Powered By Blogger

Thursday, June 10, 2021

කොවයිඩ් වසංගතය මැඩලන්න අදහසක්

අතිගරැ ජනාධිපතිතුමන් වෙත වෙත,

වසංගතය  සහ ජන ජීවිතය ගැන සාමාන්‍ය ජනතාව වන අප ඉදිරිපත් කරන ආයාචනයයි

අතිගරැ  උතුමාණෙනි. ,

මෙම අදහස් ඉදිරිපත් කරන මම  සිංහළ ,දමිළ ,මුස්ලිම් වැනි සියළු ජන කොටස් වල හිතවතුන් ඇසුරැ කරන අයෙක්මි. දිවයිනේ විවිඪ පළාත්හි වෙසෙන ඔවුන් සිය ගම්වල පවතින තත්වයන් ,ගැටළු හා අවශ්‍යතා ගැනද මාවෙත දනවති.ඒ මා ජනතා දුක පාළකයන්ට ඉදිරිපත් කරන බව ඔවුන් දන්නා බැවිනි. මේනිසා චන්දයන්ට පෙරදී වුවද සිදුවිය හැකි දෙය අනුමාන කිරීමට පවා මම සමත් වන්නෙමි.මා  මෙම කාර්්‍යයෙන් ලබන්නේ සතුටකි. එනිසා මා ඉදිරිපත් කරන අදහස් සහ යෝජනා කෙරෙහි අවධානය යොමුකරන්නැයි ගෞරවයෙන් ඉල්ලා සිටිමි.ජනතාව තුල තම රජය කෙරෙහි පුසාදයක් හා බැඳීමක් මෙන්ම අසිමීතවු ගෞරවයක්ද හිමි කර ගන්නට නම් ඔවුන් කියන දෙය දැන ගැනීම මෙන්ම ඔවුනගේ ඉල්ලීම් ඉටුකිරීමද අත්‍යෘවශ්‍ය බව පැහැදිලිවම වටහා ගතයුතු කරැනක් වන්නේ යහපාලනයේ පීඩාව ජනතාව තවමත් සිහිපත් කරන බැවිනි..

වත්මන් ජනාධිපතිතුමන්හට ජනතාව සිය ඒතමතිකවු කැමැත්ත ප්‍රකාශ කලේ සුවිශේෂීවු හේතු කිහිපයක් මතය.එසේම 69  ලක්ෂයක් වු රටේ මහජාතිය සිය ඒකමතික කැමැත්ත ප්‍රකාශ කලේද සිය අවශ්‍යතා රැසකට සහන ලබාගැන්මට හා රටේ ඒකීයභාවයද සුරක්ෂිත කලහැකි අයෙකු බවට වු විශ්වාශය මතමය. අපරටේ ජනතාව චන්ද අපේක්ෂකයන් ඉදිරිපත් කරන කිසිදු චන්ද පොරොන්දුවක් හෝ  එවන් ප්‍රකාශයක් කියවන්නේද නැත.එනමු එතුමන්ලා කරන ප්‍රකාශයන්ට ඇහුමනම් දීමනම් කරති.එහෙත් ඒවා පිලිගන්නේ ඒඒ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් ගැනද අවබෝධයක් ඇත්නම් පමනකි.

වත්මන් ජනපතිතුමන් ගේ  චරිතය පවා ඔවුන් අගය කලද එතුමන් ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස කල කාර්්‍යය කුමක්ද යන්නනම් අදත රටේ සාමාන්‍ය ජනතාව දන්නේ නැත.එනිසා වරක් එතුමන් ගම සමග පිළිසඳරකදී කියු පරිදි මෙම රටේ ජනපති පදවියෙන් පිදුම් ලද්දේ කල සේවයට බොනුස්එකක් ලෙස නම් නොවේ.ජනපතිවරනයේදී ජනතාවට විශ්වාශය තැබිය හැකිවු එකම පුද්ගලයා එතුමන් වීම මෙම ජයග්‍රනය එතුමන්ට හිමිවිය.එසේම යහපාලන රජයේ ක්‍රියාවන්ද ජනතාව නිහඩව ඉවසා සිටියද අවස්ථාව ලත් විගස එම පාළනය ඉවත් කලහ.සත්‍යවුද සැබෑවුද තත්වය එයයි. එහෙත් වත්මන් තත්වය වෙනස්ව ඇත.

ජනපතිතුමන් පාලනය භාරගත්පසු ඇතිවු වසංගත තත්වය රටින් දුරලන්නට එතුමන් ගත් උත්සාහය අදද ජනතාව අගය කරති එසේම එම කාර්යයට හමුදා සහය ලබාගැනීමද එතුමාගේ ප්‍රඤාවන්තවු ක්‍රියා පරිපාටිය එලිදැක්වීමකි.රටේ ආර්ක්ෂාවට සිටින හමුදාව සිය කාර්යයන්හිදී මනාවු කැපවීමකින් ක්‍රියාකරන පිරිසකි.එය ත්‍රස්තවාදයේදී මනාව හෙලිවිය.එම පිලිවෙත ජනතාවද අගය කරන ක්‍රියා දාමයකි.

