Powered By Blogger

Tuesday, April 6, 2021

 

අතිගරැ ජනාධිපතිතුමන් වෙතට

ගරැ පෞද්ගලික ලේකම්තුමන් මගින්

ගරැ සුගීෂ්වර බණ්ඩාර  මහතා වෙත,                                             එන්.ඒ.එල්.එස්.නිශ්ශංක                                             - ගරැ ජනාධිපති  පෞද්ගලික  ලේකම්                                                 133,කුඹල්ඔළුව,වේයන්ගොඩ      ,                                                                                    -ලේකම්කාර්යාලය,කොළඹ

2000 වියපත් දීමාව වැඩිකිරීම හා අසරනමවු වියපත් ජනතාවට අළුතින් එම සහනය ලබානොදීම

උතුමාණෙනි, 69 ලක්ෂයක්වු රටේ මහජාතිය ස්වකීය චන්දය ලබාදෙමින් ඔබතුමන් බලයට පත් කරන්නනට හේතුවු කරැනු අතරින් ප්‍රමුඛත්වය ගනුයේ රටේ ස්කීයභාවය රැක ගැනීම හා අසරන ජනතාවගේ අසරන බව දුරලමින් ඔවුනටද ගැහැටක් පීඩාවක් රහිතව ජීවත් වන්නට මාර්ගය සලසා ගැන්ම බව යලියලිත් සඳහන් කිරීමට සිදුවීමට හේතුව වනුයේ එම අපේක්ෂාවන් ඉටුනොවන බව උෑත දුෂ්කර ගම්මානවල මෙන්ම එදිනෙදා මමුදලක් උපයාගෙන ජීවත්වන නාගරික වැසියන්ද නිරතුරව පවසන කරැනක් බවට පත්ව ඇති බැවිනි.

වර්තමානයේ අපරට ජනතාව තුල රජය කෙරේ එතරම්ම ප්‍රසාදයක් පලනොවේ.එයට හේතුවු කරැනු රැසක් ඇත.එනමුත් දේශපාලනයට සම්බන්ධ නොවු ඔබතුමන් ගැන ජනතාවතුල තවමත් තද විශ්වාශයක් පවතී.එයට හේතුව දේශපාළකයන් මෙන් චන්දගුණ්ඩු හා බොරැව ඔබතුමන් වෙත නැතිබවත් අවංකවම ජාතිය ගොඩ ගන්නට හා රට රැක ගන්නට ඔබතුමන් කටයුතු කරන බවටවු විශ්වාශයයි.එය ගමගැනවු සංකල්පයෙන්ද ජනතාව තුල ඇතිකර ඇත්තේ ප්‍රසාදජනකවු හැඟීම් ගොන්නකි.

චන්දය පුකාශකල සමහරැන්ට රටතුල ඇතිවු සමහර ක්‍රියාවන්ට හා පීඩාවන්ට ඔබතුමන් ගෙන් සහනයක් හා පිලිසරනක් ලබාගත හැකි බවටවු විශ්වාශය තවමත් බිඳීනැත.පසුගිය රජයේ කෙරැවාව ගැන තවමත් ජනතාව සිහිපත් කරන්නේ අප්‍රසාදයෙනි.දිළිඳුබව දුරලන්නට වසර ගණනක් නම්කලද පැමිනිලි කරන්නට අන්තර්ජාලය යොදා ගත්තද ඉන් ජනතාව ලද සහනයක් නැත.එය සාර්ථකව ඉටුවුවා නම් මෙම ලිපිය ලියන්නටද සිදුවන්නේද නැත.යහපාලනයේදී ආණ්ඩුවට අවශ්‍යවුයේ ජනපති ඉවත් කරන්නට සේම ජනපතිට අවශ්‍යවුයේ ආණ්ඩුව ඉවත් කරන්නටය.මෙම ගැටීම් අස්සේද ජනතාවට ලබාදුන් සමුර්ද්ධිය හා සහන කපාදැමු ආණ්ඩුව මන්ත්‍රිදීමනාව ලක්ෂයකට නැංවු බවද ජනතාව සිහිකරන්නේ අප්‍රසාදයෙනි.

නෝනලාත් නෑදෑයනුත් කළුකොඩිකළුපටි පළඳවන්නට ගියබව ප්‍රසිද්ධියේ මාධ්‍යවලට ප්‍රකාශකල විපක්ෂය පාස්කු ප්‍රහාරයේ මහමොළකරැවන් සොයා දඩුවම් කරන්නැයි කීහ.තමන් පාළන බලයේ සිටිකල සිදුවු සිද්ධියක් එකල ඒ අයුරින් සොයා බලන්නට අමතකකර අද එයට යාතිකා කරන්නේ ජනතාව හා ආගමික නායකයන් රවටන්නට බව ජනතාව දනී.පාළන ප්‍රශ්ණ හා තනතුර රැක ගන්නට වෙහෙසුන හිටපු ජනපතිවරයාට සිය කාර්යභාරයන් නිසිලෙස ඉටුකරන්නට අවස්ථාව අහිමි වන්නට ඇත.එය ජනතාවට අමතක වන්නේද නැත.

