Powered By Blogger

Monday, June 7, 2021

අතිගරැ ජනාධිපතිතුමන්  වෙත

ගරැ ජනාධිපති පෞද්ගලික ලේකම් තුමන් මගින්

වසංගත තත්ව පාලනය පිළිබ  සහ ආධාර ලබාදීම  ගැන ජනතාව දරන අදහස් පිළිබ  අවධානය  පිනිසයි

අතිගරැ උතුමාණෙනි,

වසංගත තත්වය, පාස්කු පුහාරය , රාජ්‍ය හා ජනතා ආර්ථිකය බිවැටීම සමගම සිංගප්පුරැ නැව නිසා ඇතිවු පරිසර හානිය වැනි බරපතලවු අර්බුදයන්හා ජලගැලීමි ඇතිවීමද වැනි  දුෂකරතා  රැසක් ඔබතුමන් ගේ පාළනකාළය තුල ඇතිවීම ගැන අපරට සාමාන්‍ය ජනතාව තුලද ඇත්තේ කණගාටුවකි. එසේම මෙම සියළුම අර්බුදයන් ජය ගන්නට ඔබතුමන්ට ශක්තිය හා ධෛර්ය ලැබේවායිද සාමාන්‍ය ජනතාව ප්‍රාර්ථනය කරති.

ඔබතුමන් ‍ගේ පාළනකාළය තුල රටෙහි ජනතාවට එල්ලවී ඇති විපත් රාශිය හමුවේද ජනතා සහන සලසමින් එම විපත් දුරලන්නට දරන වෑයම සාර්ථක වන්නට තවත් උපක්‍රමරැසක් එක්විය යුතුය.එනම් අපනයන භෝග වගාව හා වීවගාවටත් මුල්තැන ලබාදීමට හා සරැ අස්වැන්නක් ලබාගැන්මට රසායණික පොහර මිහ්‍රිතවු කාබණික පොහර නිෂ්පාදනය කිරීම හා ඒවා එම ගොවියනට පමනක් ලබාදීමය. දෙවැන්න වනුයේ කල්තබාගත හැකි එළවළු හා දෛණිකව ප්‍රයෝජනයට අවශ්‍යමවු එළවළු වගාවන් ක්‍රමානුකූලවු පිලිවෙතකට රටට අවශ්‍යමප්‍රමාණයට පමනක් වගා කරන්නට පහසුකම් ලබාදීමය.එයට නීති පද්ධතියක් සහිතව  පාළනයකට යටත්ව කළයුතු කාර්්‍යයක්ද වන්නේය.(මෙම කරැනු සම්බන්ධව අප ලද තොරතුරැ මත සකස්කල යෝජනාවන් සහිත ලිපිය තැපෑල මගින් ඉදිරිපත් කරන්නෙමි )

එසේම විපක්ෂය හා රටේපාලන බලය මෙන්ම පදවි-තනතුරැ බලය ලබන්නට දිරි දරන්නන් නගන චෝදනාද සාමාන්‍ය ජනතාව එකහෙලා ප්‍රතික්ෂේප කරති.පසුගිය පාලන කාලයේදී මෙවන් පීඩාවන් රහිතවද ත්‍රස්තවාදී ක්‍රියාවන් හමුවේද ඔවුන් ජනතාව කෙරේ දැක්වු නොසලකා හැරීමද ඔවුනට අමතකව නැත.එසේම මේ සියළුම අර්බුද ජය ගන්නට ඔවුන්ද ඔබතුමන්ට සිය සහය ලබාදෙන බවද ප්‍රකාශ කරන්නේ වර්තමාන පාළන කාළයතුල සාමාන්‍ය ජනතාවගේ මුලික අවශ්‍යතා ඉටුකරන්නට ඔබතුමන් අවංකව ක්‍රියාකරන බවට වු විශ්වාශය මත බවද පැහැදිලි කරැනකි.

වත්මන් වසංගතය ගැන විවිධ මත පළකරන විපක්ෂයේ උත්තමයන්ට අසරන ජනකාවට එන්නත ලබාදීමට උපකාරයක් ලෙස පසුගිය රජය යටතේ වැඩිකරගත් බව කියවෙන ලක්ෂයේ දීමනාව  අනුකම්පා සහගතව පරිත්‍යාග කලේනම් ඉන් රජයට ලැබෙන ආධාරය ලක්ෂ 225ක් වන බවද සිහිපත් කරනු කැමැත්තෙමු.

