Powered By Blogger

Thursday, April 29, 2021

 

ගරැ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය වෙත,

වසංගතය පැතිරීම වලක්වාලීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමයි

ගරැ ඇමතිතුමියෙනි.

රටෙහි වේගයෙන් පැතිර යමින් පවතින කොවයිඩ් 19 වෛයිරසය පාළනය කිරීමටසෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ වෑයම් කලද තවමත් එම උපදෙස් පිළිනොපදින අයගැනද ඹාධ්‍ය පෙන්වා දෙයි.

මෙම කරැන ගැන විවිධවු පළාත්වල ජනතාව දක්වන අදහස් එකහා සමානය. සමාජයේ වෙසෙන වැඩිදෙනෙකු දෛණික ආදායමින් සිය පවුල් නඩත්තු කරන අසරනයන් වෙති.ගොවිතැන සුළු වෙළඳාම, කුළීවැඩ හා ස්ථිරනොවු විවිධ වෟත්තීහි යෙදීම ආදී බොහෝ දේඔවුනගේ ජීවෝනෝපායන් වෙති.

ගෙදරට දරැවනට ආහාර සපයා ගන්නට නම් කුමන හෝ කාර්‍යයක් කර මුදලක් උපයාගත යුතුය. එවිට කොරෝනාව පමනක් නොව මුවවැස්මද අමතක වෙයි.එය නීතිය අමතක කිරීමක් නොවේ.එසේම ඉන් සිදුවිය හැකි විනාශය ගැන ඔවුනට වැටහීමක්ද නැත.

එසේම 60 ඉක්මවු වියපතුන්ද කුලීවැඩට යාම වැඩිවී ඇත.ඔවුනට දරැවනගෙන් හා සමාජයෙන් උපකාර නැත.එසේම ආණ්ඩුව බලයට පත්කලේ වියපත් දීනාව පතමිනි.සිදුවුයේ ලබන්නන්ට දීමනාව වැඩිකිරිමය.එයද ඔවුන් සිහි කරන්නේ අපුසාදයෙනි.

යෝජනා -

1) සෑම වෙළඳ ව්‍යාපාරික ස්ථානයකම (පුලත්විට කඩයක පවා) මුව වැස්ම පැලඳ ඇතුල් වන ලෙසද මුව වැස්ම රහිත නම් එහි නොගැවසෙන ලෙසටද දැන්වීම් ප්‍රදර්ශනය කිරීම අනිවාර්‍ය කරන්න.

2)  ජනතාව එක්වන සියළුම පල්ලි,පන්සල්,දේවාල,පුදබිම්,කෝවිල් ඉදිරිපිට හා ඇතුලද මුවැස්ම පැළඳීම අනිවාරය බව දන්වන විශාල දැන්වීම් ප්‍රදර්ශනය අනිවාර්ය කරන්න.දැන්වීම් ප්‍රදර්ශනය නොකරන ස්ථාන භාරකරැවන්ට දඩුවම් කරන්න.

3) සියළුම මගී සහ පුද්ගලික වාහන වලද මුවවැස්ම පලඳින ලෙසවු අවවාදාත්මක දැන්වීමක් ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන්න.

4) මුවවැස්ම පැලඳීමකින් තොරව මහමාර්ගයේ ගමන් කිරීම දඩුවම් ලබන වරදක් බවට දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට මාර්ග අධිකාරියට හා ප්‍රාදේශීය පළාත් සභාවලට නියෝග කරන්න.

5)රෝහල්,පුද්ගලික වෛද්‍ය ආයතන වලද එම දැන්වීම ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරන්න.

6) මාර්ග අයිනේ කිසියම් වෙළඳාමක් කරන්නේ නම් එම ස්ථාන වලද මුවවැස්ම පැළඳීමේ දැන්වීමක් සවි කරන ලෙසට නියෝග කරන්න

7) මුවවැස්ම රහිතව ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීම තහනම් කරන්න.එසේ ගැවසෙන අය ජායාරෑප ගතකර වහාම ලඟමවු  පොලිසියට දැන්වීමට අවශ්‍යමවු පහසුකම් ලබාදීමට සහ ඒවා දැන්වීමට දුරකතන අංක ප්‍රසිද්ධ කරන්න.

8) එසේම ප්‍රතිශක්ති කරන එන්නත් ලබා නොගත් වැඩිහිටියනට ඔවුනගේ ගම් වලදී ලබා දෙන්නට පියවර ගැනීමද වැදගත්ය.

9) පාස්කුව සාක්කුවේ දමාගෙන විපක්ෂයේ අය කරන චෝදනා වලට ප්‍රති උත්තර ලබාදීමට කටයුතු කිරිමද වැදගත් යයි සිතමු

මා අප ගමේ ව්‍යාපාරික ස්ථාන වලට ලබාදුන් දැන්වීමේ ජායාරැපයක්ද ඔබතුමිය ගේ අවධානය පිනිස යොමු කරමි

 ස්තුතියි  ඔබතුමිය ඇතුළු රජයේ ජය පතන මා නිශ්ශංක.

Nals Nishshanka,133,Kumbaloluwa,Veyangoda’

Phone-0755229367

 

කරැණාකර මුවවැස්ම නිවැරිදිව පළඳින්න- පහත් කරන්න එපා !!Please wear the mask correctly - do not lower

Talk at a distance of meters -  මීටරයේ දුරකින් කතාකරන්න

     - මුව වැස්මක් නැතිතම් මෙහි ගැවසෙන්න එපා ! Don't walk around without a mask                           -       -ගමේ අපි අපි වෙනුවෙන් සමාජ සත්කාරයකි --නිශ්

 

 

 

 

No comments:

Post a Comment

thanks you.get to us your ideas.