Powered By Blogger

Wednesday, April 7, 2021

 

ගරැ සෞඛ්‍ය රාජ්‍යඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය වෙතටයි.

වියපත් දීමනාව වැඩිකිරීම -2000-2500 කිරීම

ගරැ ඇමතිතුමියනි,

අපරටේ අසරනවු මහළුවියේ සිටින අයට සහන ලබාදීම ඔවුන් ජීවිතකාලය පුරා සමාජයට-රටට හා සිය දුදරැවනට තල සේවයට උපහාරදැක්වීක් සේම බොදුදහම අනුව මහා පින්කමෙකි.අසන වුවද ජීවිතය ගැටගසා ගන්නට දරැවනට අත පාන්නටත් සමාජයෙන් සිඟායදින්නටත් පියවරැ මව්වරැන්ට නොහැකිය.එය විවාහකවු දරැවන්ටද සමාජයටද මහත්වු පීඩාවකි.දරැවන් විවාහවු පසු ඔවුන් වෙනම පවුලක් බවට පත්වන බැවින් ඔවුනගේ කටයුතු කර ගැන්මට පවා වර්තමාන සමාජ තත්වය මත අසීරැය.එසේම දෙමාපියනට සැළකිය යුතුය යන නීතියක්ද නැත.එය යුතුකමක්  පමනකි

එනමුත් ශ්‍රීලංකාවේ සිටින්නේ දීමනාව 416677ක් පමනක්ම නොවේ. 2915 දී මෙය ක්‍රියාත්මක කරනවිට 70 පසුවු වියපතුන් පුමානයට පමනක් එය හිමිවිය.ඉන්පසු යහපාලන එජාප රජයෙන් එයට සහයක් හෝ මුදල් වෙන්කිරීමකු සිදු නොවීය.ඔවුන් කලේ හැම සහනයක්ම අක්‍රිය වන්නට ඉඩහැරීමය.එයට ප්‍රතිචාරයක් ලෙස  දේශපාලකයෙකු නොවු ජනපතිවරයාද එතුමා ගේ ඉත්තීම මත මෙම රජයද ජනතාව පත් කලහ.ඒ ජනතා අයිතීන් ලබා ගැන්මටමය.එහෙත් එතුමාද වියපත් දීමනාව නොලබන අන් වියපතුනට එම සහන දීමනාව ලබාදීමට තවමත් පියවර ගෙනනැත.එය සුදුසුම අසරනයන්ට ලබා දෙන්නටයයි කරන ඉල්ලීම් වලටද පිලිතුරැ පවානැත.

වත්මන් රජය කෙරේ ජනතාව තැබු විශ්වාශය අදවන විට පිරිහී අවශානය.මන්ත්‍රිලා පවා ජනතාඅවශ්‍යතා සොයා බලන්නේද නැත. වියපත් දීමනාව ලබාගන්නට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලීම් කලවිට ලැබෙන උත්තරය නම් එයට මුදල් ලබාදී නැතිනිසා එකෙක් මැරෙනතුරැ අනෙකාට ලබාදෙන්නට ක්‍රමයක් නැති බවය.එය ඔබතුමියද නොදන්නා කරැනක් නොවේ.

රටේ වියපත් හැමටම මෙම වියපත් දීමනාව අවශ්‍යම නැත.බැංකුවල රැපියල් දහදාහක් ඇත්නම් ඔවුනට කිසියම් ස්වයං රැකියාවක් කල හැකිය.කුඹුරක් ඉඩමක් ඇත්නම් වගාවේ යෙදිය හැකිය.එහෙත් විවාහක දරැවන් ලඟ සිටින අයට නම් අත්වන සහනයක් නැත.එසේම කැමතිනම් කිරි හරෙකෙකු ඇති කරන්නට කුකුලන් ඇති කරන්නට ආධාර දිය හැකිය.එවන් කවර හෝ ආදායම් මාර්ගයක් ඇති කර ගන්නට ආධාර දිය හැකිය.ඒ කිසිවක යෙදෙන්නට නොහැකි ශාරීරික දුබලතාවයන් සහිත අයට පමනක් වියපත් දීමනාව ලබාදිය හැකිය. එය ඔවුනගෙන් විමසා කල යුතු ලබාදිය යුතු සහනයකි.එසේම ඔවුන් වෙසෙන ගම්වල ශ්‍රමදානයන්ට යොමු කරවීම මගින් රජයට වැයවන මුදලක් ඉතිරි කරගත හැකිය එනම් පාරවල් පාසැල් පන්සල් ආදිය ශුද්ධ කරවීම වැනි කාර්යයන් හි යෙදවීම මගිනි.

එසේම වියපත් දීමනාව ඉහල දැමීම මගින් එය නොලබන සාමාජිකයන්, එම පවුල්වල අයහා එය අසන අයගේද සිත්වල ඇති කරවන වෛරය ක්‍රෝධය නිසා පාළකයන් ජනතාවට එපාවනු ඇත.ඒ වැඩි කරන මුදලින් තවත් කී දහසකට එම මුදල ලබාදිය හැකිද යන්නත් ඔබතුමන්ලාගේ අවධානයට යොමුවිය යුතුය.