එනමුත් ඔබතුමන් ලබාදෙන ජනතා සහනයන් ගෙන් මුලිකවු කුසගින්න නිවා ගැනීමට අසරනයන්ට ලබාදෙන රැපියල් 5000 හසේ දීමනාව සුදුසුකම් ඇති සමහර පවුල් වලට මෙන්ම වයස 70 පසුකල වියපතුනටද මෙය ලියන මොහත වනතුරැම ‍ලබාදීමට පියවර නොගැනීම කණගාටුදායකවු තත්වයකි.එහි වරද කවුරැන් ගේද යන්න සොයාබලා ඔවුනට පිහිට වන්නැයි ඉල්ලමු.

එසේම සමුර්ද්ධිලාභින් කෙරෙහි මුලිකව සහන සැලසුවද එය ඇරඹු දිනයේ සිට මේදක්වා එම සහනයන් උපයෝගී කරගෙන සියදිවිය සාර්ථක මගකට යොමු කරගත් සංඛ්‍යාව 2% ක්වත් නොමැති තරම්යයි සඳහන් වෙයි.එසේම අවිවාහකයනටද සමුර්ද්ධිය ලබාදී තිබීම ගැනද සමුර්ද්ධිලාභීනම දොස් පවරති.එමනිසා සමුර්ද්ධිලාභීන් ගැන යලිත් විමර්ශනය කර සුදුස්සන්ට හා ඔවුනට සිය දිවිමග සාර්ථක කර ගන්නට උපදෙස් ලබාදීමද එයට නීතිමය මාර්ගයන් එක්කිරීමද අවශ්‍යම කැරනක් බවට පත්ව තිබේ.මා පෙර ලිපියකින්ද ඉදිරිපත්කල කරැනු අනුව වියපත් දීමනාවද සුදුස්සන්ට පමනක් ලබාදිමට යලි පියවර  ගතයුතුව තිබේ.( සාමාන්‍ය ජනතාව අතරින්ම නැගෙන මෙම අදහස් මාවෙතට ලැබෙනුයේ මා ඒවා වගකිව යුත්තන්ට දන්වන බව ඔවුන් දන්නා බැවිනි )

මෙම සමහර ජනතා අදහස් ඔබතුමන් ගේ අවධානයට යොමු කිරීම මා  කරන්නේ ඉන් මට පෞද්ගලිකව පීඩාවක් ඇති වේදැයි බියකින් වුවද එම කරැනු වැදගත්මය.පෙර රජයේ පාළනය තුල විවිධවු අමාත්‍යංශ රැසක් එක් අයෙකු යටතට පත්කිරීමෙන්වු ඇතිවු ප්‍රතිපලය වුයේ ඒවායේ කාර්යභාරයන් නිසි පාලනයකින් සිදු නොවීමය.එය පාස්කු ප්‍රහාරයෙන් සනාථව ඇත.එසේම ඇමතිකම් කිහිපයක් දරන ඇමතිවරයෙකුට ඒවා නිසි පාලනයකින් කල නොහැකි බව ජනතා මතයයි.එය සටහන් කලේ එයත් විපක්ෂයේ විවේචනයට ප්‍රාත්‍රව මතු ඇතිවිය හැක් ප්‍රතිපලයන් 2015 දී සිදුවු දේම යලි සිදුවිය  හැකි බැවිනි.

පාළකයන් හෝ ආණ්ඩු පනවන හැම නීතියකින්ම සහනයක් හෝ පීඩා ලබන්නේ ජනතාවයි.එසේම එම නීතිය නිසා ජනතාවට පීඩාවන් ඇතිවනවිට නීතියට පටහැනි වීමද සාමාන්‍ය දෙයකි.එවිට පාළකයන් කෙරේ ඇතිවන්නේ කළකිරීමකි.ජනතා සහනයන් හා ඔවුනගේ කාර්්‍යයන්ට සහය දෙමින් ක්‍රියාත්මක වන නීතියට ජනතාවද සහයවෙති.

