Powered By Blogger

Sunday, September 17, 2017

මැය කියන දෙයට සවන් දෙන්න-විවාහ දෙකක් කරගත් සැමියා නිසා ැදවැනි විවාහයේ දරැවන්ට පියාගේ ධනය අහිමිද? ආණ්ඩුවේ ඇත්තනි මෙය ඔබගේ අවධානයටයි(වෙනස් විය යුතු නීති 55 ) අපරට යන මග වෙනස් කරන්න ජනපතිතුමනි අගමැතිතුමනි !

කියවන්න-බලන්න අහන්න වීඩියෝවෙන්-


ගරැ ආරක්ෂක ලේකම්තුමා සහ සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙතටයි                                        ආරක්ෂක අමාත්‍යංශය- කොළඹ
ගරැ ආරක්ෂක ලේකම්තුමනි
ඔබතුමන් වෙත සි.ආ.අ.ජනරාල්තුමන් විසින් යොමු කරන ලද  සිඅදෙ/05/08/01/08/2017(40)-2017.08.24 ලිපියේ පිටපතක් මාවෙතද එවා ඇත.එහි m.m.d චිත්‍රාකාන්ති සහ o.w.s. මල්තාන්ති වන මමද කැවා පරීක්ෂනයක් පැවැත්වු  බව සත්ත්‍යයකි. මා පුකාශ කලේ එම පරීක්ෂනයේදී මාවෙත සාධාරනවු සහනයක් නොලැබුන බවද මගේ අදහස් ප්‍රකාශ කරන්නට හා ඉල්ලීම් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා නොදුන් බව හා ඒ අනුව මට සාධාරනවු සහනයක් අත්නොවු බවය.පහත කරැනු දක්වමි.  
(1)    එම පරීක්ෂනය පැවැත්වුයේ පිරිස්පාලන අධ්‍යක්ෂක තුමන් විසින් 26.07.2017 වන දින වන අතර එතුමාගේ පරීක්ෂනයේදීවත් මා ඉදිරිපත් කල ලිපි ලේඛන පරීක්ෂා කලේවත් ඒවා ගැන අවධානය යොමු කලේවත් නැත.
(2)    වයස 6ක්වු  දරැවන් ගේ ජාතක පියා වන්නේ මියගිය සැමියාය.මව කවුරැන් වුවද පියෙකුගේ දරැවන්ට එම පියා සතු සියල්ල බෙදී යායුතුය.පිතෟ හිමිකම  මත ඒවායේ නිතියානුකුල හිමිකම දරැවාට හිමිබැවින් සහනයක් හිමි විය යුතුය.
(3)   ගැහැනු දරැවන් විවාහ වනතුරැම ජීවත්වන්නේ දෙමාපියන් ගෙනි. ඒ නිසා දරැවන් ගේ නඩත්තුවට මුදලක් ලබාදීමට කටයුතු කල යුත්තේ ආයතනයයි.එය එම මුල් බිරියට වටහා දි සහනයක් ලබාදිමට කටයුතු කලේ නැත.
(4)   සම්පුර්න විශාම වැටුපද ලක්ෂ ගනනක වන්දියද ඇයට ලබාදුන් විට  කුඩා දරැවන් නඩත්තු කරමින් මම ජිවත් වන්නේ කෙසේදැයි සොයා බලා එයට සුදුසු ක්‍රමයක් සැලසීමට කටයුතු කිරිම අියතනයේ වගකීමක් නොවන්නේද ?
(5)   එසේම සැමියා සතු සියල්ල ඇයට හිමිනම් සැමියා ලංකා බැංකුවෙන් ලබාගත් ලක්ෂ 05ක ණයමුදල ගෙවන්නට උපදෙස් නොදෙන්නේ ඇයි? වසර 11ක් ඔහු වෙනුවෙන් කිසිවකි නොකර නඩත්තු ගත්තා  සේම ඔහු නිසා ලබන වැටුපෙන් මගේ දරැවන් නඩත්තු කරන්නට මුදලක් ලබාදීමට ඇයට උපදෙස් නොදීම සාධාරනයක් ඉටු කිරිමක් වන්නේද?  සියල්ල අනිකෙකුට ලබාදී මට ණයත් දරැවන් නඩත්තුවත් කරන්නට ඉඩහැරීම සාධාරනයක්ද?
