Powered By Blogger

Monday, July 26, 2021

අතිගරැ ජනාධිපති උතුමාණන් වෙතටයි.

අතිගරැ උතුමාණෙනි.

මෙම ලිපිය ඔබතුමන් වෙත ඉදිරිපත් කරනුයේ වර්තමානයේ සිදුවන ක්‍රියාදාමයන් අනුව ජනතාව අපේක්ෂා කල මුලික අවශ්‍යතාවයන් මෙන්ම ග්‍රාමීය හා නාගරිකව වෙසෙන ජනතාව අපේක්ෂාකල පහසුකම් හා අවශ්‍යතාවයන්ද ඉටුතරන බවක් හෝ ඒගැන අවධානයක් යොමුවන බව හෝ දක්නට නොලැබෙන බැවිනි.සත්තකින්ම මෙය ඉතාම කණගාටුදායක තත්වයකි.

අපේරටේ ජනතාව ජනපතිවරයෙකු හා කිසියම්වු පක්ෂයක් පලයට පතිකරන්නේ සුවිශේෂීවු හේතු රැසක් පදනම් කරගෙන වනබව අමතක කිරීම කනගාටුවකි.මහජනතාව පැතුවේ රස්සාවල් කරන අයට සලකන ආන්ඩුවක් නොවේ.ගොවි,කම්කරැ,දෛණික ආදායම් ලබන හා වියපතුනට උපකාරවන අපේ ආණ්ඩුවකි.එහෙත් අද යහපාලන රජයටත් වඩා දැඩිව ජනතාව පීඩාවිඳී.සමිති පිහිටුවා ගෙන ජනතාව පෙළඹවු අයත් වෙනත් මාර්ගයන් මතින් ජනතාව පෙළඹවු අයත් වන අප දෙකොටසම අද කටඋත්තර නැතිව ජනතා අපහාස විඳිමු.සමහරවිට නැවත චන්දයකට නොඑන නිසා සියල්ල අමතක කලා වන්නට පුළුවන.

අප සමාජජාලයන් හරහා හෝ වෙනත් උපක්‍රමයන් මගින් අපම පත්කල පාලකයන් හෝ ඔවුනගේ පිලිවෙත් හෝ විවේචනය කරන්නට හෝ අපහාසයට උපහාසයට පත්කරන්නට මෙන්ම පෙළපාලි යන්නට උද්ඝෝෂනය කරන්නට හෝ උත්සාහ නොදරමු.අප පාළකයන් පත්කරන්නේද ඔවුනගේ ජයග්‍රහනයට උපකාර ලබාදෙන්නේද චන්දය අයදින අපේක්ෂකයන්ගේ පිලිවෙතට වෙනස්වු පිලිවෙතක් අනුගමනය කරමිනි.අපගේ පිලිවෙත අනුගමනය කරන්නට අසරනයන් වෙසෙන පැල්පතක හෝ ලෑලිගසා තනාගත් නගරබද පැල්පතක රැයක් ගෙවු එකදු පාළකයෙක් අදවනතුරාම බිහිව නැත.

කලිසම් කෝට්හැඳ ආරක්ෂකයන් පිරිවරාගෙන නොගැස්සෙන පැජරෝ වලින් ව්ත් ජනතාව ඉදිරියේ බෙරිහන්දෙමින්කියන කතා හා පත්‍රිකා පොත් මුනත්තහඩු ඇලවු පොරොන්දු කඩදාසි අප අසරන ජනතාව කියවන්නේවත් අසන්නේවත් නැත.චන්දයකදී පමනක් දකින්නට ලැබෙන අපේක්ෂක මුනත්තහඩුව මොනවාගේද යන්න බලන්නට පමනක් ඔවුන් ආවත් චන්දය දෙන්නේ පොදුවේ සම්මතවු  අයට පමනය.ඒ පිලිවෙත කුමක්ද යන්න හෙලි කරන්නට අවශ්‍ය නැතැයි සිතමු.

 මම මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්ද එතුමාගේ හා වත්මන් ආණ්ඩුවේ ජයග්‍රනය උදෙසා  හැම පළාතකම වු හිතවතුන් මාර්ගයෙන් එතුමන්ලාගේ ජයග්‍රහනයට උපකාරීවු ගැමියෙකු ලෙසය.එසේම සමිති සමාගම් පිහිටුවා ගෙන ජනතාව පෙළඹවු සැවෙමද වෙනුවෙනි.අද ආණ්ඩුව පමනක් නොව අපද ජනතාවගේ උපහාසයට පත්වන බැවිනි.

නුගතුන්,ගොඩයින්,ගමරාළලා වශයෙන්ද රටෙහි දුගීතම ජනකොටස ලෙසද හඳුන්වන සාමාන්‍ය වැසියන් වන අප පාළකයන් හා නායකයන් තොරන්නේ උගත්කම ,ධනවත්කම,හෝ මුනත්තහඩුව දෙස බලා නොව ඔවුනගේ ක්‍රියාකාරකම් හා චරිතයන්ද විමසීමෙනි.වාචික හා ලිඛිත ප්‍රකාශ අපට වැදගත් නැත්තේ 1947 සිටම ලද දැනුමෙන් අවබෝධ කරගත් බැවිනි.

බලය ලබනතුරැ ජනතාවට ආසන්නව සිටින පාළකයන් බලය ලදපසු සියල්ල දන්නාවුන් බවට පත්ව ජනතා අදහස් ඉවත දමති. නීතියෙන් අසාධාරනයෙන් පීඩා විින්නේද සාමාන්‍ය ජනතාවමය. එනිසා පළමුව ජනතාව පැතු සහනයන් ලබාදෙමින් ජනතාවට ලෙන්ගතුව ඉදිරියට යාම අප අගය කරමු.