ගංවතුරින් වීවගාවට පමනක් නොව පහත් බිම්වලවු බෝග වගාවන්ද විනාශවිය.පොහර වැඩිමිළට විකුණන අය ගැන මාධය මගින්ද හෙලිකලද ඒවා වැටලීමක් සිදු නොවීය.එසේම වත්මන සිදුවන විපත් වලදී රජය කරන ප්‍රකාශ පිලිනොගන්නා බව සනාථ වන තවත් කරැනක් නම් නැව සම්බන්ධව කොමිසමක් පත් කරන මෙන් ඔබතුමන් වෙත ඉදිරිපත් කල ඉල්ලීමයි.මෙයින් සනාථ වන්නේ ජනතාව ඒකමතිකව තමන් විසින් පතකරගනු ලැබු ජනපතිතුමන් ගැන මිස රජය කෙරේවු විශ්වාශය බිඳවැටුනු බවයි

එසේම සාමාන්‍ය ජනතාව මෙවන් අවස්ථාවක දරන මතයන් හා ඔවුනගේ ප්‍රතිචාරයන් කෙසේද යන්න දැනගැනීමටත් ජනතාවට සිය අදහස් සෟජුවම ඔබතුමන් වෙත දැන්වීමට වාචික හා ලිඛිත මාර්ගයක් සලසන්නේ නම් වඩාත් සුදුසු බව අප සිතමු. එයට හේතුව පාළකයන් ගනුලබන සියළුම ක්‍රියා මාර්ගයන් නිසා ඇතිවන ප්‍රතිපලයන් භුක්ති විින්නේ සාමාන්‍ය ජනතාවම වන බැවිනි.තැපෑලට වඩා පැක්ස් හා ඊමේල් ක්‍රමය වැඩදායකය.දුරකතන ඇමතුමද ප්‍රතිපල විරහිතය.

වත්මන් වසංගත පාළන තත්වය ගැන - සංචරන නීතියද සෞඛ්‍ය උපදෙස්ද මෙතරම් දැඩිව පිලිපද්දීද රෝගින් බහුලවීමට හේතුව කුමක්ද යන්නද ජනතාවට ගැටළුවක් වී ඇත. මෙසේ හමුවන රෝගීන්  කොවයිඩ් අසාදිතයන්ද නැත්නම් වත්මන් දේශගුණික හා පරිසර තත්වයන් මත ඇතිවන සෙම්රෝග,කැස්ස,ඇදුම  උගුරේ සෙම් ගෙඩි හා ශ්වසන රොගයන් නිසා රෝගී වන්නන්ද යන්නද ගැටළුවකි. අපරටතුල අතීතයේ සිටම මෙවන් අසාදනයන්ට ආයුර්වේද ඖෂඨ නිපදවුන අතර පස්පංගුව වැනි සාමාන්‍ය ප්‍රතිකාරද භාවිතයේ පැවතින.එසේම මෙවන් රෝගයන් මත දිවි අහිමිවුවන් ගැනද කොවයිඩ් ඇති වන්නට පෙරද අසන්නට ලැබින.

සත්‍ය වශයෙන්ම අද ගම්වල නාුනන අමුත්තන් පිලිගැනීමක්ද සිදු නොවේ.බැහරවී සිට පැමිණෙන ගම්වල අය ගැනද ජනතාව තදින් අවධානය යොමු කරති.දරැවන් පවා පිටස්තර අයහා ඇසුරින් මුදවා ගැන්මට ඔව්හු කටයුතු කරති. තම අවශ්‍යතා සියල්ලම හුරැපුරැදු වෙළසැල් වලින් ලබා ගන්නවා මිස නගරයට යාමෙන්ද වැලකෙති. පිටස්තරව පැමිණෙන ජංගම අලෙව්රථ වලින් ආහාරද්‍රව්‍ය හා මස්මාළු මිළයට ගැනීමද ඉතාම අඩුය.

එනමුත් සාමාන්‍ය ජනතාවට ඇති බරපතගම ප්‍රශ්නයන් වන්නේ දෛණිකව මුදලක් උපයා ගැන්මට මගක් නැතිවීමය. මේනිසා ආහාරද්‍රව්‍ය සපයා ගැන්මට මගක් නැතිව විින පීඩාවද බලවත්ය. බොහෝ ගෙවල බතක් ඉදෙන්නේ දවසටම එකවරකි. මෙම තත්වය සිරැරේවු ප්‍රතිශකතීකරනයටද බලපාන බව ඔවුන් නෙදනිති.එහෙත් මුදල් නැති ඔවුන් කෙසේ යැපෙන්නද ?

