට යන්නන් නිරෝගී අයවීම වැදගත්ය.එනිසා එසේ යන්න්ද  රෝගීන් නොවන බවට තහවුරැවීම වැදගත්ය.එහෙත් එයද සිදු නොන බවට මාධ්‍ය වරක් හෙලි කලේය.එනම් මාධ්‍යවේදීන් දෙදෙනෙකු අහඹු පරීක්ෂනයකින් අසාදිතයන් බවට හෙලි වීමයි. එසේනම් සංචරන නීතියෙන්ද පලක් වේද?

7)      වෛද්යවරැනට පමනක් දීමනා වැඩිකිරීම වෙනුවට සෞඛ්‍යසේවයේ නිරතවන සියළුම අයට මෙම දුෂකර අවස්ථාවතුලදී පමනක් කිසියම්වු ප්‍රසාද දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව දැන්වීම වර්ජනතර්ජන නවතා දැමීමට හේතුවිනු ඇත.

ජනතාව මෙවන් තොරතුරැ ඇසීමෙන් රජයේ ක්‍රියාකාරිත්වය ගැන සෑහීමකට පත් නොවනු ඇත. ඉන් රජය කෙරේවු විශ්වාශය බිවැටීමට  හේතුවක් විය හැකිය.ජනතාව දොස් පවරන්නේ මට සහ ආණ්ඩුවට බව ඔපතුමන් අද ප්‍රකාශ කර ඇත.ඉහත කරැනු  එයට සාක්ෂියක් නොවන්නේද?

අගමැතිතුමා වීඩියෝ තාක්ෂණයෙන් නාමපුවරැ විවෟත කිරීමද ආදි කරැනු රැසක් ගැන ජනතාව සහන් කරන සියල්ලම මෙහි සටහන් නොකලද මෙවන් පීඩාදායක අවස්ථාවක ජනතාවගේ විශ්වාශය රැක ගැනීම වැදගත්යයි කිව හැකිය.

රටේ ආර්ථිකය මෙන්ම රජයේ ආදායම්ද පහලබැස ඇතිබව ආර්ථික විශේශඤයන් නොවුවද සාමාන්‍ය ජනතාව හොින් තේරැම් ගත් කරැනකි.එසේම 2030 දී රට සෞභාග්‍යමත් වනතුරැ එදාවේල හොයා ගෙන යැපෙන ජනතාවට බඩගින්නේ සිට්ය නොහැකිය.එසේම රෝගීන් වන්නටද නුපුළුවන.

එනිසා ප්‍රථමයෙන්ම අසරන ජනතාවට හා වියපතුනට 5000 හේ ජීවනාධාරය වහාම ලබාදීමට පියවර ගත යුතුමය.එසේම වියපත් සියළුම දෙනාට (අසාදිතයන් හමුවන පෙදෙස්හි පළමුව) එන්නත ලබාදීමද කඩිනමින් කල යුතුය.

රාජ්‍ය ආදායම වැඩිකර ගන්නට සාමාන්‍ය ජනදිවියට පීඩා නොවන අයුරින් සහල් සිනි තේකුඩු වැනි සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍යවලද භූමිතෙල්වලද මිළ  ඉහල නොදමා  අන්ද්‍රව්‍යවල මිළ ඉහල යැවීම ජනතා විරෝධයට ප්‍රාත්‍ර නොවනු ඇත.එසේම අත්‍යාවශ්‍යමවු පාරිභෝගික ද්‍රව්‍ය අසරනවු පවුල්වලට (සමුර්ද්ධිලාභීන්ට පමනක් නොව) හා වියපත් අයට සහන මිළකට ලබාගැන්මට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කල යුතුය.

වසංගතයත් ජලගැලීමත්,පරිසර  දුෂනයත් වැනි ජනතාව පීඩාවට පත්කල විපත්තීන් ඔබතුමන්ගේ පාළනකාළය තුල එකවරම් සිදුවීම ගැන ජනතාව කණගාටු වන්නේ ඔබතුමන්  කාරැණිකවු යහපත්වු අයෙකු ලෙස දකින බැවිනි.එනිසාම ඔවුනද  ඒ සියළුම පීඩාවන් ඉවසා ඔබතුමන්ට සහය ලබාදෙන බවනම් විශ්වාශය.

මම මෙම කරැනු ඔබතුමන්ට ඉදිරිපත්කලේ ජනතාව දරන අදහස් ඔබතුමන් වෙත දැන්වීම මගින් ජනතාවගේ විශ්වාශය රැක ගැනීමට හැකිවෙතැයි යන අපේක්ෂා වෙනි.‍එසේම මෙහි සහන් කල කරැනු හෝ ඔබතුමන් ගේ පාලනය වි‍වේචනය කරන්නටද නොවේ.එහෙයින් වරදක් ඇත්නම් සමාවද අයදිමි.ස්තුතියි.

මෙයට යටහත්වු ගම්වැසි - නාල්ස් නිශ්ශංක     11.06.2021

ගරැ ලේකම්තුමනි , මෙම ලිපිය ජනපතිතුමන්ගේ අවධානයට යොමු කිරීම එතුමන්ට සාමාන්‍ය ජනතාව දරන මත හා අදහස් දැනගැනීමට මගක් වනු ඇත.එසේම මා ඉදිරිපත් කරන ලිපිලද බව දැන්වීමද මා දිරිමත් කරනු ඇත.

මාහට අදහස් ලබාදෙන විවිධපළාත්වල අයටද එය දැන්වීම මට ඔවුනගේ සහය ලබන මග සාර්ථක වීමකි. ස්තුතියි

 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.