වර්තමාන ආණ්ඩුවේ ඉදිරි ගමනට ඇති බාධාවන් අපමනය.එසේම පවත්නා දුර්වලකම්ද වැඩිය. එය අපරට සාමාන්‍ය ජනතාව හොින් දන්නා කරැනකි.එසේම ඔබතුමන් වෙත මෙම කාර්්‍යභාරය පිරිනැවුනේද  විශේෂිතවු කරැනු රැසක් පදනම්ව බවද කිවයුතු නොවේ.නමුත් ජනතාවට අවශ්‍යම වනුයේ ජනතා අදහස්මත ක්‍රියාත්මක වන්නාවු රජයක් හා ස්ථිරශීලිවු හා ක්‍රමවත්වු ක්‍රියාදාමයන් සතු පුද්ගලයන් බවද වටහා ගතයුතු කරැනක් වන්නේ අද ජනතාවනුගතුන් නොවන බැවිනි.

එසේම බිවැටී ඇති ආර්ථිකය වේගවත්ව නංවා ලීමට සහ විදෙස්විනිමය නංවාලීමට උපයේගීවන ක්‍රමවේදයන් මෙන්ම අපරට තුලදීම ඒසදහා ගතහැකි මාර්ග රැසක්ද ඔබතුමන්ගේ අවධානයපිනිස ඉදිරිපත් කරන්නට මම කැමැත්තෙමි.එසේම සැමට විශ්‍රාමයක් ලබාදෙන නවතම මාර්ගයන් සේම හැම අයෙකුම ආදායම් මාර්ගයන් ඇතත්තන් බවට පත්කරවන යෝජනාවලියක්ද ඉදිරිපත් කරන්නට කැමැත්තෙමි.ජනතා අදහස් උපදෙස් අධ්‍යනයෙන් මා සකස්කල යෝජනාවලිය සැමට දිවිමගක්-වියට විශ්‍රාමයක් ජනතාව තමන්වෙත ලංකරගතහැකි ක්‍රියාවලියකි.

එහෙත් මෙම වත්මන් රජය හා  බලයට පත්වන තුරැම අප ඉදිරිපත් කරන ලිපියනට කෙබුවු හෝ පිලිතුරක් එවන්නට පෙර පාළකයන්  කටයුතු කලද වත්මන කවර මාර්ගයකින් හෝ ඉදිරිපත් කරන ලිපියකට පිලිතුරැ එවීමක් නැත. එයට හේතුව රටේ මහජාතිය එකාවන්ව ජනපතිතුමන් පත්කිරීම හා එතුමාගේ සහයට තුනෙන් දෙකක් බලයක් සහිතව රජයක් පිහිටුවන්නට ලබාදුන් ජනවරම මෝඩ නුගතුන්ගේ මෝඩ ක්‍රියාවක් ලෙස සිතන නිසා විය හැකිය.

සත්තකින්ම එය සත්‍යයකි.ව්‍යවස්ථා සංශෝධන නිසා රටේ ඒකීයභාවය විනාශ වේය යන බියත් ජනතාසහන කප්පාදු කරමින් සමුර්ද්ධි වියපත් දීමනා වලකමින් මන්ත්‍රිලාට ලක්ෂයක දීමනා ලබාගැන්මත් මන්ත්‍රිවිශ්‍රාමය රැකගැනීමට පමනක් කටයුතු කිරිමට විරැද්ධත්වය පෙන්වීමටත් ජනතාව ඒතීරනය ගත්හ.

එදා ජනපති හා ආණ්ඩුව මතයන් දෙකක සිට්මෙන් ජනතාව අතරමන් විය.අද ආණ්ඩුව ජනපතිව පාලනය කරන බව ඉන්ධන මිළකමිටුව ජනතාවට කියාදුන්නේය.එය ජනතාවට හෙළිකල අමාත්‍යතුමන් කලේ ජනතාවට ඇත්ත හෙලිකිරීමය.

එතුමන්ලාගේ ජයග්‍රහනයට හේතුවන හා ජනතාව දරන මතයන්ද අප වත්මන් නායකයනට දැන්වුයේ විද්‍යුත් තැපෑල් (ඊමේල්) ලිපිනයෙනි.  තැපෑල අක්‍රියවු පසු ලිපියක් ඉදිරිපත් කරන මාර්ගය වුයේ පැක්ස් හා විද්‍යුත් ලිපිනයන් පමනකි

සාමාන්‍ය ජනතාව වන අපට මාධ්‍ය රැස්වීම් පවත්වන්නට හෝ පෙළපාලි ,උද්ඝෝෂන කරන්නටද අවශ්‍යතාවයක් නැත.අප කරන්නේ එපාඑකා චන්දයේදී පරදවන එක පමනකි.එහෙත් ඒවනවිට පාළකයන්ගේ නායකයන් තම නාමය ප්‍රචලිත කිරීමේ ඔල්මාද ක්‍රියාවලින් අන්තයටම පීඩාවි අවශානය.

එයට හේතුව බලය ලත් විගස ජනතාව හා චන්දය අමතකවීමය.සියල්ල දන්නාවුන් බවට පත්වන මානසික රෝගයක් වැළීමය.එය පාර්ලිමේන්තු කප්රැකට යන කාටත් වැලුනද සුවවන්නේ පැරදුන පසුය. ඉන්පසු යලි බලයට ආවොත් කරන්නේ ජනතාවට පීඩාවන් ලබාදීමය.එය සියුම් පලිගැනීමකි.

දෛණිකවු ආදායමින් යැපෙන හා ගොවියනට,වියපතුනට මෙවර 5000 ජීවනාධාරය ලබානොදුන් නිසා වේල කන්න හොයාගන්න තවමත් විඳින්නේ දැඩිදුකකි.එයට හේතුව ආණ්ඩුවේ මිළකමිටුව ජනපතිවරයාට වඩා බලවත්වු බැවින් යයි ජනතාව සිතති.එසේම දෛණික ආදායමින් යැපෙන හැමටම කුඹුරැද ඉඩම්ද .බැංකු ගිණුම්ද නැත.ඉදින් වේල කන්න හොයාගන්න මගක්ද නැත.