මන්ත්‍රිලාට ලක්ෂයක් දුන්නත් අපේ රටේම අනුරපුර මහියංගන බිබිල වැනි ගම්වල වැසියන්ට කුඹුරැ නිසා වීටිකත් හේන් නිසා අමතර ආදායමක් ලැබුනත් ආහාරයට ඇත්තේ කරවිල හා වෙල්මාළු පමනකි.යාපනය වැසියන්ට ස්ථිර ආදායමක් ලැබුනේ දුම්කොළ වගාවෙනි.වැඩිපුරම හමුදාවේ විරැවන් ගේ මාතෟග්‍රාමයන් වන්නේද මේ දුෂ්කර ගම්මානමයි. මෙවන් ගම්මානවල වැසියන් හේනට කුඹුරට යන්නේද සිය අතදරැවන්ද සමගම බව අප දුටුවෙමු.පොඩිවුන් සෙවනක හිඳුවා සිය කාරයයන් කරන ඔවුනට දෙමාපියනට තබා සිය දරැවනටද සලකන්නට මගක් නැත.මේවා ඇසින් දකින්නට නොහැකි අයට සත්‍යය දකින්නට වටහා ගන්නට අප අන්තර්ජාලයට එක්කරන්නෙමු.

ඔබතුමන් පයතැබු සමහර ගම්මානවල වැසියන් දන්නේ රාජ්‍ය නිළධාරින් දෙදෙනෙකු පමනි.ඒ ග්‍රාමනිළධාරි හා තැපල්පියුන් මහතාය.වෙනත් නිළධාරින් ගැන දන්නේනැත.ග්‍රාමනිළධාරි චන්ද ලැයිස්තුව නිසාත් ලිපි බෙදන නිසා පියුන් මහතාවත් හඳුනති.මෙවන් ගම්මානවල වැසියන්ට සිය වියපත් පියාට මවට ජීවනාධාරයක් ලබාදීම ඔවන් අතර වෙසෙන දෙවියන් බවට පත්වීමක් බව අප දැඩිව විශ්වාශ කරමු.

රටේ වියපත් හැමටම මෙම වියපත් දීමනාව අවශ්‍යම නැත.බැංකුවල රැපියල් දහදාහක් ඇත්නම් ඔවුනට කිසියම් ස්වයං රැකියාවක් කල හැකිය.කුඹුරක් ඉඩමක් ඇත්නම් වගාවේ යෙදිය හැකිය.එහෙත් විවාහක දරැවන් ලඟ සිටින අයට නම් අත්වන සහනයක් නැත.එසේම කැමතිනම් කිරි හරෙකෙකු ඇති කරන්නට කුකුලන් ඇති කරන්නට ආධාර දිය හැකිය.එවන් කවර හෝ ආදායම් මාර්ගයක් ඇති කර ගන්නට ආධාර දිය හැකිය.ඒ කිසිවක යෙදෙන්නට නොහැකි ශාරීරික දුබලතාවයන් සහිත අයට පමනක් වියපත් දීමනාව ලබාදිය හැකිය. එය ඔවුනගෙන් විමසා කල යුතු ලබාදිය යුතු සහනයකි.එසේම ඔවුන් වෙසෙන ගම්වල ශ්‍රමදානයන්ට යොමු කරවීම මගින් රජයට වැයවන මුදලක් ඉතිරි කරගත හැකිය එනම් පාරවල් පාසැල් පන්සල් ආදිය ශුද්ධ කරවීම වැනි කාර්යයන් හි යෙදවීම මගිනි.

එසේම වියපත් දීමනාව ඉහල දැමීම මගින් එය නොලබන සාමාජිකයන්, එම පවුල්වල අයහා එය අසන අයගේද සිත්වල ඇති කරවන වෛරය ක්‍රෝධය නිසා පාළකයන් ජනතාවට එපාවනු ඇත.ඒ වැඩි කරන මුදලින් තවත් කී දහසකට එම මුදල ලබාදිය හැකිද යන්නත් ඔබතුමන්ලාගේ අවධානයට යොමුවිය යුතුය.