වසංගතය පැතිරීම වලක්වන්නට නියත විසුමක් ලෙස අප දකින්නේ මෙම ක්‍රමයයි. අසාදිතයන් හමුවන ගම්වල සියළුම දෙනාටප්‍රතිශක්තිකරන එන්නත ලබාදීම පලමුව කලයුතුය. රෝගය බෝවීම වැලැක්වීමට හා පැතීරීම වැලැක්වීමට  මෙම යෝජනා කෙරෙහිද ඔබතුමන්ගේ අවධානයට යොමු වෙතැයි සිතමු.

1)   සෞඛ්ය උපදෙස්  සහ සංචරන නීතිය නොපිලිපදින සියළුම අයට එරෙහිව නඩුපැවරීමට අමතරව ඔවුන් සියල්ලන්ම දින 14 ක නිරෝධායනයට පත්කරන බව නිවේදනය කිරීම.

2)   කිසියම්වු ආකාරයකට එක්රැස්ව පවත්වන සාදයන්ට උත්සවයන්ට සති දෙකකටපෙර  ඒසඳහා  එම ප්‍රදේශයේ පොළිස් මුලස්ථානයෙන් නීතියාණුකූලව අවසර ලබාගත යුතු බවද , එසේ නොමැතිව පවත්වන සාදයන්,උත්සවයන්,රැස්වීම් සංවිධානය කරන්නාවු අයට සහ සහභාගිවන්නන්ට ඇප ලබානොදෙන බවද දින 14ක් වසංගත නීරෝධායන ආයතන වල රඳවා තබන බවද, වසංගත නීත්ය උල්ලංගණය කිරීමේ වරද යටතේ නඩු පවරන බවද ප්‍රකාශයට පත්කල යුතුය.

3)   වත්මන් සංචරන නීතිය නිසා සාමාන්‍ය ජනතාවද ඔවුනට අවශ්‍යවු විටමින් වර්ග,බෙහෙත් වර්ග මිළයට ගන්නට පාමසි වෙත යාමට බියව ඇති බැවින් ඔවුනට එයට සහනයක් ලබාදිය යුතුය.

4)   ගම්වල හා නගරවල සමහර වෙළඳුන් සිය වෙළඳසැල් විවෟත කිරීමට බලපත්‍ර ලබාගෙන ඇති බවද එනිසා සිය වෙළඳසැල් සම්පුර්ණයෙන්ම විවෟත කර ඇතිඅතර එහි නිකරැනේ ගැවසෙන පුමානයද ඉහළය. මින් සිදුවන්නේ නීතිය නොසලකා හැරීමයි.එනිසා බලපතු ලැබුවද වෙළඳසැල සම්පුර්ණයෙන්ම විවෟත කිරීම තහනම් කලයුතුමය. එසේ නොකලහොත් වසංගතය පාලනය කිරිමට ගත් සියළු උත්සාහයන් යලිත් අසාර්ථක විය හැකිය.භාණ්ඩ අලෙවියට වෙළඳසැල් සම්පුර්නයෙන්ම විවෟත කිරීමේ අවශ්‍යතාවයක් නැත.

5)   වෛද්‍ය උපදෙස් හා සංචරන සීමාවන් වසංගත රෝගීන් ගේ ප්‍රමානය අඩුවුවද වසර දෙකක්වත් පවත්වා ගෙනයාම අත්‍යාවශ්‍ය බව සාමාන්‍ය ජනතාවගේ මතයයි.එය සනාථ කරන්නට ජනතාවට අවස්ථාවක් ලබාදිය හැකිය.එනම් ග්‍රාමනිළධාරි මගින් ජනතාව වෙත ඒ පිළිබඳවු පත්‍රිකාවක් ලබාදීම මගින් සිය අදහස් ප්‍රකාශනයට අවස්ථාවක් ලබාදීම මගිනි.එය අධික වියදම් සහිතවුවක් නොවේ

6)   වීදුරැ හෝ ප්ලාස්ටික් ආවරන පැළඳුවද මුවවැස්මද පැළඳ සිටීම අනිවාර්්‍ය කිරීම සහ රෑපවාහිනී මාධ්‍යයන්හි සාකච්ඡා වලදී මුවවැස්ම පැලඳසිටීම අනිවාර්්‍ය කිරීම.(අවවාදයට වඩා  ආදර්ශය වැදගත්ය.)