ගොවිතැන යනු රැකියාවකි.මාස 5-6කට වරක් මුදලක් ලැබෙන අවිනිශ්චිතවු ආදායම් මගකි.එයට පහසුකම් ලබාදීම තුන්වේලම බඩපුරවා ගන්නා ආරක්ෂාව හා සියළුම පහසුකම් ලබන පාර්ලිමේන්තුව නම්වු සිතූපැතු සම්පත් හිමිවන කප්රැකට යෑමට අසරන ජනතාව රවටමින් බලය ලබන මහජන නියෝජිතයන් ගේ යුතුකමකි

ජනතාව දුන්බලයෙන් ඥාති සංග්‍රහයන් කලාසේම බලයදුන් ජනතාව ඉල්ලන සහනයන්ද ලබාදීම යුතුකමකි.ඇමතිවරැ වැඩිකිරීම,එක්අයෙකුට බලතල රැසක් දීම වසංගතය මැඩලීමට හෝ ජනතාව අසරන බවින් මුදවීමට හේතු නොවේ.එසේම රාජ්‍ය සේවකයන් අතහැර පාලනයට වෙනත් ක්‍රම යොදාගැනීමද ආණ්ඩුවේ ආයුෂ අඩුකර ගැනීමකි.එසේම තමන්වටා සිටින කපටි හෙංචයියලාට නොරැවටී ජනතාව දුන් ජනවරමින් ආණ්ඩුව පාලනය කරමින් ජනතාවට සහන ‍නේනැයිද ඉල්ලමු.

2015 දී එවක සිටි නායකයන්ට  අතිසුන්දරවු ලෝකයක් මවා පෙන්වමින් හා එම නායකයන් සදාකාලිකව පාළකයන් වනබවට පෙන්වමින් කපටි හෙංචයියලා  පාළකයන් මුළාවට පත්කල අයුරින්ම 2021 දීද වත්මන් පාළකයන් රවටන බව සිදුවන සිදුවීම් වලින් පැහැදිලිව තේරැම් ගතහැකිවු කරැනකි.ඒ අනුව පාළකයන් සාර්ථකව නොමග යවමින් ජනතාවගේ අප්‍රසාදයට පත්කරවන බව වටහා ගැන්ම ඉතා යහපත්ය.

2015 හේ ජනපතිවරනයේදී ජනතාව සිය පාළකයන් වෙනස්කලේ සදාකාලිකවු බලයක් පෙර රජදරැවරැනට පවා නොතිබු බව සිහිපත් කරවමිනි. එසේම සාමාන්‍ය ජනතාවට අවශ්‍යවනුයේ ජීවන මාර්ගයන් හා මිනිසුනට අවශ්‍යමවු අන් සම්පත් මිස වෙනත් රටවල කෙරෙන මනස්ගාත වලින් රටපුරවනු දකින්නටද නොවේ.එසේම ඒවා කරන්නේද ජනතා බදුමුදලින් මිස තම පුද්ගලික මුදලින්ද නොවන බව ජනතාව හොින් තේරැම ගත් කරැනකි.

එසේම යහපාළන ජනපතිවරයා  500 ගණන් පිරිවරාගෙන දිළිුකම දුරලුවද එකදු අසරනයෙකුටවත් ස්ථිර ජීවනමගක් අත්නොවීය.සිදුවුයේ බණ්ඩාරනායක මැතිඳුන් ජනතාසුවයට පිහිටවු ශ්‍රිලනිපය පරාදකරවීම. එපමනක් නොව ජනතාසහනයන් අක්‍රිය වු අතර ජනතාවගේ ආරක්ෂාවද දුබල විය.පාස්කු කතාවෙන් එය  සනාථවිය.

2019 ජනපතිවරනයේදී ශ්‍රී ලාංකික මහජාතියේ මහජනතාවු අපසැම නොදන්නා අය දැනුවත් කරමින් නොදෙන්නාවු අය දෙන්නට පොළඹවමින් පක්ෂ පාටට වහල්වුඅය ඉන් මුදවමින් දිවයිනේ හැම පළාතකම වෙසෙන කවදාවත් පාළකයෙකු නොගිය පළාත්වල ජනතාවද දැනුවත් කරමින් ඔබතුමන් රටේ ජනපතිතනතුරට පත්කරන්නට ගත් වෑයම සාර්ථකවුයේ 69 ලක්ෂයක්වු ජනතාව එයට එක්වු බැවිනි. එහෙත් අද ඒ ජයග්‍රහනයට වදනිකින් හෝ සහයවු සැවොමද පත්ව ඇත්තේ පීඩාවකටය.වේදනාවකටය.

එහෙත් අප ජනතාව එසේ වත්මන් ජනපතිතුමන්ගේ ජයග්‍රහනයට උපකාරී වුයේ රටෙහි ප්‍රධානතමවු ප්‍රශ්න හතරකට එතුමන් සෟජුව පිළියම් ලබාදෙනු ඇතැයිවු බලාපොරොත්තුවෙනි.එනම්

1-         ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම මගින් රටෙහි ඒකීයභාවයත් පාලන ක්‍රමවේදයනුත් වෙනස්වීම වැලකීම සහ එම සංශෝධන අක්‍රිය කිරිම.

2-         ජනතාවගේ ආර්ථික හා සමාජමය දිවියේ ප්‍රගතියට හා සාධාරනවු සහනයන් ලබාගැන්මට බෘධාවක්ව ඇති අතීත නීතිරීති වර්තමාන සමාජීය අවශ්‍යතා හඳුනාගෙන  ඒ අනුව සංශෝධනය කිරීම.එහෙත් ඒ නීති මොනවාද යන්න පෙන්වා දෙන්නට ජනතාවට අවශ්‍ය පහසුකමද හිමිවුයේ නැත.