එනමුත් මෙයද සඳහන් කල යුතුය.අප ඉතිහාසයේ ගැමුනු රජතුමන්ට ජයග්‍රහනය අත්වුයේ පුරෝහිත උපදෙසින් නොවේ.එය කියා  දුන්නේ ගම්බදවු මවකි.සටනක් කරනහැටිත් එයට පසුබිම සකසන හැටිත් එතුමන් වටහා ගත්තේ ඇයගෙනි.එහෙත් වත්මන ජනතාව දක්වන අදහස් වලට උත්තරද නැත.

මෙයද යුද්ධයකි.නොපෙනෙන එහෙත් හැමගේ ජීවිත විනාශ කරන භයානක සතුරෙකි.ඒ සතුරා නොපෙනෙන නිසා විනාශ කිරීමද අපහසුවු කරැනක් බවට පත්ව තිබේ.එහෙත් එය කලහැකි නිවැරිදි මගක්ද තිබේ.ඒ නියම මග නොයා එහෙන් මෙහෙන් සටනක් කිරීම සතුරාට අභියෝගයක් නොවේ.එනිසා ක්‍රමානුකූලවු මගක යාම සතුරාව රටින්ම එලවා දමන්නට හැකිවන එකම මගයි.එනිසා අප ඉදිරිපත් කරන අදහස් යෝජනා ගැන අවධානය යොමුකරමින් නිවැරිදිවු මගෙහි යමින් මෙම යුද්ධයද සමාප්ත කරන්නැයි ගෞරවයෙන් ඉල්ලමු.

ජනතාව රවටන හෝ විපක්ෂයේ චෝදනාවලින් ගැලවීමට නොව ක්‍රමානුකූලවු පිළිවෙතක් හා ක්‍රමවේදයක් භාවිතයෙන් පළමුව වසංගතය පැතිරෙන හා අවදානම වැඩි ප්‍රදේශයන්හි ජනතාවට එන්නත ලබාදීම පමනක් නොව ජීවනාධාර ලබාදීමද රජයත්  ජනපතිතුමාත් පත්කල ජනතාවට කෟතගුන සැලකීමක්ද වන්නේය.එසේම ජනපතිතුමන් හා සියළුම මහජන මන්ත්‍රින් වයස 40 ඉක්මවු අය බැවින්ජනතාව විරෝධය දක්වන මගකට යාම වැලකිය යුතුබව අළුතින් කිවයුතු නොවේ

එසේම කුසගින්නත් මුදලක් උපයා ගන්නට මගක් රහිතවු ජනතාවත් තවතවත් පීඩාවට පත් නොකර සහන  සැලසීම බණ දෙසන්නට පෙර බුදුන්වහන්සේ බඩගින්න නිවු බව යළිත් සිහි කිරීමකි.

1)   පළමුව වසංගත රෝගීන් බහුලව හමුවන ප්‍රදේශයන්හි වියපත් ජනතාවද දුර්වලවු ශාරීරික තත්වයන් ඇත්තන්ද ගර්භණීමාතාවන්ටද එන්නත ලබාදෙන්න.එමගින් එම පෙදෙසේ රෝගය පැතිරීම වැලකේ.

2)   ඔවුන් හා ගැවසෙන වෛද්‍ය වෟත්තියේ යෙදෙන සියළුම සේවකයන්ටද එන්නත ලබාදෙන්න.එවිට ඔවුන්ද ආරක්ෂාවේ.

3)  පොදු සේවාවාන්හි නියතුවුවන්ටද එන්නත ලබාදිය යුතුය.

4)   එම  පුදේශයන්හි වසංගත නීතිය නිසා අසරනව සිටින දෛණික ආදායම් ලබන සියළුම පවුල් වලටද  අසරනයන් බවට  නිශ්චිත වන වියපතුනටද ජීවනාධාරය ලබාදෙන්න. එවිට කන්න හොයා ගන්න කියා නිතිය නොතැකීම වැලකෙයි.

5)  මේ අයුරින් වත්මන රෝගය පැතිරෙන කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්ක වලින් වසංගතය ඉවත් කල හැකිය.

6)  සාමාන්‍යවු කුමන කරැනක් නිසාවත් සංචරන සීමාවන් කඩකිරීමට අවසර නොදෙන්න.

