Powered By Blogger

Friday, April 7, 2017

මේවා අපේ අදහස් නොවේ-ඈත පිටිසර ගම් දනව් වල වෙසෙන අසරන ජනතා අදහස් බව සැලකුව මැනවි...මග හොදට පෙනේ නම්--

 

අන්තර්ජාලය හරහා කරන බොරැ ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ශ්‍රි ලංකාවේ ඉහලම පෙලේ සිටින උතුමන්ලා  අඩපබර ගහන්නේ අද ඊයේ සිට නොවේ.එහෙත් පුවත්පත් හා අනෙකුත් විද්යුත් මාධ්‍ය ඔස්සේද සිදුවන හා සිදුවන්නට හැකි අසාධාරනකම්ද ජනතාව අවබෝධයකින් සිටින බව එතුමන්ලා නොදන්නවා විය හැකිය..තමන් නිවැරිදි මගක යනවා නම් නිවැරිදි චේතනාවක සිටිනවා නම් අන්තරජාලය නොව ඉන්දරජාලය ඔස්සේ වුවද නගන චෝදනා වලට බියවිය යුතු නැත. කෙසේ වෙතත් තමන් පරදවන විශෘල හා ශක්තිමත් බලවේගයක් ඇති බවත් වර්තමාන බලලත් උතුමන්ලා නොසෑහෙන තරම් බියෙන් පසුවන බවට චන්දය හා ජනමත විචාරනය පිලිබදව කටයුතු කරන ආකාරයෙන්ම ජනතාව තේරැම් ගෙන අවශානය.
කොළඹ රටේ ඉදගෙන ජනතාව දරන අදහස්  දැනගන්නට බැරැවා සේම යාපනයට ගොස් මුසාවාද දෙඩුවාට හෝ දමිල ජනතාවගේ සහය ගන්නටද බැරිය. අද සිටින කව්රැවත් ජනතාවට අළුත් අය නොවේ.යුද්දයට පෙරත් යුද සමයේත් යුදයට පසුත් පක්ෂ පාට තනතුරැ වෙනස් කරමින් බලලෝභීව කටයුතු කල අය බව සිංහල දෙමල මුස්ලිම් සියළුම වැසියන් හොදින් දනී.
අද සිටින්නේ එදා මහවානේ යකඩ  දොරගුළු බිදගෙන රට එකසේසත් කරන්නට යුද වැදුන කඩොල් ඇතා හෝ උගේ පරම්පරාවෙන් පැවත එන ඇතුන් නොවේ. අද ඉන්නේ අලියාය. අලියාගේ කදබඩ ලොකු වුනාට ඌට දළ-ත් නැත.ඇතාට මිස අලියාට දළ නැති බව නොදන්නා මෝඩයෙක් වත් නැත. ඒ නිසා ඇතා ගෙන් කරගතයුත්ත අලියා ගෙන් කර  ගන්නට වෙර දරන අය හොදට හිතිය යුතුය. එදා රජවරැ සංචාරය කලේද ඇතුපිට මිස අලිපිට නොවේ.දළදා කරඩුව වඩමවන්නේද ඇතුපිට බව ඔබද දනී.
ජනතාව චන්දය දුන්නේ ගහකොළ කඩාගෙන කන, තමන්ගේ කුඹුරට හේනට කඩාපැන කා විනාශ කරන,අලි වැටවල් ඉදිකර මඩින්නට ඕනෑ අලියාට නොවේ. තමන් ගේ නැති බැරිකම් නැතිකර රැකියා දශ ලක්ශයක් හා නොපරතු වරප්‍රසාද රැසක් ලබාදෙන බව කියන ලද උතුමන්ලාටය.ජනතාව නිල්පාට කොළපාට රතුපාට කහපාට ගනන් ගත්තේද නැත. ජනතාව වෙලාගත් දුක් පිඩා අවශන් නරතැයි පැවසුනු යහපාලනය හා වෙනසටය.ඉදින් අද මුල්ම වෙනස කර ඇත ඒ ජනමත විචාරනයකින් තොරව තම අභිලාෂයන් ඉටුකර ගන්නට උත්සාහ දැරීමයි.
පසුගිය රජය බාද වැටුනේද ජනපති වෙනස වුයේ කවර හේතු මතදැයි එම දිනවලම පුවත්පත් වල විවිධ අදහස් මගින් පෙන්වා දෙනු ලැබිනි. එහෙත් යුද්ධය හා තුස්තවාදය නාමා කරමින් පනබියේ ගැහුනු මරබියේ වෙව්ළු අසරනයන් ට සාමය ලබාදුන් නායකයාට ජනතාව දෝහි වුයේද නැත.ගල්ඔය ව්‍යාපාරය ඇරඹු සේනානායක, සිංහල රාජ්‍ය භාෂාව කල බණ්ඩාරනායක,ගමට ජනසවිය දුන් ප්‍රේමදාස,හා සාමය ලබාදුන් මහින්ද යන මහත්මා ගති සෟජු ගති තිබු මහත්වරැන් ජනතා මතකයෙන් හෝ ඉතිහාස පොතෙන් කවදාවත් මැකෙන්නේ නැත.
කෙටියෙන් කිවහොත් සාමය ලැබීමෙන් පසු ජනතාවට අවශ්‍ය වුයේ දිළදු බවින් මිදී අනනුට අතනොපා  කරනකියන රැකී රස්සාවල් කරගෙන ගේදොර හදාගෙන සියළු සම්පත් නොව දිවියට අවශ්‍යම දේ ලබාගෙන දුදරැවන්ට හෙටක් ලබා ගන්නටය.එහෙත් එතුමාගේ ජනප්‍රියත්වය හා අනුකම්පා සහගත බව ප්‍රයෝජනයට ගෙන වාසි ලබන්නට උත්සාහ කලේ අන් අයය.එසෙම වරාය ගුවන් තොට නොහැදුවාට එතුමාව ජනතාවට අමතක නොවන බව අමතක කලේ කවුරැන්ද යන්න කියා පලක් නැත.මේ දෙකම එදා මෙන්ම අදත් ගැටළුවක් බව පෙනේ.වැදගත්ම කරැන නම් කිසිදු අයෙකු එක දිගට බලයේතබන්නට ජනතාව අකමැති බව තේරැම් නොගත්තත් අතිතය තුල වුවද එය සිදුව නොමැති බව අමතක කිරීමය.
අළුත් මාවතක් හා අළුත් නායකයෙකු පත්කරන්නට හේතු සාධක වන්නේද ජනතාව කෙරෙහි ඔහු දක්වන ප්‍රතිචාරය හා ක්‍රියා පිලිවෙතයි.බඩගින්නේ ඉන්න කෙනකුට බනින් හෝ මැජික් වලින් සෙතක් නැත.අනෙක අද දෙනෝ දාහක් යන මාර්ගය අබලන්ව තිබියදී ගෙවල් 2 කකට යන පාර කොන්ක්‍රිට් කර ඇත. වත්මන් රජයටද එහි වගකීම දරන්නට වනු ඇත.ජනසවිය හැරෙන්නට වෙනත් ඒ සමාන ක්‍රියාදාමද ජනදිවිය පුබුදු කලේ නැත. මේවා දැකදැක අවබෝධ කර ගන්නට අසමත් නම් ජනතාව කෝපයට පත්වන තුරැ පමනක් බලය රැක ගන්නට පුළුවන.(ඉතිරිය හෙට)

No comments:

Post a Comment

thanks you.get to us your ideas.