Powered By Blogger

Friday, April 7, 2023

අතිගරැ ජනාධිපතිතුමා වෙත අතිගරැ උතුමාණෙනි . වත්මන් රටේ තත්වය හා නීතිමය තත්වයන් නිසා රටේ සාමාන්‍ය ජනතාව පත්ව සිටින්නේ කායිකව හා මාණසිකවු පීඩාවන්ටය. සෟජුමය නාගරිකයන් සේම ගොවිතැන ජීවනමගවු සාමාන්‍ය වැසියනටද මෙම තත්වය දැඩිව බලපා ඇත. අපරට වැසියන් කායික වශයෙන් පීඩාවට පත්වුයේ අධික ආහාර ම්ල නිසා අවශ්‍ය පරරිදි ආහාරදුව්‍ය මිලයට ගත නොහැකිවීම සහ විදුලිබිලත්සමග යලිත් ඉහල ගිය ඖෂඨ මිල නිසා අවශ්‍ය බෙහෙත් වර්ග ලබාගත නොහැකි බැවිනි. ඉන්ධන අපසතු සම්පතක් නොවන බැවින් එය මිලයට ගතයුතුමය. එසේම ජනතාව ඉන්ධන ලබාගන්නේද මුදලටය.එසේනම් ඉන්ධන ප්‍රශ්නයන් මතුවෙන්නේ කෙසේද ? වසංගතය නිසා විනිමයඅර්බුදයක් මතුවුයේ සංචාරක හා විදෙස්රැකියා ආදායම් අඩුවු බැවිනි. එසේම විදේශයනට අලෙවි කලහැකි දැනට වගාවට තහනම්වු මෙහි සාර්ථකව වගාකලහැකි භෝගයන් මෙරට සම්පතක් බව නොසිතන බැවිනි. අපරටට ඇත්තේ සීමමිතවු සම්පත් ප්‍රමානයකි. එසේම රටට විනිමය ලබන්නට නම් මෙරට රැකියා හා ආදායම් විරහිතවු සමහර වෟත්තීන් පුහුනුව පසෙකලා අන්රටවල පවතින වෟත්තීන්ට අවශ්‍ය සේවකයන් පුහුනුකිරිම හා පහසුකම් සැලසීම කල යුතුමය. මේ සියලුම යෝජනා හා විස්තරද හැම අමාත්‍යංශයක්ම ජනතාවට ලංවු ආදායම් ලබන තත්වයකට පත්කරන අයුරද මා සැකසු අපි ආපහු යං යෝජනාවලියේ ඇතුලත්ය.එහෙත් එය නිකමටවත් කියවා බලන්නට අපේ පාළකයන් සතුටු නැත. ක්‍රමවත්වු නිතිපද්දතියක් යටතේ ක්‍රියාත්මක වන ජනතා සහන හා උපකාර මත විවිධවු පළාත් හා එහි වැසියනගේ ජිවන මාර්ගයන් නංවන යෝජනා රැසක් ඔබතුමන්ගේ අවධානය පිනිස ඉදිරිපත් කරන්නට මා කැමැත්තෙමි. මේවා පාළකයනට දන්වන්නැයි කියන්නේ සාමාන්‍ය ජනතාව විසින්මය. වත්මන් තත්වයන් වෙනස්කරමින් පාළනමග ජනතා කැමැත්තට අනුව සකසමින් කටයුතු කරන්නේ නම් ඉදිරි මැතිවරනයන්ට නියත ජයක් අත්වනු ඇත. එයට හේතුව පාළකයන් පත්කරන්නේද වෙනස් කරන්නේද සාමාන්‍ය ජනතාව බැවිනි. මම මෙම ලිපිය ඉදිරිපත් කරන්නට හේතුවු අනිත් කරැන නම් ජිවත්වන්නට පවා මගක් නැතිව අසරන දිවියක් ගතකරන මම අපහුතාවයන් මැද වුවද වැයවන විදුලිය සඳශෘ මාසිකව ගෙවියයුතු විදුලිබිල කෙසේ හෝ ගෙවුවද හිඟවාරික