Powered By Blogger

Thursday, June 10, 2021

 

 

ගරැ   සෞඛ්‍ය කටයුතු භාර අමාත්‍යතුමිය වෙත

වසංගත තත්ව පාලනය පිළිබව ජනතාව දරන අදහස් පිළිබ  අවධානය පිනිසයි

ගරැ  ඇමතිතුමියනි,

වසංගතයත් ජලගැලීම් හා පරසර විනාශයත් වැනි අවාසනාවනිත රැසකට එකවරම ජනතාව  පත්වීම අපේ රට  ඛේදජනක තත්වයකට පත්කරන මහත්වු විනාශයකට පත්වීමකි.වසංගත හා සංචරන නීති පද්ධතියකට යටත්ව ආදායම් මාර්ගයන් වැසී දෛණික රැකියා  අහිමිවී ජීවත්වීම අපහසුවු මෙවන්කාළ සිමාවක රටේ හතරෙන් තුනක් පමනවු ජනතාව සිය පීඩාවන් අමතක කර වසංගතය නිමා කරන්නට උපකාරී වුහ.

මා මෙහි සඳහන් කරන කරැනු ජනතාව දක්වන අදහස් මත ලියවෙන කරැනු වෙයි.ඇත්තම තත්යත් ජනතාව දක්වන ප්‍රතිචාරයත් ඔබතුමන්ලාට දැන්වීම 2015 සිදුවු ජනතා ක්‍රියාකාරිත්වය නැවත ඇතිවීම වලක්වන්නට රාජ්‍ය පාක්ෂිකයෙකු ලෙස මම කටයුතු කරන්නට අදහස්කලේ ප්‍රතිලාභ පතමින් නොවේ.ජීවිතය රැක ගන්නට වයපතුනට දෙන ජීවනාධාරය පමනක්වත් මට ලබාදීම මා පතන එකම සහනයයි.

හාල්තුනපහ ටික ගන්නට මුදල් නැතිව දුක් විඳින  ජනතාවගෙන් වැඩි කොටසක් දෛණික ආදායම් ලබන්නන් වෙති. එක වේලක් ලොකු මැල්ලුමක් හදාගෙන ඔවුන් කුසගින්න නිවාගත්තේ ප්‍රතිශක්තිය වැඩිකර ගන්නට නොව තුට්ටුදෙකක් හොයා ගන්නට මගක් නැතිනිසාමය.ලංකාවේ කවුරැවත් කුසගින්නේ මලේ නැතැයි සමහර දේශපාළකයන් කීයන්නේ එය දැනදැනම බව නොදන්නේ ඊයේ උපන් දරැවෙකු පමනි.මෙතරම් පීඩාවන් ලබමින් නීතියට යටත්ව ඔවුන් කටයුතු කලේ වසංගතය රටින් තුරන් කරන්නට ඇති අවශ්‍යතාවය නිසාමය. එහෙත් සිදුවන්නේ කුමක්ද?

5000 හේ ජීවනාධාරය නොලැබු අයට එය ලබාදෙන බවට සමිති කාරයන් නම්ලැයිස්තු සකසන තත්වය බිහිවුයේ ඔවුනටද ගම්වැසියනට මුහුන දෙන්නට හා තමන්ටද එය ලබාගන්නට අවශ්‍ය නිසාය.එහෙත් ඔවුන් අසරනයන් නොවේ.

වත්මන් රටේ පවතින වසංගතය,ගංවතුර, පරිසරහානිය වැනි අභාග්‍ය සම්පන්න සිදුවීම් රැසකට මුහුන දීමට අද අපරට ජනතාවට සිදුව ඇත. දෛණිකව මුදලක් උපයා ගෙන ජීවත්වන අප හැම ජීවිතය රැක ගන්නට දරන වෑයම සමහරවිට ඔබතුමන්ලා නොදන්නවා  වන්නට පුළුවන. එයට පිළිසරනක් ලෙස ලබාදෙන රැපියල් 5000 ජීවනාධාරයවත් සමුර්ද්ධි නොවු  අසරන පවුල් වලට හා වියපත්ව අසරනව සිටින මහල්ලන්ටද තවම ලැබී නැත. තත්වය එසේ තිබියදී රටේ පවතින වසංගත හා සංචරන නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බව මාධ්‍ය නිරතුරැව පෙන්වා දෙති. එනිසා  එම නීතිවල දුර්වලතාවයන් යලි සකස්කර ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යම වෙයි.

