Powered By Blogger

Saturday, April 10, 2021

ගරැ ජනාධිපති පෞද්ගලික ‍ලේකම් සුගීෂ්වර බණ්ඩාර මැතිතුමන් වෙත                                                    ලේකම්කාර්යාලය- ගාලුමුවදොර - කොළඹ 01.

අතිගරැ ජනපතිතුමන්ගේ අවධානයට යොමුකිරීම සඳහා ඉදිරිපත් කිරීමයි.

ගරැ ලේකම්තුමනි,  

අසරනවු දිවියක් ගෙවන අපරටෙහි සියළුම වැසියන්ට 5000 ක අවුරැදු දීමනාවක් ලබාදීමට ජනපතිතුමන් ප්‍රම්‍රඛ රජය කටයුතු කරන්්්නට පියවර ගැනීම කාලෝචිතවු ඉතාම යහපත් ක්‍රියාවකි.එනමුත් එහිදී කිවුන අන්දමට එම ආධාරය හිමිවන්නේ වියපත් දීමනාව ලබන අයටත් සමගය.නමුත් වියපත් දීමනාව නොලබන වියපතුනට එම ආධාරය ලබාදෙන බවක් සඳහන් නොවීය.

එමනිසා වියපත් දීමනාව නොලබන සියළුම වියපත්වුවනටද මෙම ආධාරය ලබාදෙන්නට කටයුතු සලසන මෙන් අප මෙයින් ලෞරවයෙන් ඉල්ලමු. මා මින් පෙරද වියපත් දීමනාව ලැබිය යුතු සත්‍ය වශයෙන්ම අසරනවු අය නිවැරිදිව තෝරා ගැනීමේ මාර්ගයක් යෝජනා කලෙමි.

මා දන්නා පරිදි වියපත් දීමනාව ලබන සමහරැන් බැංකුවල ලක්ෂ ගණනින් මුදල් තැන්පත් කල අයවෙති.එසේම සමහරැන් ඉඩකඩම් කුඹුරැ හිමියන්ද වෙති.තවත් සමහරැන් ව්‍යාපාරයන්හි නිරතවු ආදායම් ලබන්නන්ද වෙති.එනමුත් වී වගාව හා හේන් ගොවිතැන ජීවිකාව කරගත් හා රජයේ ඉඩම් ලාභීන්ද එම ඉඩම්හිමියන් ලෙස සැළකිය යුතු නොවේ.මන්ද ඔවුන් සත්‍යවශයෙන්ම අසරනයන් බැවිනි.

මෙම හේතුන් මත වියපත් දීමනාව ලැබීමට සුදුස්සන් මෙන්ම අසරන ආධාර ලබන්නන් ගේ සැබෑ ජිවන තත්වයද නිරීක්ෂනය කර අසන ආධාර ලබාදීම වැදගත් වෙයි.එවිට වංචනිකව ආධාර ලබන්නට වෑයම් කරන අය ඉවත් කල හැකිය.

යම්වු අන්දමකට වියපත් දීමනාව නොලබන එහෙත් එම දීමනාව ලබන්නට සුදුසු අයට මෙම ආධාරය අහිමි වුවහොත් එම පවුල්වල අයගේද අසාධාරනයක් ස්දුවු බව වටහා ගන්නා සමාජයද වත්මන් රජයට සිය සහය පලනොකරන බව ඔවුනගේ අදහස් අනුව මාහට වැටහී ඇති කරැනකි.

ජනපතිතුමන්ගේ පිලිවෙතද ගම්න් මාර්ගයද මෙතෙක් සිටි නායකයන් ගේ ක්‍රියාවන්ට වෙනස්වු ඉතාම යහපත්වු හා අවංකවු පිලිවෙතක් බව විවිධ පලාත් වල වැසියන්ගේ අදහස් අනුව කියවෙයි.එහෙයින් සැබෑ අසරන ජනතාව නිසි ක්‍රමවේදයක් මගින් හඳුනා ගැන්මටද එවැන්නන් හට උසස් ජීවන අදායම් මාර්ග ඇතිකර දීමටද කටයුතු යෙදීම අවශ්‍යමය.

වසර 40 ක පමන කාලයක් පුරා දිවයිනේ විවිධ පළාත් වල වැසියන් ඇසුරැ කිරීමෙන් හා අදද ඔවුන් සමග හිතවත් කම් රැක ගැනීමමත ආණ්ඩුවල පාලනයන් ගැන ඔවුන් දරන අදහස් මම දැන දැනනිමි. එසේම ආණ්ඩු පෙරලන්නේද හදන්නේද දේශපාලනයට හා පක්ෂයන්ට මෙන්ම පුද්ගලයන්ට ගැති නොවු  මෙම අසරන ජනතාවම බව මම වටහා ගෙන ඇත්තෙමි.ඔවුන් දිනා ගන්නට නම් අද නායකයන් ගෙනයන ප්‍රතිපත්ති මාලාවම වෙනස් කල යුතුමය.

මා ඉදිරිපත් කරන්නට දිරිදරන ක්‍රමවේදයන් සහිත යෝජනාවලිය ඉදිරිපත් කරන්නට මට තවමත් අවස්ථාවක් හිමිවද නැත.එයට හේතුව කුමක්ද යන්න මටද වැටහී නැත.එසේම මැතිවරන නීති හා ක්‍රමවේදයන් වෙනස් කරන්නට දරන උත්සාහයද ජනතාව  තුල කුකුසක් ඇති කර ඇත.ස්තුතියි

 

මෙයට     මා   නිශ්ශංක -2021.04.10

 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.