(6)   චිත්‍රාකාන්ති මෙහි පදිංචි කාරියක් නොවේ.ඇය ඉදිරිපත් කල සහතික ඒ අනුව සත්‍යදැයි සොයා බැළුවේද නැත.සැමියා ඇගේ ගම පදිංචි කරැවෙකැයි ඔප්පු කිරීමටද ඇයට සාක්ෂි නැත.ග්‍රාම සහතිකය හා සමාදාන සහතිකයද අසත්‍යම වේ
(7)   චිත්‍රාකාන්තිට මාසිකව නබත්තු ලෙස රැ 5000 ක් ගෙවා ඇති අතර අත්තනගල්ල මල්වත්ත උසාවියේ දික්කසාද නඩුවක් පවරා තිබු අතර එම ලියවිලිද පරීක්ෂා කලේ නැත.
(8)   ජානක නැමැත්තා මට කල තර්ජනයද; මා ඉදිරිපත් කල කරැනු විභාග කොට නොබැලීම මගින් සාධාරනවු තීන්දුවක් ගත් බවට කරන පුකාශය නිවැරිදිද  යන්න  යලිත් සිතා බලනු මැනවි.
(9)   එම දරැවන්  සැමියාගේම දරැවන්දැයි පරීක්ෂෘ කිරීම මගින් සත්‍යය හෙලිවනු ඇත එසේම සැමියාගේ සහතික කල හිමිකම් පැවරැම් ලේඛන බල රහිතදැයි ‍ පරීක්ෂා කරන ලෙසද ඉල්ලමි.
(10)                       338 ගල්ගමුව ග්‍රාම නිලධාරි ගෙන්වා එම සහතික සහතික කලේ කෙසේදැයි පරීක්ෂා කරන මෙන්ද ඉල්ලමි.එසේම මා ඉදිරිපත් කල කරැනුවල සත්‍යතාවය පරීක්ෂා කර බැලීමට නැවත නියෝගයක් කරනු මෙන්ද ඉල්ලා සිටින්නෙමි
(11)                       අැය ඉදිරිපත් කල සහතික අසත්‍ය බවටද: දික්කසාද  නඩුවක් හා නඩත්තු මුදල්  බාගත් බවටද:විවාහ දිවියක් ගත නොකල බවටද:දරැවන් ගේ පිතෟත්වය ගැනද මම ඉදිරිපත් කල කරැනු අධිකරනය මගින් නිරාකරනය කර නොගෙන චිත්‍රාකාන්ති නැමැත්තියට සියල්ලම ලබාදීම අසාධාරනවු අයුතු සහගතවු තීරනයක් බව මම ප්‍රකාශ කරමි.භාර්යාවන් දෙදෙනෙකු හිමිකම් ඉල්ලු විට හා  විරැද්ධව කරැනු දැක්වු විට එහි තීරනය අධිකරනය මගින් ලබා නොගැනීමද අසාධාරනයකි.සුදුසු ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරිමට ඔබතුමා පියවර ගනිතැයි මම විශ්වාශ කරමි
කෙසේ වුවද මට දැන් දරැවන්ට මවකගේ මෙන්ම පියෙකුගේ යුතුකම්ද ඉටු කරන්නට සිදුව ඇති බැවින් හා දරැවන් නඩත්තු කිරිමටද මාර්ගයක් නොමැති බැවින් සහනයක් ලෙස සිවිලි ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ සුදුසු රැකියාවක්  ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් එයද සහනයකි. ඒසහා  මම අයදුම්පතක්ද  මේ සමග ඉදිරිපත් කරමි

                                                                                                            ස්තුතියි--මෙයට-අසරනවු
මල්කාන්ති    O.W.S

77.ගල්ගමුව.කුඹල්ඔළුව.වේයන්ගොඩ  / 08’09.2017

අපි රටටත් රජයටත් ලෙන්ගතුයි-වේලන්කා නිව්ස්-අපට පෙනෙන ඇත්ත අපි කියමු-





No comments:

Post a Comment

thanks you.get to us your ideas.