වසංගතය නිසා තුට්ටු‍දෙකක්  හොයා ගන්නට මගක් නැති අසරනයන් සිය දරැපවුල් රකින්නට කුමක් හෝ මගක් ලබන්නට මාර්ගයේ ගියොත් ඔවුනට දඩුවමක් හිමිකර දෙන්නට නිතිය ක්‍රියාත්මක වුවද සංචරන නීතිය කඩකරමින් කොළඹ සිට ගාල්ලට ගිය අයට දඩුවම් නැත.ඒ ගියේද වාහන හිමි ධනවතුන් නිසා වීමත් ගාල්ලේ උන් මළත් අපි නොමැරී ඉන්නට වු අදහස නිසා බවත් කිව හැකිය.එලෙස ගිය වාහන ප්‍රමාණය 100 කට වඩා වැඩි බවද පෙන්විනි.මෙමගින තහවුරැ කරන්නේ නීතිය දුබලයන්ට පමනක් බවද?

මැරෙන්නට බිය ධනවතුනට සංචරන සීමාව හෝ දඩුවම නැත.ඒත් බේත් ටික ගන්නට නගරයේ පාමසියට යන්නට වියපතුනට මගක් නැත.අම්මාතාත්තා දුදරැවන් බලන්නට බලන්නට වත් සාමාන්‍ය ජනතාවට දිස්ත්‍රික්කයෙන් පිටවිය නොහැකිය.නිතිය කාටත් සමාන නොවීම පාළකයන්ට ජනතාව එරෙහිවන මගක්විය හැකිය.මෙය රජයේත් ජනපතිතුමාගේත් අවධානයට යොමුවිය යුතුමය.නිතියේ දුර්වලකම් හා අසමානත්වයන් දුරලා කටයුතු කිරීමට පියවර ගත යුතුය.

1)        කවර හේතුවක් මත හෝ තම දිස්ත්‍රික්කයෙන් පිටතට යාම වැලැක්විය යුතුමය.එන්නත් ලබාගන්නටවත් යාමට අවසර නොදිය යුතුය.මෙලෙස යන්නන් අසාදිතයන් නම් එමගින් රෝගය පැතිර යාහැකි බැවිනි.

2)        දිස්ත්‍රික්කයෙන් පිටත දිස්ත්‍රික්කයකට යා හැක්කේ එන්නත් ලබාදෙන වෛද්‍ය කාර්යමංඩලයන්ට,පොළිසිය හා ත්‍රිවිධ හමුදාවට පමනක්වීම ප්‍රමානවත්ය. ආහාරද්‍රව්‍ය ප්‍රවාහනයට අවසර දිය යුත්තේ එම කාර්යෙහි යෙදීසිටි  වෙළුන්ට පමනකි. එයද සීමා සහිතව ක්‍රියාත්මක විය යුතුය.

3)        එම දිස්ත්‍රික්කය තුලම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට අවසර ලබන අයට විශේෂිත හේතු රහිතව වෙනත් දිස්ත්‍රිකකයකට යාමට අවසර නොදිය යුතුය.

4)        සිටිකරයද ඒ  දිස්ත්‍රික්ක අනුව හා කාර්යයන් අනුව වෙනස් විය යුතුය.

5)        එන්නත් මුදල් ගෙවා ලබාගන්නට කැමති අයට ඒසහා අවස්ථාව ලබාදිය යුතුය.එයද  එම දිස්ත්‍රික්කයට පමනක් සිමාවිය යුතුය.එවිට නිතිය කඩකිරීම හා වංචණික ක්‍රියා සිදුනොවේ.

6)        සමාගම්,වෙළව්‍යාපාර,ගාමන්ට්,පුද්ගලික ව්‍යාපාර ආයතන වලට එම ආයතනයේ මුදලින් සිය සේවකයනට එන්නත ලබාදීමට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුය.එනමුත් එන්නත ගෙනවීම හා සන්නත් කිරීම රජය මගින් පමනක්  සිදුවිය යුතුය.

7)        ගම්වල හා නගරවල කිසියම් වෙළසැලක් විවෟත කරන්නට බලපත් ලබා දුන්නද එම වෙළසැල් සම්පුර්ණයෙන් විවෟත කිරීම තහනම් කල යුතුය. වෙළාම් කටයුතු කරන්නට සුදුසු කව්ළුවක් සකසා ගැනීමට නියෝග කලයුතුය.හෝටල්,ආපානශාලා සහ පිසු ආහාර  ආහාර වෙළාමටද එය ප්‍රමානවත්ය

8)        වසංගත නීතිය හා සංචරන නීතිය කඩකරන රැස්වීම්,සාද,උත්සව  වලට සහභාගි  වන්නන්ට ඇප ලබා නොදෙන  බවත් දඩුවම් ලබාදෙන බවත් දින 14ක් නිරෝධායන කවුරැ වලට යවන බවත් ප්‍රකාශ විය යුතුය.