3-     සමුර්ද්ධියවැනිජනතාසහනයන්සුදුසුකම්ලත්පවුල්වලටපමනක්නිසිඅරමුනක්හාස්ථිරවු ආදායම් සහිතවුවන් බවට පත්නරවන ප්‍රතිපලයන් සහිත ක්‍රියාදාමයන් බවට පත්කරවීමත් නුසුදුසු වංචනිකව ලබන අය ඉවත් කිරීමත්

4-     2015 දී එවකවු  රජය ලබාදුන් 2000 ජීවනාධාර වියපත් දීමනාව දිවිමඟ අහිමි සුදුසුකම් සපුරාලන වත්කම්හා ආදායම් රහිතවු සියළුම මහල්ලන්ට ලබා‍දීමට කටයුතු කරනු ලබනු ඇතැයි යන විශ්වාශයත් මතය.

එහෙත්ඒ සියළුම බලාපොරොත්තු ඉටුකරන්නට වත්මන් පාළකයන් කටයුතු නොකිරීම රටේ සාමාන්‍ය ජනතාව තැබු විශ්වාශය පළුදුවීමකි.එම සහනයන් නිවැරිද්ව සුදුසුම අයට ලබාදීමට හැකිමාර්ගයන් මෙන්ම සැමට ස්ථිරවු ජීවනමාර්ග ලබාදිය හැකි මාර්ගයන් පෙන්වා දීමටත් එමගින්  රටේ ආර්ථිකය ‍නැංවීමට දායකත්වයද ලබාගත හැකිබව ජනතා අදහස් හා යෝජනා ආශ්‍රිතවපෙන්වාදීමට මා ඉදිරිපත් කරන්නට උත්සාහ කලලිපිය ඉදිරිපත්කරන අවස්ථාවක්ද හිමිනොවීය.

ජනපතිතුමන්ට  පක්ෂපාතී ආණ්ඩුවක් පිහිටුවන්නට සේම එයට තුනෙන් දෙකක බලයක්ද ලබාදුන්නේ යහපාලනයේදී සිදුවු  තත්වයන් වලකාලීමට හා රටට අහිතකර ව්‍යවස්ථාවන් ඉවත්කරන්නට මෙන්ම ජනතාව අපහසුවට පත්කරන නීති සංශෝධනයකට පමනි. නමුත් ඒ බලයෙන් සිදුව ඇත්තේ කුමක්ද?

වර්තමාන ජනපතිතුමන් ඉදිරියේ ඇත්තේ වසංගත අභියෝගය පමනක්ම නොවේ.සීනි,පොල්තෙල්,සහල් හා ඉන්ධන මිළ, පරිසර විනාශය,පාස්කුප්‍රහාරය,මහබැංකු වංචාව,රාජ්‍ය ආදායම  හා විදෙස්විනිමය දුර්වල වීම,රටවැසියනගේ ආදායම්මාර්ග වැසීයාම වැනි ප්‍රශ්නයන්ට අමතරව පොහර ප්‍රශ්නයද ඇතිවිය.එසේම සෞඛ්‍ය සේවාවට බාගෙට සලකන්නට ගොස් වර්ජනයන්ද ඇතිකර ගෙන තවත් අනවශ්‍ය වැයකින් දුර්වලවු රාජ්‍යආදායම දුර්වල කලේය.

එහෙත් රටේ ආර්ථිකය නංවාලීමට මෙන්ම විදෙස් විනිමය එක්කිරීමටද අපට අපේ  රටට විකල්ප මාර්ග තිබේ.ලෝකයේ බොහෝ රටවල් අප්‍රසිද්ධියේ සිය ආදායම් වර්ධනය කරගැන්මට භාවිතා කරන උපායමාර්ගයන් ගැන අපේ විශේශඥයන්ට උපදේශකයන්ට පමනක් නොව තමන් සියල්ල දන්නා බව පෙන්වන අනිත් රටවල බහුබුත මේරටේ ඇති කරන්නට උත්සාහදරන දේශපාළකයන්ටද වැටහෙන්නේම නැත.

පිටරටට ණය නොවී වවාගෙන කාපල්ලා නැත්නම් බඩගින්නේ මැරියල්ලා යයි කියන  ‍තරමටම දේශපාලක දැනුම පිරිහී ඇත.එයට හේතුව පාළන පන්තියට එක්වු සැවොම කුසගින්න අඟහිඟකම ගැන නොවැටහෙන මිනිස්කම ඉවතලුවන් බවට පත්වීම සේම 2015 දී මෙනම බලයෙන් මත්වීමම නොවේද ?.

සිය රට නගා සිටුවන්නට අපරාධ නොවන කලයුතු හැමදෙයම  සදාචාරාත්මකවු පිලිවෙතක යමින් කළයුතු තත්වයකට හරවන්නට පාළකයන් දක්ෂ වේනම් ආර්ථිකව සමාජමයව හා නීතිමයව ලොවම් පරදවම්න් නැගී සිටින්නට අපේ රටට අපේ ජනතාවට ඇත්තේ පුර්නවු ශක්තියක් හා අදිෂඨානයක් බව පාළකයන්ද වටහා ගතයුතුය. අපේ රටේ මිනිසුන්ට හැමදෙයම වටහාගැනීමේ හා කිරීමේ අපුර්ව ශක්තියක් ඇතිබව ඉතිහාසයෙන් පෙන්වා දී ඇත. අවශ්‍ය වන්නේ බලලෝභීබව ඉවතලා මිනිස්කම්න් යුතුව ජනතා අදහස් යෝජනා වලට සවන්දී ඒවාට පහසුකම් ලබාදීමයි.

වර්ජන,ඵෙළපාලි,උද්ඝෝෂන ඇතිවන්නටද යහපත්වු හේතු තිබේ.ඒ ආණඩුව බාල සහ බාග වැඩකීරීමයි.සෞඛ්‍ය වර්ජනයට හේතුව බාගෙට සැළකීමයි.ජනතා සහන ලබානොදීම සහ උද්ඝෝෂකයන්ට පීඩාකිරීම බාල වැඩයි.වසංගත නීතිය නොව ඇිරි නීතිය පැනවුවද ජනතාවට පීඩා සිදුවන්නේ නම් ඉදිරියට එන්නට අපේ මහජාතිය කෙදිනකවත් පසුබට නොවේ.