7)   සියළුම මාධ්‍යනාලිකාවන්හි සජීවී  රියල්ටි සංදර්ශන  හා කන්ඩායම් එක්ව කරන සියළුම කාර්යයන් වසංගත තත්වය පහවනතුරැම අත්හිටුවීම. ( එම කාළය ජනතා ආර්ථිකය නංවන සහ අධ්‍යාපනය නංවන කාර්යයන්ට වෙන් කරවීම)

8)   දැනට පරීක්ෂාවට භාජනයවු බව සනාථ කරන ස්ථිකරය එම වාහනය  ධාවනය කරනු ලබන නිශ්චිත ස්ථානය පිහිටි නගරය හා පළාතට පමනක් සීමා කිරීම සඳහා වර්ණය හා අක්ෂරයක් සහිත වෙන ලෙස සකස්කරීම (මෙමගින් ස්ථිකරය අලවා ගෙන යාහැකි ගමන් සීමාවෙයි. උදා; කොළඹ යන අයට කොළඹට පමනක්ද නුවරට යන අයට නුවරට පමනක්ද ධාවනය කළහැකිය.)

9)   අසාදිත බවට සැක සහිතරෝගීන් අසාධ්‍ය තත්වයක නොවේ නම් නිවාසයේම නිරෝධායනයට පත්කිරීම සහ ඔවුනගේ ආශ්‍රිතයන්ට එන්නත ලබාදීමට පියවර ගැනීමද යහපත්ය.

10)වගකීමක් දැරිය හැකි දේශීය හා බටහිර වෛද්‍යවරැනනට  සාමාන්‍ය රෝගයන්ට ප්‍රතිකාර ලබාදීමට අවසර ලබාදිය යුතුය. (  එයට හේතුව වනුයේ වත්මන් පරිසර හා දේශගුණික තත්වයන් මත සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස, සෙම් රෝග,ඇදුම ආදී රෝගී තත්වයන් මතුවීමයි.වත්මන නගරයට හෝ රෝහලකට යෑමද අපහසු බැවිනි.)

11)සාමාන්‍යයෙන් වර්තමානයේ දෛණික ආදායමින් යැපෙන අය හා පිලිසරනක් නොලබන වියපත් අයද නිවසෙන් බැහැර වන්නේ නීතියට පිටුපෑමට නොවේ. ජීවත් න්නට මුදලක් සොයා ගන්නටය. එයට පිලිසරන වියහැකි මාර්ගද තිබේ.

12)අපේ දේශීය වෛද්‍යවරැන් ඖෂඨ නිපදවුයේ ඈත අතීතයේ සිටය.ඒවායින් අතුරැ ආභාධද ඇති නොවීය. මා මෙයට පෙර ලිපියකද ඔබතුමන්ගේ අධානයට යොමුකල පරිදි අපේ දේශීය හා බටහිර ‍වෙදමහත්වරැනට දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රමයන් සමග දේශීය ඖෂඨ වරග නව තාක්ෂනය උපයෝගී කර ගනිමින් අපේ මිනිසුන්ගේ ජීවන රටාවට අාහාරපාන .දේශගුණය හා මෙරට මිනිසුන්ගේ ශරීරයට ගැලපෙන ඖෂඨ හා එන්නත් නිපදවිය හැකිය  

13)ශල්‍යවෛද්‍යවරැනට හැර අත්දැකීම් ප්‍රායෝගික පුහුනුව අපරට විශේශඥවෙදදුරන්ට  පවා නැත.එසේම ඖෂඨ හා එන්නත් නිපදවන්නට වෑයම් කරන අයට එයට අවස්ථාව ලබාදිය යුතුය.යම්වු රෝගයකට ප්‍රතක්ෂ්‍ය ඖෂඨයක් අපරට තුලම නිපදවන්නට උත්සාහයක් ඇති පර්යේෂකයන්ටද එය පිටුවහලකි. කෝටි ගණනක විනිමයද රැකෙන මගකි.ආර්ථිකයටද සෙතකි.