9)        රෑපවාහිනී මාධ්‍යයන්හි සජීවී කුමන වැඩ සටහනකදී වුවද මුහුනු ආවරනපැළඳුවද මුවවැස්ම පැළඳීම අනිවාර්්‍ය කළයුතුය.රියල්ටි,මාධ්‍ය රැස්වීම් වලදී මුවආවරන රහිතවුවන්ට දඩුවම් ලබාදිය යුතුය.

එසේම ‍ජනතාව පවසන මෙම කරැනු සම්බන්ධවද පැහැදිලි කිරීම වැදගත්යයි පෙන්වා දෙමු.

1)        සමතීත්ෂෝශන කලාපයක පිහිටි අපරට තුල සිදුවන පාරිසරක හා දේශගුණික තත්වයන් අනුව සෙම්රෝග,සෙම්ගෙඩි,කැස්ස,ඇදුම, ශ්වසන ආබාධ ගැන නිතර අසන්නට ලැබේ.ඒවාට අතීතයේ සිටම දේශීය ‍ෙඖෂඨ නිපදවා තිබිනි.එවන් රෝගීන් අසාදිතයන් ලෙස සැලකේද?

2)        වර්තමානයේ මනුෂ්‍යයන්ගේ පරමායුෂ අවුරැදු 80 ක් පමනක් බවට ප්‍රසිද්ධවු කරැණකි.යමෙකු එම වයස පසුකරන්නේ ඔවුනගේ පිලිවෙත් මතය.එසේම යමෙකු ජීවත්ක්ෂයට පත්වීමේදී සිදුවන්නේ  ශ්වසන මාර්ගයන් අවහිරවීම මතය. එය රෝගයක් වන්නේ කෙලෙසද ? වසංගතයට පෙර වයස 80ට ආසන්න අය මියයාම මහළුවියේ සාමාන්‍ය සිදුවීමක් ලෙස ජනතාව විශ්වාශ කලහ.මෙම කරැනුද සෞඛ්‍ය සේවාව ගැන වැටහීමක් ඇති කරයි.

3)        මැලේරියාව වැනි රෝගයන්ට ඖෂඨ නිපදවු දේශීය වෛද්‍යවරැනට එකලද රාජ්‍ය අනුග්‍රහය නොලැබිනි.එසේම ශ්වසන යෝගයන්ට වත්මන පවතින ඖෂඨ පුමානවත් නොවන්නේ නම් එම දේශීය ඖෂඨ වල අඩුපාඩු සකස්කර දේශීය ඖෂඨයක් නිපදවන්නට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ක්‍රියාදාමයන් සේම දේශීය හා බටහිර වෙදමහත්වරැනට එයට අවශ්‍ය නුතන තාක්ෂණික උපකරන සහිත පරීක්ෂනාගාරයක් පිහිටුවන්නේද ?

 

සාමාන්‍ය ජනතාව යනු සියදිව්යට බාධාවන ක්‍රියාදාමයන් දියත් කරන පාළකයන්ට මෙන්ම තම සමීපතයනට හිතවතුනට වරප්‍රසාද දෙන පාළකයන්ද ප්‍රතික්ෂෙප කරති.රටේ ආර්ථික තත්වය හා ආදායම් තත්වයන්ටද වගාවන්ටද ප්‍රමුඛස්ථානය දෙන පාළකයන් ප්‍රිය කරයි.

සෞඛ්‍යතත්වයන් ගැන හා වසංගතය වළක්වාලීමට සෞඛ්‍ය ඇමතිණියගේ කැපවීමද එයට පුර්නවු සහය දෙන ජනපතිතුමන්ටද ඔවුන් සිය ගෞරවය පුදකරයි.එහෙත් ජනතාව ඉදිරියේ නියෝගදුන්නද ඒවා සොයා නොබලන පාළකයන්ට සහය නොවේ.

 

මා මෙහි සඳහන් කල කරැනු නගරබද,ගම්බද වත්මන ජනතාව පවසන අදහස් මත ලියවුන කරැනුයි.එසේම සාමාන්‍ය ජනතාවට සිය අදහස් පාළකයනට දන්වන මාර්ගද අයහපතත් තත්වයක පවතී. මා විද්‍යුත් තැපැල මගින් ඉදිරිපත් කරන ලිපියනට පවා පිලිතුරැ නොලැබෙන බව කණගාටුවෙන් සඳහන් කරමි. මෙවන්  තත්වයක ජනතාව සිටින විට ආණ්ඩු පමනක් නොව පාළකයන්ද එපාවීම පුදුමයක් නොවේ.වත්මන් ජනතා අදහස් අනුව ජනතාව සිය අනුග්‍රහය දක්වන්නේ රජයට නොව ජනපතිතුමන්ට පමනක් බව වැටහෙයි.එම කරැනද අවධානයට යොමු වේවා. ස්තුතියි

07.06.2021

මෙයට - යටහත්වු මා නාල්ස් නිශ්ශංක   

 

 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.