ලේකම්වරයෙකු කල සේවයකට උපහාර දැක්වීමක් ප්‍රසාද දීමනාවක් ලබාදීමක් හෝ අගැයීමක් සිදුවු බවක් දේශපාලන ඉතිහාසයේ නම් ලියවී නැත.ජනතාව ලේකම්වරැන් කවුරැන්ද යන්නවත් දන්නේ නැත.අඩුම තරමින් යම් අමාත්‍යංශයක ලේකම්වරැ කවුද යන්න ගැන එහි සේවකයන් පවා දන්නේ නැත.මෙවන් මවා පෙන්වීම් මගින් පාළකයන් මුළාකරන හෙංචයියලා පතන්නේ තම ලාභය පමනකි.වත්මන සමහර සිදුවීම්ද එවන් උපදෙස්මත සිදුවන ක්‍රියාවන් විය හැකිය.

ජනතාව දේහපාළකයෙකු නොවු වත්මන් ජනපතිවරයා තොරා ගත්තේ සේම  සෞභාග්‍යයේ දැක්ම  කියවා පැහැදී නොවන බව එතුමා බලයට පත්කල සාමාන්‍ය ජනතාව පැහැදිලිවම කියා සිටී.

වත්මන් ජනපතිතුමන් ඉදිරියේ ඇති ප්‍රශ්න සමුහයට හේතුව නිසි පිලිවෙතක් සෟජු ක්‍රියාමාර්ගයක් හා නිසිඋපදේශ නැතිකමේ දුර්වලතාවයයි.කාබණික පොහර ක්‍රමයට ජනතාව එකඟය.එහෙත් එහිදී සැලකියයුතු කරැනු රැසක්ද තිබේ. රසායණික පොහර යෙදු පොළව නිස්සාරය.වවන භෝගයන් කෙට්කාලීන අස්වනු නෙලන ඒවාමය.එනිසා ඒවා වර්ධනය කර අස්වැන්න නෙලීම මසට කුකුලන් ඇති කරන ක්‍රමයට සම්පුර්නයෙන්ම සමානය.බලෙන්කවා බලෙන් නෙලීමකි. පළමුව කලයුත්තේ රසායණික පොහර අනවශ්‍යම වු අපේ බිමටම සුදුසු මාවී වැනි වී වර්ග හා අවශයම වු එළවළු වර්ග සිමා සහිතව වගා කරන්නට උපකාර ලබාදීමය.එමගින් රසායණිකයෙන් විනාශවු සොබාදහම් ක්‍රියාවලිය නැවත ජීවය ලබනු ඇත.එසේම දෛණික අදායම් ලබන්නන් හා මාස ගණනකට වරක් ආදායම් ලබන ගොවියන් සුරක්ෂිත කරන ක්‍රමවේදයන් ගැන ජනතාවගෙන් උපදෙස් ලබාගැනීමය. පොත ඇල්ලුවාට උදැල්ල අල්ලන්නේ නැති අයගේ උපදෙස් ඉවතලෑමය.

දැන් පවතින්නේ වත්මන් ජනපතිතුමාගේ රාජ්‍ය පාළනය මිස හිටපු ජනපතිලාගේ අගමැතිගේ හෝ ඇමතිලා ගේ පාළන කාළයක් නොවේ. රටේ ජනතාවට සහන දෙන්නට කමිටු නිර්දේශ අවශ්‍යම නැත.ආණ්ඩුව පත්කරන්නේ ජනපතිවරයායයි.ආණ්ඩුව පාළනය වන්නේද ජනපතිවරයා ගේ කැමැත්ත අනුවයි.අගමැති සහ ඇමතිවරැ ප්‍රමුඛ රජය පත්කරන්නේ ජනපතිට පාළනයට සහය වන්නට මිස අණ දෙන්නට හෝ බලකරන්නට නොවේ.ජනපතිට බලකරන්නට ආණ්ඩුවට හැකියාවක් නැත.කල හැක්කේ උපදෙස් දීම පමනකි.

එසේම  ජනපතිවරයා පත්කරන්නේද සාමාන්‍ය මහජනතාවයි.එනිසා සාමාන්‍ය ජනතාව රැක ගැනීම ජනපතිගේ වගකීමයි.ජනපති කලයුත්තේ ජනතාව කියන දෙයයි.ආණ්ඩුව කලයුත්තේ ජනපති කියන දෙයයි.එය සිදු නොවන බව ජනතාවගේ මතයයි.එමනිසා ජනතාව පතන සහනයන් ලබාදීම මගින් ජනතාවට කෙලෙහිගුන සැලකීමට එතුමන් ක්‍රියාත්මක වීම ජනතාව දිනා ගැනීමක්ද වෙයි.

මාධ්‍යයන් මගින් අදහස් දැක්වීම අද කූඩුවේ ලගින්නට සිදුවන තරමටම වරදක් ලෙස දැක්වුනද අප පත්කරගත් අපේ නායකයන්ට අපේ තත්වයත් ඒවාට පිලියමුත් පෙන්වා දීම අපේ යුතුකමකැයි අප සිතමු.එනිසා මෙම ලිපිය ඉතාම ගෞරවයෙන් ඔබතුමන් වෙත ඉදිරිපත් කරන අතරම එයට යහපත්වු ප්‍රතිචාරයන් දක්වනු ඇතැයිද විශ්වාශ කරමු. ස්තුතියි.