14)බටහිර  හා දේශීය ඖෂඨ වර්ගයන්හි වෙනස නුතන තාක්ෂනය යොදා ගනිම්න් ක්ෂණිකව ශරීරයට අවශෝෂනය වන ඖෂඨ නිපදවීම පමනකි.එහෙත් ශාකමය ද්‍රව්‍ය උපයෝගී කරගෙනද එසේඖෂඨ නිපදවිය හැකි බැවින් නුතන තාක්ෂණික උපකරන සහිතවු ඖෂඨ නිෂ්පාදනා ගාරයක් පිහිටුවීම එම දෙපාර්ශයටම සිය දස්කම් පෙන්වීමට සේම කෝටි ගණනක විනිමය රැකීමට මගක්ද වෙයි.

15) මෙම කරැනු සම්බන්ධව සැකසු ලිපියක් පසුව ඉදිරිපත් කරමි.

ජීවනාධාර මුදල් ලබාදීම-

1)      තවමත් අසරනවු දෛණික ආදායම් ලබන සමුර්ද්ධි ආධාර රහිතවුවන්ට හා වහස 70 පසුකල වියපතුනටද 5000 හේ ජීවනාධාරය ලබාදී නැත.එය ජනතාව පීඩාවට පත් කිරීමකිඒ සඳහා වහාම කටයුතු කරන මෙන් ඉල්ලමු

2)      සමහර රජයේපක්ෂ සමිති මෙහයවන්නන් 5000 නොලැබුවන්ගේ ලැයිස්තු සකසන බවත් සියල්ලන්ටම ලබාදෙන බවත් කියන බව හෙලිව ඇත.එයද අසරනයන් මුළා කිරීමක් සේම නුසුදුසු අයට ලබාදෙන උත්සාහයක්්ද විය හැකිය.

3)      මෙවන් සමහර පුද්ගලයන්ට ලක්ෂ ගණනින් බැංකුවල මුදල් ඇති බවද සමහරැන් වාහන හිමි ධනවතුන් බවද එය සඟවා වියපත් දීමනාව මෙන්ම  මෙවරද සමුර්ද්ධිලාභීන්ට දෙන 5000 ලබාගෙන ඇති බවද ගම්වල අය කියති.වහාම එහි සත්‍යතාවය විමසා වංචණිකව ආධාර ලබා ගැනීම ගැන දඩුවම් ලබාදීම සුදුසුය.

4)      සමුර්ද්ධි ආධාර ක්‍රමයෙන් සිය ජීවන තත්වය සකසාගත් අය නැත.ඒ වෙනුවට සෟජුවම ආදායම් මාර්ග ඇතිකර ගතහැකි ක්‍රම රාශියක් ජනදිවියේ ඇත.කිසිදාක රැකියා නොකළ එමඅය දක්වන අදහස් සහිත යෝජනාද ඉදිරිපත් කරමි.

5)      වර්තමානයේ සමුර්ද්ධි ආධාර ලබන අය අතර අවිවාහක අයද සිටින බවත් එසේ  සමුර්ද්ධිය ලබාදී ඇත්තේ එම නිළධාරින්ගේ හිතවත්කම මත බවත් කියවෙයි.මෙවරද 5000 දීමනාවද ඔවුන් ලබාගෙන ඇත.එය ගැන ආදාල සමුර්ද්ධි නිළධාරින් මගින් කරැනු සොයාබලා නුසුදුසු අය ඉවත් කිරිමට කටයුතු කිරිමට කටයුතු කරන මෙන් ජනතාව ඉල්ලා සිටී.

ආහාර හා සහල් මිළ පාලනය

1)      රැපියල් 90 කට අලෙවි කල නාඩු කිලෝව අද රැපියල් 130 කි.මෙයද දෛණික මුදලක් උපයන අයට පීඩාවකි.වෙළඳුන් කියන්නේ තොගවෙළඳුන් මිළවැඩි කල බවය.

