Powered By Blogger

Sunday, May 14, 2017

             ගෞරවනීය ඉල්ලීමයි
   ජීවිතය ගෙනයන්න දහසක් වේදනා පීඩා විදින ලොව එකම මිනිසුන් කොටස දිලිදු බව උරැම කොටස පමනක් බව අළුත් දෙයක් නොවේ.එහෙත් දිලිදු බව නැතිකර ගන්නට වෙර දරන හැමටම මුල්ම ගැටළුව වන්නේ මුලිකව වැය කලයුතු මුදල බව කිව යුතුය.ආසායම් මාර්ගය ලෙස කුලීවැඩ ගොවිතැන කරන අයට තමන් උපයන මුදල අඹුදරැවන් රකින්නට හා ආහාරපාන සපයා ගන්නට තරම්වත් ප්‍රමානවත් නොවීම මුලිකව ඇතිවන ගැටළුව වන්නේය.තැනින් තැන අස්ථිරවු ආදායමක් ලබන කාට වුවද ස්වයං රැකියාවකට හෝ ස්ථිර ආදායම් මගක් තනා ගැන්මට ඔවුන් පොළඹවයි
වයස 60 වනතුරැ රජයේ නොවන රැකියාවක නිරත වන අයටද ඉන්පසු ජීවිතය රැකගන්නටකුමන හෝ ක්‍රමයක් සලසා ගත යුතුය.එසේම වයස 60න් පසු ඇතිවන කායික දුබලතාවන්ද වෙහෙසෙන ශ්‍රමික කාර්්‍යයන්ට ඔරොත්තු නොදීමද ඔවුන් තවත් අසරන කරන හේතුවක් වන්නේය.අනුනට අතනොපා ජීවත් වන්නට මෙන්ම දරැවන්ට බරක් වන්නටද මව්පියන්ට කල හැකි දෙයක්ද නොවේ.දොස්තර ඉංජිනේරැ වැනි ඉහලම පැකැන්තියේ අයගේදෙමාපියන් මහළු මඩම්වලට යැවෙන්නේද මෙවන් සාධක මුල් කරගෙන බව අළුතින් කිව යුතුද නැත.
වයස 60න් පසු රැකියා කාළය දිගු කරන්නට විරැද්ධ වන අයටද මිනිස් කම ගෑවිලාත් නැත.කයින් මිනිස් රැවක් තිබුනද ඔව්න් යක්ෂයන්ටද වඩා නපුරැ අදහස් සහිතවුන් බවනම් නොකියාම බැරිය.අනෙක් අතට වෙළද කලාපය සමාගම් වල පුරප්පාඩු තිබුනද 60 දී විශ්‍රාම ගොස් විවේකය ලබන්නට සැප විදින්නට විශ්‍රාම වැටුපක් ලබන රාජ්‍ය සේවකයන්ට හැකිවන ලෙස සුද්දන් තනාගත් නීතිය තවමත් අප රටේද ක්‍රියාත්මක වන නිසාත් ඇතිවන පුරප්පාඩු සදහා 60 පැනපු අය යොදවන්නට ආයතන පාළකයන්ටද හැකියාවක්ද නැත.මෙම නීතියද සංශෝධනය කරපවුල් වල අසරන තත්වය හා තම ආයතනවල අවශ්‍යතාවයන් මත වයස 60 ඉක්මවු අයද බදවා ගැනීමට නීතිමය අවසරය වහාම ලබාදිය යුතුය.එය අසරන බව තුරන් කිරීමේ මුල් පියවර වන බවද සදහන් කරමු.40% වන දුගී ජනතාවක් වෙසෙන අප රටට මෙම නීතිය කොහෙත්ම සාධාරන වනාවන බව ඔබ තුමන්ලාටද වැටහෙනු ඇත.1948 න් පසු අද දක්වාම වෙනස් නොකල එක නීතියක් වන්නේද එයමය.