නොගෙවුයේ යැයි දක්වමින් වේයන්ගොඩ විදුලිබල මංල ශාඛාව විසින් විදුලිය විසන්ධිකරන බව දන්වා නියෝගයක් එවු බැවිනි. මම වුදුලිය ලබාගත්තේ විදුලි ණය යෝජනාක්‍රමය යටතේ වන අතර වසංගතයත් සමග ඇතිවු තත්වයන් හා වියපත්භාවය නිසා පසුගුය කාළය පුරාම කුලීවැඩක් හෝ කරන්නට මගක් නොවීය. එනමුදු මා එතෙක් ණයවාරිකයන් ගෙවීම අතපසු නොකළෙමි.එමනිසා දිනදහයක්තුල බිල නොගෙවුවහොත් විදුලිය විසන්ධි කරන බවට කරඇති මෙම නියෝගය අත්හිටුවන මෙන් ඉල්ලා සිටිෙයමි. මා කලේ ණයවාරික ගෙවීම පැහැර හැරීමක් නොව ආදායමක් නොමැතිකම මත ගෙවීමට අපහසු වීමක් පමනි.මෙම අවාසනාවන්ත ඉරනමට පත්වසිටින්නේ වසංගතයත් සමග කුළිවැඩ පවා අහිමිව යාම නිසාය.එසේම මාවැනි අසරනයන් දහස් ගණනක් විදුලිබල මංඩල නියෝග යටතේ පීඩාවට පත්ව ඇතැයි මා සිතමි. එමනිසා වත්මන රටේ වැසියනගේ බිඳවැටුන ආර්ථික තත්වය සැලකිල්ලට ගනිමින් විදුලි ණය යොජනා ක්‍රමයේ වාරික අයකර ගැනීමට මිනිස්කමේ නාමයෙන් පිවර ගන්නා මෙන්ද ඉල්ලමි. වැඩිකල විදුලිබිල නිසා පීඩාවට පත්වුවනට එය උතුම් උපකාරයකි. රාත්‍රියට බල්ලෙකුවත් නොයන මාර්ගයන්හිද වෙල්යායවල් මැද්දේවු මාර්ග වලද නිකරැනේ දැවෙන විදුලිය ප්‍රමානය කොපමනද? එසේම ස්වයංරැකියාවන් සඳහා යොදාගනු ලබන විදුලි ශක්තියට වැයවන මුදල අධිකවීම මත සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකිව ඒවා අතහැර දමන අය නගන චෝදනා කොපමනද? රාජ්‍ය ආදායම නංවන්නට ජනතාව නොපෙලා ගතහැකි මාර්ග කොපමනද? රජයේ තීරනයන්ට එකඟව වුවද විදුලිබල මංඩලයට පාඩු නොලබන ආයතනයක් ලෙස පවත්වා ගෙනයන්නට සේම ජනතාවට සහන සලසමින් ඉදිරියට යන්නටත් අපතේ වැයකරන විදුලිය නවත්වා ජනතාවට යහපතක් කරන ආයතනයක් බවට පත්වන්නටත් ජනතාව අතරින් නැගෙන යෝජනා මම ඉදිරිපත් කරන්නෙමි. 1948.03.16 උපන්දිනයවු මාගේ වයස අදට අවුරැදු 75කි.වේයන්ගොඩ-කුඹල්ඔ¿වේ 133ඒ හි පදිංචිව සිටින මා අද ජිවත් වන්නට පවා මා්ගයක් අහිමිවු මහල්ලෙක්මි.විවාහකවු දරැවන් සිටියද ඔවුන් රැකියා විරහිතවුවන් මෙන්ම ජිවත්වන්නේද වෙනත් පළාත්වලය.එනිසා ඔවුනගෙන්ද උපකාර නොලැබේ.