2)      මෙවන් අත්‍යාවශ්‍ය සියළුම ආහාරද්‍රව්‍ය හා එළවළු මිළ ගණන් පාළනයට යම්වු මැදිහත් වීමක් ජනතාව පතති

3)      ගම්වල හා නගරවල සමහර වෙළඳුන් සිය වෙළඳසැල් විවෟත කිරීමට බලපත්‍ර ලබාගෙන ඇති බවද එනිසා සිය වෙළඳසැල් සම්පුර්ණයෙන්ම විවෟත කර ඇතිඅතර එහි නිකරැනේ ගැවසෙන පුමානයද ඉහළය. මේනිසා වසංගත නීතියද ජනතාවට අමතකව ඇති බව පෙනේ. බලපත්‍ර ලැබුවද වෙළඳසැල් සම්පුර්ණයෙන්ම විවෟත කිරිම තහනම් කල යුතුමය.

-ජනතා ආර්ථිකය ශක්තිමත් කිරීම

1)      රාජ්‍යආදායම ලබන්නේ බදුආදායම මත බැවින් එවන් ආයතන වසාදැමීම පුද්ගල ආදායම හා රාජ්‍ය ආදායම් වැලකීමට හේතුවකි ළුම ආයතන වලට එන්නක ලබාගත් සේවකයන් යොදා ගනිමින් සිය සේවාවන් හා නිෂ්පාදනයන් ඇරඹීමට අවසර දිය යුතුය.

2)      හැම ආයතනයකම සියළුම සේවකයන්ට කොවයිඩ් ප්‍රතිශක්තිකරන එන්නත ලබාදීම සඳහා එම ආයතන වලින් එන්නතට වැයවන මුදලින් භාගයක් පරිත්‍යාගයක් ලෙස ලබාගත යුතුය.

3)      අවශ්‍යම නම් හැම අයෙකුටම මුදල් ගෙවා එන්නත් කරවා ගැනීමට මාර්ග සැලසීම සුදුසුය.එහෙත් එන්නත ගෙනවීම හා ප්‍රතිශක්තිකරනය ලබාදීම රජයේ පාළනය මතම සිදුවිය යුතුය.

4)      සාමාන්‍ය අයට එන්නත නොමිලේ ලබාදීම අඛණ්ඩවම කල යුතුය.

5)      ජනසවිය,දිවිනැගුම,සමුර්ද්ධිය ආදීය පමනක් නොව වියපත් දීමනාවද චන්දගුණ්ඩුවක් බවට පත්වු ක්‍රමවේදයන් වෙයි. මෙම  ක්‍රමවේදයන් සියල්ලම එකම පාළනයක් යටතේ ක්‍රියාත්මක කරන අයුරැ අප ඉදිරිපත් කරන්නෙමු.

ලොව කවර රටකවත් සිදුනොවු සමාජ ජනජීවිත පෙරලියක් කරන සැලසුම් ඉදිරිපත් කරන්නට අප කටයුතු කරමු.ජනපති උතුමන් ජනතාව උසස් ජීවන තත්වයකට පත් කරන්නට හා ණයනැති රටක් බිහි කරන්නට දරන උත්සාහයට මාහටද කිසියම් ආකාරයක සහයවීමට ලැබීමද සතුටකි.එසේම මා ඉදිරිපත් කළේ ජනතාව දක්වන අදහස් තුලින් එක්කල  යෝජනාවන් වෙයි.

ස්තුතියි  මා නාල්ස් නිශ්ශංක

 

විශේෂවු සටහනකි.

ගරැ ලේකම්තුමනි , 74 වියේවු මාහටද තවමත් 5000 අසරන  දීමනාව ලැබී නැත. මා මෙම කටයුතු කලද ජීවත්වන මාර්ගයන් නැති ඉඳහිට කරන කුළියකින් මුදලක් උපයා ගන්නා අයෙකු වෙමි.

එමනිසා අසරන මටද මෙම 5000 දීමනාව ලබාදෙන මෙන් දන්වා සහනයක් ලබාදෙන  මෙන් ගෞරවයෙන් ඉල්ලමි- ස්තුතියි

නම-  N.A.L.S.නිශ්ශංක   හැඳුනුම්පත් අංකය-480763750 V  ,උපන්දිණය-1948.03.16  ගෟහ අංකය 133,  ගම- 340-කුඹල්ඔළුවමීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -මීරිගම.ගම්පහ දිස්ත්‍රික්කය

 

 

 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.