සමහරක් විට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් මේ ගැන කතා නොකරන්නේ ඔවුනටද විශ්‍රාම වැටුපක් ලැබෙන නිසා ‍වන්නටද පුළුවන.අප එසේ කියන්නේ වරක් පාර්ලිමේනුතුව කලින් විසුරවා හැරියොත් විශ්‍රාම වැටුප අහිමි වන නිසා එසේ නොකරන බව පුවත්පත් වල පවා පලවු පුවතක් නිසාය.වෙනස් කලයුතු අදට නොගැලපෙන නීති 55 ක් අප නම් වටහා ගෙන තිබේ.ඒවා නවීකරනය කරන්නට වත්මන් රජය පියවර ගතහොත් ජනතාව සදාකාලිකව තුති පුදනු ඇත.
අප මෙය ලියන්නේ ආයාචනයක් නිසා එය පලමුව සටහන් කරමු. වයස 60 පැනපු නිසා දිවිනැගුම ග්‍රාමීය හා රාජ්‍යබැංකු අපට ස්වයං රැකියාවකට සුළු ප්‍රමානයේ ණයමුදලක් වත් දෙන්නේනැත.අප දිරි දරන්නේ සාමාන්‍ය ආදායමක් ලබාගතහැකි සුළු ව්‍යාපාරයක් අරඹන්නටය.රැපියල් 20000 කින් අරඹාගත හැකි එය දියුනු කරගත හැකිය.එසේම මසකට රැ 1000 බැගින් ආපසු ගෙවිය හැනිය.එනම් වසර 2 කින් ණයත් පොලියත් ගෙවා අවශන් කල හැකිය.මෙය කියවන කවුරැන් හෝ මහත්මයෙකු මහත්මියක් අපට මෙය ඉටු කර ගැන්මට උපකාර කරන්නේ නම් වසර 2 ක් තුල එතුමන්ට එතුමියට පොලියද සමග මුදල ආපසු ගෙවන්නෙමු.ඔනෑම අවස්ථාවක පරීක්ෂා කරන්නටද පුළුවන.
ජනතාව සවිබල ගන්වන්නට දිලිදු කම දුරැ කරන්නට හාල්පොත ජනසවි දිවිනැගුම ජනඋදාන වැනි කිසිදු ක්‍රමවේදයකට හැකියාවක් නැත. එයට විශේෂිත වු වැඩ පිලිවෙලක්ද නීති පද්ධතියක්ද දඩුවම් පද්ධතියක්ද අවශ්‍යමය.මනා පුහුනුවක් ලද නිලධාරීන් කොටසක්ද විශේෂ මෙහෙයුම් කාර්යාලයක්ද අවශ්‍යම වේ.පලාත ගම පවුල් පුද්ගලයන් ගැන මනාවු අවබෝධයකින් ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් හරහා රටේ සියළුම ජනතාව ස්ථිරවු ආදායම් ලබන්නන් බවට පත්කල හැකිය.එම වගකීම වත්මන් රජය භාර ගන්නේ නම් කෝටි ගනන් වියදම් කර නාමපුවරැ සවි නොකලාට ජනතාව සදාකාලිකවම ගෞරවයෙන් සිහිපත් කරනු ඇත.ක්‍රම වේදය අපට ඉදිරිපත් කරන්නට පුළුවන.අසරන කම දුරැ කර ගන්නට වෙර දරන හැමටම උපකාර වන ක්‍රමවේදයන් දන්නේ ඒවා විදින අයමය.අප ඉදිරිපත් කරන වෙනස් කලයුතු නීතිද එම තීති නිසා අසරන වු අයගේ අදහස් අනුව සැකසුනු ඒවාය.ඒවා ඉදිරිපත් කරන්නට අප ඔබ සැමගේ සහය පතමු.
(+94)0719894817 /  0788165417