මෙම හේතුන් මත මම ගතකරන්නේ අසරනවු දිවියක් වුවද අදද මා සමාජය වෙනුවෙන් බොහෝදේ කරන්නෙමි. මම විදුලිය ලබාගත්තේ ණයයෝජනා ක්‍රමය යටතේ වන අතර වසංගතයත් සමග ඇතිවු අවාසනාවන්ත තත්වය යටතේ ඉඳහිට හෝ කල කුලිවැඩ පවා අහිමිවිය.වසංගත තත්වයට පෙර මම එම ණයවාරිකද ගෙවු අතර ඉන්පසු ණයවාරික ගෙවීම අපහසු විය.නමුත් කෙසේහෝ විදුලි බිල්පන ගෙවුයෙමි. විදුලි සම්බන්ධතාවය විසන්ධි කරන බව දන්වන මෙම නියෝගය නිකුත්කර ඇත්තේ වැයකල විදුලිය සඳහාවු බිල්පත් නොගෙවීම නිසා නොව ණයයෝජනාක්‍රමය යටතේ ගෙවියයුතු ණයවාරික ගෙවීමට මට නොහැකිවු නිසාය.මා අාදායම් විරහිත තත්වයකට පත්වීම මත එමවාරික ගෙවීම අපහසුවිය.එහෙත් ඉන් පෙර ණයවාර්කද ගෙවුයෙමි.මා පත්ව සිටින අසරන තත්වය මත මෙම ණයවාරික අයකිරිම වලක්වන මෙන් හා මෙම ණයෙන් මා නිදහස් කරන මෙන් ඉල්ලා සිට්මින් මින් පෙරද ඔබතුමන් වෙත ආයාචනයක් ඉදිරිපත් කලෙමි. මාවෙත වේයන්ගොඩ විදුලිබල මංඩලයෙන් එවා ඇති විදුලිය සිඳලීමේ නියෝගයෙහි අංකය- Discom Order no- 53/D/23/2203B වනඅතර ගිණුම් අංකය-5316352009 වෙයි.ගෙවිය යුතු මුදල 6302.19 කි. මෙය ණයවාරික හිඟමුදල වෙයි. මම මෙයට පෙරද මෙම ණයයෝජනා වාරික ගෙවීමට ඇති අපහසුතාවයන් පෙන්වා දෙමින් මම එම ණයෙන් මුදවන මෙන්ද ඉල්ලා සිටියෙමි. වයස 60 වනතුරැ විවිධවු වෟත්තින වල යෙදුන මා නිදහස් සේවක සංගමයේ ලේකම්වරයෙකු ලෙස අඛණ්ඩව වසර දහයක් සේවය කලෙමි.වයස අවුරැදු 12 දී පමන හාල්මිරිස් පො¿ නිසා ජනතාව පත්වු අසිරැතාවයන් පාළකයනට පෙන්වා දෙමින් ඇරඹු මාධ්‍යලේඛකයෙකුු ලෙස කටයුතු කිරීම අදද කරන්නෙමි.අසරන ජනතාවගේ දුක පෙන්වා දෙමින් නව ජනතා සහන හා ජිවන මාර්ගයන් ඉදිරිපත් කරමින් මෙතෙක් පත්වු හැම පාළකයෙකුටම ජනතා සහය ලබන්නට උපකාරී වුයෙමි.එසේම ජනතා අපහසුතාවයන් පෙන්වා දෙමින් ජනතා විරෝධතාවයන් ඇතිවීම වැපකීමටද සහයවුයෙමි.වර්තමාන වියපත්දීමනාව පවා 2000- මා ඉදිරිපත් කල යෝජනාවන් බව සතුටින් සිහිපත් කරමි.එහෙත් මා ඒවෙනුවෙන් අද දක්වාම ලද කිසිදු ප්‍රතිලාභයක් නම් නැත. යම්වු නීතියක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවිට ඉන් සෟජුමය ආදායම් නොලබන සාමාන්‍යජනතාවට ඇතිවන පීඩාවන් දුෂ්කරතාවයන්ටද පිළියම් යෙදිය යුතුමය. නොඑසේනම් සාමාන්‍යජනතාව එයට දක්වන විරෝධතාවය අතිශයින්ම භයානකය.