හොඳම පිලිවෙත වනුයේ වියපත් දීමනාව ඉහල දැමීම නොව තවත් කොටසකට එය අළුතින් ලබාදීමය.නැතිනම් 2015 වේ චන්ද ගුණ්ඩුව ජනපතිතුමන්ට හා රජයට පරාජය අත්කරන මගක් වනු ඇත.විපක්ෂයේ අයනම් කවදාකවත් ජනතා සහන නොදෙන අයලෙසට ජනතාව තීරනය කර ඇත.මේ හේතුව මත පළාත් චන්දයේදී රජයට අත්වන පරාජය නම්  සහතිකය.

අපේරටේ නුගතුන්,ගොඩයන් යනු උගතුන්ටවත් නොතේරෙන සමාජයේ පෙරළිකාරයන් බඳය.ඔවුන් ගන්නා තීරනයට පක්ෂය පාට හෝ වෙනත් දක්ෂතාවයන් ආදාල වන්නේ නැත.ඔවුන් සනසවන එකම ක්‍රමය වනුයේ ජීවත් වන්නට ලබාදෙන සහනයන් හා ආරක්ෂාව පමනකි.ගමගැනවු සංවාදයේදී ජනතාව වියපත් දීමනාව හා ජනතා සහනයන් ගැන කතා නොකලද ක්‍රියාවෙන් නොහොත් චන්දයේදී එය පෙන්වා දෙන්නේ රජය පරාදයට පත් කිරීමෙනි.අප සාමාන්‍ය ජනතාව අතරින්ම නැගෙන මේ චෝදනා ඔබතුමන් වෙත ඉදිරිපත් කරනුයේ ඔබතුමන්ලාගේ ජයග්‍රනය අපේක්ෂා කරන බැවිනි.චන්දය ගන්නට මන්ත්‍රිපප්පලා කියු එකම දෙයක්වත් ඉටුව නැත.ජනතාව හමුව ප්‍රශන අසහන දැන ගන්නට අදවනතුරැ ගම්වලට ගිය පප්පලාද නැත.

වේදිකාවේත් මාධ්‍ය හමුවේත් ගිරිය පුප්පාගෙන කෑගැසුවාට ජනතාව රැවටෙන්නේද නැත.ජීවිතයේ දුක නිමා කරන්නටත් ජනතාවට අසහනයන් ගෙන් මිදෙන්නටත් මාර්ග ඇති කිරීම මගින් පමනක් ජයගත හැකිය.ඔබතුමන් අනුගමනය කරන මගම මන්ත්‍රී පප්පලාත් අනුගමනය කලහොත් හා ජනතාව ඉල්ලන සහන ලබාදුනහොත් ජනතාව කෟතගුන සලසනු ඇත.කෙසේවත් වියපත් දීමනාව ඉහල දැමීම නම් නොකල යුත්තකි.ඒවෙනුවට අළුතින් ලබාදීම නම් යහපත් වනු ඇත.

වියපත් දීමනාව ලබාදීම ගැන මම මෙයට පෙරද කරැනු ඉදිරිපත් කලෙමි. එසේම  ගම්වල අයට ජීවන මාර්ග ඇති කරන අයුර ගැනද ඒඒ ගම්වල සම්පත් භාවිතයෙන් රැකියා උත්පාදනය කරන අයුර ගැනද ජනතා අදහස් ඇසුරෙන් මා සැකසු ක්‍රමවේදයන්ද තව දින කිහිපයකින් ඉදිරිපත් කරන්නෙමි.ජීවන මාර්ගයක් රහිත මම මෙම කරැනු ඉදිරිපත් කරන්නේ මට මෙන්ම සැමට ඉන් සහනයක් අත්වේවායි පතමිනි. ස්තුතියි.  

පුවත්පත් ලිපිය මෙයයි- ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව වැඩි කරයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජ්‍යෙෂ්ඨ පුරවැසි මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 2500 දක්වා වැඩි කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව 416677ක් ලබාගන්නා බවත් මෙම පිරිස අතුරින් 238640 ක් සඳහා දීමනාව 2500 දක්වා වැඩිකිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකොට ඇති අතර ඉතිරි පිරිස සඳහාද ඉක්මනින් මෙම රුපියල් 500 වැඩිකිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය ගරු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

එසේම විදේශ වන්දනා ගමන් සඳහා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අඩු පොළියට ණය ලබාදීමට බැංකු කිහිපයක් සමග සාකච්ඡාකොට ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මා  -  නාල්ස් නිශ්ශංක

 

 දිවිමගක් අහිමි වන මෙවන් වියපත්දිවිය- සිනාවක් කරන්නට ලදොද් ඔබහට දිරිය

නිමාවක් නොවනු ඇත- ලබන ඒ පින් කන්ද !

 


No comments:

Post a Comment

thanks you.get to us your ideas.