හොඳම පිලිවෙත වනුයේ වියපත් දීමනාව ඉහල දැමීම නොව තවත් කොටසකට එය අළුතින් ලබාදීමය.නැතිනම් 2015 වේ චන්ද ගුණ්ඩුව ජනපතිතුමන්ට හා රජයට පරාජය අත්කරන මගක් වනු ඇත.විපක්ෂයේ අයනම් කවදාකවත් ජනතා සහන නොදෙන අයලෙසට ජනතාව තීරනය කර ඇත.මේ හේතුව මත පළාත් චන්දයේදී රජයට අත්වන පරාජය නම්  සහතිකය.

එසේම වියපත් දීමනාව ලබාදීම අත්‍යාවශ්‍යම වන්නේ ජනතාව බන ආදායම දුර්වල බැවිනි. මන්ත්‍රිලාට ලක්ෂයක් දුන්නත් අපේ රටේම අනුරපුර මහියංගන බිබිල වැනි ගම්වල වැසියන්ට කුඹුරැ නිසා වීටිකත් හේන් නිසා අමතර ආදායමක් ලැබුනත් ආහාරයට ඇත්තේ කරවිල හා වෙල්මාළු පමනකි.යාපනය වැසියන්ට ස්ථිර ආදායමක් ලැබුනේ දුම්කොළ වගාවෙනි.. මෙවන් ගම්මානවල වැසියන් හේනට කුඹුරට යන්නේද සිය අතදරැවන්ද සමගම බව අප දුටුවෙමු.පොඩිවුන් සෙවනක හිඳුවා සිය කාරයයන් කරන ඔවුනට දෙමාපියනට තබා සිය දරැවනටද සලකන්නට මගක් නැත.මේවා ඇසින් දකින්නට නොහැකි අයට සත්‍යය දකින්නට වටහා ගන්නට අප අන්තර්ජාලයට එක්කරන්නෙමු.

 

වත්මන් ජනපතිතුමන් රටේ අසරන ජනතාව නගාසිටුවන්නට දරන වෑයමට වියපතුනට දෙන මෙම සහනයද සෟජුවම උපකාරයක් වෙයි.එය සාධක සහිතව ඔප්පු කලහැකි කරැනකි.යාපනයේ ජනතාවත් අනෙක් සියළුම ජනතාවත් රජය හා ජනපතිතුමන්ලා කරන කාර්යයන් ගැන විමසිලිත්ව  සිටිති.

ඔබතුමිය ගත් මෙම පියවර ජනතාව අනුමත නොකරන බව සාමාන්‍ය ජනතාව හමුව විමසුවිට දැනගත හැකිය.එනිසා මෙම දීමනාව තවම නොලබන අයට ලබාදීමට කටයුතු කිරීම සුදුසුය.මෙය පමනක්ම නොව වත්මන් රජයේ සමහර ක්‍රියාවන් ජනතාව අනුමත නොකරන බව ජනතාව පවසති.‍ජනපතිතුමන් ගේ ගමන්මග ජනතාව අගය කලද රජයේ ගමන්මග නම් අගය නොකරන බව පළාත් චන්ද ප්‍රතිපලය මගින් රජය පරාද කරවීමෙන් ජනතාව ඔප්පු කරනු ඇත.

වියපතුනගේ දුක පෙන්වා දෙමින් ඔවුනට ජීවනාධාරයක් ලබාදෙන මෙන් මම එවක ජනපතිතුමන් හා අයවැය යෝජනා ලෙසින්ද කරැනු ඉදිරිපත් කලෙමි.එය ඉටුවිය.ඒ යෝජනා සම්බන්ධව මවෙත ලැබුන පිලිතුරැ මාවෙත ඇත.එනමුත් වයස 70 පිරැන පසු මම එය ඉල්ලා සිටියද අදවනතුරැ ලැබී නැත.රටට ජනතාවට සෙතක් කරන කටයුතු රැසක් ඉටුකරන හා රජයේ ජයග්‍රනයට කැපව කටයුතු කල මටවත් වියපත් දීමනාව ලබාදීමට කටයුතු නොකීරීම ගැන මම කණගාටු වෙමි.මෙය ගැන නිසි පියවරක් ගන්නට ඔබතුමියට දිරිය ලැබේවා.

ස්තුතියි   -- මෙයට ජීවන මගක් අහිමි ගම්වැසි- නාල්ස් නිශ්ශංක

මගේ හැඳුනුම්පත් අංකය -480763750 වී,ගම- 340 කුඹල්ඔළුව,මීරිගම ප්‍රා;ලේකම් කාර්යාලය

හිටපු නිදහස් සේවක සංගම් ලේකම්,නිදහස් මෘධ්‍යවේදී, තාක්ෂණික හා වගා පරීක්ෂක

 

ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව 416677ක් ලබාගන්නා බවත් මෙම පිරිස අතුරින් 238640 ක් සඳහා දීමනාව 2500 දක්වා වැඩිකිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකොට ඇති අතර ඉතිරි පිරිස සඳහාද ඉක්මනින් මෙම රුපියල් 500 වැඩිකිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

එසේම විදේශ වන්දනා ගමන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අඩු පොළියට ණය ලබාදීමට බැංකු කිහිපයක් සමග සාකච්ඡාකොට ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.