මෙයට - විශ්වාශීවුමා- නාල්ස් නිශ්ශංක    -07.07.2021

133,කුඹල්ඔළුව,වේයන්ගොඩ. -හිටපු නිදහස් සේවක සංගම් ලේකම් හා මාධ්‍ය ලේඛක  - E-mail - nissankanals@gmail.com

 


Friday, June 11, 2021

 

අතිගරැ ජනාධිපතිතුමන්  වෙත

වසංගත තත්ව පාලනය පිළිබව ජනතාව දරන අදහස් පිළිබ  අවධානය පිනිසයි

අතිගරැ උතුමාණෙනි,

ඔබතුමන් ඇතුළු රජයේ ඇමතිතුමන්ලාද කරන ප්‍රකාශයන් මාධ්‍යයන් මගින් ජකතාව වෙත ගෙනයන බැවින් ඒවා ගැන ජනතාවද  දක්වන්නේ විශාල ප්‍රතිචාරයකි.බොහෝවිට ඉන් ජනතාවද කලකිරෙන තත්වයක් ඇතිවන බවද  රාජ්‍ය පාක්ෂිකයෙකු ලෙස මා සටහන් කරන්නේ විවේචනයකට නොව සැබෑ තත්වය පෙන්වා දීමටය. නමුත් අප දන්වන සිල්ල ඔබතුමන්හට ඉදිරිපත් වන්නේද යන්නද අප නොදනිමු.

ඔබතුමන්ලා රටේ පාළකයන් ලෙස ගනුලබන තීරන හා ක්‍රියාදාමයන් සමතුලිත නොවේ.එය සනාථ කරන්නට මෙම කරැනු ප්‍රමානවත් වනු ඇත.

1)      5000 හේ  දෛණික ආදායම් ලබන්නන් වෙත ලබාදීම්දී අදනතුරැම නොලද අසරනයන් කොතෙක්ද? 2වෙනිදා ඇරඹු එම  ගෙවීම සමුර්ද්ධිලාභීනට පමනක් සීමාවී ඇත. අන් දෛණික වෟත්තීන්හි යෙදෙන අයට එය ලබාදී නැත. එයද කොටසකට පමනක්  ලබාදීම සාධාරනවුවක් නොවේ.

2)      වියපත් 70 පසුකල මහල්ලන් ලෙන් කොටසකට පමනක් ගෙවීම කළත් අන් වියපතුනට 2000 හේ ආධාරයත් 5000 හේ ආධාරයත් යන දෙකම ලබාදී නැත. එයද සාධාරනවුවක් නොවේ.

3)      එන්නත් ලබාදීමේදී අසාදිතයන් වැඩි ප්‍රදේශයන්හි වියපතුනට මුලිකව ලබාදීමටද කටයුතු කරනැත. එන්නත නොලද අයට  ලබාදීමේදී සිදුවිය යුත්තේ අවදානම් පෙදෙස් අවදානම්න් ගලවා ගැනීමට ප්‍රම්‍රඛසථානය ලබාදීම  සුදුසුම පිලිවෙතයි.

4)      එන්නත් ලබාදීමේදී සියළුම සෞඛ්‍ය සේවකයනටද ලබාදීම වෙනුවට කොටසකට පමනක් ලබාදීමද  විරෝධාතවයකට මුලිකවු කරැනක් වෙයි.

5)      වෛද්‍යවරැන් පමනක් නොව සියළුම සෞඛ්‍යසේවකයන්ටද දීමනා ලබාදීම  නිවැරිදි පිලිවෙත වුවද එයද කොටසකට පමනක් ලබාදීමද නිවැරිදි පිලවෙත නොවේ

6)      වසංගත නීතිය හා සංචරන නීතියද  අරමුනක් සහිත ක්‍රියාවකි.ඉන් අදහස් කරන්නේ පළතකින් පළාතකට රෝගය සංක්‍රමනයවීම වැලැක්වීමයි.අත්‍යාවශ්‍යවු කාර්යයන්ට පමනක් වුවද පළාතක්න් පළාතකට යන්නන් නිරෝගී අයවීම වැදගත්ය.එනිසා එසේ යන්න්ද  රෝගීන් නොවන බවට තහවුරැවීම වැදගත්ය.එහෙත් එයද සිදු නොන බවට මාධ්‍ය වරක් හෙලි කලේය.එනම් මාධ්‍යවේදීන් දෙදෙනෙකු අහඹු පරීක්ෂනයකින් අසාදිතයන් බවට හෙලි වීමයි. එසේනම් සංචරන නීතියෙන්ද පලක් වේද?

7)      වෛද්යවරැනට පමනක් දීමනා වැඩිකිරීම වෙනුවට සෞඛ්‍යසේවයේ නිරතවන සියළුම අයට මෙම දුෂකර අවස්ථාවතුලදී පමනක් කිසියම්වු ප්‍රසාද දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව දැන්වීම වර්ජනතර්ජන නවතා දැමීමට හේතුවිනු ඇත.

ජනතාව මෙවන් තොරතුරැ ඇසීමෙන් රජයේ ක්‍රියාකාරිත්වය ගැන සෑහීමකට පත් නොවනු ඇත. ඉන් රජය කෙරේවු විශ්වාශය බිවැටීමට  හේතුවක් විය හැකිය.ජනතාව දොස් පවරන්නේ මට සහ ආණ්ඩුවට බව ඔපතුමන් අද ප්‍රකාශ කර ඇත.ඉහත කරැනු  එයට සාක්ෂියක් නොවන්නේද?

අගමැතිතුමා වීඩියෝ තාක්ෂණයෙන් නාමපුවරැ විවෟත කිරීමද ආදි කරැනු රැසක් ගැන ජනතාව සහන් කරන සියල්ලම මෙහි සටහන් නොකලද මෙවන් පීඩාදායක අවස්ථාවක ජනතාවගේ විශ්වාශය රැක ගැනීම වැදගත්යයි කිව හැකිය.

රටේ ආර්ථිකය මෙන්ම රජයේ ආදායම්ද පහලබැස ඇතිබව ආර්ථික විශේශඤයන් නොවුවද සාමාන්‍ය ජනතාව හොින් තේරැම් ගත් කරැනකි.එසේම 2030 දී රට සෞභාග්‍යමත් වනතුරැ එදාවේල හොයා ගෙන යැපෙන ජනතාවට බඩගින්නේ සිට්ය නොහැකිය.එසේම රෝගීන් වන්නටද නුපුළුවන.