ජනපති අගමැති දුදල් ඇමතිතුමන්ලා වෙතටයි
වයස 60 පහුවෙලත් ආණ්ඩුවට චන්දෙ දීල පන්දන් අල්ලල හෙම්බත්වුන අපට ශ්‍රමිකයො විදියට කුලීවැඩ කරන්න කුඹුරැ කොටන්න දැන් අපහසු හින්දත් අනුන්ට අතපාන්න හිගාකන්න බැරි හින්දත් මැරෙනකන් ජීවත් වෙන්න මාර්ගයක් හදාගන්න ස්වයං රැකියාවක් අරඹන්න ණයක් හරි ආධාරයක් හරි දෙන්න කියල මම ඔබතුමන්ලගෙන් ඉල්ලා හිටියත් තවමත් සහනයක් ලැබුනෙ නැහැ.රාජ්‍යබැංකු වලින් ණයක් ගන්න ගියාම එයාල ඇවිත් බලල ණය දෙන්න වයස වැඩිය කියා ප්‍රතික්ෂේප කරනවා.හැබැයි පැන්ෂොනු එකක් තියනව නම් වයස 70 වෙනකන් ලක්ෂ 20ක් දෙන්න පුළුවන්ය කියලත් කියනවා.අර්ධ රාජ්‍ය සේවකයන්ට කුලීවැඩ කරන අප වගෙ අයට පැන්ෂොන් දෙන ආණ්ඩුවක් ලංකාවෙ තියනවද කියල දන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි.
  අද අපට හාල් හුන්ඩුවක් ගන්න මගක් නෑ.සමහරදාට අපි බඩගින්නෙ වේලෙන්නෙ පුරැවෙ කරැමෙට නොවෙයි.පහුගිය ආණ්ඩුව වරායවල් හැදුවට අපට සෙතක් නොකල හින්ද ුපි ශබතුමන්ලට කතිරෙ ගැහුවෙ අපට සෙතක් ලබාගන්න මිසක් වෙන බලාපොරොත්තුවකින් නොවෙයි.මොකද චන්දෙ දුන්නට අපට සභාපතිකම් දෙන්න අපි කව්ද කියලවත් ඔබතුමන්ල දන්නෙ නැනෙ.අනික පගාදිල පන්දන් අල්ලල යමක් කොර ගන්න අපට හැකියාවකුත් නැනෙ.ඒ හින්ද තුට්ටු දෙකක් හොයාගන්න ඔබතුමන්ලගෙ පිහිට පැතුවෙ.
අවුරැදු දෙකකින් පොලියත් එක්ක ආපහු ගෙවන්න ණයට රැපියල් 20000 ක් හරි නැත්තන් බිත්තර දාන කිකිලියො 25 ක් හදාගන්න පැටවුනුයි කෑමයි හරි ලබා දෙන්න කියලයි ඉල්ලා හිටියේ. සමුර්ද්ධි නිලධාරි ආර්ථික නිලධාරි ලගට ගියත් එයාලට මගක් නැහැයි කියනවා.බැකුව වහස වැඩියි කියනවා.දිවිඋදානෙ ගැන අහපුවම එයාල දන්නෙත් නෑළු.සවියක් කියල දෙයක් මෙහෙ නෑනෙ.
අපි ඔබ තුමන්ලගෙන් ඉල්ලන්නෙ අසරන අපට කොහම හරි පිහිට වෙන්න කියලයි.දැන්වත් අපට දිවිමගක් හදා ගන්න උදව් කරන්න. 
ඒත් ආණ්ඩුව මෙයාලට මෙච්චර උදව් කරන්නෙ සමහරවිට ආණ්ඩුව පෙරලිලා යාවි කියල නේද කියල පත්තරවල තියන මේව දකින කොට අපට හිතෙනව. කොහම රැක්කත් අපි දීපු චන්දෙ ගැන හිතල සහන නොලැබුනොත් එප චන්දෙදි වේදිකාවට නගින්නෙ කම්කරැවො ගොවියො වෙන්න පුළුවන්




අපිවදින්නෙ දෙවියන්ට බුදුන්ට ව්තරක් වුනාට අද චන්දෙ දීල ඵාලකයන්ටත් වදින්න වෙලා ජීවත් වෙන්න පිහිට වෙන්න කියලා. මනුස්සකම තියනවනම් නමි අපවගෙ අසරනයන්ට පිහිට වෙනින කියල ඕන්න වැන්දා.

No comments:

Post a Comment

thanks you.get to us your ideas.