7)   සමාගම්,ගාමනට් පුද්ගලික ආයතන වලට සිය සේවකයන් සඳහා එන්නත ලබාදීමට එම ආයතන වලට මදල් ගෙවීම මගින් අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට ඉඩ සලසන්න.එන්නත ලබානොගත් සේවකයන් සේවයෙහි යෙදවීම තහනම් කරන්නත

8)  ඔනෑම අයෙකුට සිය පුද්ගලික මුදලින් එන්නත් ලබාගැන්මට අවස්ථාව ලබාදෙන්න.නමුත් ඉන් ප්‍රමුඛත්වය දියයුත්තේ අසාදිතයන් සිටින ප්‍රදේශවල අයට වියයුතමය.(මෙමගින් රජයට ආදායමක් හිමිවන බැවින් ගැටළු ඇති නොවේ.)

9)  සංචරන නීතිය හා වසංගත උපදෙස් පිළිපැදීම අඛණ්ඩව වසර දෙකක් පවත්වා ගෙනයාමට කටයුතු කලයුතුය.

යුද්ධයක්  බඩගින්නේ ජයගත නොහැකිය. එනිසා ආහාර නිෂ්පාදනයටද මුලික සහයන් හිමිවිය යුතුය.

1)    වී වගාව ආහාර රටාවේ මුල්තැන ගනී.එනිසා හැම කුඹුරක්ම වගාකිරීම අවශ්‍යම වෙයි. වගා නොකරන කුඹුරැ රජයට පවරා ගෙන එම ගම්වලම අයට වගාකිරීමට ලබා දෙන්න.ඔවුනට ඒ සඳහා සී සෑමට හා පෝරැ ගෑමට වී බුසලකට රැපියල් 5000 ක ණයමුදලක්ද සහන මිළකට පොහර ලබාදීමටද පියවර ගැනීම අවශ්‍යම වෙයි.

2)    වගා නොකරන කුඹුරැ වල ඇති ගැටළු විසඳීමට ග්‍රාමීය කම්ටු වගා,ආර්ථික,සමුර්ද්ධි හා ග්‍රාම නිළධාරි ප්‍රමුඛවු ගමේ සමාජ සේවකයන් සහිතවු ස්වේච්ඡා කමිටු පිහිටුවන්න.

3)    එම කමිටුවල නිර්දේශයන් ප්‍රාදේශීය ලේකම්වරැන් ගේ මාර්ගයෙන් කෟෂීකර්ම දෙපාර්තමේන්තුවට යොමුකර අවශ්‍ය පියවර ගැනීමට මාර්ග සකසන්න.

4)    ඔනෑම අයෙකුට සිය කුඹුර සහ ඉඩම වෙනත් අයෙකුට වගාව සඳහා ලබාදීමටත් එහි අයිතිය සඳහා අස්වැන්නෙන් තුනෙන් එකක් අයකර ගැනීමට අවසර දෙන්න.ඒවා වගාකරන අයටද සහන  සලසන්න.

5)     සමහර භෝගයන් විශාල  වශයෙන් වැවීම මත  අලෙවිකිරීමට අපහසු බැවින් ආදයම් ලැබීම දුර්වල වෙයි එම නිසා රටේ අවශ්‍යතාවයට පමනක් සීමාවන ලෙස වගාවන් ඇරඹීමට අවශ්‍යවු පිලිවෙත් සකසන්න

6)    දැනට තහනම් කරඇති සමහර වගාවන් විනිමය ලබන පහසු මාර්ග වෙයි.නිශ්චිත ආරක්ෂක ක්‍රමවේදයන් මගින් එම වගාවන් ඇරඹීමද විනිමය ලබන මගක් වෙයි. එම වගාවන් අපනයනටද ඖෂඨවලටද යොදා ගැනෙන බැවින් ප්‍රයෝජනය වැඩිය.

7)    තමනට අවශ්‍ය එළවළු සි ගෙවත්තේ වගාකර ගන්නට පෙළඹවීමට නව ක්‍රමවේදයන් දියත් කරන්න.

 

දිවයිනේ සියළුම පළාත්වල වැසියන් දක්වන අදහස් අනුව මම මෙය ඉදිරිපත් කරමි.ඔවුන් ඉදිරිපත් කරන යෝජනාද පසුව ඉදිරිපත් කරමි.එසේම ජනතාව සිය අදහස් දක්වන්නට ජනපති අගමැති කාර්යාල වල දුරකතනඇමතුවිට පසුව අමතනලෙස දන්වන බවද කියති. ජනතාවට සවන් දීම ජනතාවටට ආසන්නවීමකි.මන්ද  බුදුන්වහන්සේ වැනි ආගමික  ශාස්තෟවරැන් හැර සියල්ල දන්නා මිනිසෙකු බිහි නොවන බැවිනි. ස්තුතියි

 

මෙයට -යටහත් ගම්වැසි මා  -නාල්ස් නිශ්ශංක            10.06.2021

 

 

 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.