එපමනක් නොවේ එම කාර්යභාරයන් භාරව සිටි කිසිවෙකුටත් ජනතා සහයක් අත්නොවේ.පාළන කාළයෙන් පසු ජනතාව අතරට යනවිට සිය ගෞරවයද රැකගත යුතුමය.මන්ද පාළකයන් යයි ජනතාව හඳුන්වන්නේ දේශපාලනයේ යෙදෙන අය පමනක් නොව ආයතන පාළක බලධාරීන්ද එයට ඇතුලත්ය. එමනිසා අසරන මට දහස් ගණනින් ණය ගෙවන්නැයි කරඇති නියෝගය අත්හිටුවන්නට වේයන්ගොඩ විදුලිබල මංඩල ශාඛවට දන්වා සහනයක් ලබාදෙනමෙන් මෙයින් ආයාචනය කලද ඒම අායාචනයන්ට කිසිදු පිලිතුරක් අදවන තුරැම මට ලැබී නැත. මාසිකවවැටුපක් ලබන විශ්‍රාමයක් ලබන ඉහල තනතුරැ දරන උතුමන්ලාට අෙනකුෙග් පීඩාව දුක ෙනාදැෙනන බවට ෙමයද සාක්ෂියකි. තවත් බලා හිටිෙයාත් විදුලිය කපාදමන බැවින් මම මට තිබු ඒකම පාපැදිය රැපියල් 3000 කටත් බනක් අහන්නට තිබු පැරනි පැනෙසාන්ක් ගුවන්විදුලි යන්ත්‍රය 3500 කටත් විකුනා ඒමමුදල වු 6500 ක මුදල විදුලි බිල්පත මගින් ෙගවා දැමුෙවමි. . 1 ) -අද විදුලිබිල ඉහල යැමමත වරද පටවා ශිතනොකරන සාමාන්‍ය ඖෂඨ-පෙති කරල් රැපි 10-25% අතර මුදලකින්ද ශීතකරන ඖෂඨ 40-50% මුදලකින්ද ඉහලදමා ඇත. මෙයටද පිළියමක් යෙදිය යුතුය. ලාම්පු තෙල් ලෙස ජනතාව කියන භුමිතෙල් හැම ගමකටම විධිමත්ව බෙදා හැරිය යුතුය.ඒ ලයිට් නිවා ලාම්පු පත්තුකර විදුලිබිල අඩුකර ගන්නටය.. 2) නුතන තත්වය මත අධ්‍යාපනය ලබන දරැවන් හා මාධ්‍ය ලේඛකයන්ට ලබාදියයුතු සහනයන් දෙකක්ද පෙන්වා දෙන්නෙමි. (අ-) අධ්‍යාපණික කටයුතු සඳහා පරිගණක භාවිතා කරන දරැවනට මෙන්ම ආදායම් රහිත ජීවනාධාර ලබන වියපත් මාධ්‍ය ලේඛකයනටද කිසියම්වු සීමාවක් සහිතව වැයකරන විදුලිබිලට අයකරන මුදල අඩුකල යුතුමය.( මෙය මාද අපහසුවට පත්කල කරැනක්ව ඇත) එසේම හිඟවාරික අයකර ගන්නට අපවැනි අසරනයන් නොතලා පීඩාවට පත් නොකර යහපත් ක්‍රියාමාර්ගයන් ගන්නා මෙන්ද ගෞරවයෙන් ඉල්ලමි. මගේ ඉල්ලීම ගැන ඔබතුමන් ගනුලබන තීරනය මටද දන්වනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. ස්තුතියි 07.04.2023 -මෙයට අසරනවු මාධ්‍යලේඛක -එන්.ඒ.එල්.එස්.නිශ්ශංක Discom Order no- 53/D/23/2203B------/Account num -5316352009-/Amou-Pay-6302.19- N.A.L,S.Nishshanka-133A - Kumbaloluwa-Veyangoda

No comments:

Post a Comment

thanks you.get to us your ideas.