එනිසා ප්‍රථමයෙන්ම අසරන ජනතාවට හා වියපතුනට 5000 හේ ජීවනාධාරය වහාම ලබාදීමට පියවර ගත යුතුමය.එසේම වියපත් සියළුම දෙනාට (අසාදිතයන් හමුවන පෙදෙස්හි පළමුව) එන්නත ලබාදීමද කඩිනමින් කල යුතුය.

රාජ්‍ය ආදායම වැඩිකර ගන්නට සාමාන්‍ය ජනදිවියට පීඩා නොවන අයුරින් සහල් සිනි තේකුඩු වැනි සාමාන්‍ය පාරිභෝගික ද්‍රව්‍යවලද භූමිතෙල්වලද මිළ  ඉහල නොදමා  අන්ද්‍රව්‍යවල මිළ ඉහල යැවීම ජනතා විරෝධයට ප්‍රාත්‍ර නොවනු ඇත.එසේම අත්‍යාවශ්‍යමවු පාරිභෝගික ද්‍රව්‍ය අසරනවු පවුල්වලට (සමුර්ද්ධිලාභීන්ට පමනක් නොව) හා වියපත් අයට සහන මිළකට ලබාගැන්මට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කල යුතුය.

වසංගතයත් ජලගැලීමත්,පරිසර  දුෂනයත් වැනි ජනතාව පීඩාවට පත්කල විපත්තීන් ඔබතුමන්ගේ පාළනකාළය තුල එකවරම් සිදුවීම ගැන ජනතාව කණගාටු වන්නේ ඔබතුමන්  කාරැණිකවු යහපත්වු අයෙකු ලෙස දකින බැවිනි.එනිසාම ඔවුනද  ඒ සියළුම පීඩාවන් ඉවසා ඔබතුමන්ට සහය ලබාදෙන බවනම් විශ්වාශය.

මම මෙම කරැනු ඔබතුමන්ට ඉදිරිපත්කලේ ජනතාව දරන අදහස් ඔබතුමන් වෙත දැන්වීම මගින් ජනතාවගේ විශ්වාශය රැක ගැනීමට හැකිවෙතැයි යන අපේක්ෂා වෙනි.‍එසේම මෙහි සහන් කල කරැනු හෝ ඔබතුමන් ගේ පාලනය වි‍වේචනය කරන්නටද නොවේ.එහෙයින් වරදක් ඇත්නම් සමාවද අයදිමි.ස්තුතියි.

මෙයට යටහත්වු ගම්වැසි - නාල්ස් නිශ්ශංක     11.06.2021

ගරැ ලේකම්තුමනි , මෙම ලිපිය ජනපතිතුමන්ගේ අවධානයට යොමු කිරීම එතුමන්ට සාමාන්‍ය ජනතාව දරන මත හා අදහස් දැනගැනීමට මගක් වනු ඇත.එසේම මා ඉදිරිපත් කරන ලිපිලද බව දැන්වීමද මා දිරිමත් කරනු ඇත.

මාහට අදහස් ලබාදෙන විවිධපළාත්වල අයටද එය දැන්වීම මට ඔවුනගේ සහය ලබන මග සාර්ථක වීමකි. ස්තුතියි

 

Thursday, June 10, 2021

 

පාස්කුප්‍රහාරය ගැන වර්තමානයේ පවතිනුයේ නිහඩතාවයකි.එයට ආදාලවු සියල්ලන්ම පමනක් නොව එදාසිටි පාළකයන්ද දඩුවම් ලබනහැටි දකින්නට සමහරැන් උත්සාහ කළහ.නමුත් දැන් සියල්ලම සන්සුන්ව ඇත.පාස්කුව සමග වනවිනාශයක්ද වසංගත පිඩාවද ගංවතුරද කරලියෙන් ඉවත්වී ඇත.දැන් අළුත් ශබ්දයක් මතුවුයේ සිංගප්පුරැ නැවේ පරිසර විනාශයයි.එයද බලරහිතවු සෙයක් දක්නට ලැබේ. කෙසේ වෙතත් මේ හැම දෙයකින්ම පීඩාවට පත්වුයේ අපේ රටේ අසරන ජනතාවයි.වසංගත නීතියෙන් කන්නට හොයා ගන්න තුට්ටු දෙකද අහිමිවු අපි තවමත් යැපෙන මගක් නැතිව තැවෙමු.සල්ලිකාරයන්ගේ ගෙදරක වැඩක් කරදී මුදලක් ගත් අපට එයද අහිමිව ඇත. ඒ සමගම දෙන 5000 ටද ආණඩුව පොල්ල දමා අපව අතරමන් කර ඇත. 2030 දී මතුවන සුන්දර ලෝකයට වඩා අපට මේ කාලයේ බඩගින්දර නිා ගන්න මගක් හදනවා නම් යහපත්ය. මේ ඒ අතීත මතකයයි.

කෙසේ වුවුද මහජාතිය ගැන හා මහජාතියේ සහය හා චන්දය ගැනද සමහර පක්ෂ හා එහි නායකයන්ද විශ්වාශය තැබීමක් නැත.එයට හේතුව වනුයේ රටේ පොදු ප්‍රශ්ණ වලදී සාමාන්‍ය ජනතාවට සමීපවීමට ඔවුන් අසමත් වීමයි.වරප්‍රසාද හා සමාන අයීතීන් ලබා ගැනීමට මෙන්ම තමන්ගේ පාළනයක්  ඇතිකර ගැන්මට අතීතයේ සිටම වෙර දරග සමහර ජනවාර්ගියකයන් එයට උපකාර ලබා ගැන්මට මහජාතියේ බලලෝභීන්ගේ සහය ලබා ගනී.

