Powered By Blogger

Friday, April 7, 2017



අවුරැදු 8 ක් ස්වයංරැකියා ණයක් ගන්න උත්සාහ කලත් බැරි වුන කතාවක්......
දුගීකම දුරැ කරන්න හැම ආණ්ඩුවක්ම ජනතාව ඉදිරියේ පුරසාරම් දෙඩුවද එය ඉටුකරන්න ඇති බාධා ඉවත් නොකරන නිසා හාල්පොතේ සිට ජනසවිය දිවිනැගුම හා වර්තමාන දිවිඋදානයද අසරන ජනතාවට   සෙතක් සළසන මාර්ගයන් බවට පත් නොවන බව අප මෙම ලිපියෙන් පෙන්වා දෙනු කැමැත්තෙමු.
වයස 60 වනතුරැ සාමාන්‍යයෙන් අයෙකුට රැකියාවක් කලහැකි වුවද ලොකු තානාන්තර හා දේශපාලන හිතවත්කමක් නැත්නම් කාටවත්ම තම සේවා කාළය දිගු කර ගන්න කිසිදු මාර්ගයක් නැත. එසේම කායික ශක්තිය මත අඹුදරැවන් රකිමින් දිවි ගැටගහ ගන්නා සාමාන්‍ය ජනතාවටද වයසත් සමගම ඇතිවන කාායික දුබලතාවයන් නිසා ශ්‍රමිකයන් ලෙස රැකියාවක නිරත විය නොහැකිය. මින් සිදුවන අසරනතාවය ප්‍රයෝජනයට ගනිමින් හැම පක්ෂයක්ම විවිදාකාර ලෙස ජනතාව මුලා කරන අයුරැද අප මෙහි ලා දක්වමු.පලමුව මෙම ලිපිය කියවන්න.
ජීවිතය පුරා වෟත්තීන් කිහිපයක් පලපුරැදු මම සංස්ථා සහ අර්ධ රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කල අතර එහි වෟත්තීය සමිති ලේකම් වරයෙක් ලෙස අඛන්ඩව පැවති රජයයන් ගේ කීකරැ සුනඛයෙකු ලෙස වල්ගය වැනුවෙක්මි. ඉන් මා ලත් ප්‍රයෝජනයක් නැත් වුවද අසරන සේවකයන්ට ඔවුනගේ ගැටළු විසදා දෙමින් පින් කන්දක් රැස් කර ගත්තෙමි.එහෙත් පරලොව සුගතිය කුමක් වුවද මෙපලාව නම් මා ලද සුගතියක් නැත. එය හරියාකාරව වැටහුනේ වයස 60 න් එලියට දැමු  පසුය.අව්වේ වේලෙමින් උගුර ලේරහ වනතුරැ කෑ ගසමින් මා කර ඇත්තේ පාපයක් බව අද වැටහී ඇත. තම බලය පවත්වා ගෙන යාමට පාළකයන් අප ඉත්තෙකු කල බව දැන් වැටහී ඇත.
අදත් මගේදරැවන් කිසිවෙකුට රැකියා නැත. එහෙත් අපද ජීවත් විය යුතුය. උගත්කම පුහුනුව පසෙක ලා මම තුලී වැඩට බැස්සද  එය  වෙහසකර වු බැවින් ස්වයං රැකියාවක යෙදෙන්නට වෙර දැරැවෙමි. ආදායමක් ලබන මාර්ගයක් හදා ගන්නට මම උපකාර පතා ලියු ලිපි දහස් ගනනකි.ලද වැටුපෙන් දිවිය  ගෙවුවා විනා සම්පත් පෙැතු බැවින් බැංකු ගැනද හිතුවේ නැත. එහෙත් අසරන වු පසු කලහැකි සියල්ල කරන්නට පෙළඹෙන මිනිස් ගතිය නිසාම මමත් බැංකු පිහිටද පැතුවෙමි.
ජනපති අගමැති උතුමන්ලාට අප කවුරැත් ආයාචනා කරන්නේ කරකියා ගත හැකි මගක් නැතිව අසරන වු පසුවය. මමද එතුමන්ලා වෙත දුක කියා ආයාචනා කලෙමි.ඒවා  බැංකු වෙත යොමුවිය. රාජ්‍ය බැංකු හා දිවිනැගුම බැංකු වෙතද ගියෙමි. අවාසනාවකි මට 60 පැනලාය. බැංකු උදව් කරන්නේ 50 ට අඩු අයටය.
මම ඉල්ලුවේ කිකිලි පැටවුන් 25ක් හදන්නට රැපියල් 20000 ක් පමනකි එහෙත් එයටද වයස වැඩිය. අනෙක එම ණය ඉල්ලුවේද මසකට 1000 බැගින් වසර 2කදි ආපසු ගෙවන්නටය.
එනමුත් රාජ්‍ය බැංකු එය ප්‍රතික්ෂේප කල අයුර නම් මට ගෙනාවේ තද වේදනාවකි. වයස වැඩි අයට ණය දෙදන්න බැහැ. වයස අඩු කෙනෙක් එක්ක ණය ගන්න. රස්සාවක් කලේ නැද්ද? ඉතිරි කර ගත්තෙ නැද්ද? දරැවො නැද්ද?  මේ එවන් ප්‍රශ්නයි. මම කරන ස්වයං රැකියා මාර්ගය හා ආදායම් මාර්ග පරීක්ෂා කරන්නට පැමිනි නිළධාරීන්ට පෙන්වා දුන්නෙමි.ඒ අනුව ණය අයදුම් පත් ලබා ගන්නට එන ලෙස දැන්වු නිසා මම බැංකුවට ගියද දරැවෙකු අත්සන් කරන්නේ නැතිව ණය අයදුම්පත් ලබාදිය නොහැකි බව කියා  සිටියහ.
අපට සුළු ණයක් දෙන්නට නොහැකි රාජ්‍ය බැංකු විශ්‍රාම වැටුප් ලබන අයට ලක්ෂ 25 ක් දක්වාත් වයස 70 ගතවන තුරැත් ණය දෙන බව මෙය කියවන ඔබ සැම දන්නා කරැනකි. විශ්‍රාම වැටුප නොහොත් වයසක මහළු දීමනාව ගෙවන්නේ වයස 55 න් පසු බව ශ්‍රී ලංකා ජනරජය යටතේ පාලනය වන රාජ්‍ය බැංකු වලට අමතක වන්නේද නැත.

