Powered By Blogger

Friday, April 2, 2021

අතිගරැ ජබාධිපතිතුමන් වෙත,

ගරැ පෞද්ගලික ලේකම්තුන් මගින්

වර්තමානයේ රටතුල ඇතිවු වසංගතය මත රටේ සහ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික තත්වය පිරිහීම වැනි බරපතල ප්‍රශ්නයන් රැසක් හමුවේ සෟජුව කටයුතු කරමින් එම පීඩාවන් අවම කරන්නට ඔබතුමන් දරන ප්‍රයන්තය රටේ සාමාන්‍ය ජනතාව අගය කරන බව ඔබතුමන් ගම්වල ජනතාව හමුවන හැම අවස්ථාවකම පැහැදිලිව දකින්නට ඇත.

එනමුත් විපක්ෂය ජනතාව තුල විවිධවු කරැනු ඉස්මතු කරමින් 2015වේ ජනපතිවරනයේදී මෙන්ම නැවතත් ජනතා විශ්වාශය පළුදු කරන්නට වෙර දරනබව අපට හැ‍ෙඟ්.එනිසා මෙම තත්වයන්ට හේතුපාදක වන කරැනු වලට විසඳුම් ලබාදීමට පියවර ගැනීම අත්‍යාවශ්‍යම වී ඇත.එනම්,

1) පරිසරය හා වන විනාශය සම්බන්ධවු කරැනු වල සත්‍ය තත්වය හා එවන් සිදුවීම් සිදුවන්නේ නම් එයට ගනුලබන ක්‍රියාමාර්ගයන් ගැන ජනතාව දැනුවත් කිරීම

2)  පාස්කු ප්‍රහාරය සම්බන්ධව ගෙනඇති ක්‍රියාමාර්ගයන් ගැන සහ ඉදිරියේදී කරන්නට අදහස් කරන හා ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගයන් ගැනත් නැවත එවන් සිදුවීම් වලක්වාලන්නට ගෙන ඇති පියවරවල් මොනවාද යන්න ගැන ජනතාව දැනුවත් කිරීමද අවශ්‍ය වෙයි.අදද මෙය තැන විවිධ කතා මෘධ්‍ය මගින් විකාශය කරන ලදී.

3)  පොල්තෙල් වල පිළිකාකාරකයන් අඩංගුව ඇතිබවට තෙවරක්ම තහවුරැව ඇති බැවින් ඒපිලිබඳව ගෙනඇති හා ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගයන් ගැන ජනතාව දැනුවත් කිරීමද වැදගත්යයි අප සිතමු. එසේම මෙරට කොප්පරා වලින් සිඳිනු ලබන පොල්තෙල් වලද එම පිළිකා කාරය අඩංගු බවට ඊයේ එම පරීක්ෂන භාරව සිටින මහත්මිය පවසනු අප ඇසුවෙමු.එසේ නම් ඒ පිලිබඳවද යම්වු ක්‍රියාමාර්ගයන්  ගතයුතුව ඇත.

4) එයට පිලියම් ලෙස පොල්තෙල් රත්වු පසුද එහි එම පිළිකාකාරකය විනාශ නොවී රැ‍ෙඳන්නේද යන්නද සොයා බැලීම වැදගත් වෙයි.මන්ද සමහර එවන් තත්වයන් පමනක් නොව ගුනදායක තත්වයන්ද රතකිරීමේදී විනාශ වන බව සොයාගෙන ඇති කරැනක් බැවිනි.එමනිසා රත්කල පොල්තෙල්ද පරීක්ෂා කර බැලීම වැදගත් වෙයි. යම් හෙයකින් එසේ විනාශ වන්නේ නම් ඒ ගැනද ජනතාව දැනුවත් කල හැකිය.

5) සමහර විටරත්වු පොල්තෙල්වලින් එම විශකාරකයන් ඉවත්වන්නට ඉඩතිබෙන බැවිනි. එසේම  කුමනවු ආහාර ද්‍රව්‍යයක් මෙරටට ගෙන් වන්නට ප්‍රථම එම රටෙහි රජය විශකාරක අඩංගු නැති බවට  තහවුරැ කල සහතිකයක් ලබාගැන්ම අනිවාර්්‍ය කල යුතුය.‍ (මෙය අපරටින් යවන ආහාර වලට සෟජුවම බලපෑහැකි බවටද විශ්වාශ කලහැකිය.

6)  ප්‍රමති සහතිකයක් නොමැති ආහාරමය ද්‍රව්‍යයන් මෙරටට ගෙන්වීම වරදක් බවට නීති අනුමත කර තිබුනේනම් පමනක් විපක්ෂය කියන අන්දමට එම සමාගම් වලට විරැද්ධව කටයුතු කිරීම කලහැකිය.එසේ නොවන්නේනම් පළමුව එම නීති පාර්ලිමේන්තුව මගින් අනුමත කරවා ගැනීම සුදුසු පියවරකි.කෙසේ වුවද ආහාරමය ද්‍රව්‍ය ගෙනවීමට ප්‍රථම එහි ප්‍රමතිය ගැන ආදාල රටේ රජයෙන් නිකුත් කල ප්‍රමති සහතිකයක්  අත්‍යාවශය කිරීම නම් කල යුතුමය.

7) මෙම ප්‍රශනයට විසඳුමක් ලෙස තම නිවස තුලදීම පොල්තෙල් නිපදවා ගතහැකි සරල ක්‍රියාමාර්ගයක් සහිත ගෟහස්ථ උපකරනයක සැලසුමක් මාහට  ඉදිරිපත් කිරීමට පුළුවන.මා එය සකස් කලේ ඉවත යන පොල්කුඩු වලින් තෙල් නිපදවීමට වුවද එම උපකරනය නිෂ්පාදනය කරන්න මට වත්කමක් නොවු බැවින් එය නිපදවුයේ නැත.සැළසුම ඉදිරිපත් නොකලේ වංචනිකව සැලසුම් සොරා ගන්නා බැවිනි.

8) කෙසේ වුවද අපේ ගෙවල අය හිසට දමන තෙල්ටික නම් කවදත් ගෙදරදීම නිපදවා ගත් බව රහසක් නොවේ.එහෙත් එවන් තෙල්වල තත්වය පිරික්සන්නට නම් කවුරැන්වත් උනන්දු වුයේවත් එයට ක්‍රමයක් තිබුනේවත් නැත.

9) යොජනා දෙකක් - අළුත් අවුරැද්ද වෙනුවෙන් ස්ථිර ආදායම් රහිතවු අසරන පවුල් වලට ආහාර මල්ලක් පිරිනැවීමට ඔබතුමන්ගේ අවධානය යොමු වන්නේ නම් එය සහනයකි.

10)                 වියපත් දීමනාව අහිමි 70 පිරි අයට රැපියල් දහසක දීමනාවක් හෝ එයට සමාන ආහාර මල්ලක් පිරිනැවීම ගැනද ඔබතුමන්ගේ අවධානයට යොමු වේවායි පතමි. ස්තුතියි.

මෙයට මා - නාල්ස් නිශ්ශංක

 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.