පාස්කු ප්‍රහාරයේ සත්‍යම තත්වය වනුයේ කුමක්ද යන්න සාමාන්‍ය වැසියන් වන අපට නම් තේරැම් යනුයේ කරැනු දෙකක් මුල්වය. ඉ් පළමුවැන්න වනුයේ සිය බලවේගයන්හි ශක්තිය හා එයට එරටින් දැක්වෙන ප්‍රතිචාරය හඳුනා ගැනීමට විදෙස් ත්‍රස්තයන් දරන උත්සාහයයි.දෙවඅන්න නම් එවන් ප්‍රහායක් එල්ල කිරීමෙන් එම ආගමට තමන් දක්වන විරෝධය පෙන්වීමයි.සුළු කොටසක් පමනක් වන එම ආගමිකයන් එක්වන ස්ථාන ඇත්තේ සුළු ප්‍රමානයක් බැවින් එම ආගමිකයන් විනාශ ගරන්නට හා බිය ගන්වන්නටද එම ස්ථාන වලදී හැකියාව ලැබීමයි

පාස්කු ප්‍රහාරයේ සිද්ධීන් හා එයට සම්බන්ධ වුවන් ගැන අද විපක්ෂය කියන කතා වලින් මැනවින් තේරැම් ගත හැක්කේ ඔවුනට එය ගැන මනා අවබෝධයක් තිබු බවයි.එලෙසම එදා එයට විරැදුව යම්වු ක්‍රියා මාර්ගයක් නොගන්නට හේතු තිබු බවයි.

ජනපති හා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව එදා පාලනය කලේ දෙබිඩි පිළිවෙතක යමිනි. ඔවුන් අතර එකමුතු හා එකම ස්ථාවරයක් නොවීය.ජනපතිට සහය දුන්නේ තමන්ගේ අපේක්ෂකයෙකුට මෙරට මහජනතාව කවරදාකවත් බලය නොදෙන බවට ඇති හේතු දැනසිටි බැවිනි.

සමහර නායකයන් ප්‍රසිද්ධියේ කියුවේ තම බිරිඳන් හා නෑයන් කළු කොඩි විරෝධයට  එක්වු බවයි.පාස්කු ප්‍රහාරය වනවිට ඔවුන් පාළනයේ ක්‍රියාකාරීන් වුබව අමතකව ජනතාව රවටන්නට හා අවස්ථාවෙන් පල ලබන්නට කියන දෙය මහජාතිය අමතක නොකරන බවවත් ඔවුනට වැටහීමක් නැත.

 

 

ඇමතිතුමාගේ අඩුබල සිගරැට්ටුව හා ජනතා තීන්දුව

රටේ වගේම ජනතාවගේත් ආර්ථිකය පිරිහිලා තියෙන මේ දවස්වල දුම්වැටියක් ගන්නත් පාන්ගෙඩියක මුදල වැය කරන්න වෙලා තියන හින්ද ගමේම ඉබේම වැවෙන කුරැඳුගහෙන් දුම්වැටියක් හදාගන්න පුළුවන් බව පෙන්නල දීමනම් හොඳයි තමයි.මොකද ආඩතෝඩ නැත්නම් පාවට්ටා කොළ වලිනුත් දත්කැක්කුමට වගෙ සමහර ලෙඩ වලට දුම්වැටි හදන් බිව්ව කාලයක් අපේ ගම්වල තිබුනානේ.හැබැයි ඒක ප්‍රචලිත වුනේ නැත්තෙ සිගරැට්ටුව වගෙ පවර්පුල් වුනේ නැති හින්ද වෙන්නැති.

ඒ කොහම වුනත් මේකාලෙ රටේනීතියක් තියනව නේද ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම දඩුවම් ලැබිය හැකි වරදක්ය කියලා.ඒනිතිය අමුඅමුවෙම උල්ලංගනය කරපු එක විතරක්ම නොවෙයි. අපේ කොල්ලන්ට ඔය සුරැට්ටුව ප්‍රසිද්ධයෙම බීල පෙන්නපු හින්ද උනුත් අර නීතිය කඩ කරන්න පෙළෙඹෙන්න බැරිනෑ නේද ඇමතිතුමෝ.

අනික් අතට හැම දේකටම උසාවි යන විපක්ෂෙ අයට මේකට උසාවි යන්න අමතක වෙන එකකුත් නෑ නේද .රටේ නීතිය ප්‍රසිද්ධියෙම කඩකරපු ඇමතිතුමාලා හින්දා රටේ අනික් අයත් ඔය සුරැට්ටුවක් ප්‍රසිද්ධියෙ බොනකොට නීතිය රකින අය ඇහුවොත් කියාවි එහෙනං අර ඇමතිතුමාත් දෙනෝදාහක් ඉස්සරහ සුරැට්ටු උරන කොට ඇල්ලුවෙ නැත්තෙ ඇයි කියලා...

සුරැට්ටු සමාගම් වලට රිදවන්න නං තිවුනෙ සුරැට්ටු උරල නිතිය කඩන එක නෙවෙයි. කුරැඳු සමාගමක් පිහිටුවල අඩුබල සිගරැට්ටුවක් වෙළඳපලට එවන එක නේද.ඒකට ඉතින් වෙදමහත්තුරැ දොස්තර මහත්තුරැ විරැද්ධ වුනාට ප්‍රශ්නයකුත් නෑනේ ආන්ඩුව තමන්ලගෙම හින්ද සෞඛ්‍ය සම්පන්න සිගරැට්ටුවකට නීතිහදා ගන්න පුළුවන් හින්දා නේද ?

ඒ එක්කම අඩුබල කසිප්පු හදන්නත් නීතියක් හදා ගන්න පුළුවන් වෙනවානේ.ඔය අහකයන පළතුරැ ජාති වලිනුත් එතකොට වැඩක් ගන්න වගෙම හුඟදෙනෙකුට රස්සාවළුත් ලැබෙනවා නේද ඇමතිතුමෝ ? (අඩුබල සුරැට්ටු උරල පපුවෙ අමාරැයි අඩුබල කසිප්පු බීල අක්මාව වකුගඩු නරක් වුනාම ජනගහනයත් අඩු වෙනවානේ නේද ? )

-23.3.2021