විශ්‍රාම වැටුපක් ආදායමක් නැතත් මියයනතුරැ ජීවත් වන්නට මාර්ගයක් හැම සතෙකුටම තිබිය යුතුය.සතුන් වගේ ඇහිදගෙන කන්නට මිනිස් සතාට හැකියාවක් නැත.එයට උපකාර කරන්නට හාල් පොතින් පටන් ගත්තේ එදා පාළකයන්ය. අද එදාට වඩා වෙනස්ය. අප චන්දය දුන්නේ තානාන්තර නම්බුනාම ගන්නට නොවේ. අසරනකම දුගීකම නැති කර ගන්නටය. රටේ රාජ්‍ය බැංකු අසරන අපට අත දෙන්නට නොව ඇති එකාටම දෙන්නට දරන මෙම ක්‍රමය ජනපති හා අගමැති ප්‍රමුඛ කොළපාට නිල්පාට රතුපාට හා කහපාට ගාගත් මුළු පාර්ලිමේන්තුවේම දැඩි අවධානය යොමු විය යුතුය.ජනසවිය දිවිනැගුම මගින් සිදුවන යහපතට වඩා සේවාවක් අසරන ජනතාවට සහනදායිකව ලබාදීමට එම බැංකු මෙහයවීම වතමන් රජයේ බලවත්ම යුතුකමද වන්නේය.
50 න්පසු උපකාර නෙදෙන බැංකු වලින් ඉවත්ව සහන දෙන අන් මගක යන්නට ඔබත් අදිටන් කලොත් අපේ රටටම ආවේනික වු නීති හා ක්‍රමවේද මතු බිහිවනු ඇත.ඇපකරැවන් ඔප්පුතිරප්පු නැතිව  ගෙදරටම විත් ණය දෙන බැංකුකරැවන් ගේ පොලිය අඩු වුනානම් මේ රටේ කව්රැවත් කවදාකවත් බැංකුවකට නොයනු ඇත.සාමාන්‍ය අසරන අය බැංකු පිහිට නැතිව තැවුනද ධනවත් ව්‍යාපාරිකයන්ට  බැංකු ඔවුන් ලගටම ගොස් ණය  දෙනබව එප්එම් කාලිකාවකින් ප්‍රචාරය වුයේ මෑතකදීය.එකම රටේ දෙවිදියකට සලකන එකම රටද ලංකාවය.
හැම රටකම ඒ රටට ආවේනික වු නීති පද්ධතියක් තිබේ.අරාබිය එවන් රටකි චීනය රැසියාව ඉන්දියාව තමන්ට ගැලපෙන ලෙස තීති ක්‍රියාත්මක කරයි. අපේ රටේ රටට ගැලපෙන වර්තමානයට ගැලපෙන ජන සමාජයට ගැලපෙන ලෙස එකම නිතියක් වත් හදාගෙන නැත.1948ට පෙර තිබුන නීතියම 2017 දීත් ක්‍රියාත්මක වන බව අප ඉදිරිපත් කරන වෙනස් කලයුතු නීති 55 න් අප පෙන්වා දෙන්නෙමු.
අතීතය කරපින්නා ගෙන යනවා වෙනුවට අපේම නීති පද්ධතියක් සහිතව ඉදිරියට යන්නට වෙනසක් කරන්නට පොරොන්දු වු ජනපති අගමැති තුමන්ලා ඇතුළු රජයට ශක්තිය ලැබේවායි අප පතමු එසෙම දිවි උදානය පක්ෂ උදානයක් නොවී අසරන ජනතාවගේ දිවි දුක නිවන උදානයක්

No comments:

Post a Comment

thanks you.get to us your ideas.